The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කාන්තාවන් ඉහළ යනවට මේ සමාජය කැමති නෑ - ඩී.එම්. රුක්මණී (සරාවියෝ)

T

The Leader Desk

January 16, 2023 • 4:46 PM

කාන්තාවන් ඉහළ යනවට මේ සමාජය කැමති නෑ - ඩී.එම්. රුක්මණී (සරාවියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වයස - 53 අධ්‍යාපන සුදුසුකම්- අ.පො.ස (උ/පෙළ) සමත්, ඩිප්ලෝමාධාරී වෘත්තීය - සමාජ ක්‍රියාකාරිනියක් දේශපාලන පවුල් පසුබිම- දෙමව්පියන් දේශපාලනය කිරීම නියෝජනය කරන කොට්ඨාශය - ප්‍රාදේශීය සභා මන්ත්‍රීනී, සජබ පළුගස්වැව 8 කොට්ඨාසය, අනුරාධපුර දිස්ත්‍රික්කය ඔබ දේශපාලනයට එන්න තීරණය කළේ ඇයි?
  • ඔවුන් වෙනුවෙන් ඇත්තටම හඬක් නගන්නට, ඔවුන් වෙනුවෙන් ඇත්තටම කවුරුත් කතා කරන්නෙ නෑ.
  • ඔබ විශ්වාස කරනවද මේ තියෙන දේශපාලන සංස්කෘතිය ඇතුළෙ කාන්තාවට දේශපාලනය කරන්න ඉඩක් තියෙනව කියල?
  • මට ඇත්තටම විරුද්ධ වුණේ මා එක්ක තරඟ වැදුණ මගෙ පක්ෂයේ අපේක්ෂකයෙක්.
අකුරු ප්‍රමාණය (Font Size):

 

වයස - 53
අධ්‍යාපන සුදුසුකම්- අ.පො.ස (උ/පෙළ) සමත්, ඩිප්ලෝමාධාරී
වෘත්තීය - සමාජ ක්‍රියාකාරිනියක්
දේශපාලන පවුල් පසුබිම- දෙමව්පියන් දේශපාලනය කිරීම
නියෝජනය කරන කොට්ඨාශය - ප්‍රාදේශීය සභා මන්ත්‍රීනී, සජබ
පළුගස්වැව 8 කොට්ඨාසය, අනුරාධපුර දිස්ත්‍රික්කය



ඔබ දේශපාලනයට එන්න තීරණය කළේ ඇයි?

මම දේශපාලනයට එන්න තීරණය කළේ විශේෂයෙන් අපේ කාන්තාවන් වෙනුවෙන්. ඔවුන් වෙනුවෙන් ඇත්තටම හඬක් නගන්නට, ඔවුන් වෙනුවෙන් ඇත්තටම කවුරුත් කතා කරන්නෙ නෑ. කාන්තාවන් දේශපාලනයට එනවට කැමති නෑ. මොකද වංචාව, දූෂණය, භීෂණය වැපිරිලා ඉවරයි. කොහොම කිව්වත් මේක හදන්න බෑ. කාන්තාවන් කොච්චර කතා කරත් ඇහුම්කන්දෙන්න කට්ටිය අඩුයි. ඒත් අපිට පුළුවන් සභාවකට ගිහින් යෝජනාවක් දාලා ප්‍රජාවට තියෙන ගැටළු විසඳලා සේවයක් කරන්න.



ඔබ විශ්වාස කරනවද මේ තියෙන දේශපාලන සංස්කෘතිය ඇතුළෙ කාන්තාවට දේශපාලනය කරන්න ඉඩක් තියෙනව කියල?

ඉඩක් නැත්තෙම නෑ නෙවෙයි, කාන්තාවන් විසින්ම ඒ පසුබිම හදාගන්න ඕන. අපි තර්කයකට, විතර්කයකට යනවා නම් එකතු වෙලා තර්කයකට යන්න ඕන. එතකොට අපි දිහා විපක්ෂයෙන් බැලුවත්, පක්ෂයෙන් බැලුවත් ඒ අය බලන්නෙ යම්කිසි දෙයක් කරන්න පුළුවන් කියලා හිතලා.



ඔබට මේ දේශපාලන ගමනෙදි වැඩියෙන්ම සහයෝගය දුන්නෙ කව්ද?

මට වැඩිපුරම සහයෝගය දුන්නේ මගේ ප්‍රදේශයේ සිටින තරුණ ප්‍රජාව. ඒ වගේම දෙමව්පියන්, මගේ ස්වාමිපුරුෂයා සහ දරුවන්.

‍

දේශපාලනයේදී වැඩියෙන්ම ඔබට විරුද්ධ වුණේ කව්ද?

මට ඇත්තටම විරුද්ධ වුණේ මා එක්ක තරඟ වැදුණ මගෙ පක්ෂයේ අපේක්ෂකයෙක්. ඔහු තමයි දැනටත් විරුද්ධව ඉන්නෙ.

 

ඔබ විශ්වාස කරනවද කාන්තාව දේශපාලනයේ නියැලිය යුතුයි කියලා?

