The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පතිරණලාගේ ප්‍රේමය (බුද්ධික පතිරණ නොවේ) - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

December 31, 2022 • 6:53 PM

පතිරණලාගේ ප්‍රේමය (බුද්ධික පතිරණ නොවේ) - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කෙනෙකුගේ පුද්ගලික ලිංගික ජීවිතය කොයි ආකාරයකට ගතවුනත් එය ප්‍රසිද්ධ අපහාසයක් හෝ වෙනත් ආකාරයක පහත හෙලීමක් වෙනුවෙන් භාවිතා කරනවා කියන්නෙ ඒ විනිශ්චය කරන කෙනාගේ අශිෂ්ටත්වය විදහා දැක්වීමක් කියලයි අපි විශ්වාස කරන්නෙ.
  • ඒ වගේම සදාචාරවාදයේ සුදු රෙද්ද යට හැංගුනු දෙබිඩිබව ඉහලට ඔසවා තබන ප්‍රතිරූප බිමහෙලීම සඳහා එවන් ඕපාදූප පාවිච්චි කිරීමේ දේශපාලන වැදගත්කමත්, අපි නොකළත් එය අවතක්සේරු කරන්නේ ද නැත.
  • කෙසේ වෙතත් පතිරණ – ආදර්ශා කතාවේ අපිට ලිංගික යමක් නැති බව කියන්න ඕන.
  • ඒක ලිංගිකත්වය කොයිතරම් පීඩාවක්, අසරණබවක් විදිහටද මේ සංස්කෘතිය ඇතුලෙ පාවිච්චි වෙන්නෙ කියන එකට උදාහරණයක්.
අකුරු ප්‍රමාණය (Font Size):



කෙනෙකුගේ පුද්ගලික ලිංගික ජීවිතය කොයි ආකාරයකට ගතවුනත් එය ප්‍රසිද්ධ අපහාසයක් හෝ වෙනත් ආකාරයක පහත හෙලීමක් වෙනුවෙන් භාවිතා කරනවා කියන්නෙ ඒ විනිශ්චය කරන කෙනාගේ අශිෂ්ටත්වය විදහා දැක්වීමක් කියලයි අපි විශ්වාස කරන්නෙ. ඒ වගේම සදාචාරවාදයේ සුදු රෙද්ද යට හැංගුනු දෙබිඩිබව ඉහලට ඔසවා තබන ප්‍රතිරූප බිමහෙලීම සඳහා එවන් ඕපාදූප පාවිච්චි කිරීමේ දේශපාලන වැදගත්කමත්, අපි නොකළත් එය අවතක්සේරු කරන්නේ ද නැත.



කෙසේ වෙතත් පතිරණ – ආදර්ශා කතාවේ අපිට ලිංගික යමක් නැති බව කියන්න ඕන. ඒක ලිංගිකත්වය කොයිතරම් පීඩාවක්, අසරණබවක් විදිහටද මේ සංස්කෘතිය ඇතුලෙ පාවිච්චි වෙන්නෙ කියන එකට උදාහරණයක්. ඇමති කෙනෙක් වුනත් තමන්ට ආශා කරන ගැහැණියක් එක්ක විවෘතව නිදාගන්න බැරිවෙලා තියෙනවා. ඒ ආශාව නිසා වද විඳිනවා. අසරණ වෙනවා. ලිංගිකත්වය මේ තරම් අවුලක්ද?



පතිරණ කිසි දවසක බීලා නෑ කියන එක පැහැදිලියි. ඒ වගේම පතිරණට කාන්තා ඇසුරෙත් කිසිම පුරුද්දක් නැති වගත් පැහැදිලියි. ඒ හින්දම හංගගෙන ඉන්න උවමනාව අහස පලාගෙන යන තරම් කියලත් පැහැදිලියි.

පතිරණට ඕන ආදර්ශා කැමති දෙයක් බොන්න දීලා ඇයව බදාගෙන ඉන්නයි. තමන්ගේ ලිංගික ආශාව එළිපිට ප්‍රකාශ කරන්න පවා පැකිලෙන අසරණ පිරිමියෙක් තමයි පතිරණගෙන් පේන්නෙ. මත්පැන්, කෑම, බිල්, මුදල් සහ සමාධි පදනම තමයි ශෘංගාර කතා ඇතුලෙත් ඇහෙන්නෙ.

