The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කපුටු කාක් කාක් කාක් කාක් – සජිත් සජිත් සජිත් සජිත් : (අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

December 21, 2022 • 4:13 PM

කපුටු කාක් කාක් කාක් කාක් – සජිත් සජිත් සජිත් සජිත් : (අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විදුලි ඉංජිනේරු මාෆියාව පැය දහයක විදුලි කප්පාදුවක් සෙට් කරන්නෙ සජිත්ගෙ වැඩසටහන ඉදිරියට ගන්නට වෙන්න පුළුවන්.
  • පළාත් පාලන ඡන්දෙ දිනුවට පස්සෙ සජිත්ට පාර්ලිමේන්තුවත් විසුරුවන්නට ඕනැ වෙයි.
  • මොනවා වුණත්, 2024 වෙනකල් ජනාධිපති රනිල් වික්‍රමසිංහ.
  • නැතිනම් ඉතින් 2024ත් අරගලම කර කර ඉන්න වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

dtste

විදුලි ඉංජිනේරු මාෆියාව පැය දහයක විදුලි කප්පාදුවක් සෙට් කරන්නෙ සජිත්ගෙ වැඩසටහන ඉදිරියට ගන්නට වෙන්න පුළුවන්. අරගලකරුවන්ට තියෙනවා අවස්ථාව සජිත්ට සහයෝගයක් දෙන්න. ඇමරිකාව කොතන ඉන්නවද තවම පැහැදිලි නැහැ. කෙසේ වෙතත්, යූඑස්ඒඩ් ඔයගොල්ලන්ව තනිකරන එකක් නැහැ. නැතත්, රට පුරා චෛත්‍ය හැදීමේ බලාපොරොත්තුවෙන් රට පුරා බස් බෙද බෙදා යන සජිත් ප්‍රේමදාසට අරගලය වෙනුවෙන් වියදම් කරන්නට සල්ලි නැතිවෙන්නට විදියක් නැහැ.

බස් එක ගේට්ටුවෙන් ගත්ත විදිය අනුව රටත් ගොඩගන්න සජිත්ට පුළුවන්ය කියලා හර්ෂ ද සිල්වා කොන්දොස්තර මහතා කියන්නෙ එතුමාටත් රට හදන්න ලොකු ආසාවක් තියෙන නිසා. 

 
දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ රට හදන්නෙ සජබද, ජවිපෙද කියන කාරණේ. පළාත් පාලන මැතිවරණයක් තිබ්බොත් බහුතර පළාත් පාලන ආයතන සංඛ්‍යාවක් දිනන්නෙ සමගි ජන බලවේගය වෙන්නට පුළුවන්. ජාතික ජන බලවේගයට සුපුරුදු විදියට එක පළාත් පාලන ආයතනයක්වත් දිනාගන්නට බැරිවුණොත්, ඒගොල්ලන්ගෙ බලකාමයේ මේ චැප්ටර් එක එතනින් ක්ලෝස්ට්.

පළාත් පාලන ඡන්දෙ දිනුවට පස්සෙ සජිත්ට පාර්ලිමේන්තුවත් විසුරුවන්නට ඕනැ වෙයි. ලබන අවුරුද්ද අරගල වසරක්. සූදානම් වෙන්න මිත්‍රවරුනි. අවසාන ප්‍රතිඵලය සජිත් නායකත්වයට පත්වීම නිසා ඔබේ සම්බන්ධකම් ශක්තිමත් කරගන්න.

මොනවා වුණත්, 2024 වෙනකල් ජනාධිපති රනිල් වික්‍රමසිංහ. ඒ නිසා ඡන්ද කරන අයට ඒක කරගන්නට හැරලා අතේ තියෙන තුට්ටු දෙක වියදං කරගෙන රැස්වීම් ගානෙ රස්තියාදු නොගහා ආර්ථිකය ගොඩදාගන්නට වැඩ කළොත්, කාට වුණත් මේ රට පාලනය කරන්නට පුළුවන් වෙයි.

නැතිනම් ඉතින් 2024ත් අරගලම කර කර ඉන්න වෙයි.

 
“කපුටු කාක් කාක් කාක් කාක් – බැසිල් බැසිල් බැසිල් බැසිල්” කියන්නෙ අරගලයේ තේමාත්මක ප්‍රධාන සටන් පාඨයක්. මේක හැදුවෙ අරගලේ කට්ටියද? නැහැ.
 
 
ආපහු මතක් කරන්න. මේ සටන් පාඨය හැදුවෙ අර ගිනි ගොඩක් ඉදිරියේ කෝටුවක ඇමිණූ පාන් ගෙඩියක් අතින් අරගෙන ඉන්න මිනිහාගේ ඡායාරූපය නිර්මාණය වුණ දවසෙ ජනාධිපති ලේකම් කාර්යාලය ලඟ උද්ඝෝෂණ කරපු කාන්තාවන් ඇතුළු අප්‍රකට පිරිසක්. ඒ සටන් පාඨෙ අයිති සජිත්ට. අරගලත් එහෙමයි.


Ajith Parakum(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
praja.lk

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...