The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

2022 වසර තුළ ලංකාවේ සිදු වූ මහ පරිමාණ පරිසර විනාශයන්

T

The Leader Desk

January 6, 2023 • 8:34 AM

2022 වසර තුළ ලංකාවේ සිදු වූ මහ පරිමාණ පරිසර විනාශයන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනපති හා ඇමති මණ්ඩලය මාරු වුව ද, පරිසර විනාශයේ වෙනසක් නොවූ අතර එලෙස සිදු වූ මහා පරිමාණ පරිසර විනාශයන්ගෙන් වනාන්තර විනාශය ප්‍රබලම පාරිසරික හානිය ලෙස හැඳින්විය හැකිය.
  • වසරේ 83% තිබූ වනාන්තර ප්‍රතිශතය මේ වන විට සියයට 16 දක්වා අඩු වී ඇත.
  • එමෙන්ම ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය කිහිප විටක්ම සඳහන් කළ පරිදි ලංකාව ලෝකයේ ප්‍රාථමික වනාන්තර විනාශ කරන රටවල් අතර හතරවැනි ස්ථානයට පැමිණ ඇත.
  • වසරේ සිදු වු දැවැන්ත පාරිසරික විනාශය අනුව දවසකට අක්කර 65 බැගින් වනාන්තර විනාශ වූ බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය දත්ත ලෙස එළිදක්වන ලදී.
අකුරු ප්‍රමාණය (Font Size):
ජනපති හා ඇමති මණ්ඩලය මාරු වුව ද, පරිසර විනාශයේ වෙනසක් නොවූ අතර එලෙස සිදු වූ මහා පරිමාණ පරිසර විනාශයන්ගෙන් වනාන්තර විනාශය ප්‍රබලම පාරිසරික හානිය ලෙස හැඳින්විය හැකිය.

1882 වසරේ 83% තිබූ වනාන්තර ප්‍රතිශතය මේ වන විට සියයට 16 දක්වා අඩු වී ඇත. එමෙන්ම ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය කිහිප විටක්ම සඳහන් කළ පරිදි ලංකාව ලෝකයේ ප්‍රාථමික වනාන්තර විනාශ කරන රටවල් අතර හතරවැනි ස්ථානයට පැමිණ ඇත. 2021 වසරේ සිදු වු දැවැන්ත පාරිසරික විනාශය අනුව දවසකට අක්කර 65 බැගින් වනාන්තර විනාශ වූ බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය දත්ත ලෙස එළිදක්වන ලදී.  
 
 
 
 
Global forest watch සංවිධානය  සඳහන් කර සිටින ආකාරයට 2002න් පසු මේ දක්වා මේ රට 5.3% ප්‍රථමික වනාන්තර විනාශ වී ඇත. ත්‍රිකෝණමඩු රක්ෂිතයේ අක්කර 1500ක් විනාශ කිරීම, සමනල රක්ෂිතයේ වනාන්තර විනාශය, සිංහරාජය වනාන්තර විනාශය, ගල්ඔය ජාතික වනෝද්‍යානය වනාන්තර විනාශය, වත්තේගම කැබලිත්ත රක්ෂිතයෙන් අක්කර 12,500 ක් හේන් ගොවියන් අතර බෙදා දීමට උත්සාහ කිරීම, නාකොලගනෙ විහාරයේ අක්කර 2000 ඉඩම් එළිපෙහෙළි කර අඹ වැවීමට සැරසීම, විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ප්‍රේරණ කලාපයේ රාජාංගනය යාය 18 ප්‍රදේශයේ පවත්වාගෙන යන අනවසර කෝමාරිකා වගාව මුවාවෙන් විල්පත්තු ජාතික වනෝද්‍යානය ප්‍රේරණ කලාපය එළිපෙහෙළි කිරීම, සොරගුණේ වනාන්තරය තුළ කුඩා කතරගම දේවාලයට අයත් නින්දගම් ඉඩම් වනාන්තර විනාශ කිරීම, ලංවා සමාගම ඉලුක්පැලැස්ස වන රක්ෂිතය තුළ ඩොලමයිට් කැපීමට උත්සාහ කිරීම හා වනාන්තර විනාශය, ගොන්ගල හා කබරගල කන්ද ඉඩම් මංකොල්ලය, වැලිකන්ද සුරියවැව වන බිම් වල අක්කර එක්දහස් පන්සීයක් බඩ ඉඟුරු වගාව වෙනුවෙන් බෙදා දීම ඇතුළු රට තුළ ඇති වූ දැවැන්ත වනාන්තර විනාශය නිසා ලංකාවේ වනාන්තර ප්‍රතිශතය තව තවත් පහළ යමින් ඇත. වනාන්තර විනාශය ප්‍රමුඛම කාර්යය ලෙස ජාතික භෞතික සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සැලකිය යුතු වනාන්තර ප්‍රමාණයක් විනාශ වී ඇත.
 
