The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

දමිතා සහ අරගලය

T

The Leader Desk

January 3, 2023 • 11:31 AM

දමිතා සහ අරගලය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම අරගලයේ ආරම්භකයන් වූ මධ්‍යම පංතික තරුණ තරුණියෝ දෙසැම්බර් 31 නැවත ගාලුමුවදොරට පැමිණ කා, බී, නටා විනෝද වී සිය දෛනික ජීවිතය කෙරෙහි යොමු වී ඇත.
  • අනුන්ගේ ආශාවක් රඟ දැක්වීමට උත්සාහ කල වසන්ත මුදලිගේ තවමත් “විප්ලවය” කෙරෙහි තබා ඇති අනුරාගයට දෙසැම්බර් 31 ලැබුනු පිලිතුර කියවා ගැනීම ඔබට භාරය.
  • විශේෂයෙන්ම මාධ්‍ය විසින් ඇති කරනු ලැබූ මවාපෑම ඇයට සමරෑපයක් තනාදුන් අතර ඇය සහ සමරෑපය අතර වෙනස ඇය නැවත සුදු වීමට ක්‍රීම් තැවරීමත් සමග අවසන් විය.
  • දැන් ලැබෙන ආරංචි අනුව ඇය ඉදිරියේදී සමගි ජන බලවේගයේ මහරගම නගරාධිපති ලෙස පලාත් පාලන මැතිවරණයේදී අපිට දකින්නට හැකි වෙනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

එම අරගලයේ ආරම්භකයන් වූ මධ්‍යම පංතික තරුණ තරුණියෝ දෙසැම්බර් 31 නැවත ගාලුමුවදොරට පැමිණ කා, බී, නටා විනෝද වී සිය දෛනික ජීවිතය කෙරෙහි යොමු වී ඇත.

අනුන්ගේ ආශාවක් රඟ දැක්වීමට උත්සාහ කල වසන්ත මුදලිගේ තවමත් “විප්ලවය” කෙරෙහි තබා ඇති අනුරාගයට දෙසැම්බර් 31 ලැබුනු පිලිතුර කියවා ගැනීම ඔබට භාරය.

 

දමිතා අබේරත්න අරගලයේ ප්‍රමුඛ නායිකාවක් හැටියට මතුවන්නේ නිළියක් හැටියට ඇය ගොඩනගා ගෙන තිබූ සිවිල් බලය හා සමපාතවය. විශේෂයෙන්ම මාධ්‍ය විසින් ඇති කරනු ලැබූ මවාපෑම ඇයට සමරෑපයක් තනාදුන් අතර ඇය සහ සමරෑපය අතර වෙනස ඇය නැවත සුදු වීමට ක්‍රීම් තැවරීමත් සමග අවසන් විය.

 

දැන් ලැබෙන ආරංචි අනුව ඇය ඉදිරියේදී සමගි ජන බලවේගයේ මහරගම නගරාධිපති ලෙස පලාත් පාලන මැතිවරණයේදී අපිට දකින්නට හැකි වෙනු ඇත.

එක් පසෙකින් ක්‍රමය වෙනස් කිරීම සදහා (සිස්ටම් චේන්ජ්) අරගල කල නායිකාවකගේ සිට සුදු වීමට ක්‍රීම් භාවිතා කල නිලියකගේ තත්ත්වයෙන් ඇය මෙරට ප්‍රධාන දේශපාලන ධාරාවේ පක්ෂයක් තුලට ඇතුල් වී තිබේ. තමන්ට අවශ්‍ය කරන්නේ කුමක්ද යන්න පිළිබඳව ලාංකීය ජනතාවගේ නොදැනුම ඇය අපිට හොදින් පෙන්නුම් කර තිබේ. එසේම ඇයට මුණ ගැසීමට අවශ්‍ය වූ විසදුම් නොව ප්‍රශ්නය කුමක්ද යන්න පිළිබඳ හෝ වැටහීමක් නොමැති සජිත් ප්‍රේමදාස ඇයට හමු වී තිබේ. ඇගේ බලපොරොත්තුව වන්නට ඇත්තේද අස්ථාවර, ගැටුම් සහිත, විකාරරූපී යාන්ත්‍රණයක් සහිත පැටලැවිල්ලක් නම් එය ඇයට ලැබී තිබේ.

 

එක් පසෙකින් මුල්‍ය ප්‍රාග්ධනය හා බැදුනු ආර්ථිකය තුල තිලිණි ප්‍රියමාලි මතුවන අතර ලිංගිකත්වය හා බැදුනු අශ්ලීල දේශපාලනය තුල ආදර්ශා කරදන මතු වී තිබේ. දමිතා මේ දෙකම හරහා ගමන් කර නැවතුම් ස්ථානයක් සොයාගෙන තිබෙන අතර එහි දේශපාලනමය භූමිකාව අරගලය හරහා ඇයට වෙස්මුහුණක් ලබාදී ඇත.

 

සජිත් ප්‍රේමදාසගේ දෙශපාලනයට සැබෑ දමිතා වෙනුවට අරගලයේ නායිකාව සම්මුඛ වී ඇත. ආශු මාරසිංහට ආදර්ශා කරදනව හෝ අසාද් සාලිට තිලිණි ප්‍රියමාලි හමුවුනා සේම අනාගතයේදී සජිත් ප්‍රේමදාසට දමිතා අබේරත්නද හමුවෙනු ඇත.


(carbonnews.lk)


JW
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...