The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මිනිස් සිරුරු කොම්පෝස්ට්කරණයට අනුමැතිය

T

The Leader Desk

January 2, 2023 • 3:51 PM

මිනිස් සිරුරු කොම්පෝස්ට්කරණයට අනුමැතිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මරණයෙන් පසු සිය සිරුර පස්වලට හැරවීමට එහි වැසියෙකුට දැන් අවසර තිබේ - එය භූමදානය හෝ ආදාහනය සඳහා වඩාත් පරිසර හිතකාමී විකල්පයක් ලෙස සැලකෙයි.
  • "ස්වාභාවික කාබනික හායනය" ලෙස ද හැඳින්වෙන මෙම ක්‍රියාවලිය හරහා, සිරුර බඳුනක දමා වසා, සති කිහිපයක් පුරාවට දිරාපත් වීමට ඉඩ හරියි.
  • ලබාදීමෙන් පසු, මනුෂ්‍ය ශේෂයන් කොම්පෝස්ට් කිරීමට අවසර දුන් සයවන ඇමරිකානු අධිකරණ බල ප්‍රදේශය බවට නිව් යෝක් පත්වෙයි.
  • මෙම සේවාව සපයන එක් එක්සත් ජනපද සමාගමක් වන රීකම්පෝස් ප්‍රකාශ කර ඇති පරිදි, ආදාහනයකට හෝ සම්ප්‍රදායික භූමදානයකට සාපේක්ෂව ඔවුන්ගේ සේවාව මඟින් කාබන් ටොන් එකක් ඉතිරි කරගත හැකි ය.
අකුරු ප්‍රමාණය (Font Size):

මරණයෙන් පසු සිය සිරුර පස්වලට හැරවීමට එහි වැසියෙකුට දැන් අවසර තිබේ - එය භූමදානය හෝ ආදාහනය සඳහා වඩාත් පරිසර හිතකාමී විකල්පයක් ලෙස සැලකෙයි.

"ස්වාභාවික කාබනික හායනය" ලෙස ද හැඳින්වෙන මෙම ක්‍රියාවලිය හරහා, සිරුර බඳුනක දමා වසා, සති කිහිපයක් පුරාවට දිරාපත් වීමට ඉඩ හරියි.

2019 දී, මෙය නීතිගත කළ පළමු එක්සත් ජනපද ප්‍රාන්තය වොෂින්ටනය විය. අනතුරුව කොලරාඩෝ, ඔරිගන්, වර්මොන්ට් සහ කැලිෆෝනියාව එය අනුගමනය කළේ ය.

එබැවින්, ප්‍රාන්තයේ ඩිමොක්‍රටික් ආණ්ඩුකාර කැති හෝකල්ගේ අනුමැතිය සෙනසුරාදා (දෙසැ. 31) ලබාදීමෙන් පසු, මනුෂ්‍ය ශේෂයන් කොම්පෝස්ට් කිරීමට අවසර දුන් සයවන ඇමරිකානු අධිකරණ බල ප්‍රදේශය බවට නිව් යෝක් පත්වෙයි.

dfdfe43

කොම්පෝස්ට්කරණ ක්‍රියාවලිය සිදුවන්නේ භූමියෙන් ඉහළ පිහිටි විශේෂ ගොඩනැගිල්ලක ය.

 

මෙහිදී, ශරීරය දැව පතුරු, ඇල්ෆැල්ෆා (සතුන්ට ආහාර සඳහා ලබාදෙන තෘණ වර්ගයක්) සහ පන් වැනි තෝරාගත් ද්‍රව්‍ය සමග සංවෘත බඳුනක බහා ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරිත්වය යටතේ ක්‍රමයෙන් හායනය කෙරෙයි.

 

මසක පමණ කාලයකට පසු, ඕනෑම රෝගකාරකයක් විනාශ කිරීම සඳහා එය පිළිස්සීමෙන් අනතුරුව ඉතිරිවෙන පස අදාළ මියගිය තැනැත්තාගේ ආදරණීයයන් වෙත ලබාදෙයි. මේ පස මල් පැළ, එළවළු පැළ හෝ රුක් රෝපණය සඳහා යොදාගත හැකි ය.