elephant deaths in sri lanka
 
2022 වසරේ අලි මරණ සංඛ්‍යාව 395 ක්
 
 
2022 වසර වෙන වසරවල් මෙන්ම ලංකාවේ අලි ඇතුන්ට බරපතළ තර්ජනයක් එල්ල කර වසරක් විය. 2022 වසරේ ජනවාරි සිට දෙසැම්බර් 5 දක්වා කාලය තුළ ලංකාවේ සිදු වූ අලි මරණ සංඛ්‍යාව 395 කි. අලින්ගේ පහරදීම නිසා මියගිය මිනිසුන් ගණන 127 කි. 2021 වසරට වඩා අලි මරණ 20 පමණ වැඩි ප්‍රමාණයක්  මේ රට සිදුවී ඇති අතර මෙරට වාර්තා වූ වැඩිම අලි මරණ සංඛ්‍යාව වාර්තාවූයේ 2019 වසරේදීය. ඒ අලි මරණ ( 207 ) දෙසිය හතක් ලෙස ය, 2020 වසරේ 318 ක්  හා 2021 වසරේ අලි මරණ 375 ක් වාර්තා වී ඇත.  අද වන විට එක් දිනකට එක් අලියකු හෝ ඇතෙකු බැගින් ලංකාව තුළ මිය යමින් ඇත. පසුගිය වසර 50 තුළ 15% කින් අලින්ගේ වාසභූමි විනාශ වී ඇති අතර අලි ගමන් ගන්නා මංකඩවල්, වගා බිම් හෝ ජනාවාස බවට පත් කිරීම නිසා අලි මිනිස් ගැටුම තීව්‍ර වී ඇත.
 
 
මිරිස් වවන මුවාවෙන් මහවැලි ගඟේ මහා මහාපරිමාණ වැලි ජාවාරමක් !
 
 
මෙම මහා පරිමාණ පරිසරික විනාශයන්ට අමතරව ත්‍රිකුණාමලයේ සාෆි නගර් ප්‍රදේශයේ භූ විද්‍ය හා පතල් කාර්යංශයේ අධ්‍යක්ෂකගේ සහයෝගයෙන් ක්‍රියාත්මක වූ ස්වභාවික වැලි නිධියක් වූ එම ප්‍රදේශයේ මිරිස් වගාවකට අවසර ඉල්ලා වර්ග අඩි හතළිහේ පමණ විශාල වලවල් හාරමින් අනවසර වැලි ගොඩ දැමීම ජයට ම සිදු කළ අතර, දැදුරු ඔය, මා ඔය, මී ඔය,කළු ගඟ, වලවේ ගඟ, මැණික් ගඟ ආදී ලංකාවේ ගංගා ගණනාවක මහා පරිමාණ වැලි ජාවාරම සිදු විය. නමුත් මේවා සම්බන්ධව එල්ල කළ පැමිණිලි, කිසිදු වග විභාගයක් නොකර ඉවත දමා ඇති අතර එම ප්‍රදේශවල අනවසර වැලි ගොඩදැමීම මෙවවිටත් සිදු වෙමින් ඇත.
 
kandy floods
 
මහනුවර ගංවතුර
 
 
එමෙන්ම ලංකාව තුළ ද දේශගුණික විපර්යාස හේතුවෙන් විශාල වෙනස්කම් ගණනාවක් සිදු වූ බව 2022 වසර තුළ අපට දක්නට ලැබුණේය. ඒ අනුව දෙසැම්බර් මස 25, 26දින වල මහනුවර යට කරගෙන ගලා ගිය විශාල ගංවතුර, අනුරාධපුර, පොලොන්නරුව, කුරුණෑගල, හම්බන්තොට  ආදී ප්‍රදේශවල ඇතිවූ දරුණු වියලි ස්වභාවයෙනුත් එය තවදුරටත් පසක් කර ඇත. සෑම වසරක් මෙන්ම ස්වභාවිකව හට ගන්නා පලතුරු වල ප්‍රමාණාත්මක අඩුවීමක් මේ වසරේ ද දක්නට ලැබුණු අතර අධික උෂ්ණත්වය හේතුවෙන් ඵලදාව හට ගැනීමට පෙරම පලතුරු ගස් වල මල් බිම වැටීමට  පටන් ගෙන ඇත.
 
රටක් ලෙස දේශගුණික විපර්යාස වලට මුහුණදීම සඳහා, පාරිසරක විවේචනයන් අවම කර ගැනීම සඳහාත්, නීති රීති ගණනාවක් තිබුණද, පෙර වසරවල මෙන්ම වනජීවී හා වෘක්ෂලතා ආඥා පනත, ජාතික පාරිසරික පනත ක්‍රියාත්මක කරවීම මේ වසරේ ද අදාල ආයතන බොහෝවිට පැහැර හරින ලදී.

ලංකාගම - නලුවන් අපෙන් පිටපත චීනයෙන්.. - පරිසරවේදී රවින්ද්‍ර කාරියවසම්රවින්ද්‍ර කාරියවසම්
ජාතික සම්බන්ධීකාරක
පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය (CENS)
 


JW
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...