The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අපගේ සොහොන් කොත් සමඟ සිංහල සහෝදරයන් කතා කළ යුතුයි - ලේඛක දීපචෙල්වන් ප්‍රදීපන්

T

The Leader Desk

January 5, 2023 • 5:29 AM

අපගේ සොහොන් කොත් සමඟ සිංහල සහෝදරයන් කතා කළ යුතුයි - ලේඛක දීපචෙල්වන් ප්‍රදීපන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කඩුල්ල ප්‍රකාශයක් වන එම නවකතාව ස්මාරක ශිලාවත යන නමින් සිංහලයට පරිවර්තනය කරනු ලැබුවේ ජී.ජී.
  • ''වණක්කම්, සිංහල භාෂාවට පරිවර්තනය වූ නඩුගල් නව කතාවට ලැබුණ පිළිගැනීම සම්බන්ධයෙන් මා බොහෝ සේ සතුටට පත් ව සිටින බව ප්‍රකාශ කළ යුතුය.
  • අපගේ අයිතිය වෙනුවෙනුත්, ජීවිතය වෙනුවෙනුත්, අපගේ භූමිය වෙනුවෙනුත් තම ජීවිතය පූජා කළ මේ භූමියේ දරුවන්, අපගේ මහවිරුවන්ට සිංහල සමාජයෙන් පිළිගැනීමක් ලැබෙන දිනයක, ඔවුන්ට ගරු කළ යුතුයි යන හැඟීම මතු වන දිනයක මේ දූපතේ සංහිඳියාවේ මූල බීජය රෝපණය වනු ඇතැයි මා දැඩි ව විශ්වාස කරමි.
  • එවැනි සිදුවීම් තුළින් දෙජාතිය අතර තිබෙන විරසකයන් අමතක වී අයිතීන් සම්බන්ධයෙන් වන සාකච්ඡාවකට සුදුසු වේදිකාවක් නිර්මාණය වනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

කඩුල්ල ප්‍රකාශයක් වන එම නවකතාව ස්මාරක ශිලාවත යන නමින් සිංහලයට පරිවර්තනය කරනු ලැබුවේ ජී.ජී. සරත් ආනන්ද විසින් ය.

මෙම සාකච්ඡාවේ ප්‍රධාන අදහස් දැක්වීම රෝහිත භාෂණ අබේවර්ධන විසින් සිදු කළ අතර, දීපචෙල්වන් ප්‍රදීපන්, සරත් ආනන්ද, කත්‍යානා අමරසිංහ සහ මංජුල වෙඩිවර්ධන යන අය විසින් සෙසු අදහස් දැක්වීම් සිදු කරන ලදි.

මෙම සාකච්ඡාවේ දී නඩුගල් හි කතෘ දීපචෙල්වන් ප්‍රදීපන් දෙමළ බසින් සිදු කළ අදහස් දැක්වීමේ සිංහල පරිවර්තනය පහතින් දැක්වේ.

''වණක්කම්, සිංහල භාෂාවට පරිවර්තනය වූ නඩුගල් නව කතාවට ලැබුණ පිළිගැනීම සම්බන්ධයෙන් මා බොහෝ සේ සතුටට පත් ව සිටින බව ප්‍රකාශ කළ යුතුය.
 
 
nadukalඅපගේ අයිතිය වෙනුවෙනුත්, ජීවිතය වෙනුවෙනුත්, අපගේ භූමිය වෙනුවෙනුත් තම ජීවිතය පූජා කළ මේ භූමියේ දරුවන්, අපගේ මහවිරුවන්ට සිංහල සමාජයෙන් පිළිගැනීමක් ලැබෙන දිනයක, ඔවුන්ට ගරු කළ යුතුයි යන හැඟීම මතු වන දිනයක මේ දූපතේ සංහිඳියාවේ මූල බීජය රෝපණය වනු ඇතැයි මා දැඩි ව විශ්වාස කරමි.  අපගේ සොහොන් කොත් සමඟ අපට වඩා සිංහල සහෝදරයන් වැඩි වශයෙන් කතාබහ කරනු දැකීමට ද අප දැඩි කැමැත්තකින් පසුවන්නෙමු. එවැනි සිදුවීම් තුළින් දෙජාතිය අතර තිබෙන විරසකයන් අමතක වී අයිතීන් සම්බන්ධයෙන් වන සාකච්ඡාවකට සුදුසු වේදිකාවක් නිර්මාණය වනු ඇත. එහි මූලික අඩිතාලම ලෙස මෙම නඩුගල් නවකතාව පත්වීම සම්බන්ධයෙන් මම දැඩි සේ සතුට ට පත්වෙමි. 
 
