The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ශ්‍රී ලංකාව තුළ විශේෂ අධ්‍යාපනය පිළිබඳ ඉතිහාසය - (ගීත් උබේසිංහ)

T

The Leader Desk

December 20, 2022 • 5:26 AM

ශ්‍රී ලංකාව තුළ විශේෂ අධ්‍යාපනය පිළිබඳ ඉතිහාසය - (ගීත් උබේසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලාංකික සංස්කෘතිය තුළ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සහ දරුවන් පිළිබඳ සානුකම්පිත ආකල්පයක් මුල් බැස ගෙන බැසගෙන තිබේ.
  • මෙම ආයතන පුණ්‍යායතන ලෙස ක්‍රියාත්මක කළ අතර එම දරුවන් රැක බලා ගැනීම සිදුකළේය.
  • ශ්‍රී ලංකාව තුළ ජීවත් වූ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ දුක්ඛිත ජීවිතය පිළිබඳ කියාපාමින් මේරි චැප්මන් නම් ක්‍රිස්තියානි පූජකවරිය විසින් 1910 නොවැම්බර් මස 23 දින රිවි කිරණ පුවත්පතට ලිපියක් ලියන ලදී.
  • චැප්මන් පූජකවරිය ලියූ ලිපිය තුළ 1901 වර්ෂයේ සිදු කළ ජන සංගණන තොරතුරු ද අන්තර්ගත කර තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලාංකික සංස්කෘතිය තුළ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සහ දරුවන් පිළිබඳ සානුකම්පිත ආකල්පයක් මුල් බැස ගෙන බැසගෙන තිබේ.


ක්‍රිස්තු පූර්ව 3 වන සියවස තුළ මගධ අධිරාජ්‍ය අශෝක අධිරාජ්‍යයා විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා රැකබලා ගැනීමේ මධ්‍යස්ථාන ඉදි කරමින් විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට පාසල් ආරම්භ කිරීම සඳහා උත්සාහ කළ අතර බුද්ධදාස රජුගේ පාලනය තුළ සියවසකට පසු මෙම ක්‍රමය අනුරාධපුර රාජධානිය තුළ යළිත් පණ ගැන්වුනි.

 

බටහිර යටත් විජිත සමයේදී කතෝලික සහ ක්‍රිස්තියානි මිෂනාරි පුජකවරුන් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා ආයතන ආරම්භ කළේය. මෙම ආයතන පුණ්‍යායතන ලෙස ක්‍රියාත්මක කළ අතර එම දරුවන් රැක බලා ගැනීම සිදුකළේය. ශ්‍රී ලංකාව තුළ ජීවත් වූ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ දුක්ඛිත ජීවිතය පිළිබඳ කියාපාමින් මේරි චැප්මන් නම් ක්‍රිස්තියානි පූජකවරිය විසින් 1910 නොවැම්බර් මස 23 දින රිවි කිරණ පුවත්පතට ලිපියක් ලියන ලදී. එම ලිපිය ශ්‍රී  ලාංකිකයන්ගේ සහ බ්‍රිතාන්‍යයන්ගේ අවධානය යොමු විය.

qqwqw

 

චැප්මන් පූජකවරිය ලියූ ලිපිය තුළ 1901 වර්ෂයේ සිදු කළ ජන සංගණන තොරතුරු ද අන්තර්ගත කර තිබුණි. චැප්මන් පූජකවරියගේ චතුර කථිකත්වය සහ උත්සාහය මත දසතින් ආධාර එකතු වූ අතර තෝමස් ග්‍රේස් මහතාගේ අදහසකට අනුව 1912දී මේරි චැප්මන් පූජකවරිය විසින් The Ceylon School for the Deaf and Blind නම් විශේෂ පාසල රත්මලානේදී ආරම්භ කළේය. මෙම පාසල සඳහා පළමුවෙන් දෘශ්‍ය ඌනතා සපිරි දරුවන් ඇතුළත් කරගත් අතර පසුව ශ්‍රවණ ඌනතා සහිත දරුවන් ද එකතු කර ගන්නා ලදී.


# 1939 දී අංක 39 දරණ ආඥා පනත යටතේ විශේෂ පාසල් සඳහා නොමිලේ ඇතුලත් වීමට අවසර ලබාදෙන ලදී. 1944 අංක 30 දරණ පනත යටතේ විශේෂ පාසල් වල ගුරුවරුන්ට 75%ක ආධාර මුදලක් ලබා දෙන ලදී. 1948 දී සහයක පාසල් සඳහා නියාමන සංග්‍රහය සංශෝධනය කළේය.

