The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ආදර්ශා සහ ස්ත්‍රිත්වයේ අනාගතය

T

The Leader Desk

January 1, 2023 • 5:17 PM

ආදර්ශා සහ ස්ත්‍රිත්වයේ අනාගතය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෛරසයක් මිනිස් ශරීරය තුල පැතිරෙන්නේ සෛල තුලට ඇතුල් වී අදාල සෛලය නැවත ගොඩනැංවීමෙනි.
  • නැවතත් කිව යුත්තේ ඇගේ ලිංගික ජීවිතය පිළිබඳව අපිට ගැටලුවක් නොමැති බවයි.
  • එසේ වුවද ඇය ඒ සදහා භාවිතා කරන “ස්ත්‍රීත්වය” නැමැති සමාජයේ පොදු කුලකය කෙලෙසීම අතිශයින්ම අප්‍රසන්න ය.
  • ගැටලුව වන්නේ මෙම දුරකථන සංවාද පටිගත කිරීම හා ඒවා මෙසේ එලිදැක්වීම හරහා දේශපාලනය තුල ඇතිවන තත්ත්වයයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ තුල දියවී යාමයි. වෛරසයක් මිනිස් ශරීරය තුල පැතිරෙන්නේ සෛල තුලට ඇතුල් වී අදාල සෛලය නැවත ගොඩනැංවීමෙනි.

ආදර්ශා කරදන හා තවත් ඇමතිවරයෙකුගේ දුරකථන කතාබහක් එලියට ඇවිත් තිබේ. නැවතත් කිව යුත්තේ ඇගේ ලිංගික ජීවිතය පිළිබඳව අපිට ගැටලුවක් නොමැති බවයි. එසේ වුවද ඇය ඒ සදහා භාවිතා කරන “ස්ත්‍රීත්වය” නැමැති සමාජයේ පොදු කුලකය කෙලෙසීම අතිශයින්ම අප්‍රසන්න ය.



ගැටලුව වන්නේ මෙම දුරකථන සංවාද පටිගත කිරීම හා ඒවා මෙසේ එලිදැක්වීම හරහා දේශපාලනය තුල ඇතිවන තත්ත්වයයි. ඒ පිළිබඳව අවබෝධයක් කිසිවෙකුට ඇති බවක්ද නොපෙනේ. දේශපාලනය යනු මනුෂ්‍ය සම්බන්ධතා නව ආකාරයකින් ව්‍යුහගත කිරීමකි. කිසිදු දේශපාලඥයෙකුට තෝරා, බේරා පුද්ගල සම්බන්ධතා නඩත්තු කල හැකි යැයි අපි නොසිතමු. එසේම ලිංගික සබඳතා ක්ෂ්‍රේත්‍රයද ඇතුල් වන්නේ මේ මානූෂීය ලෝකයට ය. එවැනි පුද්ගල සබඳතා මානූෂීයව බාරගත නොහැකි සමාජයක් ඇතිවීමත්, එසේ බාරනොගැනීම නිසාම ඒවා ගුප්තකරණය වීමත්, ඒවාම බ්ලැක්මේල් කිරීමට යොදවා ගැනීමත් හරහා අපි ජීවත් වෙන්නේ කොතරම් ජරාජීර්ණ හා ගෝත්‍රික සමාජයකදැයි කල්පනා කිරීම ඔබට භාරය.



අනිත් පසින් මෙකී ස්ත්‍රීත්වය,කොල්ලකෑම සදහා භාවිතා කිරීමත් එයම තවත් ස්ත්‍රියක් වන හිරුනිකා විසින්ම සමාජය වෙත මුදාහැරීමත් හරහා ස්ත්‍රිත්‍වය යනු ලිංගිකකරණය වූ කේවල් කිරීමේ උපකරණයක් බවට ඌනනය වී ඇත.

ආදර්ශා කරදන විසින් ස්ත්‍රිත්වයේ අවසාන හංස ගීතය ගයමින් ඇත.

මෙවලමක් බවට ඌනනය වූ යමක මානූෂීය දෙයක් නැත. දැනටමත් ලිංගික කාර්‍යය සදහා සිලිකන් බෝනික්කන් වෙලදපලට ඇවිත් තිබේ. අනාගතයේ ස්ත්‍රිත්වය යනු ස්ත්‍රිය විසින්ම අවසන් කරනු ලැබූවක් වූ විට ආපසු හැරීමක් නොමැති වීමටද ඉඩ තිබේ.


(carbonnews.lk)

 

 


JW
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...