The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රටකට වඩා ලොකු මිනිස්සු බිහිවෙන්නේ කලාතුරකින්...- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

December 30, 2022 • 10:21 AM

රටකට වඩා ලොකු මිනිස්සු බිහිවෙන්නේ කලාතුරකින්...- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ කියන්නේ තමන් කරපු දේ ඇත්තටම බොක්කෙන් කළා කියන එක.
  • ෆුට්බෝල් ක්‍රීඩාව වෙනුවෙන් ඇදවැටුණ පේලේ ඒ ක්‍රීඩාව එක්ක ඇත්තටම අනන්‍ය වුණා.
  • ඒ නිසා ෆුට්බෝල් ක්‍රීඩාව එක්ක කියවෙන සමාන්තර තව නමක් බවට පේලේ පත්වුණා.
  • ඊළඟ පරම්පරාවට තමන්ගේ කලින් පරම්පරාව දිහා බලල මෙහෙම කෙනෙක් වෙන්න ඕනි කියල උදාහරණ සපයන්න පුළුවන් මිනිස්සු බිහිවෙන්නෙත් කලාතුරකින්.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ කියන්නේ තමන් කරපු දේ ඇත්තටම බොක්කෙන් කළා කියන එක.

ෆුට්බෝල් ක්‍රීඩාව වෙනුවෙන් ඇදවැටුණ පේලේ ඒ ක්‍රීඩාව එක්ක ඇත්තටම අනන්‍ය වුණා. ජීවත් උණා. ඒ නිසා ෆුට්බෝල් ක්‍රීඩාව එක්ක කියවෙන සමාන්තර තව නමක් බවට පේලේ පත්වුණා. 'ෆුට්බෝල් නම් පේලේ' වගේ.

 

12 pe e



පේලේ තමන්ගේ ක්‍රීඩාව විතරක් නෙවෙයි තමන්ගේ කණ්ඩායම, තමන්ගේ රට යන මේ සියල්ල ලෝකේ ඉස්මත්තට ම ගෙනිච්ච. බ්‍රසීලය කියන නම ලෝකේ මිනිස්සු අතර කියවෙන නමක් කරන්න පේලේට පුළුවන් උණා. එහෙම මිනිස්සු බිහිවෙන්නේ කලාතුරකින්.

 

රටකට වඩා ලොකු මිනිස්සු බිහිවෙන්නේ කලාතුරකින්. පේලේ එහෙම කෙනෙක්.

 

රටකට සදාකාලික - අමරණීය ජයග්‍රහණ ගේන්න පුළුවන් මිනිස්සු බිහිවෙන්නේ කලාතුරකින්. පේලේ එහෙම කෙනෙක්. ඊළඟ පරම්පරාවට තමන්ගේ කලින් පරම්පරාව දිහා බලල මෙහෙම කෙනෙක් වෙන්න ඕනි කියල උදාහරණ සපයන්න පුළුවන් මිනිස්සු බිහිවෙන්නෙත් කලාතුරකින්. පේලේ එහෙම කෙනෙක්.    

එයාගේ ශෛලිය ෆුට්බෝල් ක්‍රීඩාව වෙනස් කළා. එතනින් පස්සේ ඒ ක්‍රීඩාව තවදුරටත් පැරණි ක්‍රීඩාව උණේ නැහැ. යමක් තීරණාත්මක ලෙස වෙනස් කරපු සහ කරන්න පුළුවන් මිනිස්සු බිහිවෙන්නෙත් කලාතුරකින්. පේලේ එහෙම කෙනෙක්.

 

YDX42ODHPSTYRTWIFVQXZUBLKI

මුළු ලෝකයක ආදරය දිනාගන්න පුළුවන් මිනිස්සු බිහිවෙන්නෙත් කලාතුරකින්. පේලේ එහෙම කෙනෙක්.

බ්‍රසීලයේ දුප්පත්ම පවුලකින් ඇවිල්ල ලෝකයක් ඉදිරියේ තමන් හදවතින් දුප්පත් නැහැ පෙන්නන්න පුළුවන් මිනිස්සු බිහිවෙන්නෙත් කලාතුරකින්. පේලේ එහෙම කෙනෙක්.

පේලේ දිහා බලල මිනිසෙකුට කොච්චර දේවල් කරන්න පුලුවන්ද කියල ඉගෙන ගන්න. හැබැයි පේලේ වෙන්න එපා. ඔයා ඔයා බවට පත්වෙන්න.

සුබ ගමන් පේලේ. ආදරෙයි...❤️


මෙසී : ඒ පුංචි කහපාට බෑන්ඩ් එක....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)




JW

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...