අනිවාර්යයෙන් ම. මේ රටේ කාන්තාවන්ට තියෙන හිංසනය වළක්වන්න නම් අනිවාර්යයෙන් කාන්තාවන් දේශපාලනයට එන්නම ඕනි. සමාජ පසුතලයේ කාන්තාවන්ට පුදුමාකාර විදිහට පහත් කරලා තියෙන්නෙ. කාන්තාවන්ට නිදහසේ කතා කරන්න බෑ. කාන්තාවන් කොතැන හෝ ගිහින් ඉදිරියක ඉන්නවා නම් පිරිමි තමයි මුල්වෙලා තැන ලබාගන්නෙ. කාන්තාවන් ඉහළ යනවට මේ සමාජයේ කිසිම විටෙක කැමති නෑ. ඒ නිසා අපි කාන්තාවන් විදිහට දේශපාලනයේ අනිවාර්යයෙන් ම නියැලෙන්න ඕන. දේශපාලනය වගේම සමාජයේ තියෙන සමාජ ක්‍රියාකාරකම්වල ඉන්න ඕන. ඒ වගේම සිවිල් සංවිධානවල, ස්වේච්ඡා සංවිධානවල වැඩ කරන්න ඕන. මේ සභික ධූර හම්බුණා කියලා ඒවා අතෑරලා යන්නෙ නැතුව ඉන්න ඕන. ඒ වගේම ආගමික කටයුතුවල වගේම රටේ තීන්දු තීරණ ගන්න ඕනෑම තැනක කාන්තාවන් සිටිය යුතුයි.

 

ඔබේ දේශපාලන ගමනට රාජ්‍ය හෝ රාජ්‍ය නොවන මට්ටමින් යම් දැනුවත්භාවයක් ලබාදිලා තියෙනවද?

One text ආයතනයෙන් අවුරුද්දක ප්‍රෝග්‍රම් එකක් කරා. ඒ වගේම පැෆරල් සංවිධානය මඟින් වැඩසටහන් සිදු කරමින් අපිව සෑහෙන්න දිරිමත් කරා. ඒ වගේම පළාත් පාලන සංසදය මඟින් ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවා.

 

කාන්තාව නායකත්වය ගැනීම ගැන ඔබේ අදහස මොකක්ද?

කාන්තාවන්ට පුළුවන් අලුත් අත්දැකීම් එක්ක ගමනක් යන්න. කාන්තාවන්ට ම ආවේණික වුණ නායකත්ව ලක්ෂණ තියෙනවා. කාන්තාවන් වෙනස් ගමනක් යන්න නිතරම හිතන්න ඕන. සමාජීය, ආර්ථික, සංස්කෘතික ,දේශපාලනීය වශයෙන් අළුත් විදිහකට දැකලා අළුත් ගමනක් යන්න ඕන.

‍

ගැහැණිය තවදුරටත් දේශපාලනය ඉගෙන ගත යුතුයි කියල ඔබ හිතනවද?

අනිවාර්යයෙන් ම ඉගෙනගන්න ඕන. දේශපාලනය ගැන ඉගෙනගත්තෙ නැත්තම් දේශපාලනය හරියට කරන්න බෑ.



ඔබ දේශපාලනයට සම්බන්ධ වීම ගැන ඔබ සතුටු වෙනවාද? ඒ ගැන ඔබේ අදහස මොකක්ද?

මම ඇත්තටම සතුටු වෙනවා. මොකද පාරවල් හදන්න, ජල ව්‍යාපෘතිවලට මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන් උනා. ඒ වගේම සමෘද්ධිය ලබා දෙන්න පුළුවන් උනා. ඒ වගේම වකුගඩු, පිළිකා ආධාර වැඩිකරන ලෙසට යෝජනාවක් සමඟ තවත් යෝජනා 7ක් ඉදිරිපත් කරා. මට ගොඩක් සතුටුයි එයින් යෝජනා 5ක්ම ක්‍රියාත්මක වුණා. මම නිසා තමයි පාර්ලිමේන්තුවේ ඒ යෝජනා කතා කරලා ලංකාවේ සියලු දෙනාට ඒ ප්‍රතිපාදන ටික ලබා දුන්නෙ කියන සතුට මට තියෙනවා.



ඔබට සහායෝගය දීපු අය ගැන සඳහන් කරන්න අවශ්‍යද?

අපේ රටේ හිටපු අගමැති අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි 25% කෝටා එක අපිට ලබා දුන්නෙ. එතුමාට ගෞරවාන්විතව ස්තූතිවන්ත වෙනවා. ඇත්තටම කාන්තා සංඛ්‍යාව වැඩි කරා. ඒ වගේම මගේ ආසනයේ සංවිධායකතුමා සංජීව සෙනෙවිරත්න මැතිතුමා තමයි මගේ නම යෝජනා කරලා කොට්ඨාසයට දාලා තිබ්බෙ. එතුමාටත් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මාව දක්ෂයෙක් කරන්න උදව් කරපු ගුරුවරුන්ටද ස්තූතිවන්න වෙනවා.

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කාන්තාවන් ඉහළ යනවට මේ සමාජය කැමති නෑ - ඩී.එම්. රුක්මණී (සරාවියෝ) | The Leader