The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මානීගේ තීරුව : ජම්පිං ශ්‍රී ලංකා ! - (සුන්දර නිහතමානි ද මැල්)

T

The Leader Desk

December 18, 2022 • 10:19 AM

මානීගේ තීරුව : ජම්පිං ශ්‍රී ලංකා ! - (සුන්දර නිහතමානි ද මැල්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මම බිරිඳට මේ බව කියා සිටියෙමි .
  • "පිස්සුනෙ අනේ" බිරිඳ එකවරම කියා සිටියාය ."මේක තුන්වෙනි ලෝකෙ රටක් වුණාට අපිට පළමුවැනි ලෝකෙ රටක තියෙන කොච්චර දේවල් තියෙනවද ?" "ඔයාට මැන්ටල්ද ?"අපේ කතාව අසා සිටි මුණුබුරා ක්ෂණිකව බිරිඳගෙන් ඇසුවේ සිය වයසටද නොගැලපෙන ලෙසය.
  • "ගෝටා 2019දි ආර්ථිකේ නග්ගන්න කියල පෝසතුන්ගෙ බදු අඩුකරනව.
  • එයාම ගෙනාපු රනිල් 2022දි ආර්ථිකේ බේරගන්න කියල රස්සා කරන මිනිස්සුන්ගෙ බදු වැඩිකරනව.
අකුරු ප්‍රමාණය (Font Size):



මම බිරිඳට මේ බව කියා සිටියෙමි .


"පිස්සුනෙ අනේ" බිරිඳ එකවරම කියා සිටියාය ."මේක තුන්වෙනි ලෝකෙ රටක් වුණාට අපිට පළමුවැනි ලෝකෙ රටක තියෙන කොච්චර දේවල් තියෙනවද ?"


"ඔයාට මැන්ටල්ද ?"අපේ කතාව අසා සිටි මුණුබුරා ක්ෂණිකව බිරිඳගෙන් ඇසුවේ සිය වයසටද නොගැලපෙන ලෙසය.


පොඩ්ඩාගේ විමසුම බිරිඳ හිනාවකින් බැහැර කළාය .


"ඇයි කොල්ලො, පාරට බැස්සොත් පළමුවැනි ලෝකෙ රටක වගේ ට්‍රැෆික්නෙ, බඩුවක් ගන්න ගියාම පළමුවැනි ලෝකෙ රටක ගණන්නෙ කියන්නෙ, රස්සාවල් කරන මිනිස්සුන්ට ගහන බදුත් පළමුවැනි ලෝකෙ රටක වගේනෙ"

 

"හරි, හරි, රට මේ විදිහට බංකොලොත් කරල තියෙන්නෙ මේ රටේ මිනිස්සුමනෙ "මුණුබුරා කියා සිටියේය . "ඒත් බලන්න ආණ්ඩුව  කටක් ඇරල දොසක් කියන්නෙ නැතුව මේක ගොඩගන්න ඩම් දාන හැටි. ඕගොල්ලො ඒකට ස්තුති කරනව වෙනුවට තව ඇනුම්පදත් කියනව"

 

බිරිඳත්, මමත් ඒ කතාවෙන් තක්බීර් වුනෙමු.


"පිස්සුද කොලුවො?" අපි දෙදෙනාම එකවර මුණුබුරා⁣ගෙන් ඇසුවෙමු ."අපේ වැරැද්දක් තියෙනව නම් ඒ උන්ම බංකොලොත් කරපු රට උන්ම ගොඩගනියි කියල හිතාගෙන ඉඳිල්ල තමයි "


"මං ඕවයෙ ඉතිහාසයක් දන්නෙ නෑනෙ, මං හිතුවෙ රටවැසියො රට බංකොලොත් කරල නිසා ආණ්ඩුව ඒකෙ වගකීම බාර අරගෙන මේක ගොඩදාන්න හදනව කියලයි "


"මේ රටේ ආණ්ඩු කවදාවත් බාර නොගත්ත දෙයක් තමයි පුතේ රටවැසි⁣යොන්ගෙ වගකීම "බිරිඳ මුණුබුරාට කියා සිටියාය. "ගෝටා 2019දි ආර්ථිකේ නග්ගන්න කියල පෝසතුන්ගෙ බදු අඩුකරනව. එයාම ගෙනාපු රනිල් 2022දි ආර්ථිකේ බේරගන්න කියල රස්සා කරන මිනිස්සුන්ගෙ බදු වැඩිකරනව. ඔන්න මෑන්ලගෙ වගකීම "


