The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රට්ටු නම් මොනාද මෙයා...- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

December 19, 2022 • 5:22 AM

රට්ටු නම් මොනාද මෙයා...- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇවිත් තියෙන්නේ එයාගේ කතාබහ.
  • ඒක ඒ වෙලාවේ සෑහෙන්න විශාල මුදලක් නිසා (දවසකට ඩොලර් 900ක් වගේ කියන්නේ එක අන්තර්ජාතික ක්‍රීඩකයෙක්ගේ දෛනික වැටුපටත් වැඩි මුදලක්).
  • ඉතිං එයාලට සල්ලි තිබ්බේ නැහැ මුල් කාලේ.
  • ඉතින් මේ ප්‍රතිකාර එක්ක මෙසී ප්‍රමාණවත් ලෙස උස යනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇවිත් තියෙන්නේ එයාගේ කතාබහ. ඒ ප්‍රංශය පරද්දල ලෝක පාපන්දු කුසලානය ආර්ජන්ටිනාව දිනා ගැනීම එක්ක.


පාපන්දු ක්‍රීඩාවට පොඩිකාලේ ඉඳන් ආස කළාට වෛද්‍යවරු කිව්වේ මෙසී ෆුට්බෝල් වලට හරියන්නේ නැහැ කියල.


EqRZPKqVoAAtCsnඒකට හේතුව ලයනල් මෙසී උපතින්ම පොඩ්ඩක් උස අඩු වීම. ඒ කියන්නේ උපතින් කොට ජීවිතයක්. මේ උස අඩුවීමට වෛද්‍ය විද්‍යාත්මක හේතුව හැටියට හඳුනාගත්තේ එයාගේ ශරීරයේ ප්‍රමාණවත් වර්ධන හෝමෝන හට නොගැනීම. ඒකට කියන්නේ වර්ධන හෝමෝන ඌනතාවය. (GHD - Growth hormone defiency)


අනික් අතට මේ ලෙඩේට ඕනි ඖෂධ ගන්න විශාල මුදලක් ඒ වෙලාවේ මෙසීට ඕනි උණා. හැබැයි කිසිම ෆුට්බෝල් ක්ලබ් එකක් (පාපන්දු සමාජයක්) ඒ අවශ්‍ය වෙච්ච විශාල මුදල දෙන්න කැමති උනේ නැහැ. ඒක ඒ වෙලාවේ සෑහෙන්න විශාල මුදලක් නිසා (දවසකට ඩොලර් 900ක් වගේ කියන්නේ එක අන්තර්ජාතික ක්‍රීඩකයෙක්ගේ දෛනික වැටුපටත් වැඩි මුදලක්).

 

 

falkks


මෙසී එන්නේ කම්කරු පංති පසුබිමකින්. තාත්ත වානේ කම්හලක සේවකයෙක්. අම්ම පවිත්‍රතා සේවිකාවක්. ඉතිං එයාලට සල්ලි තිබ්බේ නැහැ මුල් කාලේ. මෙසීගේ ආරම්භයත් හරියට පාපන්දු පුරා වෘත්තයක් වෙච්ච පේලේගේ වගේමයි.


කොහොමහරි ආර්ජන්ටිනා පාපන්දු සමාජය මෙසීගේ දක්ෂතා ඒ කාලෙම හඳුනාගත්ත නිසා ක්ලබ් එකේ සාමාජිකයෝ එකඟ වෙනවා මෙසීට වෙදකම් වලට යන මේ වියදම ක්ලබ් එක ගානේ ගෙවන්න.


ඉතින් මේ ප්‍රතිකාර එක්ක මෙසී ප්‍රමාණවත් ලෙස උස යනවා. උසයන්න ගත්තේ මේ හෝමෝන ප්‍රතිකාර ගැන නම් රට්ටු කිව්වේ උත්තේජක මත්ද්‍රව්‍ය ගන්නවා කියල.

 

639f694dc3838


දැන් මෙසී අද දවස වෙනකොට ස්වභාව ධර්මයේ සීමාවත් තරණය කරලා. රට්ටුන්ටත් උත්තර දීලා. ආර්ජන්ටිනා පාපන්දු සමාජයට ගොඩක් සතුටු ඇති ඒ කරපු නිර්භීත ආයෝජනයට.


රට්ටු නම් මොනවද නොකියන්නේ?


(රැල්ලට ලිව්වේ)

 

Lionel Messi and kids 121822 2000 5095c8e08b91429988eda88499802324



ජයග්‍රහණයකට කොච්චර නම් දේවල් කරන්න පුළුවන් ද?


320240667 556727332968330 8059140920284441377 n

මේ අද ආජන්ටිනාවේ බුවානෝස් අයිරිස් නගරයේ රොද බැඳ ගත් ජනතාව...එයාලගේ බලාපොරොත්තු ඉටුවෙලා. එයාලගේ ක්‍රීඩකයෝ එයාලගේ රටේ නම ලෝකේ ඉස්මත්තටම අරන් ගිහිල්ල...රටේ නායකයෝ ඒ ක්‍රීඩාව ක්‍රීඩාව විදියට සිද්දවෙන්න ඉඳ ඇරලා.


අපිටත් ඕනි ජයග්‍රහණ...!


සුබ පැතුම් ආර්ජන්ටිනාව!


Don't cry for me Arjentina...!

 



 


බලය ගලහෙන් එළියට... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...