The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

තරුණයින්ට භාර හාර කරන්න තරුණ දෙවිවරුනුත් හොයා ගන්න වෙයි - (කුසල් පෙරේරා)

T

The Leader Desk

January 15, 2023 • 2:24 PM

තරුණයින්ට භාර හාර කරන්න තරුණ දෙවිවරුනුත් හොයා ගන්න වෙයි - (කුසල් පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බෙදිලා පළාත් පාලන ඡන්දය සඳහා තරගෙට නාම යෝජනා දෙනවා.
  • කොළඹ මහ නගර සභා ප්‍රදේශයේ ප්‍රශ්න හරියාකාරව හඳුනාගෙන ඒවා ප්‍රමුඛතාගත කරලා කොළඹ දියුණු කරන්නේ කොහොමද කියලා මෙලෝ හසරක් දන්නේ නැති බව නම් ඒ කතාවලින් ඉතාම පැහැදිලියි.
  • පාර්ලිමේන්තුවේ 225 ම දූෂිත යැයි කියන්නේ රමේෂ් පතිරණලා, හරින් ප්‍රනාන්දුලා, බුද්ධික පතිරණලා, කාංචන විජේසේකරලා, අනුරාධ ජයරත්නලා, වයෝවෘද්ධ දේශපාලනඥයින්ද?
  • ඒ අය වයෝවෘද්ධ නම්, මේ තරුණන් ලෙස පෙනී සිටින සියල්ලන් තරුණ සේවා සභාවෙහි තරුණ යැයි දක්වන වයස අවුරුදු 18 ට වැඩි අවුරුදු 29 ට අඩු පිරිස් විය යුතුය.
අකුරු ප්‍රමාණය (Font Size):

බෙදිලා පළාත් පාලන ඡන්දය සඳහා තරගෙට නාම යෝජනා දෙනවා. දැනට පේන හැටියට ඒ කිසිම කාණ්ඩයක් කල්ලියක් බස්නාහිර පළාතෙන් පිටත පළාත් පාලන ආයතන වලට තරග කරන්නේ නැහැ. සමහරු ගම්පහට විතරයි තරග කරන්නේ. තවත් කල්ලියක් නාම යෝජනා දීලා තියෙන්නේ කොළඹ මහ නගර සභාවට විතරයි.

 

නාමයෝජනා දීලා ඇවිත් ඒ අයගෙම සමාජ මාධ්‍ය ජාලවලට කියන කතාවල තියෙන්නේ අසාර්ථක වයෝවෘද්ධයින් කියන කතා වලටත් වඩා මෝඩ අවලං කතා. එක තරුණ නායකයෙක් කියනවා කොළඹ හදලා පෙන්නනවා කියලා. නිවාස ප්‍රශ්නය විසඳනවා - රැකියා ප්‍රශ්නය විසඳනවා කියනවා. ඒ තරුණයා කොළඹ කියලා තරග කරන්නේ කොළඹ දිස්ත්‍රික්කයට කියලා හිතනවාද දන්නේ නැහැ.



නාමයෝජනා දීලා ඇවිත් ඒ අයගෙම සමාජ මාධ්‍ය ජාලවලට කියන කතාවල තියෙන්නේ අසාර්ථක වයෝවෘද්ධයින් කියන කතා වලටත් වඩා මෝඩ අවලං කතා. එක තරුණ නායකයෙක් කියනවා කොළඹ හදලා පෙන්නනවා කියලා. නිවාස ප්‍රශ්නය විසඳනවා - රැකියා ප්‍රශ්නය විසඳනවා කියනවා. ඒ තරුණයා කොළඹ කියලා තරග කරන්නේ කොළඹ දිස්ත්‍රික්කයට කියලා හිතනවාද දන්නේ නැහැ. කොළඹ මහ නගර සභා ප්‍රදේශයේ ප්‍රශ්න හරියාකාරව හඳුනාගෙන ඒවා ප්‍රමුඛතාගත කරලා කොළඹ දියුණු කරන්නේ කොහොමද කියලා මෙලෝ හසරක් දන්නේ නැති බව නම් ඒ කතාවලින් ඉතාම පැහැදිලියි.

තවත් තරුණ අය තාම කතා කරන්නේ ඒ අය රටේ ප්‍රශ්න විසඳීම සඳහා ඡන්දයට එන්නේ වයෝවෘද්ධයින් රට විනාශ කළ නිසා යැයි කීමට පමණයි. වයෝවෘද්ධයින්ගේ යෝධ දූෂණ නිස රටම බංකොලොත් වුනා යැයි කීම ඔවුන්ගේ ලොකුම කතාව ය. පාලන බලය තරුණයින්ට දී වයෝවෘද්ධයින් ඉවත් විය යුතුයි කියන මේ තරුණ තරුණියන් පළාත් පාලන ආයතන වලට තරග කරන්නේ ආරම්භයක් හැටියට යැයි කියනවා. ඔවුන්ට ගමට යන්න මාධ්‍ය විසින් ඔවුන්ව හැඩට අන්දවා ගමට හඳුන්වා දිය යුතු යැයි තරුණියක් කියනවත් ඇහුනා.