"මේ රටේ මනුස්සයෙක් හොඳට ඉගෙනගෙන, හොඳ රස්සාවක් කරනව නම් මුන් ඒකට දඩ ගහනව" මෙහිදී අපේ පුතාද සිය පුතාට කරැණු පැහැදිලි කළේය. "එහෙම කරන්නෙ වෙන රටවල වගේ ඒ සල්ලිවලින් රට හදන්න නෙවෙයි, ඉගෙනගත්තෙ නැති, මන්ත්‍රීකම ඇර වෙන රස්සාවක් කරන්න සුදුසුකමක් නැති එවුන්ටයි, උන්ගෙ දරු පවුල්වලටයි හොඳට ජීවත්වෙන්න"


බිරිඳ ඒ අසා සිනාසුනාය.


" ආණ්ඩුව අපෙන් ගන්න සල්ලිවලින් මන්ත්‍රීලට ටෙලිෆෝන් බිල් ගෙවන්න රුපියල් දහදාහක් ගෙවනව" ඈ කියා සිටියාය. "හැබැයි ටෙලිෆෝන් කොම්පැණි රුපියල් දාහකටත් අඩුවෙන් අන්ලිමිටඩ් පැකේජ් දෙනව. ඔන්න අපේ සල්ලිවලට වෙන දේවල් "


මුණුබුරා මේ සියල්ල අසා සිටියද, ඒ හැම කතාවකටම එකඟ වූයේ නැත.


"ඒ වුණාට රටේ ඉන්න දුප්පත්ම මිනිස්සු ගැන ඕගොල්ලො බලන්නෙ නෑනෙ. ආණ්ඩුව එපැයි ඒ මිනිස්සු ගැන බලන්න " මුණුබුරා කියා සිටියේය. "ඔය බදු ගහන සල්ලි තමයි ඒ මිනිස්සුන්ට සහනාධාර දෙන්න වියදම් කරනව ඇත්තෙ"


ඒ කතාව අසා අපේ පුතාට හයියෙන් හිනා ගියේය.

 

"හරියට හරි. මේ රටේ හැම ආණ්ඩුවක් ම හරිම කැපවීමෙන් දුප්පතුන්ට සහනාධාර දෙනව තමයි. ඒ මොකකටවත් නෙවෙයි රටේ දුප්පත්කම සදාකල් පවත්වාගෙන යන්න.

 

අන්ත දුප්පතුන් ඉන්න කොටනෙ උන්ට ඡන්දවලදි මොන මොනව හරි දික්කරල ඡන්දෙ අරගන්න පුළුවන් "පුතා කියා සිටියේය. "ඔය සහනාධාර දික්කරන කිසිම ආණ්ඩුවක් රටේ දුප්පත්කම නැතිකරන්න කියල එක රුපියලක් වියදම් කරන්නෙ නෑනෙ. දුප්පත්කම නැතිවුණොත් උන් හාන්සිනෙ "


මේ සියල්ල අසා සිටි මට ඉබේටම සුසුමක් හෙලුණේය.


"ආණ්ඩුව මේ විදිහට මිනිස්සුන්ට බර පටවද්දි මිනිස්සු ප්ලේන්නෙකක බැරි නම් බෝට්ටුවක නැගල හරි රටින් පැන ගන්න හැදිල්ල පුදුමයක්ද? "මම කියා සිටියෙමි . "අන්තිමට මේ රටේ ඉතුරු වෙන්නෙ මොකවත්ම කර කියා ගන්න බැරි මිනිස්සු විතරයි "


පුතා මගේ අදහසට එකඟ වූයේ නැත.


"නෑ තාත්තෙ අසරණ මිනිස්සු විතරක් නෙවෙයි රටේ ඉතුරු වෙන්නෙ "ඔහු මට කියා සිටියේය. "දේශපාලනඥයොයි, උන්ගෙ දරුපවුලුයිත් ඉතුරු වෙනවනෙ, මොකෝ උන් මහන්සි වෙලා හම්බකරගෙන කන්න පුරුදු වෙලා තියෙනවයැ?"




මානීගේ තීරුව : දම්සභා මණ්ඩපය - (සුන්දර නිහතමානි ද මැල්)(සුන්දර නිහතමානි ද මැල්)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

(සුන්දර නිහතමානි ද මැල් ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගැනිණ )


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...