The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මානීගේ තීරුව : කපා කපා ලයිට් කපා බිල් වැඩිකර දෙන්නෙ සොඳා

T

The Leader Desk

December 25, 2022 • 9:24 AM

මානීගේ තීරුව : කපා කපා ලයිට් කපා බිල් වැඩිකර දෙන්නෙ සොඳා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දෙසැම්බර් විසිපස්වැනිදාට නත්තල් සීයා පැමිණ අප පැල කරන ලද නත්තල් ගහේ තමන්ට තෑගි එල්ලා යන බව ඔහු අපට කියා තිබේ.
  • කෙසේවුවද ඒ ලියුමේ කතාව තව දුර ගිය බව නම් කිව යුතුමය.
  • "ඒ වුණාට බෝන් අගේන් දෙයියො ඉන්නෙ ක්‍රිකට් බාරව නේද ?" ඔහු සිය මවගෙන් ඇසුවේය."තිස්තුන්කෝටියෙන් වෙන කවුරු හරි තමයි ඇත්තෙ ලයිට් බිල් බාරව " "ලයිට් බිල බාරව නම් ඉන්නෙ දෙවියෙක් වෙන්න බෑ" මම ම⁣⁣ගේ අදහස කීවෙමි "ඒක බාරව ඇත්තෙ අපිව කන්න බලාගෙන ඉන්න යකෙක් හරි පෙරේතයෙක් හරි.
  • "තාත්තා අපිට ලයිට් දෙන තැන මහත්තුරුන්ට යක්කු, පෙරේතයො කීම නම් කැතයිනෙ " පුතා කියා සිටියේය .
අකුරු ප්‍රමාණය (Font Size):

දෙසැම්බර් විසිපස්වැනිදාට නත්තල් සීයා පැමිණ අප පැල කරන ලද නත්තල් ගහේ තමන්ට තෑගි එල්ලා යන බව ඔහු අපට කියා තිබේ.

"සැන්ට ක්ලෝස් හැමදාම ගෙනත් දෙන්නෙ ඉස්කෝලෙ ගෙනියන බඩුනෙ" මුණුබුරා මේ වතාවේ සිය නත්තල් තෑගි ගැන අප්‍රසාදය පළ කරමින් කීවේය ."මම එයාට මේ සැරේ ලියුමක් ලිව්ව මට ඕන දේවල් කියල "

මුණුබුරාගේ ලියුම ඉතා රසවත් වුවද එය ලිවීමට මෙතැන නොතැනය. කෙසේවුවද ඒ ලියුමේ කතාව තව දුර ගිය බව නම් කිව යුතුමය.

ඒ නත්තල් සීයාට ලියුමක් ලියන්නේ නම් ඔහුගෙන් ඉල්ලන්නේ මොනවාදැයි කියා මා බිරිඳගෙන් ඇසූ බැවිනි.

"මම ලියනව මට තෑගි එපා කියල "බිරිඳ කියා සිටියාය ."ඒ වෙනුවට ජනවාරි ඉඳන් වැඩිවෙන ලයිට් බිල නවත්තල දෙන්න කියල "

 

"ඒක හරියන්නෙ නෑ නෝනා " මම බිරිඳට පෙන්වා දුනිමි. "එතනදි නත්තල් සීයත් අපේ ආණ්ඩුව වගේ. දෙනු විතරයි ආපහු ගනු නෑ "

 

"අපිට එහෙනම් බෝර්න් අගේන්වත් වෙන්න වෙයි නේද මේ වැඩේ නවත්ත ගන්න " බිරිඳ කියා සිටියාය. "අන්න මිනිස්සු! සොරි අන්න දෙවිවරු !!අපි ප්‍රේ කරාද එයා වැඩේ කරා"

මෙහිදී අපේ පුතාද කතාවට සම්බන්ධ විය.

