The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රසික පැතුම් දිනවමු

T

The Leader Desk

December 31, 2022 • 7:34 AM

රසික පැතුම් දිනවමු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊනියා අරගලය නිර්මාණය කිරීමට මූලිකත්වය ගත් පැතුම් කර්නර් සහ රසික ජයකොඩි වැනි මහත්වරුන්ට පවා එරෙහිව විවිධ අරගලකරුවන් සංවිධානය වෙමින් තිබේ.
  • ඇතැම් අය කියන්නේ අරගලකරුවන් කිසිවෙක් ඡන්දයට ඉදිරිපත් නොවිය යුතු බවයි.
  • “සිස්ටම්” එකෙන් පිට සිට අරගලය දිගටම කළ යුතු බවයි.
  • එයින් සැබැවින්ම පෙන්වන්නේ ඔවුන් නිදහස් හා සාමකාමී මැතිවරණයකට ඇති බියද?
අකුරු ප්‍රමාණය (Font Size):

ඊනියා අරගලය නිර්මාණය කිරීමට මූලිකත්වය ගත් පැතුම් කර්නර් සහ රසික ජයකොඩි වැනි මහත්වරුන්ට පවා එරෙහිව විවිධ අරගලකරුවන් සංවිධානය වෙමින් තිබේ. එය නොහොබිනේය.

ඇතැම් අය කියන්නේ අරගලකරුවන් කිසිවෙක් ඡන්දයට ඉදිරිපත් නොවිය යුතු බවයි. “සිස්ටම්” එකෙන් පිට සිට අරගලය දිගටම කළ යුතු බවයි. එයින් සැබැවින්ම පෙන්වන්නේ ඔවුන් නිදහස් හා සාමකාමී මැතිවරණයකට ඇති බියද? “අරගලකරුවන් ඡන්දෙන් පැරදුනොත් අරගලයත් පරාදයි” වැනි ප්‍රකාශ ඔවුන් කරන්නේ ඔවුන් සමග ජනතාව සැබැවින්ම නැතැයි කියා ඔවුන් සිතන නිසාද?


 අරගලකරුවන් ඡන්දයකට ඉදිරිපත් වුවහොත් ලංකාවේ සාතිශය බහුතරයක් ජනතාව තම ඡන්දය ඔවුන්ට දී ඉහළින්ම ජයග්‍රහණය නොකරනු ඇතැයි ඔවුන් සැක කරන්නේ ඇයි? අරගලකරුවන් වහසි බස් දෙඩවූයේ “ජනතාව ඉන්නේ අරගලකරුවන්” සමග බව නොවේද? ඔවුන් එදා කිවේ “අරගලකරුවන් නියෝජනය කරන්නේ සියලු ජනතාවය” කියා නොවේද? ඉතින් දැන් ඇයි මේ විචිකිච්චා?

 
සියලු අරගලකරුවන් පැතුම් කර්නර් සහ රසික ජයකොඩි සුසංයෝගය වටා කොන්දේසි විරහිතව එකතු විය යුතුය. ඔවුන් උගතුන්ය. චතුර කථිකයන්ය. අරගලයට සැබෑ නායකත්වය දුන්නේ ඔවුන්ය. රටේ ආර්ථික අර්බුදය විසඳිය හැක්කේ ඔවුන්ට පමණී. ආර්ථික ප්‍රශ්න පමණක් නොව තරුණ තරුණියන් මුහුණ දෙන ප්‍රේම අර්බුදවලට වුවත් රසික ජයකොඩි මහතා ළඟ දාර්ශනික පිළිතුරු තිබේ.

Rasika 31.12

 රැවුල් කොණ්ඩා වවාගත් අපිරිසිදු අරගලකරුවන් මෙන් නොව, පැතුම් සහ රසික දෙදෙනා පිළිවෙලට අඳින පළඳින කොණ්ඩය පීරන කඩවසම් මහත්වරුන්ය. පැතුම් කර්නර් ගිනිමද්දහනේ වුවත් ලයිව් එන්නේ කෝට් බෑයක් දමාගෙනය. අරගලයේ සිටි වැඩිමනක් තරුණයන් මෙන් නොව පැතුම් සහ රසික මහත්වරුන්ට හොඳින් ඉංග්‍රීසි කතා කළ හැකිය. ඡන්දය දිනාගත් පසු ලෝකයේ වෙනත් නායකයන් මුණගැසී කතාබස් කිරීමට හැකියාව ඇත්තේ ඔවුන්ට පමණී.


අනෙක පැතුම් කර්නර් සහ රසික ජයකොඩි මහත්වරු නියෝ ලිබරල් ආර්ථික පප්පලාය. නමට වාමාංශික ජවිපෙ සහ පෙසපෙ පරාජය කළ හැක්කේ පැතුම් සහ රසික වැනි නූතන ප්‍රභූ ධනේශ්වර වීරයන්ට පමණී. අධ්‍යාපනය සෞඛ්‍ය ප්‍රවාහනය ඇතුළු සියලු පොදු සේවා පුද්ගලීකරණය කිරීමට හරියටම දන්නේ ඔවුන්ය. කොටින්ම මේ රට කොරියාවක් කිරීමට හැකියාව ඇත්තේ පැතුම් කර්නර් සහ රසික ජයකොඩි යන මහත්වරුන්ගේ අනභිභවනීය නායකත්වය යටතේ පමණී.

ඉතින් අරගලකරුවන් සියලු දෙනා “ලක් අම්මා බේරා ගැනීමට” එකතු විය යුතුය. වසර 74 ක සාපය නිමා කිරීමට අවසාන අවස්ථාව වන ඊනියා අරගලයේ අග්‍ර ඵලය වන පැතුම් කර්නර් සහ රසික ජයකොඩි සුසංයෝගය දිනවීමට තරුණ තරුණියන් රොද බැඳ කෝච්චිවල එල්ලී පැමිණිය යුතුය.



උදව් කරන්නට බැරි නම් ඒ නිකැළැල් මහත්වරුන්ගේ කකුලෙන් අදින්නේ නැතුවවත් සිටිය යුතුය. ඔවුන්ගේ නියත ජයග්‍රහණයට ඉරිසියා නොකර “ආදරණීය අරගලයේ නාමයෙන්” “පාරිශුද්ධ අරගලයේ නාමයෙන්” “බෝර්න් අගේන් අරගලයේ නාමයෙන්” රසික පැතුම් සන්ධානය දිව විකාගෙන දිනවිය යුතුය.

ධර්මය අපට මග වේවා!

eranda

 

 

 

 

එරන්ද ගිනිගේ
2022 දෙසැම්බර් 31

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...