 

මේ තරුණ තරුණියන් කියන්නේ මේ රටේ සියලු දූෂණ කෙරෙන්නේ මහල්ලන්ගෙන් විතරයි කියලද? එතකොට ඒ අය යෝධ දූෂිතයින් යැයි කියන රාජපක්ෂ පුතුන් වයෝවෘද්ධයින්ද? පාර්ලිමේන්තුවේ 225 ම දූෂිත යැයි කියන්නේ රමේෂ් පතිරණලා, හරින් ප්‍රනාන්දුලා, බුද්ධික පතිරණලා, කාංචන විජේසේකරලා, අනුරාධ ජයරත්නලා, වයෝවෘද්ධ දේශපාලනඥයින්ද?



මේ තරුණ තරුණියන් කියන්නේ මේ රටේ සියලු දූෂණ කෙරෙන්නේ මහල්ලන්ගෙන් විතරයි කියලද? එතකොට ඒ අය යෝධ දූෂිතයින් යැයි කියන රාජපක්ෂ පුතුන් වයෝවෘද්ධයින්ද? පාර්ලිමේන්තුවේ 225 ම දූෂිත යැයි කියන්නේ රමේෂ් පතිරණලා, හරින් ප්‍රනාන්දුලා, බුද්ධික පතිරණලා, කාංචන විජේසේකරලා, අනුරාධ ජයරත්නලා, වයෝවෘද්ධ දේශපාලනඥයින්ද? මේ රටේ යෝධ වංචා සඳහා සැකපිට අත්අඩංගුවට ගත් තිලිණි ප්‍රියමාලි මැහැල්ලක්ද? ඒ අය වයෝවෘද්ධ නම්, මේ තරුණන් ලෙස පෙනී සිටින සියල්ලන් තරුණ සේවා සභාවෙහි තරුණ යැයි දක්වන වයස අවුරුදු 18 ට වැඩි අවුරුදු 29 ට අඩු පිරිස් විය යුතුය.

ඊළඟ ප්‍රශ්නය, කෝටි ගණන් ආදායම් බදු පුරුද්දට මෙන් නොගෙවන ව්‍යාපාරිකයින් ගැන සඳහන් නෙකෙරෙන්නේ ඒවා දූෂණ නෙවෙයිද? මහබැංකු අධිපති වරෙක කියූ තම ඩොලර ආදායම නිසියාකාරව මෙරටට නොගෙනෙන යෝධ ව්‍යාපාරිකයින් දූෂිතයින් නෙවෙයිද? වඩාත්ම දූෂිත ආයතනය පොලීසිය යැයි චෝදනා කරන්නේ එහි ඉන්නේ වයෝවෘද්ධ දේශපාලනඥයින්ද? කොළඹ ඉහළම පෙළේ ජනප්‍රිය පාසල් වල පළමු වසරට ළමුන් ඇතුළත් කිරීම කි.මි.02 ට අඩු දුර ප්‍රමාණයේ පදිංචිකරුවන්ගේ ළමුන්ට පමණක් සීමාකර තියෙද්දී, අවුරුදු 20 ක් 25 ක් තිස්සේ අලුත්ගම, ඇහැළියගොඩ, ගම්පහ වැනි දුර ඈත ළමුන් ඇතුළත් කිරීමට හවුල්වන අධ්‍යාපන ලොක්කන්, විදුහල්පතිවරුන්, රජයේ ප්‍රාදේශීය නිලධාරීන් පමණක් නෙවෙයි, තරුණ දෙමාපියන් දහස් ගණන දූෂිතයින් නෙවෙයිද? ඒ තමයි කිසිවෙකු කතා නොකරන මේ රටේ දැවැන්තම දූෂිත ක්‍රියාවලිය.

 

කොළඹ ඉහළම පෙළේ ජනප්‍රිය පාසල් වල පළමු වසරට ළමුන් ඇතුළත් කිරීම කි.මි.02 ට අඩු දුර ප්‍රමාණයේ පදිංචිකරුවන්ගේ ළමුන්ට පමණක් සීමාකර තියෙද්දී, අවුරුදු 20 ක් 25 ක් තිස්සේ අලුත්ගම, ඇහැළියගොඩ, ගම්පහ වැනි දුර ඈත ළමුන් ඇතුළත් කිරීමට හවුල්වන අධ්‍යාපන ලොක්කන්, විදුහල්පතිවරුන්, රජයේ ප්‍රාදේශීය නිලධාරීන් පමණක් නෙවෙයි, තරුණ දෙමාපියන් දහස් ගණන දූෂිතයින් නෙවෙයිද? ඒ තමයි කිසිවෙකු කතා නොකරන මේ රටේ දැවැන්තම දූෂිත ක්‍රියාවලිය.



