The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සේපාල් ද හයිජැකර්... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

January 6, 2023 • 7:38 AM

සේපාල් ද හයිජැකර්... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එකක් තමයි මිනිහත් කතා කරන්නේ සෑහෙන ලොකු ෆෑන් බේස් එකකට කියන එක.
  • බර දේවල් සියල්ල යට ගිහිල්ල ලබු කබල් උඩට මතුවෙන්න.
  • ඒකයි මේක අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පිළිබද නිර්මිතයක් නොවන්නේ.
  • ඒ කරලා ඇත්ත ගැටළු බයිපාස් කරන එක.
අකුරු ප්‍රමාණය (Font Size):


එකක් තමයි මිනිහත් කතා කරන්නේ සෑහෙන ලොකු ෆෑන් බේස් එකකට කියන එක. එහෙම ෆෑන් බේස් එකක් හැදෙන්න හෝ හදාගන්න මිහිහට හැකිවෙලා තියනවා. ඒ කියන්නේ මිනිහ කියන දේවල් මට රහක් නැති උනාට ඒවා අහන සෙට් එකක් ඉන්නවා කියන එක. ඒ ශ්‍රාවක ප්‍රජාව ලංකාවේ හැටියට සෑහෙන පිරිසක් කියන එක. අන්තිමට එයාල චන්දදායකයෝ වෙනවා. සාම්පල් එකක් හැටියට ඒ තීරුව නොසලකා ඉන්න බැහැ.

අනික තමයි වැදගත් කාරණේ. පහුගිය අවුරුද්දේ අගභාගයේ ඔය ''අරගලය'' යම් යම් ජයග්‍රහණ වෙත ගමන්කරන කාලේ මට මතකයි කට්ටිය කිව්වා දැන් ඔය මොනවා කිව්වත් චන්දයක් කිට්ටු වෙනකොට මාවනැල්ල දිහා බුදුපිළිමෙකට ගලක් ගැහුවොත් ඔය සියලු දේ ආපහු හරවන්න ගතවෙන්නේ පොඩි වෙලාවයි කියන එක.

 

channels4 profile

දැන් සේපාල් කාරය බුදු පිළිමෙට නෙවෙයි කෙළින්ම මුදුන්මල් කඩටම වාචික ගල ගහල තියෙන්නේ. ඒක ප්‍රභාකරන් ගහපු භෞතික බෝම්බෙටත් වඩා ප්‍රතිරාව නංවනවා සමහර තැන්වල.  

ඒ නිසා මට මේකේ පොඩි කුමන්ත්‍රණ ගතියක් පේනවා. ව්‍යාජ ගතියක් පේනවා. තිරපිටපතක් පේනවා.

 

මොකද දැන් ආයෙත් බෞද්ධ ජීවන ලෝකය වනසන්න ආපු ''සතුරෙක්'' ඉන්නවා. අනිකෙක් ඉන්නවා. දැන් ඉතාම පහසුයි මේ සතුරාගෙන් අපිව බේරගන්න සංවිධානය වෙන්න. ජාතියේ ගැළවුම්කරුවා වෙන්න. බර දේවල් සියල්ල යට ගිහිල්ල ලබු කබල් උඩට මතුවෙන්න.

 

සාගින්න, බේත් හේත් නැති එක, ජීවන අරගලය, ඉන්ධන ප්‍රශ්න, ප්‍රවාහන ප්‍රශ්න, රැකියා නැතිවීම, අප්පට සිරි වෙන බදු අයකිරීම, උසස් අධ්‍යාපනයේ අර්බුද, සංක්‍රමණ ගැටළු මේ සියල්ල යට ගිහිල්ල ව්‍යාජ ආගමික ප්‍රශ්න මේ එක්ක උඩට එන්න නියමිතයි. ඒකයි මේක අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පිළිබද නිර්මිතයක් නොවන්නේ.

 

මේ වෙලාවේ ලංකාවේ එකම - දැවෙන ප්‍රශ්නේ දළදා මාලිගාව නෙවෙයි. හැබැයි ප්‍රතිගාමී බලවේගවලට අවශ්‍ය ව්‍යාජ දෘෂ්ටිවාදයක් අධිනිශ්චය කරන එක. ඒ කරලා ඇත්ත ගැටළු බයිපාස් කරන එක. වෙන වචනයකින් කිව්වොත් ඇත්ත ප්‍රශ්න හයිජැක් කරන එක.

ඇත්තටම ගුවන් යානයක් පැහැරගෙන වෙනත් ගමනාන්තයක් කරා අරන් යන්න හදපු ශ්‍රී ලාංකිකයා තමයි සේපාල ඒකනායක. ඒ කියන්නේ පළමු හයිජැකර් (hijacker) සේපාල. මෙයා සේපාල්. මෙයා කරන්නේ ලංකාවම හයිජැක් කරන්න හදන එක.

දළදාව ඔය තියන තැනක තිබ්බාවේ. ඕවට අහුවෙන්න එපා. 7 Days in Entebbe (2018) චිත්‍රපටියේ වගේ අපි වැඩේ අපේ අතට ගම්මු.






ක්‍රීඩාවට තියන අයස්කාන්ත බලය ! - (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)



JW
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සේපාල් ද හයිජැකර්... - (ආචාර්ය මහේෂ් හපුගොඩ) | The Leader