The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

හදවතට එබී බලන මොකක්ද මේ ‘එකෝ එක’? - (වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ)

T

The Leader Desk

January 1, 2023 • 11:48 AM

හදවතට එබී බලන මොකක්ද මේ ‘එකෝ එක’? - (වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන් අදහස් වනුයේ යමකුගේ සිත තේරුම් ගැනීම,නොඑසේ නම් චරිත ස්වභාවය වටහා ගැනීම ය.
  • එහෙත්, සැබැවින්ම යථාර්ථවාදී ලෙසම යමකු ගේ හදවතට එබී බැලීමක් පිළිබඳව මට මුල් වරට විද්‍යාත්මකව වටහා ගත හැකි වූයේ මා වෛද්‍ය අධ්‍යාපනය ලබන අවදියේ ය.
  • ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර අවස්ථාවේ දී ඊසීජී පරීක්ෂණයක් සිදු කෙරෙන අතර එමගින් යම් රෝග තත්වයක් පිළිබඳව ඉඟි පළවීම මුල් කොට හෝ එසේ නොමැතිව එවැන්නක් මුල් කොට ඇති වන රෝග ලක්ෂණ මුල් කොට රෝගියා වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කෙරෙන විට මෙම ප්‍රතිදාන තරංග පරීක්ෂණය සිදු කෙරේ.
  • සාමාන්‍යයෙන් ඇතැම් වෛද්‍ය පරීක්ෂණ වලින් රෝග විනිශ්චයන් සඳහා මනා පිටිවහලක් ලැබුණ ද ඉන් ඉතා සුළු වශයෙන් හෝ සංකූලතා ඇතිවන බව ප්‍රසිද්ධ කරුණකි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉන් අදහස් වනුයේ යමකුගේ සිත තේරුම් ගැනීම,නොඑසේ නම් චරිත ස්වභාවය වටහා ගැනීම ය.

එහෙත්, සැබැවින්ම යථාර්ථවාදී ලෙසම යමකු ගේ හදවතට එබී බැලීමක් පිළිබඳව මට මුල් වරට විද්‍යාත්මකව වටහා ගත හැකි වූයේ මා වෛද්‍ය අධ්‍යාපනය ලබන අවදියේ ය.

සාමාන්‍ය ජන සමාජයේ ‘එකෝ එක’ යන ප්‍රසිද්ධ වදනින් හැඳින්වෙන ප්‍රතිදාන තරංග පරීක්ෂණය(Echocardiogram) පිළිබඳව මූලිකව ඉගෙන ගන්නා අවදියේ මා ලත් එම දැනුම මූලික වෛද්‍ය උපාධි සහ පශ්චාත් වෛද්‍ය උපාධි සමයේ න්‍යායිකව,ප්‍රායෝගිකව සහ සායනික වශයෙන් වර්ධනය සහ යාවත් කාලීන කර ගැනීමට මට අවකාශ ලැබිණ.

 

කවුරුත් දන්නා අන්දමට යමකුගේ හෘද සෞඛ්‍ය සම්බන්ධ ප්‍රථම පරීක්ෂණය වනුයේ ඊසීජී යන ප්‍රකට නමින් හැඳින්වෙන විද්යුත් කන්තුක රේඛ පරීක්ෂණය (Electrocardiogram ) යි. දෙවනුව එහිම තවත් අදියරක් වන ව්‍යායාම විද්යුත් කන්තුක රේඛ පරීක්ෂණය ( Exercise Electrocardiogram ) හැඳින්විය හැක. එහෙත්, මෙම ‘එකෝ එක’ නැතහොත් ප්‍රතිදාන තරංග පරීක්ෂණය පරීක්ෂණය ඊට ඉඳුරාම වෙනස් අයුරකින් සිදු කෙරෙන හදවතේ “සුව දුක් විමසා බැලීමකි”. ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර අවස්ථාවේ දී ඊසීජී පරීක්ෂණයක් සිදු කෙරෙන අතර එමගින් යම් රෝග තත්වයක් පිළිබඳව ඉඟි පළවීම මුල් කොට හෝ එසේ නොමැතිව එවැන්නක් මුල් කොට ඇති වන රෝග ලක්ෂණ මුල් කොට රෝගියා වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කෙරෙන විට මෙම ප්‍රතිදාන තරංග පරීක්ෂණය සිදු කෙරේ.

 

“යූ. එස්.හෙවත් අල්ට්‍රා සවුන්ඩ් ස්කෑනර්” හෙවත් සූක්ෂම තරංග ස්කෑනරයක් මගින් යමකු ගේ පපු ප්‍රදේශයට තබන ලද සංවේදක මගින් හෘදය වස්තුවෙන් නැගෙන සියුම් ප්‍රකම්පනයන් මුල් කොට එහි ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීම මෙම ප්‍රතිදාන තරංග පරීක්ෂණය පරීක්ෂණයේ ස්වභාවයයි.

