The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'මෙසී' තරුව බැස යද්දි 'ම්බප්පේ' තරුව නැග එමින් - (මහින්ද රුබසිංහ)

T

The Leader Desk

December 19, 2022 • 6:13 AM

'මෙසී' තරුව බැස යද්දි 'ම්බප්පේ' තරුව නැග එමින් - (මහින්ද රුබසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආජන්ටිනාවේ Lionel Messi වගේම ප්‍රංශයේ Kylian Mbappe ඒ තැනට එන්නේ කණ්ඩායමක් එක්ක බවත් අමතක නොකළ යුත්තක්.
  • ප්‍රංශ ජනාධිපති Emmanuel Macron ක්‍රීඩාංගණයට බැස ඔහු සැනසූ ආකාරයෙන් කියන්නේ අනාගතය ගැන ඇති අපේක්ෂාවයි.
  • මෙය 35 හැවිරිදි මෙසීගේ අවසන් ලෝක කුසලාන තරගය.
  • ඔහු සිය ක්‍රීඩා දිවියේ තරග 1003 කට සහභාගී වී තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

වුනේ නැහැ.


ආජන්ටිනාවේ Lionel Messi වගේම ප්‍රංශයේ Kylian Mbappe ඒ තැනට එන්නේ කණ්ඩායමක් එක්ක බවත් අමතක නොකළ යුත්තක්.


මේ වන විට පාපන්දු ලෝකයේ රත්තරන් කොල්ලා (The Golden Boy of the football world) විරුදාවලිය ම්බප්පේට ලැබී තිබෙනවා. ප්‍රංශ ජනාධිපති Emmanuel Macron ක්‍රීඩාංගණයට බැස ඔහු සැනසූ ආකාරයෙන් කියන්නේ අනාගතය ගැන ඇති අපේක්ෂාවයි. ඒත් මේ සටහන නැගෙන එම තරුව ගැන නොවේ.


8

මෙය 35 හැවිරිදි මෙසීගේ අවසන් ලෝක කුසලාන තරගය. ඔහු සිය ක්‍රීඩා දිවියේ තරග 1003 කට සහභාගී වී තිබෙනවා. රැස් කර ඇති ගෝල ගණන 793 ක්. ලෝක කුසලාන තරග ගණන 5 ක්.


මෙසී ඊයේ තරගයේ 23 වැනි මිනිත්තුවේදිත් ලෝක වාර්තා දෙකක් තබනවා. තරගාවලියේ සෑම වටයකදීම, එනම් අවසන් 16, අර්ධ අවසන් පූර්ව වටය, අවසන් පූර්ව වටය සහ අවසන් තරගයේදීද ගෝල ලබාගත් පළමු ක්‍රීඩකයා බවට පත්වීමට මෙසී සමත් වෙනවා.

 

Messi w


එමෙන්ම ලෝක කුසලාන වැඩිම තරග සංඛ්‍යාවක් (26) ක්‍රීඩා කළ ක්‍රීඩකයා බවට පත් වූ ඔහු, ඊයේ තරගයේ 23 වැනි මිනිත්තුවේ දී 2,216 ක් වූ ලෝක කුසලාන තරගාවලියකදී වැඩිම මිනිත්තු ගණනක් ක්‍රීඩා කළ ක්‍රීඩකයා බවට පත්වුනා.


FIFA ලෝක කුසලානයේ දෙවන වරටත් මෙසීට Golden Ball සම්මානයද හිමි වුනා.




අඩි 5.7" ක් පමණ උසැති ජවසම්පන්න මෙසී ලොව වටිනාම ක්‍රීඩකයන් තුන් දෙනා අතර කෙනෙක්. ඔහුගේ වාර්ෂික ආදායම විවිධ තැන්වල කියවෙනවා. එය ඇමරිකන් ඩොලර් මිලියන 400-500 ක්.

 messi


කෙසේවෙතත් ඔහු කුඩා කළ වර්ධනය සීමා කෙරෙන හෝමෝන ඌණතාවෙන් පෙළුණු අතර වෛද්‍යවරුන් නියම කළ ඖෂධ ලබාදීමට පවා දෙමාපියන්ට හැකියාවක් තිබී නැහැ. බාසිලෝනා තරුණ ඇකඩමියේ 13 පහළ කණ්ඩායම නියෝජනය කිරීමත් සමග ඔවුන් ඔහුට ප්‍රතිකාර සඳහා උපකාර කර තිබෙනවා.

