The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මානීගේ තීරුව : අටවැනි පුදුමය ළඟදීම !- (සුන්දර නිහතමානි ද මැල්)

T

The Leader Desk

January 8, 2023 • 7:06 AM

මානීගේ තීරුව : අටවැනි  පුදුමය ළඟදීම !- (සුන්දර නිහතමානි ද මැල්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පුතා ගූගල් ගොස් කොල්ලාට එය පෙන්වා දෙනුද මම දුටුවෙමි.
  • රටේ ඉන්න හොඳම බයියවත් හිතන්නෙ නැතුව ඇති ඕයි මුන්ට ඡන්දෙ දිනන්න පුළුවන් කියල.
  • "දැන් ඔය ඡන්දෙ ඉල්ලන සැට්ටෙකේ සමහරු යහපාලන ආණ්ඩු කරන කොටයි, තව සමහරු ඒකට කඩේ යන කොටයි තමයි 2017දි පළාත් සභා ඡන්දෙ කල් දැම්මෙ.
අකුරු ප්‍රමාණය (Font Size):


පුතා ගූගල් ගොස් කොල්ලාට එය පෙන්වා දෙනුද මම දුටුවෙමි.

"ලංකාවෙන් එක ලෝක පුදුමයක්වත් නෑනෙ" මුණුබුරා මා දෙසට හැරී කීවේය. "ඒ වුණාට සීයා ටී.වී.නිව්ස් බලද්දී කොච්චරවත් කෑගහන්නෙ ඒක නම් ලෝක පුදුමයක් තමයි කියල!  "

"එනවා කොල්ලො ළඟදීම එනවා" මම මුණුබුරාට කියා සිටියෙමි . "අද හෙටම අටවැනි පුදුමය ලංකාවෙන් එනවා"

මෙහිදී බිරිඳ වහාම විරෝධය පළ කළාය.

"ඒක නම් කීයටවත් වෙන්නෙ නෑ හලෝ" ඈ මට කියා සිටියාය. "ආණ්ඩුව බොරුවට නාමයෝජනා කැඳෙව්වට කොහොමටවත් පළාත්පාලන ඡන්දෙ තියන්නෙ නෑ"

ඒ අසා මට හිනා ගියේය.

"එහෙම කියන්න එපා නෝනෙ" මම බිරිඳට කීවෙමි. "මේ ඡන්දෙ නොතිබ්බොත් ආණ්ඩුවට කෙළවෙනවනෙ"

"ඒ කියන්නෙ ආණ්ඩුව මහජන මතයට බයේ ඡන්දෙ තියයි කියලද?"

"රෙද්ද තමයි "මට ඉබේටම කියවුණේය. "බලයෙ ඉන්න කොට කවුද මෙයා මහජන මතයක් ගැන කරදර වෙන්නෙ ? ඡන්දෙ නොතිබ්බොත් ඒකෙන් ඡන්දෙ තිබ්බට වැඩියෙ විපක්ෂෙට වාසියි. ඒකයි කාරණේ "

"ඡන්දෙ තිබ්බයි කියල මොකෝ මුන් දිනන්නද?"

 

"⁣අනේද කියන්නෙ. රටේ ඉන්න හොඳම බයියවත් හිතන්නෙ නැතුව ඇති ඕයි මුන්ට ඡන්දෙ දිනන්න පුළුවන් කියල. දිනිල්ල කොහොම වෙතත් දෙවැනියා වෙන්න තමයි ෆයිට්ටෙක තියෙන්නෙ. ඒ කියන්නෙ ඡන්දෙ තිබ්බත් ආණ්ඩුවට කෙළවෙනවා කියලනෙ" මම බිරිඳට පහදා දුනිමි. "ඒක නිසා ආණ්ඩුවම තීන්දු කරයි වැඩියෙ හොඳ ඡන්දෙ තියල කෙළවගැනීමද නැත්නම් ඡන්දෙ නොතියම කෙළවගැනීමද කියල "

 

"ඒ වුණාට සීයෙ ආණ්ඩුවට ඡන්දෙ තියල දිනන්න පුළුවන් කියලනෙ ඇමතිවරුටෙලිවිෂන්නෙකේ කියන්නෙ "

" හොල්මන්වලට බය නෑ කියන සමහර හාදයො, කනත්තක් ගාවින් යනකොට සරම උස්සගෙන අමු තිත්ත කුණුහරුප කිය කිය  තමයි යන්නෙ පුතේ" මම පොඩ්ඩාට උදාහරණයක් සහිතව කියා දුනිමි . "ඒ වගේ තමයි ඡන්දවලට බය නෑ කියල හයියෙන් කියන්නෙත් ඡන්දෙට තියෙන බය නැති කරගන්න "

"කොහොම වුණත් විපක්ෂෙ මාර ෆයිට්ටෙකක් දෙනව නේද අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රැකල දෙන්න " අපේ පුතා මෙහිදී කියා සිටියේය. "ඒකට නම් උන්ට රෙස්පෙක්ට් කරන්න ඕන"

"අනේ පුතේ ඕකුන්ගෙත් පැටිකිරිය අපි නොදන්නවද?" මෙහිදී බිරිඳ කියා සිටියාය. "දැන් ඔය ඡන්දෙ ඉල්ලන සැට්ටෙකේ සමහරු යහපාලන ආණ්ඩු කරන කොටයි, තව සමහරු ඒකට කඩේ යන කොටයි තමයි 2017දි පළාත් සභා ඡන්දෙ කල් දැම්මෙ. අනිත් වැඩේ ඒ කාලෙ ඡන්දෙ ඉල්ලපු උන් තමයි දැන් ආණ්ඩුවට ඇවිත් ඡන්දෙ කල් දාන්න ට්‍රයි කරන්නෙ"

 

"ඒකට වැරැද්දක්  කියන්න බෑනෙ නෝනා "මම බිරිඳට කියා සිටියෙමි. "බලේ තියෙන කොට දුෂ්ට වෙන්න , බලේ නැති කොට ශිෂ්ට වෙන්න කියල තමයි දේශපාලන විද්‍යාවෙ කියල තියෙන්නෙ "

 

"ඒකෙන් මේකෙන් කමක් නෑ. ඡන්දෙ තියයි කියල ⁣මානිගෙ තීරුවෙ නම් ලියන්න එපා තාත්තෙ " පුතා මට කියා සිටියේය. "දේශපාලන අනාවැකි අකුරටම කියනව කියල ඔයාට තියෙන කීර්ති නාමෙටත් කෙළවෙන වැඩක් ඕක "

බිරිඳද ඊට එකඟ වූවාය.

"එහෙම නෙවෙයි අපිට හොයාගන්න විදිහක් නැද්ද අයි.එම්.එෆ්.කාරයො ඡන්දෙ ගැන මුකුත් කියල තියෙනවද කියල " ඈ කියා සිටියාය. "උන් කියල තියෙනව නම් මුන් ටක්කෙටම ඡන්දෙ තියයි. උන් ඒ ගැන කරදර වෙන්නෙ නැත්නම් මුන් ඒ ගැන කොහෙත්ම කරදර වෙන්නෙ නෑ"


මානීගේ තීරුව : ජම්පිං ශ්‍රී ලංකා ! - (සුන්දර නිහතමානි ද මැල්)(සුන්දර නිහතමානි ද මැල්)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

(සුන්දර නිහතමානි ද මැල් ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගැනිණ )


JW

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...