 
PHOTO 2023 01 05 10 36 34
 
 
305920133 2384289988376209 3561159481637528913 nජී.ජී. සරත් ආනන්දමෙය සිංහල භාෂාවට රැගෙන යාම අසාමාන්‍ය දෙයක් කියා ද මා දනිමි. එම උත්සහය ගත් සරත් ආනන්ද හට මා ඇතුළු දෙමළ ප්‍රජාව කෘතගුණ සැලකිය යුතුය. මේ නවකතාව සිංහල භාෂාවෙන් පරිවර්තනය වන බව දැනගත් දිනයේ සිට බොහෝ සිංහල මිතුරන්ගෙන් ඊට යහපත් ප්‍රතිචාර ලැබුණි. නව කතාව කියවීමටත් පෙර එහි අන්තර්ගත දැනගෙන එය භාරගත් ආකාරය සම්බන්ධයෙන් මා විශ්මයට පත් වුණා යැයි කීමට හැකිය.

මෙම නව කතාව සම්බන්ධයෙන් ලැබුණ පණිවුඩ සහ  තොරතුරු සම්බන්ධයෙන් දෙමළ සමාජයේ බොහෝ අය පුදුමයට පත් වුණා යැයි කීමට හැක. සිංහලයන් අතර මෙවැනි පිරිසක් සිටින බව දැන සිටි අයට එය වඩාත් තහවුරු කරගත් කරුණක් වුයේ නඩුගල් කෘතියට ලැබුණ ප්‍රතිචාරයන් ය.

මෙම පරිවර්තන කාර්යය සම්බන්ධයෙන් සහ ඊට ලැබුණ ප්‍රතිචාර සම්බන්ධයෙන් සතුටට පත් වුණෙමි. මෙලෙස ම සිංහල සාහිත්‍ය දෙමළ භාෂාවටත් පරිවර්තනය විය යුතු යැයි මා විශ්වාස කරමි. මේ රටේ තියෙන විශාලත ම ප්‍රශ්නයක් ලෙස භාෂාමය ප්‍රශ්නය හඳුන්වා දිය හැකිය. එම නිසා ම අපට අපගේ හැඟීම් ප්‍රකාශ කර ගැනීමට නොහැකිව හිර වු අවස්ථා බොහෝ තිබේ. මෙවැනි වැඩසටනක දී පවා අපට භාෂා පරිවර්තකයෙකුගේ සහය ලබා ගැනීමට සිදු ව ඇත්තේ, මෙම භාෂාමය ගැටලුව හේතුවෙන් ය.
 
 
මේ රට තුළ සැබෑ සංහිඳියාවක් ස්ථාපිත වී ජාතීන් අතර අයිතීන් සමාන ලෙස බෙදා දී තිබුණා නම් සිංහල භාෂාව මාගේ දෙවන බස වීමේ සම්භාවිතාවය අධික වන්නට තිබුණි. එවැනි අපූරු අවස්ථාවක් අපට අහිමි වූයේ අතීතයේ සිට මෙරට පාලනය කළ දේශපාලනඥයින්ගේ තීන්දු තීරණය නිසා ය.
 
