බව නිලධාරීන් වාර්තා කරයි. එය පාලනය කිරීම සඳහා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් තිබේ. නමුත් මේ මොහොතේ අප ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ එම මත්ද්‍රව්‍ය පාලනය කළ යුත්තේ කුමන පදනමින්ද? යන්නයි.
ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයා යටතේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම දැඩි ලෙස පාලනය කෙරිණි. කුඩු ටොන් ගණන් මුහුදේදී අල්ලා විනාශ කර දැමිණි. නමුත් තම “දරුවන්ගේ අනාගතය වෙනුවෙන්”ය කියා අරගලය කළ ආදරණීය මව්වරුන් සහ පියවරුන් ගෝඨාභය රාජපක්ෂට “පිස්සෙක් පිස්සෙක්” කියා පරිභව කර “ගෝ හෝම්” කියා මර හඬ නැගීය. තවත් මව්වරු සහ පියවරු මුවින් නොබැන සිටියහ. ඉතින් ඔවුන්ගේ දරුවන් අතට මත්ද්‍රව්‍ය ලබාදීම කර තිබෙන්නේ ඔවුන් විසින්ම නොවේද?
සිය වෙළඳාම බිඳ දැමීම හේතුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිටියේ ගෝඨාභය සමග බද්ධ වෛරයෙනි. ගෝඨාභය ගෙදර ගිය විට ඔවුන්ට නැවත කල්ල මරේ. ඒ කාලයේ පාඩුව පියවා ගන්නටත් එක්ක දැන් ජාවාරම යහමින් කරනවා වන්නට පුළුවන. ජනතා විමුක්ති පෙරමුණේ කීමට උණ්ඩියල් කර තම දරුවන්ට මුදල් එවූ රට විරුවන් එම මුදල් දී තිබෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ටය. ඉතින් දැන් එය පාලනය කරන්නේ කුමන පදනමින්ද?
එපමණක්ද! ලංකාවට ඊනියා “සංවර්ධිත රටක්” වීමට නම් කළ යුත්තේ “ගංජා නීතිගත කිරීම” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවා කියයි. එයත් මත්ද්‍රව්‍යයකි. ඩයනා ගමගේ කියනා හැටියට බුදුන් පවා ඖෂධයක් ලෙස ගංජා භාවිතා කර තිබේ. බුදුන්වහන්සේ ක්‍රියා කළ හැටියටම අකුරක් නෑර සියලු කටයුතු කරන සැදැහැවත් ලක්වාසී ජනතාවටත් ඒ අනුව ගංජා “ඖෂධයක්” ලෙස පාවිච්චි කළ හැකිය. ඉතින් අවශ්‍ය කෙනාට ඓස් පවා “ඖෂධයක්” ලෙස භාවිතා කළ නොහැකි යැයි කියන්නේ කුමන පදනමින්ද?

මෙරට උගත් බුද්ධිමත් සියල්ල දත් තරුණ පරම්පරාව ඉල්ලා සිටින්නේ “දුක් විරහිත” ජීවිතයකි. ඔවුන්ගේ “සිහින බොඳ නොවන” ෆැන්ටසි ලෝකයකි. නමුත් ලොව ධනවත්ම බලවත්ම මිනිසුන්ට පවා දුකින් මිදිය නොහැකිය. කිසිවෙකුගේ “සිහින බොඳ නොවන” තැන් මෙලොව නැත. පොප් රජු මෛකල් ජැක්සන් පවා මළේ මත්ද්‍රව්‍ය ගැනීමෙනි. ඉතින් “පාට පාට සිහිනයක” කුරුසය කරේ තබාගෙන යන්නට අවශ්‍ය එකාට විරුද්ධ වෙන්නේ කුමන පදනමින්ද?
ඓස් පිළිබඳ කාලීන සාකච්ඡාව රාජපක්ෂලාට නැවත බලයට ඒමට යොදාගන්නා ප්‍රොපගැන්ඩාවක් බව ජනතා විමුක්ති පෙරමුණ කියයි. එහි වඩාත්ම සිත් ගන්නා සුලු නිරීක්ෂණය වන්නේ ඕනෑම සමාජ අර්බුදයක් රාජපක්ෂලාට ගාවා ඒ හරහා තමන්ට බලයට ඒමට ප්‍රොපගැන්ඩා කිරීමට ජවිපෙට ඇති සූක්ෂම හැකියාවයි. නමුත් ප්‍රොපගැන්ඩාවකට වුවත් මත්ද්‍රව්‍යවලට ජවිපෙ එරෙහි වන්නේ කුමන පදනමින්ද?
ධර්මය අපට මග වේවා!
(එරන්ද ගිනිගේ)සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක
eranda.ginige@gmail.com
2022 දෙසැම්බර් 19
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න




