The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මරන්න එපා යකුනේ - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

January 18, 2023 • 7:22 AM

මරන්න එපා යකුනේ - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආර්ථික ප්‍රශ්න, සමාජීය ප්‍රශ්න, දේශපාලන අර්බුද එක්ක අපි හැමෝම කරන්නේ අරගලයක්.
  • ඉතින් ඒ වෙලාවට අපේ සංස්කෘතිය ඇතුලේ තියනවා නේද පොඩි පොඩි උපක්‍රම ඒ ඒ වෙලාවට ප්‍රයෝජනයට ගන්න පුළුවන්.
  • අරකිට (නැත්නම් අරූට) පේන්නත් එක්ක හොඳට ජීවත් වෙනවා.
  • ආපහු පවුල ඇතුලට ගිහිල්ල අම්ම තාත්ත සහෝදර සහෝදරියෝ එක්ක කතාකරලා ආයෙත් සුවපත් වෙන කේස් උණත් තියනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ආර්ථික ප්‍රශ්න, සමාජීය ප්‍රශ්න, දේශපාලන අර්බුද එක්ක අපි හැමෝම කරන්නේ අරගලයක්. හැම තැනම ගේම්. මනුෂ්‍ය සම්බන්දතා වුණත් මේ වෙද්දී ගේමක්.

ගොඩක් වෙලාවට වෙන්වීම දරාගන්න අමාරුයි තමයි. ඉතින් ඒ වෙලාවට අපේ සංස්කෘතිය ඇතුලේ තියනවා නේද පොඩි පොඩි උපක්‍රම ඒ ඒ වෙලාවට ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඒවා සමහර වෙලාවට වැදගත් වෙන්න පුළුවන්.

 

ආදරය කරපු දෙයකින් විතැන් වෙන්න අමාරුයි කියල තමයි කියන්නේ. හැබැයි අපේ උන් ඔය ඉහත උපක්‍රම වලින් ගොඩආපු අවස්ථා තියනවා මිණී මරන්න යන්නේ නැතුව.

 Man and dog

 

සමහරු වෙන කෙල්ලක් හරි කොල්ලෙක් හරි හොයා ගන්නවා. සමහරු යාළුවෝ හොයාගනන්වා. සමහරු සිගරට් එකක් ගල් බෝතලයක් වගේ එකක් හොයාගන්නවා. සමහරු බණ භාවනා කරනවා. සමහරු උපදේශන සේවා වෙත යනවා. සමහරු ෆිල්ම් බලනවා. සමහරු මියුසික් අහනවා. සමහරු ඇවිදින්න යනවා. ඔය වගේ මොන මොනවා හරි කරනවා.

ගොඩක් වෙලාවට ස්වෙච්චාවෙන් සමාජ සේවා (volunteer social service) කටයුතු වලටත් යනවා. දුප්පත්, අසරණ, මහළු අයට උදව් කරනවා. ඒකෙන් සතුටක් ලබනවා. සමාජ සේවය කියන්නේ හොඳ මානසික සතුටක් ලැබෙන දෙයක්.

එහෙම කරලා අර වේදනාව අඩුකරගන්න හදනවා. නැත්නම් අමතක කරලා දානවා. සමහරු තිබ්බටත් වඩා ශක්තිමත් ව ගොඩ එනවා. අරකිට (නැත්නම් අරූට) පේන්නත් එක්ක හොඳට ජීවත් වෙනවා.

ආපහු පවුල ඇතුලට ගිහිල්ල අම්ම තාත්ත සහෝදර සහෝදරියෝ එක්ක කතාකරලා ආයෙත් සුවපත් වෙන කේස් උණත් තියනවා.

කොහොමත් මිනිස්සුන්ගේ පැවැත්මේ මදය තේරුම් ගන්න අමාරුයි. ඒකෙ පතුළට යන්න යන්න තියෙන්නේ අඳුර, නොපැහැදිලි බව, නපුර. අධ්‍යාපනය කියන දේට බැහැ ඒ පතුළට ලඟා වෙන්න. වැඩියෙන්ම සම්භාව්‍ය සංගීතය අහපු අය තමයි වැඩියෙන් නාසි වධකඳවුරු වල මිණීමැරුවේ.

ඒ නිසා මිනිස් අභ්‍යන්තරය හොයන්න යන්න එපා. මතුපිට තියන දේවල් එක්ක ඉන්න.

මිණීමරනවා කියන එක සෞන්දර්යකරණය කරපු රටක අපි ජීවත් වෙන්නේ. රෝන්ග් ජෙනේරේෂන් ඉපදෙන්නේ ඒ රුධිරය දැක දැක.

හැබැයි උඹල දැක්කේ අපේ පරම්පරාවේ යුද්දේ ඉල්ලල මුරගාපු එවුන් ටිකක් විතරයි. ඒ අස්සේ බොහොම පොඩ්ඩක් හිටිය රොක් අහපු. මරණයේ සංකේත ගහගත්තට අපි මිණී මැරුවේ නැහැ.

 

ඒ පොඩිම පොඩි තීරුව නියෝජනය කරමින් අපේ පරම්පරාවෙන් වැරදි පරම්පරාවට කියන්න තියෙන්නේ මරන්න එපා යකුනේ කියන එක. එක්කෝ රොක් අහපල්ලා. නැත්නම් මුරකමි කියවපල්ලා.

 

අද හොඳ ආදර ගීතයක් දාන්නම්....

ඔබ මා අත්හැර ගියොත් ...If you leave me now by Chicago




වැදගත් වෙන්නේ මිෂන් එක, ප්‍රකාශනය නෙවෙයි - (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)



JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...