"ඒ වුණාට බෝන් අගේන් දෙයියො ඉන්නෙ ක්‍රිකට් බාරව නේද ?" ඔහු සිය මවගෙන් ඇසුවේය."තිස්තුන්කෝටියෙන් වෙන කවුරු හරි තමයි ඇත්තෙ ලයිට් බිල් බාරව "

"ලයිට් බිල බාරව නම් ඉන්නෙ දෙවියෙක් වෙන්න බෑ" මම ම⁣⁣ගේ අදහස කීවෙමි "ඒක බාරව ඇත්තෙ අපිව කන්න බලාගෙන ඉන්න යකෙක් හරි පෙරේතයෙක් හරි. නැත්නම් වැඩි කරල අවුරුද්දක් යන්නත් කලින් ආයෙත් මහා පරිමාණයෙන් ලයිට් බිල වැඩි කරයිද ?".

පුතා මගේ කතාවට විරුද්ධ විය.

 

"තාත්තා අපිට ලයිට් දෙන තැන මහත්තුරුන්ට යක්කු, පෙරේතයො කීම නම් කැතයිනෙ " පුතා කියා සිටියේය . "ඒ අහිංසකයින්ගෙ මෙගා පඩි, මෙගා ඕටී, මෙගා බෝනස් ගෙවන්නෙ කොහොමද කියන්න තාත්තෙ අපේ බිල් ⁣වැඩිනොකර? අනික ඒ මිනිස්සු අතින් නොදැනුවත්කමට කෙරෙන නාස්ති , ඒගොල්ලො හිතාමතා නොකරන දූෂණ පියවන්නෙ කොහොමද අපේ බිල් වැඩි කරන්නෙ නැතුව. කවුරු හරි අසාධාරණ විදිහට හරි කාලඇඳල ඉන්නවට ඉරිසියා කරන්න එපා තාත්තෙ"

 

මෙහිදී බිරිඳ අපේ කතාවට මැදිහත් වූවාය .

"ඕගොල්ලො ඕකට කතාවෙන්න ඕන නෑ" බිරිඳ කියා සිටියාය . "සජිත් කියල තියෙනවනෙ ලයිට් බිල වැඩි කරොත් එයා සෙනඟ අරගෙන ඇවිත් කොළඹ වට කරනව කියල, මිනිහ වැඩේ ගොඩ දාල දුන්නොත් හරිනෙ. "

පුතා ඒ සම්බන්ධව සිය අදහස ගෙනහැර පෑවේය .

"ඔව්, ඔව් සජිත්ට සෙනඟ ඉන්නව නේන්නම් කොළඹ නෙවෙයි ආණ්ඩුවම වටකරන්න වුණත් "ඔහු කියා සිටියේය. "හැබැයි මිනිහ ආණ්ඩුව අල්ලගන්න ඔන්න මෙන්න තියෙද්දි පොලිසියෙන් ඇවිත් කිව්වොත් ආණ්ඩුව  අල්ලගන්න දෙන්න බෑ ඒක නීති විරෝධියි කියල , හරි , හරි අපි නීතියට කීකරු වෙන්න ඕනනෙ කියල මිනිහ ජීප්පෙකේ නැගල ගෙදර යයි "

"ඉස්සර කිව්වෙ බෝම්බයෙන් ගැලවීමක් නෑ කියලනෙ . දැන් කියන්නෙ  ලයිට් බිලෙන් ගැලවීමක්  නෑ  කියලද? " බිරිඳ අසා  සිටියාය . "ආණ්ඩුව අපිට කරන්ට් වද්දනව වද්දනවමයිද?"

මම බිරිඳ අස්වැසීමට උත්සාහ ක⁣ළෙමි .

 

"එක චාන්ස්සෙකක් නම් තියෙනව නෝනා "මම කියා සිටියෙමි ."ඒ ආණ්ඩුව රට්ටුන්ට කරන්ට් වද්දන්න කලින් රට්ටුන්ට පුළුවන් වුණොත් ආණ්ඩුවට කරන්ට්ටෙක වද්දන්න"



මානීගේ තීරුව : ජම්පිං ශ්‍රී ලංකා ! - (සුන්දර නිහතමානි ද මැල්)(සුන්දර නිහතමානි ද මැල්)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

(සුන්දර නිහතමානි ද මැල් ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගැනිණ )


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මානීගේ තීරුව : කපා කපා ලයිට් කපා බිල් වැඩිකර දෙන්නෙ සොඳා | The Leader