අප රටේ සෑම වෛද්‍ය මධ්‍යස්ථානයකම හෝ සෑම රෝහලකම මෙම පරීක්ෂණය සඳහා වන ස්කෑනර් යන්ත්‍ර නැත. එබැවින් එය සිදු කළ හැක්කේ එම තාක්ෂණික පහසුව සහිත වෛද්‍ය මධ්‍යස්ථාන සහ රෝහල් වල පමණි. එමෙන්ම මෙම ප්‍රතිදාන තරංග පරීක්ෂණය පරීක්ෂණය හෘද රෝග විශේෂඥවරයකු විසින් හෝ ඒ සම්බන්ධයෙන් පුහුණුවක් ලැබූ වෛද්‍යවරුන් විසින් සිදුකරන අතර ඒ සම්බන්ධ විශේෂ පුහුණුවක් සහ සායනික පළපුරුද්දක් සහිත වෙනත් ක්ෂේත්‍රයන් හි විශේෂඥ වෛද්‍යවරු ද අප රටේ සිටිති.ලොව දියුණු රටවල මෙම කාරිය විශේෂිත පුහුණුවක් ලත් සෝනෝග්‍රැෆර් (Sonographer) නම් වන තාක්ෂණවේදීන් සිදු කරන මුත් ශ්‍රී ලංකාව තුළ එවැනි තාක්ෂණික ශිල්පීන් නොමැති වීම මත එය ඒ සම්බන්ධ සුදුසුකම් හෝ විශේෂ පුහුණු ලත් වෛද්‍යවරුන් විසින්ම සිදු කිරීම මත මෙම හදවතට එබී බැලීම ඉතා මැනැවින් සිදු වනු ඇත.

 

z eco

සාමාන්‍යයෙන් ඇතැම් වෛද්‍ය පරීක්ෂණ වලින් රෝග විනිශ්චයන් සඳහා මනා පිටිවහලක් ලැබුණ ද ඉන් ඉතා සුළු වශයෙන් හෝ සංකූලතා ඇතිවන බව ප්‍රසිද්ධ කරුණකි. එහෙත්, සෙසු වෛද්‍ය පරීක්ෂණ හා සසඳන විට හදවතේ ඇති සියුම් කම්පනයන්ට විද්‍යාත්මකව “සවන් දිය හැකි” මෙම ප්‍රතිදාන තරංග පරීක්ෂණය පරීක්ෂණය සියයට සියයක්ම අහිංසක බව නිසැක ලෙසම කිව හැක.

රෝගියා ගේ පපුවේ නිශ්චිත ස්ථාන වෙත සන්නිවේදකය( Echo probe ) ස්පර්ශ කරමින් රෝගියා ගේ හෘද ක්‍රියාකාරීත්වය සම්බන්ධ විවිධ කරුණු රැසක් ඒ මොහොතේම එකවර අනාවරණය කර ගත හැකි මෙම පරීක්ෂණය සිදු කරන වෛද්‍යවරයාට හෘදය වස්තුවේ ක්‍රියාකාරීත්වය එම ස්කෑනරයට සම්බන්ධ රූපවාහිනී තිරය හෙවත් මොනිටරය මගින් එවෙලේම නිරීක්ෂණය කළ හැක.මූලික වශයෙන් හෘදය වස්තුවේ ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය විමසා බැලෙන මෙය මවගේ කුස තුළ හිඳින දරුවා ගේ කළල රූපය නිරීක්ෂණය කෙරෙන යූ. එස්.හෙවත් අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් හෙවත් අධි සූක්ෂම ශබ්ද තරංග පරීක්ෂණයකට බෙහෙවින් සමානය. දැන් අපි ප්‍රතිදාන තරංග පරීක්ෂණයක් මගින් හඳුනා ගත හැකි හෘද ක්‍රියාකාරී තත්වයන් මොනවා දැයි විමසා බලමු.

 

කිසියම් පුද්ගලයකු හට උපතින්ම හට ගන්නා ;සංජානනීය හෘද රෝග ( Congenital heart disease ) තිබේ නම් ඒ සම්බන්ධයෙන් විමසා බැලීම මෙම පරීක්ෂණය මගින් සිදු කෙරෙන ප්‍රධාන කාරියකි. ඊට අමතරව හෘද කපාට ආශ්‍රිත ගැටළු තත්වයන් නිරීක්ෂණය කිරීමට ද මෙම ප්‍රතිදාන තරංග පරීක්ෂණය උපකාරී වෙයි. හෘදයේ සංකෝචන හැකියාව.හෘදයට රුධිර සැපයුමට ඉවහල් වන හදවත ඉහිල් වීමේ හැකියාව,සේම කර්ණිකා කෝෂ ඉදිමීම, බිත්ති ඝනවීම හෝ විස්තාරණය වීම හෘද කපාට වල ආසාදන තත්වයන් තරල ඇතිවීම ආදී බොහෝ දේවල් ද ඉතා කෙටි වේලාවක් තුළ නිරීක්ෂණය කොට ඒ සම්බන්ධයෙන් නිගමනයට ඒමට වෛද්‍යවරුන්ට අවකාශ තිබේ.

 

මෙම සටහන ආරම්භයේ දි මා හදවතට එබී බැලීමක් පිළිබඳව සඳහන් කළ අන්දමට මෙම පරීක්ෂණය ද නිසැක ලෙසම එලෙස සංවේදක මගින් හදවතට එබී බැලීමක් ලෙස ද හැඳින්විය හැක. ඒ පපු ප්‍රදේශයේ ඇති එසේ හදවත නිරීක්ෂණය කළ හැකිකවුළු (Echocardiographic windows ) තුළින් මෙම එබී බැලීම සිදු කරන බැවිනි.


prof namal wijesinghe web 1(වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ)
හෘදවේද විශේෂඥ
namalw@gmail.com

(vinivida.lk)


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...