The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'අපට අනුකම්පාව අවශ්‍ය නැහැ, අපට අපේ අයිතිවාසිකම් අවශ්‍ය යි'

T

The Leader Desk

December 24, 2022 • 11:07 AM

'අපට අනුකම්පාව අවශ්‍ය නැහැ, අපට අපේ අයිතිවාසිකම් අවශ්‍ය යි'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එදිනෙදා ඔවුන් අත්විඳින අපකීර්තිය, අවමානය සහ අගෞරවය විස්තර කරමින් ඔවුන් අවධාරණය කළේ ඔවුන්ට ආදර හැඟීමක් ඇතිකර ගැනීමට හෝ "විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින්" ලෙස හැඳින්වීමට අවශ්‍ය නොවන බව යි.
  • ඔවුන්ගේ ඉල්ලීම වන්නේ ඔවුන්ගේ ආබාධ පිළිගනිමින් ඔවුන්ව සාමාන්‍ය පුරවැසියන් ලෙස පමණක් සැලකීම ප්‍රමාණවත් බවට ය.
  • ආබාධ සහිත කාන්තාවන් සෑම විටම ශ්‍රී ලංකාවේ දෙවන පන්තියේ පුරවැසියන් ලෙස ජීවත්වන කොට්ඨාසයකි.
  • වසරේ සිට රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් 4.7%ක් ආබාධිතව ජීවත් වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):


එදිනෙදා ඔවුන් අත්විඳින අපකීර්තිය, අවමානය සහ අගෞරවය විස්තර කරමින් ඔවුන් අවධාරණය කළේ ඔවුන්ට ආදර හැඟීමක් ඇතිකර ගැනීමට හෝ "විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින්" ලෙස හැඳින්වීමට අවශ්‍ය නොවන බව යි. ඔවුන්ගේ ඉල්ලීම වන්නේ ඔවුන්ගේ ආබාධ පිළිගනිමින් ඔවුන්ව සාමාන්‍ය පුරවැසියන් ලෙස පමණක් සැලකීම ප්‍රමාණවත් බවට ය.

ආබාධ සහිත කාන්තාවන් සෑම විටම ශ්‍රී ලංකාවේ දෙවන පන්තියේ පුරවැසියන් ලෙස ජීවත්වන කොට්ඨාසයකි. 2019 වසරේ සිට රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් 4.7%ක් ආබාධිතව ජීවත් වෙයි.

image 6501a5b838

 

මෙම සංඛ්‍යා ලේඛන දත්ත යථාර්ථවාදී නොවන, අඩු සංඛ්‍යා දත්ත සපයන බව බිම් මට්ටමේ තොරතුරුවලින් අනාවරණය වෙතැ යි ආබාධ සහිත කාන්තාවෝ පෙන්වා දෙති.



SURIYA WOMENS 2022.12.241
ආබාධ සහිතව උපත ලැබූ හෝ කුඩාකල සිටම ආබාධිතව ජීවත්වූ අය, ලෝකයේ වෙනත් රටවල මෙන් ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවිය හැකි වෛද්‍ය ප්‍රතිකාර සහ වෙනත් පහසුකම් නොමැතිව මෙරට ජීවත් වෙති.

අධ්‍යාපනයේ සිට රැකියාව දක්වා ජීවිතයේ සෑම අදියරක දීම ආබාධ සහිත කාන්තාවන් බොහෝ අභියෝගවලට මුහුණ දෙන බවත්, ඔවුන්ට සමාජයේ අනෙකුත් සාමාජිකයන් මෙන් සාමාන්‍ය ජිවිතයක් ගතකිරීමට නොහැකි බවත් ආබාධ සහිත කාන්තාවන් පවසයි.

යුද්ධයෙන් තුවාල ලබා ආබාධිත තත්ත්වයට පත්වූවන් මුහුණ දෙන අභියෝග ඊටත් වඩා දරුණු වෙයි.

ප්‍රවාහන පහසුකම්වලට, රෝහලට සහ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවලට එදිනෙදා ජීවිතයේ දී ඔවුන්ට ප්‍රවේශය නොමැතිකම, ඔවුන්ගේ යථාර්ථයන් පිළිබඳ අවබෝධයක් නොමැතිකම, අනුකම්පාව, අගෞරවය සහ උපහාසයට නිතර මුහුණදීමට ඔවුන්ට සිදුවී තිබේ.

 

 ඒ අනුව ශ්‍රී ලංකාවේ ආබාධ සහිත කාන්තාවන් හට ආත්ම ගෞරවයෙන් සහ අභිමානයෙන් පූර්ණ ජීවිතයක් ගත කළ හැකියැ යි අපේක්ෂාවෙන් ඉල්ලීම් කිහිපයක් පසුගිය දා ඉදිරිපත් කර තිබේ. ඔවුන් පවසන්නේ එවැනි ආත්ම ගෞරවයෙන් සහ අභිමානයෙන් පූර්ණ ජීවිතයක් ගත කිරීමට ඔවුන්ගේ මූලික අවශ්‍යතා හැකි ඉක්මනින් ඉටුවනු ඇතැ යි බලාපොරොත්තු වන බවයි.

