The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මැතිවරණ කොමිසමට නියෝග නිකුත් කිරීමට ජනාධිපතිට බලතල තිබේ ද ?

T

The Leader Desk

January 6, 2023 • 10:54 AM

මැතිවරණ කොමිසමට නියෝග නිකුත් කිරීමට ජනාධිපතිට බලතල තිබේ ද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපතිවරයාට එවැනි බලතලයක් තිබෙන බව හෝ මැතිරණයක් ප්‍රකාශයට පත්කොට ඇති අවස්ථාවක මැතිවරණ කොමිසම කැඳවීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙස බැලීමේදී පෙනී යයි.
  • මැතිවරණ කොමිසමේ සාමාජිකයන් අතර යම් බෙදුණු මතයක් ඇත්නම් ගත හැකි ක්‍රියාමාර්ග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 (අ ) වගන්තියේ දැක්වේ.
  • පවත්නා නීතිමය තත්ත්වය අනුව මාර්තු මස 20 වන විට නව පළාත් පාලන ආයතන අනිවාර්යෙන් ස්ථාපිත කිරීමට සිදුවේ.
  • ගිය වසරේ අයවැයෙන් පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුදල් වෙන් කොට ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):



ජනාධිපතිවරයාට එවැනි බලතලයක් තිබෙන බව හෝ මැතිරණයක් ප්‍රකාශයට පත්කොට ඇති අවස්ථාවක මැතිවරණ කොමිසම කැඳවීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙස බැලීමේදී පෙනී යයි.

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් අතර යම් බෙදුණු මතයක් ඇත්නම් ගත හැකි ක්‍රියාමාර්ග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 (අ ) වගන්තියේ දැක්වේ.

‘’කොමිෂන් සභාවේ තීරණ ඒ ඒ  රැස්වීමට පැමිණ ඡන්දය දෙන්නාවූ සාමාජිකයන්ගේ බහුතර ඡන්දයෙන් ගනු ලැබිය යුතු අතර යම් විටක සමසමව ඡන්දය ලැබුන හොත් ඒ රැස්වීමේ සභාපතිවරයාට තීරක ඡන්දයක් හිමි වේ ‘’

 

ව්‍යවස්ථාව පැහැදිලිය, එයට බලපෑම් කිරීමට ජනාධිපතිවරයාට අයිතියක් නැත, මන්ද ඔහු ද දේශපාලන පක්ෂයක නායකයෙකු බැවින් එය ළබැඳියාව අතර ගැටුමක් වන බැවිනි.

 

සියලුම පළාත් පාලන මැතිවරණ මේ වන විට පවතින්නේ කාලය වසරකින් දීර්ඝ කිරීමෙන් අනතුරුවය. පවත්නා නීතිමය තත්ත්වය අනුව මාර්තු මස 20 වන විට නව පළාත් පාලන ආයතන අනිවාර්යෙන් ස්ථාපිත කිරීමට සිදුවේ. ගිය වසරේ අයවැයෙන් පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුදල් වෙන් කොට ඇත. අධිකරණ ක්‍රියාමාර්ගයක දී රජයට මැතිවරණයක් පැවැත්වීමට මුදල් නොමැති බව පවසා ඡන්දය කල් දැමීමෙන් ශ්‍රී ලංකාව තුළ ‍අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති බව ජාත්‍යන්තරයට පෙනී යනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ලංකාවට සහය වීමට සිටින රටවල් වලට ද මේ තත්ත්වය මැතිවරණයට මුහුණ දීමට භය දේශපාලන ස්ථාවරත්වයක් නැති රජයක් ලෙස වර්තමාන රජය පිළිගැනීමට ලක් වීමට ඉඩ ඇත.

මේ තත්ත්වය අපට සිහිකරන්නේ ජනාධිපතිවරයා ගේ මාමා වූ ජේ ආර් ජයවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් දින රහිත ඉල්ලා අස්වීමේ ලිපි ලබාගත්, මහමැතිවරණ නොපවත්වා ජනමත විචාරයකින් වසර හයකින් පාර්ලිමේන්තු කාලය දික් කරගත් අතීතයයි.

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් ද වගකීම් විරහිතව කටයුතු කරන්නේ නම් එම තත්ත්වය ඔප්පු කරන්නේ තවදුරටත් කොමිෂන් සභා කිසිවක් පිළිබඳ ජනතාවට විශ්වාසයක් තබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි .


Rasanga(රසාංග හරිශ්චන්ද්‍ර) 
prasadrharischandra@gmail.com

ජාතික සංවිධායක
ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය
NPOC


JW

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...