The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මානීගේ තීරුව : අලුත්කඩේ බෝම්බය- (සුන්දර නිහතමානි ද මැල්)

T

The Leader Desk

January 15, 2023 • 10:29 AM

මානීගේ තීරුව : අලුත්කඩේ බෝම්බය- (සුන්දර නිහතමානි ද මැල්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැන් ඉතින් මක් කොරන්නදැයි හිතාගන්නටවත් බැරි ගානට මොළය අවුල් වූයේය.
  • දඬුවම් කරයි කිව්වම ආපු ආතල්ලෙක ⁣එහෙම්ම ගියා වන්දියක් ගෙවන්න නියම කරල කිව්වම" "ජනාධිපති කෙනෙක් හිරේ යවන තුරුවත් උසාවිය ගැන කවි, සින්දු ලියන්න ඉක්මන් වෙන්න හොඳ නෑ" "ඇත්තටම ඔය තරම් ලොකු වන්දි අය කර ගනියිද බං?
  • උෂාර් වුණා වගේ නෙවෙයි මේක ලංකාව හොඳේ" "මේක නම් ලංකාවෙ වෙන්න හොඳ වැඩියි මචං.
  • මේකෙ මොකක් හරි උගුලක් ඇති අපිට පේන්නෙ නැති " "හතුරට වුණත් පව් ඩා !
අකුරු ප්‍රමාණය (Font Size):

දැන් ඉතින් මක් කොරන්නදැයි හිතාගන්නටවත් බැරි ගානට මොළය අවුල් වූයේය. අන්තිමේදි මම කන්තෝරුවේ එකා එකා ළඟට ගොස් දවසේ කතාව ගැන කතා කරමින් කාලය කා දැමුවෙමි.

අද මානිගෙ තීරුව හැටියට පළවෙන්නේ එහිදී එකා එකා කියූ කතාවල්ය.

"මේක හරිද කියල හොඳට චෙක් කරල බලල මිසක් පත්තරේට ගන්න එපා. ඔය වගේ නඩු තීන්දු දෙන්නෙ පිටරටවලනෙ"

"අයියෝ! හොඳ හීනයක් දැකල නැගිට්ට වගේ. දඬුවම් කරයි කිව්වම ආපු ආතල්ලෙක ⁣එහෙම්ම ගියා වන්දියක් ගෙවන්න නියම කරල කිව්වම"

"ජනාධිපති කෙනෙක් හිරේ යවන තුරුවත් උසාවිය ගැන කවි, සින්දු ලියන්න ඉක්මන් වෙන්න හොඳ  නෑ"

"ඇත්තටම ඔය තරම් ලොකු වන්දි අය කර ගනියිද බං? උෂාර් වුණා වගේ නෙවෙයි මේක ලංකාව හොඳේ"

"මේක නම් ලංකාවෙ වෙන්න හොඳ වැඩියි මචං. මේකෙ මොකක් හරි උගුලක් ඇති අපිට පේන්නෙ නැති "

"හතුරට වුණත් පව් ඩා ! ඔය සොච්චම් පාර්ලිමේන්තු පඩියෙන් කොහොමද කෝටි දහයක් ගෙවන්නෙ ?"

"මේ ⁣උසාවි තීන්දුවෙනුත් වදින්නෙ අපේ බඩටම තමයි. දැන් ඉතින් හාල් මිල වැඩිවෙනව අනිවානෙ"

"යකෝ! ඊයෙ හෙලිකොප්ට⁣රේ උඩට නැග්ගුව. මෙන්න අද කඩාගෙන වැටිල"

"ඩලා කියනවද දන්නෑ, සිරෝ උඹේ කටෙත් පස් මගේ කටෙත් පස් කියල "

"මේකත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ද විමලො?"

"සිරා එක්ක සංධාන ගහපු කාටත් කියන්න තියෙන්නෙ
කාත් එක්කද නිදාගත්තම කාත් එක්කද නැගිටින්න වෙනව කියල "

"රනිල්, රනිල් මේ අහපන් , උඹට මේව හොඳ පාඩම් "

"පාස්කු වින්දිතයන්ටත් වැඩියෙ සන්තෝස වෙන දෙතුන් දෙනෙක් ඉන්නව, ඇයි පොලිස්පතිකමට ඇහැ ගහගෙන හිටපු උන්"

" මේකත් මහ ලොකු වන්දියක්ද? සිරාගෙ කෝටි දහය මරණකාරයො අතර බෙදුවොත් එක්කෙනාට හම්බුවෙන්නෙ ලක්ෂ හතරයි. තුවාලකාරයොන්ටත් දුන්නොත් එක්කෙනාට ලක්ෂ දෙකයි. ඒ ඇතිය?"

"රට බංකොලොත් කරපු සැට්ටෙකටත් ඒ කරපු අපරාදෙට වන්දි ගෙවන්න කිව්වොත් නම් කවදාවත් පත්තු කරන්නෙ නැති රතිඤ්ඤාත් පත්තු කරනව"


මානීගේ තීරුව : ජම්පිං ශ්‍රී ලංකා ! - (සුන්දර නිහතමානි ද මැල්)(සුන්දර නිහතමානි ද මැල්)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

(සුන්දර නිහතමානි ද මැල් ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගැනිණ )


JW

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මානීගේ තීරුව : අලුත්කඩේ බෝම්බය- (සුන්දර නිහතමානි ද මැල්) | The Leader