The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

එක්සත්ජනපදකරණය වන සිංහල දේශපාලනය - (දීප්ති කුමාර ගුණරත්න)

T

The Leader Desk

January 17, 2023 • 6:00 AM

එක්සත්ජනපදකරණය වන සිංහල දේශපාලනය - (දීප්ති කුමාර ගුණරත්න)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එවකට, ඇමරිකාව වියට්නාමය තුළ දික්ගැස්සුණු ගරිල්ලා යුද්ධයකට මැදිව සිටියේ ය.
  • අරෙන්ඩ් ‘එක්සත් ජනපදය’ හඳුනාගත යුතු ආකාරය ගැන යුරෝපීය වාම බුද්ධිමතුන්ට මෙසේ පවසයි: “ඇමරිකාව කියන්නේ, ජාතික රාජ්‍යයක් (NATION STATE) නොවේ.
  • ලංකාවේ 78 ව්‍යවස්ථාව මගින් හඳුන්වා දුන්නේ, නූතන දේශපාලන චින්තනයකි.[MODERN POLITICS] මේ තත්වය, යුරෝපයේ ජාතික රාජ්‍යය නම් සංකල්පය මත පදනම් වූ සිංහල වාම ව්‍යාපාරයට කිසි දිනෙක වැටහුණේ නැත.
  • මෛත්‍රීපාල සිරිසේන යුගයෙන් පසුව, 2024 වර්ෂය වන විට දී ලංකාවේ වරාය නගරය [PORT CITY] නිර්මාණය වීම අවසන් වීමට ඉඩ තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

එවකට, ඇමරිකාව වියට්නාමය තුළ දික්ගැස්සුණු ගරිල්ලා යුද්ධයකට මැදිව සිටියේ ය.


අරෙන්ඩ් ‘එක්සත් ජනපදය’ හඳුනාගත යුතු ආකාරය ගැන යුරෝපීය වාම බුද්ධිමතුන්ට මෙසේ පවසයි:
 
 
“ඇමරිකාව කියන්නේ, ජාතික රාජ්‍යයක් (NATION STATE) නොවේ. එහි ”ජනපද” එක්සත් වෙලා තියෙන්නේ, අතීත උරුමයක් හරි, මතකය මත පදනම් වෙලා හරි, ආධ්‍යාත්මය හෝ භාෂාව මූලික වෙලා නොවේ. එක්සත් ජනපදය එහි පදනම්වාදී පියවරුන් ගොඩනගලා තියෙන්නේ, ව්‍යවස්ථාව (CONSTITUTION) කියන එකට භක්තිමත් වීම මගිනි. ජනාධිපතිවරයෙකු ඝාතනයට ලක් වූවත්, ජනාධිපතිවරයා ඒකාධිපතියෙකු වීමේ ප්‍රවණතාවයක් තිබුණත්, එහි ව්‍යවස්ථාව ඇමරිකන් භූමියේ පදනමයි.”
 
 
මේ තත්වය යුරෝපීය ජාතික රාජ්‍යය මත පදනම් වූ සංකල්ප මගින් වහරණ දේශපාලන බුද්ධිමතුන් වටහා ගන්න පාටක් පෙනෙන්නේ නැත. මෙම භූමියේ සිටින්නේ, දේශප්‍රේමියෙක් නොවේ. එක්සත් ජනපදය සමන්විත වන්නේ, පුරවැසි අයිතිවාසිකම් සහිත පාරිභෝගිකයෙක්ගෙනි.

ලංකාවේ 78 ව්‍යවස්ථාව මගින් හඳුන්වා දුන්නේ, නූතන දේශපාලන චින්තනයකි.[MODERN POLITICS] මේ තත්වය, යුරෝපයේ ජාතික රාජ්‍යය නම් සංකල්පය මත පදනම් වූ සිංහල වාම ව්‍යාපාරයට කිසි දිනෙක වැටහුණේ නැත. 78 මගින් බිහි කරන්නේ, නූතන මිනිසෙකි (MODERN MAN). මේ නූතන මිනිසා සවිඥාණය සහ අවිඥාණය කියා දෙකට බෙදුණු සත්වයෙකි. මේ බෙදීමට කලින් සිටින්නේ, රජවරු සහ සම්ප්‍රදාය මඟින් පාලනය වන පැරණි වහල් මිනිසෙකි.
 
port cuty

 
මෛත්‍රීපාල සිරිසේන යුගයෙන් පසුව, 2024 වර්ෂය වන විට දී ලංකාවේ වරාය නගරය [PORT CITY] නිර්මාණය වීම අවසන් වීමට ඉඩ තිබුණි. මෙය, ඇමෙරිකාවට සහ ඉන්දියාවට තර්ජනයකි. එම නිසා, ඔවුන් ‘ජාතික ආරක්ෂාව’ (NATIONAL SECURITY) නම් සංකල්පය යාවත්කාලීන කරන ලදී. තමන්ගේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඇමරි- ඉන්දියානු ජාතික රාජ්‍යයන් වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. ලංකාවේ 2015-18 යුගයේ පාර්ලිමේන්තුව සහ ජනාධිපති අතර තිබූ පරස්පරය ඇමරිකාව ප්‍රයෝජනයට ගන්නා ලදී.
 