 

# 1961 වර්ෂයේදී වයස අවුරුදු 6-14 ළමුන්ගේ අධ්‍යාපනය අනිවාර්ය කරන ලද අතර ඒ යටතේ විශේෂ අවශ්‍යතා සහිත ළමුන්ව පාසලට ඇතුළත් කිරීමේ අවස්ථාව ලබා දුන්නේ ය.1961 අධ්‍යාපන කොමිෂන් සභා වාර්තාව තුළ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ ප්‍රගතශීලී යෝජනා ඉදිරිපත් වුවද ඒවා ක්‍රියාවට නැංවීමට අවශ්‍ය අනුමැතිය ලැබුණේ නැත.

 

aas


# 1966 සහ 1967 වර්ෂයන් තුළ විශේෂ අධ්‍යාපනය පිළිබඳ ජින් කෙන්මෝර් වාර්තාව එළි දැක්වූ අතර ඉන් අන්ධ ළමුන්ගේ අධ්‍යාපනය පිළිබද යෝජනා අන්තර්ගත විය.


# 1967 වර්ෂයේදී විද්‍යෝදය විශ්වවිද්‍යාලය හෙවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තුළ විශේෂ අධ්‍යාපනය සඳහා සාමාන්‍ය ගුරුවරුන්ගෙන් තෝරාගන්නා ලද ගුරුවරුන් 12ක් සඳහා පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාවක් ආරම්භ කරන ලදී.


# 1968 වර්ෂයේදී පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව හදාරන  ගුරුවරුන් විසින් රජයේ අන්ධ ළමයින්ට ඉගැන්වීම සඳහා ඒකීයකරණ වැඩසටහන ආරම්භ කරන ලදී. 1969 කැබිනට් පත්‍රිකා අංක 255 මගින් ඒකීයකරණ පිළිගන්නා ලදී.


# 1970 වන විට ශ්‍රී ලංකාවේ විශේෂ අධ්‍යාපනය පිළිබඳ අවශ්‍යතාවය වටහා ගත් අතර විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සාමාන්‍ය පාසල් වල සහ එකම පන්තියේ සාමාන්‍ය සිසුන් සමඟ ස්ථානගත කිරීම ඇතුළත් විය. පළමු වසර 10 තුළ මෙම වැඩසටහන සාර්ථක වූ අතර ශ්‍රී ලංකාව පුරා මෙම වැඩසටහන ක්‍රියාත්මක විය. ඉන් උසස් පෙළ සුදුසුකම් ලත් සිසුන් රැසක් බිහිවිය. 1971 දී අරම්පත්ත විශේෂ අධ්‍යාපන කමිටුව ස්ථාපිත කළ අතර එම කමිටු යෝජනා මගින් අධ්‍යාපන අමාත්‍යාංශය තුළ විශේෂ අධ්‍යාපන අංශයක් පිහිටුවිය.

 

sdas


# 1972 දී අන්ධ සිසුන් දස දෙනෙකුට විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අවස්ථාව හිමිවිය. එම වර්ෂයේදීම අන්ධ සිසුන්ට ඉගැන්වීමට නුපුහුණු ගුරුවරුන් ට වසර දෙකක පාඨමාලාවක් ආරම්භ කරන ලදී. 1975දී සියලුම විශේෂ අවශ්‍යතා සහිත ළමුන් සඳහා වූ අධ්‍යාපන පනත මගින් විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට නොමිලේ සුදුසු අධ්‍යාපනයක් ලබා ගැනීමෙන් අයිතිය ලබා දෙන ලදී. 1980 වර්ෂයේදී විශේෂ අවශ්‍යතා සහිත සිසුන්ට සාමාන්‍ය පන්ති වල සම වයස් සිසුන් සහ ගුරුවරුන් සමඟ සාමාන්‍ය පන්ති කාමර තුළ ස්ථානගත කිරීමට අදාළ යෝජනාවක් සම්මත කරන ලදී.