රට බංකොලොත් වෙන්න, රජයේ ආයතනවල මේ වගේ වංචා දූෂණ සියල්ලත් එකතු වෙන්නෙ නැද්ද? මේ තරුණ තරුණියන් කියන විදියට, දූෂණ වංචා නැති රටක් තරුණ පාර්ලිමේන්තුවකින් හැදෙන්නේ කොහොමද? තරුණන් පාර්ලිමේන්තුවට පත් කළ පමණින් මේ රාජ්‍ය ආයතන නිකම්ම පිරිසිදු කාර්යක්ෂම ආයතන බවට පත් වෙනවද?



ඇත්ත කතාව මේ රටේ පිරිහීම, මේ රටේ බංකොලොත්කම, මේ රටේ අර්බුද ගැන සහ ඒවායේ සංකීර්ණත්වයත් ඒවා ගෝලීය ආර්ථිකය හා ගැට ගැසී ඇති ආකාරයත්, ඒ සමග රටක් හැටියට අප කලාපීය භූ-දේශපාලනික ගැටුමක ඉත්තෙක් බවට පත්ව ඇති කාරණාත් ගැන දේශපාලනයට අලුතින් පය ගහන මේ තරුණ තරුණියන් දන්නා ඉටි ගෙඩියක් නැහැ.

 

ඒ නොදැනුවත්කම සමග බරපතලම ප්‍රශ්නය, ඔවුන් ජාතිවාදීන් නෙවෙයි කියා ගත්තට ඔවුන් සිංහල-බෞද්ධ ජාතිවාදීන් වීමයි. ඔවුන් කතා කරන්නේ සිංහල-බෞද්ධ රටක් ගැන පමණයි. ඔවුන්ට මේ රටේ උතුරු-නැගෙනහිර කියා පළාත් දෙකක් ඇත්තේත් නැහැ. ඔවුන් කතා කරන ජාතික එකමුතුව ජ.වි.පෙ කතා කරන ඒකීය රාජ්‍ය සමග සිංහල-බෞද්ධ රාජ්‍ය වෙනුවෙන් පමණයි. ඒ ජාතිවාදය ගැන වැඩි කතා අවශ්‍ය නැහැ. ඔවුන් පෙනී සිටින්නේ ප්‍රචණ්ඩ විරෝධතා වලට හවුල් විනැයි අත්ඩංගුවට ගෙන සිටින එක සිංහල-බෞද්ධ තරුණයකු නිදහස්කර ගැනීමට පමණයි. ඔවුන්ට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අවුරුදු 10 ය 15 රඳවා ඉන්න දෙමළ රැඳවියන් 15, 20, නිදහස්කර ගැනීමට කිසිදු වුවමනාවක් නැහැ. ඔවුන් උතුරු නැගෙනහිර ජනතාවගේ කිසිදු ප්‍රශ්නයක් ගැන කිසිවක් කියන්නෙත් නැහැ.

 

ඒ ජාතිවාදය ගැන වැඩි කතා අවශ්‍ය නැහැ. ඔවුන් පෙනී සිටින්නේ ප්‍රචණ්ඩ විරෝධතා වලට හවුල් විනැයි අත්ඩංගුවට ගෙන සිටින එක සිංහල-බෞද්ධ තරුණයකු නිදහස්කර ගැනීමට පමණයි. ඔවුන්ට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අවුරුදු 10 ය 15 රඳවා ඉන්න දෙමළ රැඳවියන් 15, 20, නිදහස්කර ගැනීමට කිසිදු වුවමනාවක් නැහැ. ඔවුන් උතුරු නැගෙනහිර ජනතාවගේ කිසිදු ප්‍රශ්නයක් ගැන කිසිවක් කියන්නෙත් නැහැ.

 

රටේ සියලු ප්‍රශ්න විසඳීමට ඉදිරිපත්වන උගත් තරුණ පිරිස් ලෙස පෙනී සිටින මේ කිසිවකු රටේ ප්‍රශ්න විසඳීමේදී 13 වන ව්‍යවස්ථාවට කරන්නේ මොනවාදැයි කියන්නේ නැහැ. දෙමළ ජනතාව ඉල්ලා සිටින බලය බෙදීම ගැන මේ තරුණයින් දන්නේ මොනවද? බලය ලැබුනොත් කරන්නේ මොනවද? ඒ ප්‍රශ්න ඔවුන්ට අදාල නැහැ.