 
පාස්කු ප්‍රහාරය දියත් වූයේ, රටේ රැකියා ලක්ෂ 9ක් සෘජුව සහ වක්‍රව නිර්මාණය වන්නට ඉඩ තිබුණු සන්දර්භයකදී ය. මේ ව්‍යාපෘතිය නිසා චීනය විසින් LTTE ය විනාශ කිරීමට යුධ- ආයුධ සහ ප්‍රාග්ධනය රාජපක්ෂ පවුලට දෙන ලදී. තමන්ගේ වැඩේ කර ගැනීම සඳහා ඔවුන්ට ප්‍රාග්ධනය පොම්ප කළේ ඔවුන් දූෂිතයෝ කියා දැනගෙන ම ය.
 
ලංකාව කියන්නෙත් ‘ජාතික රාජ්‍යයක්’ නොවේ. ලංකාවේ ජාතික රාජ්‍යය හැදුවේ, එංගලන්තයට සම්බන්ධ සමාගමකි. අඩුම වශයෙන්, එංගලන්ත රජ පවුලවත් නොවේ. ඉතිහාසය කියවුවහොත් එය වැටහේවි. ලංකාවේ ජාතික අනන්‍යතාවය කියන්නේ, බටහිර අනෙකා කරගත් එකකි.

ලංකාවේ වම කොයිතරම් තැටමුවත්, ‘පුරවැසි අයිතිවාසිකම්’ වලට එහා යන ආර්ථික ප්‍රතිසංස්කරණ සහතික කරන දේශපාලනයක් තවම කාටවත් කිරීමට නොහැකි ය. ඒ අනුව, ලංකාවේ සංගතභාවය රැඳී තිබෙන්නේ, රාජ්‍යය තුළ නොව ව්‍යවස්ථාව තුළ ය. රටේ වම-දකුණ භේදය නැතිව පුරවැසි අයිතිවාසිකම් වෙනුවෙන් කඩේ යන පිරිසක් සිටියි. අධිකරණ තීන්දු පූජනීය වීම ඒ අනුව අහම්බයක් නොවේ.
 
 
එක්සත් ජනපද තානාපති සෘජුව ලංකාවේ රාජ්‍ය ප්‍රතිපත්ති වලට මැදිහත් වන්නේ අහම්බයකින් නොවේ. රාජ්‍ය පාලකයන් වෙනුවට වෘත්තීය ප්‍රශ්න විසඳන්නන් (PROFESSIONAL PROBLEM SOLVERS) සමූහයක් ලංකාවේ හදන්නේ, එක්සත් ජනපදයේ අනුග්‍රහය ලබන මාධ්‍යකරුවන් සහ තවත් ආයතනික මැදිහත්වීම් හරහා ය. මෙයට මම කියන්නේ, සිංහල දේශපාලනය ”එක්සත් ජනපදකරණය” කිරීම කියා ය. 2004 ට ටික කලකට පෙර, ශිවරාම් ඇමරිකාවට ගොස් එක්සත් ජනපදයේ අවශ්‍යතා පිළිබඳව දේශනයක් කරයි. එහි, මේ පිළිබඳව අදහසක් තිබේ. එය, YOUTUBE එකෙන් බැලීමට පුළුවනි.




 



ලංකාවේ තවමත්, කිසිම දේශපාලන පක්ෂයක් විසින් රටේ ආර්ථික ව්‍යුහය, ඒ නයින් ‘රාජ්‍ය ව්‍යුහය’ ප්‍රතිසංස්කරණය ගැන කතා නොකර රටේ ප්‍රශ්න සංස්කෘතිය සහ ජාතික ගැටලු බවට ඌණනය කරයි. 90 දශකයේ මුල මාධ්‍යවේදීන් ලෙස වික්ටර් අයිවන් සහ සුනන්ද දේශප්‍රිය මෙහෙය වූ මාධ්‍ය කතිකාව ඒ අය අවධාරණය කළේ, ‘මූලික අයිතිවාසිකම්’ සහ ‘මානව හිමිකම්’ පිළිබඳව යන්න මතක ඇති අය දනියි. දැන්, දශක තුනක් ගෙවී ගොස් ඇතත්, තරිඳු උඩුවරගෙදරලා තාමත් කතා කරන්නේ පුරවැසි අයිතිවාසිකම් පිළිබඳව ය. රටේ ජනගහණයෙන් 60% ක් සිටින්නේ, දුප්පතුන් ය. නමුත්, තවම මේ අය කතා කරන්නේ, මාධ්‍ය නිදහස සහ පාරිභෝගික නිදහස පිළිබඳව ය.
 
 
 
සිංහල දේශපාලනය වේගයෙන් එක්සත් ජනපදකරණය වීම වැළැක්වීමට චීනය IMF එක හරහා උත්සාහ කරයි.[DELAY TACTICS] ලංකාවේ දේශපාලනය කරන්නේ, මෙම තත්වය හඳුනා ගැනීමට නොහැකි බබාලා ය. පල්ලිය එක්සත් ජනපදය පැත්තට (එහි සරදම තවම පල්ලිය වටහාගෙන නැත) හැරෙන විට දී, චීනය හැරී ඇත්තේ ලංකාවේ වමේ පක්ෂ වෙතට ය. ඉන්දියාව හැරී ඇත්තේ, දෙමළ ජනතාව පැත්තට ය. සෞදිය ඇතුළු මැදපෙරදිග මුස්ලිම් ප්‍රජාව දෙසට හැරී ඇත. ලංකාව පාලනය කරන්නේ, මෙම රටවල් සමූහය යි.
 


දොස්තරලා නලුවන් වීම - (දීප්ති කුමාර ගුණරත්න)(දීප්ති කුමාර ගුණරත්න)
සමබිම පක්ෂයේ නායක
kmgunarathne@gmail.com

(3mana.com)


JW


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...