 

messi 2

 

මෙසී වැඩෙත්ම ඔහුගේ සාපේක්ෂ අඩු උස, ඔහුගේ වේගය සහ දැඩි ප්‍රහාරක විලාසය, ලොව සුප්‍රසිද්ධ ආර්ජන්ටිනාවේ ඩියාගෝ මැරඩෝනා සමඟ සැසඳීමට ලක්වෙනවා. මැරඩෝනාද වරෙක BBC ට කියා තිබුණේ ඔහු බොහෝ දුරට තමන්ට සමාන බවයි. ලොව අනෙක් ක්‍රිඩකයන්ට වඩා වෙනස් දෙයක් මෙසීට ඇති බවද ජ්‍යෙෂ්ඨයා කියා තිබුණා.

 

gb

 

මෙසී FIFA වසරේ ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගෙන ඇති වාර ගණන හයක්. ඔහු තම ආසන්නතම ප්‍රතිවාදියා වන පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට වඩා හය වතාවක් වැඩිම ගෝලලාභියා සඳහා වන යුරෝපීය රන් සපත්තුව දිනා ගෙන තිබෙනවා.


මෙසී ලොව ප්‍රකට සමාගම් කිහිපයක් සමග ගිවිසුම්ගතව සිටිනවා. Adidas සමග ඇත්තේ මුළු ජීවිත කාලයටම අදාළ ගිවිසුමක්. මෙසී ව්‍යාපාර හිමියෙක් වන අතර ඔහුගේ පියා එහි වැඩිම වගකීම් දරන්නායි.

 

 96190000 033932245 1


2016 ජූලි මාසයේදී බාර්සිලෝනා අධිකරණයක් විසින් බදු වංචා කිරීම් තුනක් සම්බන්ධයෙන් මෙසී සහ ඔහුගේ පියා වැරදිකරුවන් බව තීරණය කෙරුනා. දෙදෙනාට මාස 21 ක සිරදඬුවමක් නියම වූ අතර ස්පාඤ්ඤ නීතියට අනුව එය අත්හිටවූ සිරදඬුවමක් බවට පත්වුනා. එහෙත් මෙසීට යුරෝ මිලියන 2 ක සහ පියාට යුරෝ මිලියන 1.5 ක දඩයක් ගෙවීමට නියම කෙරුනා.

 

DDjGfPlW0AA4O9v

 

ලයනල් මෙසී තරමක් නිහඬව සමාජ සත්කාරයන්හිද නිරත වන්නෙක්. අවවරප්‍රසාදිත තරුණ පිරිස් වෙනුවෙන් ඔහු 2007 වසරේදී Leo Messi Foundation පිහිටුවනවා. එමෙන්ම UNICEF විසින් ලොව පුරා ළමුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කෙරෙන අරගලයේ තානාපතිවරයෙකු ලෙසද මෙසී පත් කර ගැනුනා.

 

liojska


ආජන්ටිනාවට 1986 දී ලෝක කුසලානය හිමිකර දුන් මැරඩෝනා මෙන්ම 2022 දී මෙසීද සිය යුතුකම ඉටු කර ලොව දැවැන්තම ක්‍රීඩා තරග බිමෙන් සමුගන්නවා.


khasaදස හැවිරිදි තම පුත්‍රයා මෙවර තරගාවලිය ආරම්භයට පෙර මෙසීට ලියා තිබූ ලිපිය අරඹා තිබුණේද "මම ඉපදුනේ ආර්ජන්ටිනාවේ, ඩියේගෝ (මැරඩෝනා) සහ ලයනල්ගේ දේශයේ," යනුවෙන්. මෙසීගේ පුතා පමණක් නොව ආජන්ටිනාවම අද මේ දෙපළට තමන්ගේ දේශයට මෙන් ආදරය කරනු ඇති.


ආජන්ටිනාව සදාකල් ලෝකයේ මතක සංධිස්ථානයක් කිරීමට ක්‍රීඩකයන් දෙදෙනෙකු සමත් වුනා..❤



යොහානි ගෙනෙන පණිවුඩය ? - මහින්ද රුබසිංහ(මහින්ද රුබසිංහ)
සමාජ මාධ්‍ය ක්‍රියාකාරික
mahiruba@gmail.com


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...