The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

හදිසි ජනාධිපතිවරණයකට කිසිඳු ඉඩක් නැ ! - මහාචාර්ය චරිත හේරත්

T

The Leader Desk

December 31, 2022 • 6:19 AM

 හදිසි ජනාධිපතිවරණයකට කිසිඳු ඉඩක් නැ ! - මහාචාර්ය චරිත හේරත්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ කියන්නේ දැනට පවත්වන්නට ඇති මැතිවරණ කල් දමන්නට රජය උත්සාහ ගන්නා බවය.
  • එය ඇත්තක් වූවාට ඉක්මන් ජනාධිපතිවරණයක් කැඳවීමේ හැකියාවක් ව්‍යවස්ථාවෙන් සොයාගත නොහැකි බව මගේ අදහසය.
  • ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 30 (3) (අ) වගන්තියේ තිබෙන්නේ බලයේ සිටින ජනාධිපතිවරයාට දෙවැනි වරටත් තරග කිරීමේ අභිලාෂයක් තිබේ නම් තමන්ගේ ධුර කාලයෙන් වසර 04 ගතවූ තැන නව ජනාධිපතිවරණයක් කැඳවිය හැකි බවය.
  • මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මේ අවස්ථාව පාවිච්චි කරමින් නියමිත කාලයට වසරකට පමණ කලින් ජනාධිපතිවරණයක් කැඳවූ බව ඔබට මතකය.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙතැන එකක් ඇත්තේය. ඒ කියන්නේ දැනට පවත්වන්නට  ඇති මැතිවරණ කල් දමන්නට රජය උත්සාහ ගන්නා බවය. එය ඇත්තක් වූවාට ඉක්මන් ජනාධිපතිවරණයක් කැඳවීමේ හැකියාවක් ව්‍යවස්ථාවෙන් සොයාගත නොහැකි බව මගේ අදහසය.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 30 (3) (අ) වගන්තියේ තිබෙන්නේ බලයේ සිටින ජනාධිපතිවරයාට දෙවැනි වරටත් තරග කිරීමේ අභිලාෂයක් තිබේ නම් තමන්ගේ ධුර කාලයෙන් වසර 04 ගතවූ තැන නව ජනාධිපතිවරණයක් කැඳවිය හැකි බවය. 2015 මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මේ අවස්ථාව පාවිච්චි කරමින් නියමිත කාලයට වසරකට පමණ කලින් ජනාධිපතිවරණයක් කැඳවූ බව ඔබට මතකය.
 

 
 සමහරුන් තර්ක කරන්නේ මේ වගන්තියම යොදා ගනිමින් වික්‍රමසිංහ ජනාධිපතිවරයාත් 2023 නොවැම්බරයෙන් පසුව ජනාධිපතිවරණයක් කැඳවනු  ඇති බවය. එතුමා එවැන්නක් ප්‍රකාශ කර නැති බව සැබෑවක්ය. එහෙත් අනෙකුත් අය මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණය කල්දැමීමට හේතුවක් ලෙසින්ද මේ කථාව කියනු දැකිය හැකිය.


මේ පිළිබඳව නෛතික තත්ත්වය නොදන්නා අය මිස අනෙක් අය දන්නා පරිදි කිව යුතු කාරණයක් වන්නේ මේ තර්කයට කිසිදු නෛතික පදනමක් නැති බවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 (ඉ) වගන්තිය මගින් නිශ්චිතව ප්‍රකාශ කර ඇත්තේ ඉහතින් සඳහන් කළ ‘අභිලාෂය ප්‍රකාශ කර ජනාධිපතිවරණයක් කැඳවීමේ අයිතිය’ පාර්ලිමේන්තුවෙන් පත්වෙන අනුප්‍රාප්ත ජනාධිපතිවරයකුට හිමි නොවන බවය.

එම වගන්තිය වන්නේ" (31-ඉ) 40 වැනි ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ ජනාධිපති ධුරයට පත්වන අනුප්‍රාප්තක තැනැත්තෙකුට මේ අනු ව්‍යවස්ථාවේ (අ) ඡේදය මගින් ජනාධිපතිවරයකු  වෙත පවරා ඇති අයිතිය ක්‍රියාත්මක කිරීමේ හිමිකමක්  නොමැත්තේය" කියාය. ඒ නිසාම හදිසි ජනාධිපතිවරණයක් පිළිබඳව ඉදිරිපත් වන අදහස් පදනමක් නැත.

මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල වත්මන් ජනාධිපතිරයාට හා මේ ආණ්ඩුවට බරපතළ ආකාරයෙන් බලපාන බව සැබෑවක්ය. එහෙත් ඒ බලපෑම නිසාම ඉක්මන් ජනාධිපතිවරණයකට අභිලාෂ කැඳවීමේ ව්‍යවස්ථාමය ඉඩක් ඇත්තේ නැත. 

 
 
 
 
 
 

(මහාචාර්ය චරිත හේරත්) -පා.ම.
charith9@yahoo.com

 (ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයකු ලෙස කටයුතු කර ඇති මහාචාර්ය චරිත හේරත්, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මහාචාර්ය වරයකු ලෙසත් පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සභාපති ලෙසත් කටයුතු කළේය.)

(කිවිදා දැක්ම : ලංකාදීප- 2022 දෙසැම්බර් මස 30)

කිවිදා දැක්ම සම්පුර්ණ ලිපිය කියවන්න

පුංචි ඡන්දය පෙරැළියක ආරම්භයක්...


 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...