 
අනාගතයේ දී අප සමූහයක් ලෙස ජීවත් වීමට නම් අපගේ හැඟීම් හුවමාරුව නිවැරදිව සිදු විය යුතු යැයි මා දැඩි ලෙස විශ්වාස කරමි. ඊට සාහිත්‍ය එක් යාන්ත්‍රණයක්, අඩිතාලමක් එසේ නොමැති නම් ආයුධයක් ලෙස භාවිතයට ගැනීමට හැකිය. නඩුගල් නවකතාව ද මෙම ක්‍රියාවලියට අංශූ මාත්‍රයක් සහයක් ලබා දී ඇතැයි මම විශ්වාස කරමි.
 
 
සිංහල වාමාංශික පක්ෂ සාමාජික සහෝදරයන් පිරිසක් යැයි උපකල්පනය කළ හැකි පිරිසක් විසින් සංවිධානය කළ සංගීත වැඩසටහනක දී, ඔවුන් නඩුගල් නව කතාවේ පොඩි කොටසක් කියවා, ගීතයක් ගායනා කරන ආකාරය දැක්වෙන, වීඩියෝ පටයක් සරත් ආනන්ද විසින් සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි පළ කර තිබුණේ ය. මා එය දැක පුදුමයට පත් වුණෙමි. ඔවුන් මෙම නවකතාවේ අන්තර්ගතය සිංහල ජනයා වෙතත්, ගුරුවරුන් වෙතත්, දරුවන් වෙතත් රැගෙන යාමට කටයුතු කිරීම කිරීම ගැන මාගේ ප්‍රසාදය පළ කරමි. දෙමළ ජනයා අතර මෙවැනි දේවල් නොමැති පසුබිමක සිංහල ජනයා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම අපූරු කාර්යයකි. ඉන් සැනසිලිදායක සතුටක් ලැබුණ බව මෙහි දී සඳහන් කළ යුතුම ය. මෙවැනි වෙනස් වීමේ හේතුවෙන් අපගේ රට තුළ ස්ථීර සාමයත්, ජාතීන් අතර අවබෝධයත්, අයිතීන් හුවමාරු කරගැනීමේ සිතකුත් ඉතා ඉක්මනින් ඇති වනු ඇතැයි මා දැඩි සේ විශ්වාස කරමි.

190122042 2000924393379439 1831163850004931601 nමෙය එවැනි ආකාරයේ දැනුමක් හුවමාරු කරගැනීමේ වැඩසටනක් වනු ඇතැයි මා විශ්වාස කරමි. දෙමළ අරගලය සිදු වූ කාලයේ සිට මා මංජුල වෙඩිවර්ධනගේ කවි සම්බන්ධයෙන් දැනුවත් ව සිටිය බව ද මෙහි දී සිහිපත් කළ යුතුය. භාෂණ අබේවර්ධන විසින් ඉටු කළ සේවාවන් සම්බන්ධයෙන් මම හොඳින් දැන සිටියෙමි. ඔවුන් සහභාගී වන මෙම වැඩසටන සිංහල සාහිත්‍ය තුළත් සමාජ මාධ්‍ය භාවිත කරන්න් අතරත් විශේෂ සාකච්ඡාවක් ඇති කරනු ඇතැයි මා විශ්වාස කරමි.

මාගේ සාහිත්‍යමය දිවිය තුළ මෙය ඉතා වැදගත් සිදුවීමක් වනවාට කිසිදු සැකයක් නැත. මෙම වැඩසටන සම්බන්ධයෙන් සහ මෙහි දී සාකච්ඡාවට බඳුන් කෙරෙන කරුණු පිළිබඳවත් මාගේ දෙමළ මිත්‍රයින් සහ සහෝදරයින් අතර බෙදා ගැනීමට දැඩි කැමැත්තකින් පසුවෙමි. ඉන් ඔවුන්ට සිංහල ජනයා, ලේඛකයින්, මාධ්‍යවේදීන් ගනු ලබන මෙවැනි උත්සහයන් සම්බන්ධයෙන් අවබෝධයක් ලැබෙනු ඇත.''


jegan(පරිවර්තනය - ජෙගන් ගනේෂන්)


උපුටා ගැනීම :
සහෘදස්පන්දන - தோழமைத் துடிப்பு 2022 ජනවාරි - පෙබරවාරි කලාපය
 
 


JW
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...