සමහර විට ගැහැණියක් බදාගෙන සිටීම පවා පතිරණ වගේ කෙනෙකුට ලොකු දෙයක් වෙන්න පුළුවන්. සමහර විට සෙක්ස් කියල කරන්නෙමත් එච්චරක් වෙන්න පුළුවන්.

XGSDFG

මේ සිදුවීම ත්‍රීසම් එකක් විදිහටත් සමහර අය අර්ථකතනය කරනවා දකින්න ලැබුන. ඒත් මෙතන ත්‍රීසම් එකක් තියා අවම ලිංගික ක්‍රියාවක්වත් සිද්ද වෙයිද කියල විශ්වාස කරන්න අමාරු තත්වයක්. ඒ තරමට පිරිමි පාර්ශ්වය දුර්වලයි.

අනෙක් පැත්තෙන් ගැහැණියගේ ඉල්ලීම ඊටත් වඩා දුක්ඛිතයි. ඇය කියන හැටියට ඇයට උවමනා බීලා කාව හෝ බදාගෙන වැළපෙන්නයි. ඈට වෙන ආකාරයකින් පිටකර ගත නොහැකි විශාල වේදනාවක් පවතිනවා වෙන්න පුළුවන්. නමුත් ඇයට මුණගැහෙන්නෙ බදාගත්ත ගමන් ආශාවෙන් සසලව යන පුහු සදාචාරය විසින් කාමයෙන් නිරාහාර කොට ඇති වේදනාත්මක පිරිමියෙක්.

සමහර විට ඇයට පිරිමියෙක් හා ලිංගික එක්වීමකට අවශ්‍ය උත්ප්‍රේරකය වෙන්නෙ බීලා දුක කියන එක වෙන්න පුළුවන්. එතකොට දුක අහන අයියලා ගොඩක් ඇයට මුණගැහෙන්න පුළුවන්. ලංකාවෙ බහුලව සෙක්ස් කියල සිද්ද වෙන්නෙ දුක කියන සහ දුක අහන අයියලා නංගිලාගේ කතන්දර. ඒක සතුට නිදහස පිළිබඳ මුනගැහීමක් නෙමෙයි.

බාගෙ වොඩ්කා බෝතලයක්, බෙදාගෙන කන ෆ්‍රයිඩ් රයිස් එකක්, දුක කියල බදාගෙන අඩන්න ඕනකමක්, දුකට බදාගත්තම කෙලින් වෙන ශිෂ්නයක්. මේ අපිට කාමරයක් ඇතුලෙ මුණගැහෙන ඛේදවාචකයක්.


තමන්ගේ සිංහල බෞද්ධ සදාචාරය ඇතුලෙ හිරකරගෙන ඉන්න ලිංගික තෙරපුම පතිරණගේ පැවැත්ම ඇතුලෙ දැඩි ලෝභයක් දක්වා පරිවර්තනය වෙලා තියෙනවා. සියල්ලට ඉහළින් පවතින මුදල් ලෝභය ගැන සංඥා කරනවා. තමන්ගේ ජීවිතයේ පරම හිඟකමෙන් පෙලෙන ස්ත්‍රී ඇසුරට පවා හෙට්ටු කරමින් මුදල් වියදම් කරන කුණුකමක් පතිරණගෙන් පළවෙනවා.



මේක ලංකාවෙ රූපකයක් විදිහට සලකන්න ඕන. අඩුවැඩි වශයෙන් අපේ ලිංගික ඇසුරන් බොහොමයක මේ සංස්කෘතික අසරණක‍ම, කාලකණ්ණිකම බෙදාගැනීමයි සිද්ද වෙන්නෙ. ඒවා ආශාවෙන් පිරුණු, ශෘංගාරයෙන් මත්වුණු, මිනිස්සු නිදහස් කරන වර්ගයේ ඇසුරු කිරීම් නෙමෙයි. දෙදෙනාගේ මුණගැහීම සිද්ද වෙන්නෙ මග වැරදුණු උවමනාවන් එක්ක.

පතිරණත් පව්. ආදර්ශාත් පව්. ඒවා ෂෙයාර් කරන අපිත් පව්.

ආදර්ශා පස්සෙ මේ ඇසුරු කිරීම් එක්ක විසකුරු ගැහැණියක් දක්වා පරිවර්තනය වෙනවා. ඒ විසකුරු බව අතීතයේ තමන් සමග නිරුවත් වුනු හැම පිරිමියෙකුගේම රෙදි ගලවනවා.

Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

#truepatriotlk

#godayamu

vyadhadeva@gmail.com


(උපුටා ගැනීම -facultyofsex.com)

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...