මෙම සේවාව සපයන එක් එක්සත් ජනපද සමාගමක් වන රීකම්පෝස් ප්‍රකාශ කර ඇති පරිදි, ආදාහනයකට හෝ සම්ප්‍රදායික භූමදානයකට සාපේක්ෂව ඔවුන්ගේ සේවාව මඟින් කාබන් ටොන් එකක් ඉතිරි කරගත හැකි ය.

කාබන්ඩයොක්සයිඩ් විමෝචනය, දේශගුණික විපර්යාසයන්හි ප්‍රධාන කොටස්කරුවෙකි. මක් නිසා ද යත්, ඒවා 'හරිතාගාර ආචරණය' ලෙස හඳුන්වන සංසිද්ධිය හරහා තාපය පෘථිවිය තුළම රඳවාගැනීමට කටයුතු කරන හෙයිනි.

මිනී පෙට්ටියක් භාවිතා කරමින් සිදුකරන සාම්ප්‍රදායික භූමදානයන්හි දී ද දැව, භූමිය, සහ අනෙකුත් ස්වභාවික සම්පත් භාවිතා වේ.

මිනිස් කොම්පෝස්ට්කරණය වඩාත් පාරිසරික විකල්පයක් පමණක් නොව, සුසාන භූමි සඳහා ඉඩකඩම් සීමිත නගරවලට වඩාත් ප්‍රායෝගිකබව ද එහි යෝජකයින් පවසයි.

නිව් යෝර්ක් ප්‍රාන්තය මෙම ක්‍රියාවලිය අනුමත කිරීම "ප්‍රවේශ විය හැකි හරිත මරණ සත්කාර සේවා සඳහා විශාල දීපව්‍යාප්ත පියවරකැ"යි වොෂින්ටනය පදනම් කරගත් එක් සේවා සැපයුම්කරුවෙකු වන රිටර්න් හෝම්, නිව් යෝර්ක් පෝස්ට් වෙත පැවසීය.

නමුත් ඇතැමුන්ට අනුව, කොම්පෝස්ට්කරණයෙන් සෑදෙන පසට සිදුවන්නේ කුමක් ද යන්න පිළිබඳව සදාචාරාත්මක ගැටලු තිබේ.

නිව් යෝක් ප්‍රාන්තයේ කතෝලික බිෂොප්වරුන්, මිනිස් සිරුරු "ගෘහස්ථ අපද්‍රව්‍ය" ලෙස නොසැලකිය යුතු බවට තර්ක කරමින් නීති සම්පාදනයට විරුද්ධ වූ බව වාර්තා වේ.

කොම්පෝස්ට් නිෂ්පාදනයට යන වියදම සම්බන්ධයෙන් ද ප්‍රශ්න මතුවී තිබේ. නමුත් රීකොම්පෝස් ආයතනය (එක්සත් ජනපදයේ පිහිටි ඔවුන්ගේ ආයතනය ලොව එම වර්ගයේ පළමු ආයතනයන්ගෙන් එකකි) පවසන්නේ, එයට වැයවෙන $7 000ක (රු. ලක්ෂ 25ක් පමණ) ගාස්තුව ප්‍රතිවාදී විකල්ප සමග "සැසඳිය හැකි" බව යි.

එක්සත් ජනපදයේ ජාතික අවමංගල්‍ය අධ්‍යක්ෂවරුන්ගේ සංගමයට (NFDA) අනුව, භූමදානයක් සහිත අවමංගල්‍යයක් සඳහා එක්සත් ජනපදය තුළ වැයවන සාමාන්‍ය මුදල 2021 දී ඩොලර් 7 848ක් (රු. ලක්ෂ 28ක් පමණ) ද, ආදාහනයක් සහිත අවමංගල්‍යයක් සඳහා ඩොලර් 6 971ක් ද විය.

මිනිස් කොම්පෝස්ට් නිෂ්පාදනය දැනටමත් ස්වීඩනය පුරා නීත්‍යානුකූල ය. එසේම, ස්වභාවික භූමදානය - මිනී පෙට්ටියක් නොමැතිව හෝ ජෛව හායනයට ලක්වන මිනී පෙට්ටියක බහා දේහයක් මිහිදන් කිරීම - සඳහා එක්සත් රාජධානිය තුළ අවසර තිබේ.

 


JW
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...