පවතින අභියෝග:


කොවිඩ් 19 වසංගතය සහ දැනට පවතින ආර්ථික තත්ත්වයන් මඟින් තවදුරටත් උග්‍රකර ඇති අභියෝග, ආබාධ සහිත කාන්තාවන් සහ ඔවුන්ගේ යැපෙන්නන්ට අසමාන ලෙස බලපා ඇත.



වෙනසක් බලාපොරොත්තුවෙන් ඉල්ලීම්
motivation 2022.12.24            ඡායාරූප මූලාශ්‍රය, SURIYA WOMEN'S DEVELOPMENT CENTER


නීතිය, ප්‍රතිපත්ති, රාජ්‍ය සහ රාජ්‍ය නොවන ක්‍රියාකාරී සැලසුම් සහ මාධ්‍ය නියෝජනය තුළ ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සිටින ආබාධිත පුද්ගලයන් එකතු වී මෙම ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ.

ඔවුන්ගේ එම ඉල්ලීම්වලට ඇතුළත් වන්නේ:

# ප්‍රවාහනය, රෝහල්, සේවා ස්ථාන ආදී ස්ථානයන්හි දී භාවිතා කළ හැකි ආබාධ සහිත පුද්ගලයින් සඳහා වූ ජාතික හැඳුනුම්පතක් හඳුන්වාදීම

# විශේෂයෙන්ම මෙම ආර්ථිකය අර්බුදය තුළ ආබාධිතයින් සඳහා රජයෙන් දැනට ලබාදෙන රුපියල් 5000ක මූල්‍ය ප්‍රතිලාභය ප්‍රමාණවත් නොවන නමුත් එය අවම වශයෙන් සියලු දෙනාටම ලබාදීමට කටයුතු කිරීම

# රජයේ රෝහල්වල සියලුම ප්‍රදේශ ආබාධ සහිත පුද්ගලයන් සඳහා ප්‍රවේශවිය හැකි අයුරින් සකස්කර දීම

# ඔවුන්ගේ ශරීරයේ අනිවාර්ය අංගයක් වන උපකරණ සෑම දිස්ත්‍රික් මට්ටමේ රෝහලකින්ම නිකුත් කිරීම (දැනට ඔවුන්ට යන්ත්‍ර ලබා ගැනීමට/අලුත්වැඩියා කිරීමට බොහෝ දුර යා යුතු බවට ඔවුන් චෝදනා කරයි)

# ජීවනෝපාය සරිකර ගැනීමේ දී හෝ සෞඛ්‍ය සේවා වෙත ප්‍රවේශවීමේ දී, ප්‍රවේශ විය හැකි ප්‍රවාහන පහසුකම් නොමැතිකම ඔවුන්ට මේ වන විට ඇති ප්‍රධාන ගැටලුවකි. රජයේ සහ පෞද්ගලික බස් පද්ධතියේ ඇති ගැටලු එක රැයකින් යථා තත්ත්වයට පත් කළ නොහැකි නිසා කෙටිකාලීනව ත්‍රිරෝද රථ ප්‍රාදේශීය මට්ටමින් සහන මිලට ලබා දීමට කටයුතු කිරීම

# ශ්‍රී ලංකාව අත්සන් කර අපරානුමත කර ඇති ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ (Convention on the Rights of People living with Disabilities (CRPD)) නියමකර ඇති සියලුම ප්‍රවාහන පහසුකම් විනාඩි දෙකක නතර කිරීමේ කාලය ක්‍රියාත්මක කළ යුතුබව

# ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට රජයට නීතිමය බැඳීමක් ඇතිබවත් ඔවුන් අවධාරණය කර සිටියි

# ආබාධ සහිත පුද්ගලයින්ගේ රැකියා සඳහා දැනට වෙන්කර ඇති 3%ක ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බවත්, බොහෝ විට එයින් ප්‍රතිලාභ ලබන්නේ පිරිමින් බවත් පවසන ආබාධ සහිත කාන්තාවන් පෙන්වා දෙන්නේ තමන් සඳහා වෙනම 3%ක් හඳුන්වා දිය යුතු බව යි

# ආබාධ සහිත කාන්තාවන්ට බොහෝ විට විධිමත් උසස් අධ්‍යාපනයට ප්‍රවේශවිය නොහැකි බැවින් රැකියා නිර්ණායක විධිමත් අධ්‍යාපනය පමණක් නොව කුසලතා සහ පළපුරුද්ද ද ඇතුළත් විය යුතු බවට ඉල්ලීම්

# විශේෂ රියදුරු බලපත්‍රය දැනට පවතින පරිදි කොළඹ පමණක් නොව සියලුම දිස්ත්‍රික්කවල නිකුත් කළ යුතු බව


(BBC සිංහල සේවය)

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'අපට අනුකම්පාව අවශ්‍ය නැහැ, අපට අපේ අයිතිවාසිකම් අවශ්‍ය යි' | The Leader