The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සරසවි සිසුවියන් ඝාතනය හා නීතිය ක්‍රියාත්මක වන හැටි - (අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

January 18, 2023 • 6:40 AM

සරසවි සිසුවියන් ඝාතනය හා නීතිය ක්‍රියාත්මක වන හැටි - (අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇයි මට මෙහෙම වද දෙන්නෙ ඔයාට මාව එපාම නම් කැම්පස් එකෙන් අපි පිටවෙලා ගියාම මා අමතක කරන්න.
  • මගේ අධ්‍යාපන කටයුතු විනාශ කරන්න එපා.” මෙසේ සඳහන් වුණේ 1992දී මධුවන්ති නම් කැලනිය විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ සිසුවිය පිහියෙන් ඇන මරා දමන ලද සමන් නමැති සිසුවා ලියූ ලිපියකය.
  • එම ඝාතනයෙන් පසු සමන්ගේ ද අභිප්‍රාය වූයේ සියදිවි නසාගැනීම බව ඔහු ලියූ තවත් ලිපියකින් හෙළිදරව් විය.
  • කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සිසුවියක ඊයේ කොළඹ තුරග තරග පිටියේදී ඝාතනයට ලක්වූවාය .
අකුරු ප්‍රමාණය (Font Size):

ඇයි මට මෙහෙම වද දෙන්නෙ ඔයාට මාව එපාම නම් කැම්පස් එකෙන් අපි පිටවෙලා ගියාම මා අමතක කරන්න. මගේ අධ්‍යාපන කටයුතු විනාශ කරන්න එපා.”

මෙසේ සඳහන් වුණේ 1992දී මධුවන්ති නම් කැලනිය විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ සිසුවිය පිහියෙන් ඇන මරා දමන ලද සමන් නමැති සිසුවා ලියූ ලිපියකය. එම ඝාතනයෙන් පසු සමන්ගේ ද අභිප්‍රාය වූයේ සියදිවි නසාගැනීම බව ඔහු ලියූ තවත් ලිපියකින් හෙළිදරව් විය.

එහෙත්, ඔහු සියදිවි නසාගත්තේ නැත. ඇප ලැබුණු පසු අනවසරයෙන් විදේශගත වූයේය.

සමන් නොමැතිව මිනීමැරුම් නඩුව විභාග වූ අතර වරදකරු වූ සමන්ට මරණ දඬුවම නියම විය. අභියාචනාධිකරණයෙන් ද එම දඬුවම තහවුරු විය. දඬුවමට ලක් නොවී සමන් කොහේ හෝ රටක හොඳින් ජීවත් වනවා විය හැකිය.

කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සිසුවියක ඊයේ කොළඹ තුරග තරග පිටියේදී ඝාතනයට ලක්වූවාය. ඇගේ පෙම්වතා බව කියන එම පිඨයේම සිසුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

royal park murder

උගත්, බලවත් වැරදිකරුවන්ට වෙනත් වැරදිකරුවන්ට නොමැති විශේෂ සමාවන් ශ්‍රී ලංකාව විසින් ප්‍රදානය කර තිබේ. 2005 වසරේ ජූනි 30 වෙනිදා 19 හැවිරිදි ඉවෝන් ජොන්සන් නමැති තරුණිය ගෙල සිර කර හිස පොළොවේ ගසා ඝාතනය කිරීමේ චෝදනාවට මරණ දඬුවම ලද ජූඩ් ශ‍්‍රමන්ත ඇන්තනි ජයමහට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2019 වසරේදී දෙවන ජනාධිපති සමාව යටතේ සම්පූරණයෙන්ම නිදහස් කරන ලද අතර අතුරලියේ රතන නම් දේශපාලන භික්ෂුවගේ මැදිහත්වීමකින් සිදුවූ මෙම ක්‍රියාව දැන් අධිකරණය හමුවේ විභාග වෙයි. සමව ලද වැරදිකරු ද වහා රටින් පිටවී ගොස් ඇත.

 

ශ්‍රී ලංකාවේ සිදු වන කාන්තා මිනීමැරුම්වලින් තුනෙන් එකක් සමීප සහකරුගේ ප්‍ර‍චණ්ඩත්වය හා සම්බන්ධ බව ද, එවැනි සිදුවීම්වලින් 69%ක් ම නිසි පරිදි වාර්තා වන්නේ නැති බව ද ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ හා ගැහැණු ළමයින්ගේ අස්වාභාවික මරණ (වැළැක්වීම හා යුක්තිය ඉටු කිරීම)’ සම්බන්ධ ප්‍ර‍තිපත්ති සාරාංශයෙහි දැක්වේ. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) සහ කැලණිය විශ්වවිද්‍යාලය එක්ව කරන ලද මෙම අධ්‍යයනය විසින් හෙළිදරව් කරන ලද තවත් කාරණයක් වන්නේ ශ්‍රී ලංකාවේ රෝහල්ගත කිරීම්වලට ප්‍ර‍ධාන ම හේතුව ශාරීරික හිංසනයන් බවයි.

 

අධ්‍යයනය කරන ලද පළාත් පහක කාන්තා මිනීමැරුම් 243කින් 128ක ම අපරාධකරුවා නීත්‍යානුකූල සැමියා ය. ත්‍රෛවාර්ෂික අධ්‍යයනය අවසානයේ සොයා ගත් කරුණක් වන්නේ, අධිකරණ ක්‍රියාවලිය මහාධිකරණය දක්වා ඉදිරියට ගියේ මිනීමැරුම්වලින් 30%ක් සම්බන්ධයෙන් පමණක් බවයි. ඒ සඳහා ගත විය යුතු සාමාන්‍ය කාලය නඩුව ගොනු කළ දින සිට අවුරුදු තුනකි.


අනුරගේ පරිවර්තනය : ජවිපෙ හැරවුම් ලක්ෂ්‍යයක් ! - (අජිත් පැරකුම් ජයසිංහ)(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක

(මෙම ලිපිය praja.lk හි පලවූවකි)



JW


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සරසවි සිසුවියන් ඝාතනය හා නීතිය ක්‍රියාත්මක වන හැටි - (අජිත් පැරකුම් ජයසිංහ) | The Leader