# 1985 වර්ෂයේදී බුද්ධිමය දුබලතා සහිත දරුවන්ට ඉගැන්වීම සඳහා උපාධිධාරීන්ට වසරක විශේෂ ඩිප්ලෝමා පාඨමාලාවක් මහරගම ගුරු විද්‍යාලය තුළ ආරම්භ කරන ලදී. මහරගම ගුරු විද්‍යාලය තුළ බ්‍රේල් මුද්‍රණාලය පිහිටුවන ලදී. 1986 වර්ෂයේදී බුද්ධිමය දුබලතා අපගේ දරුවන්ට ඉගැන්වීම සඳහා දෙය අවුරුදු පුහුණු පාඨමාලාවක් මහරගම ගුරු විද්‍යාලය තුළ ආරම්භ කරන ලදී. 1988 වර්ෂයේදී ජාතික අධ්‍යාපන ආයතනය තුළ විශේෂ අධ්‍යාපන මධ්‍යස්ථානය පිහිටුවන ලදී.


spnkh# 1997 ගැසට් යෝජනා අනුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් සහ ප්‍රාදේශීය කාර්යාල වෙත චක්‍රලේඛ නිකුත් කළ අතර සෑම අධ්‍යාපන අංශයකම ඉගෙනුම් දුබලතා සහිත දරුවන්ට විශේෂ පාසල් සහ විශේෂ අධ්‍යාපන ඒකක සදහා ප්‍රවේශය ලබා දීමේ අවස්ථාව සලසා දෙන ලදී.


# 2002 දී මිරීගම හාපිටිගම් ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය තුළ විශේෂ අධ්‍යාපනය පිළිබද පූර්ව සේවා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා ගුරු පුහුණු පාඨමාලාව ආරම්භ කරන ලදී. 2003 වර්ෂයේදී යාපනය ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය තුළ පූර්ව සේවා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා ගුරු පුහුණු පාඨමාලාව දෙමළ මාධ්‍යයෙන් ආරම්භ කරන ලදී.


# 2005 වර්ෂයේදී දර්ගා නගර් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය තුළ විශේෂ අධ්‍යාපනය පිළිබඳ දෙමළ මාධ්‍ය පූර්ව සේවා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා ගුරු පුහුණු පාඨමාලාව ආරම්භ කරන ලදී.

 

wPTXOHsfUe2duylf Article Cover


# 1986 වර්ෂයේදී බුද්ධිමය දුබලතා සහිත දරුවන්ට ඉගැන්වීම සදහා වසර දෙකක පුහුණු පාඨමාලාවක් මහරගම ගුරු විද්‍යාලය තුළ ආරම්භ කරන ලදී.


ජාතික අධ්‍යාපන ආයතනය බ්‍රේල් සහ සංඥා භාෂාව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලා පවත්වන ලබනු අතර ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය විශේෂ අධ්‍යාපනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලා, පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව, විශේෂ අධ්‍යාපනය පිළිබඳ අධ්‍යාපනවේදී විශේෂ උපාධි පාඨමාලාව සහ විශේෂ අධ්‍යාපනය පිළිබඳ අධ්‍යාපනපති විශේෂ උපාධි පාඨමාලාව පවත්වයි.

 

ශ්‍රී ලංකාව තුළ විශේෂ පාසල් 27ක් තිබෙන අතර රජය මගින් අරමුදල් සම්පාදනය කරයි. සාමාන්‍ය රජයේ පාසල්වල විශේෂ අධ්‍යාපන ඒකක 704ක් පවත්වාගෙන යයි. වර්තමානය තුළ ජාත්‍යන්තර පාසල් සහ පෞද්ගලික පාසල් තුළ විශේෂ අධ්‍යාපනය සඳහා වැඩසටහන් ඉදිරිපත් කිරීමට උනන්දුවක් දක්වන අතර ඒ යටතේ ඇතැම් ජාත්‍යන්තර පාසල් සහ පෞද්ගලික පාසල් තුළ විශේෂ අධ්‍යාපන ඒකක පවතී. තවද විශේෂ අධ්‍යාපන පිළිබද පෞද්ගලික පාසල් ආරම්භ කිරීමේ ප්‍රවණතා දක්නට ලැබේ.



කවුරුත් නොදන්න දැනගත යුතු විශේෂ අධ්‍යාපනය - (ගීත් විනුර උබේසිංහ)(ගීත් විනුර උබේසිංහ)
නිදහස් ලේඛක
vinura1996geeth@gmail.com



ලේඛකයාගේ වෙනත් ලිපි :

ජාත්‍යන්තරය තුළ විශේෂ අධ්‍යාපනයේ ඉතිහාසය - (ගීත් උබේසිංහ)

සාමාන්‍ය අධ්‍යාපනය සහ විශේෂ අධ්‍යාපනය අතර සබඳතාවය ! - (ගීත් උබේසිංහ)

කවුරුත් නොදන්න දැනගත යුතු විශේෂ අධ්‍යාපනය - (ගීත් විනුර උබේසිංහ)


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...