අධ්‍යාපනයේ බිඳ වැටීම, පාසල් පරිපාලනයේ පිරිහීම සඳහා විසඳුම් මොනවාද? සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍ය වෘත්තියෙහි පිරිහීමට උත්තර තිබේද? නාගරික වාහන තද බදය සහ පොදු මගී සේවා අඩපණව තිබීම මේ රටේ බරපතල ප්‍රශ්නයක් බැව් දන්නවාද? ඒ සඳහා විසඳුම් තිබේද?



අවුරුදු 40 ට වැඩි කාලයක් විවෘත වෙළඳපල ආර්ථිකයෙන් අතහැර දමා තිබෙන ග්‍රාමීය ආර්ථිකය පලදායි ආර්ථිකයක් බවට පත් කරන්නේ කෙසේද? ඒ වෙනුවට වයෝවෘද්ධ පාලකයින් කරන විදියටම ග්‍රාමීය ආර්ථිකයේ දුප්පතුන් සංක්‍රමණික ශ්‍රමිකයින් ලෙස විදේශයන්ට ගාල්කර ඩොලර් උපයනවද?

 

මේ රටේ අර්බුදය කියන්නේ මහ නගර කේන්ද්‍රීය විවෘත වෙළඳපල ආර්ථිකය විසින් දායාදකර තිබෙන ආගම්වාදී ජාතිවාදී දේශපාලනය සමගවන සියලු පිරිහීම්, දූෂණ, වංචා සහ ඒ මහ නගර කේන්ද්‍රීය වෙළඳපල විසින් අතහැර දමා තිබෙන අති බහුතර දිළිඳු ග්‍රාමීය සමාජයද ඇතුලු අසංවර්ධනයේ සංකීර්ණ අවුලයි.

 

මේ රටේ අර්බුදය කියන්නේ ඩොලර් ණය ගොඩ ගැසීම සහ ඒ ණය ගෙවීමටත් ආනයනය සඳහාවන ඩොලර් හිඟයත් පමණක්ම නෙවෙයි. මේ රටේ අර්බුදය කියන්නේ මහ නගර කේන්ද්‍රීය විවෘත වෙළඳපල ආර්ථිකය විසින් දායාදකර තිබෙන ආගම්වාදී ජාතිවාදී දේශපාලනය සමගවන සියලු පිරිහීම්, දූෂණ, වංචා සහ ඒ මහ නගර කේන්ද්‍රීය වෙළඳපල විසින් අතහැර දමා තිබෙන අති බහුතර දිළිඳු ග්‍රාමීය සමාජයද ඇතුලු අසංවර්ධනයේ සංකීර්ණ අවුලයි.

ඒ කිසිවක් ගැන කිසිම කතාවක් නැතිව දූෂිත මහල්ලන්ට විරුද්ධ යැයි කියා ඡන්දය ඉල්ලා ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත් වෙන්න ඕනෑම තරුණ කණ්ඩායමකට කල්ලියකට පුළුවන්. ඒ වෙනුවෙන් පිටරට සිංහල ඩොලර් මල්ලිලත් උදව් කරන්න පුළුවන්. නමුත් පාර්ලිමේන්තු මැතිවරණයට එහෙම තරග කරන්න බැරි බව මේ තරුණ තරුණියන් දැන්ම තේරුම් ගන්නේ නම් හොඳයි. පාර්ලිමේන්තු මැතිවරණ කියන්නේ යෝධ ජාවාරම්කාරයින්ගේ සල්ලි වලින් ප්‍රධාන පක්ෂ කිහිපය ඡන්ද කලමනාකරණය කරගන්නා මැතිවරණ. එවැනි බලයක් තරුණ දේශපාලනය මේ මැතිවරණ ක්‍රමයෙහි හදා ගන්නෙ නැතිව පාර්ලිමේන්තු මැතිවරණ වලට තරග වදින්න බැහැ. නමුත් එහෙම බලයක් හදා ගන්නවා කියන්නෙම දූෂිත දේශපාලනයකට හවුල් වෙනවා කියන එකයි.



ඒ නිසා කිසිම ප්‍රශ්නයකට විසඳුම් නැතිව ජනප්‍රිය පොරොන්දු සමග ඡන්ද ඉල්ලන ප්‍රධාන පක්ෂවල නායකයින් බෝධි පූජා තියාගෙන දෙවියන් වැඳගෙන කරන දේශපාලනය, රටේ බරපතල බිඳවැටීම් සඳහා විසඳුම් ඉදිරිපත් කරමින් අභියෝග නොකරන්නේ නම්, අභියෝග කරන්න නොදන්නේ නම්, මේ තරුණ තරුණියන්ට සිද්ධ වෙන්නෙත් ඡන්ද වෙනුවෙන් භාර හාර වෙන්න වෙනම අලුත් තරුණ දෙවිවරුන් සොයා ගන්නයි.



Kusal.jpg(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

(උපුටා ගැනීම - කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් )
2023 ජනවාරි 15

 

 


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...