The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

යන්ග් ඇඩල්ට් ප්‍රේමය - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

January 20, 2023 • 12:01 PM

යන්ග් ඇඩල්ට් ප්‍රේමය - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දෙමව්පියන් මත යැපෙමින් ගත කළ පාසල් කාලය පසුකර සමාජයේ කටුක යථාර්ථයට මුහුණ දීමට හුරු වෙන්නේ මෙම කාලයේදීය.
  • ඒ වයස ඔබේ ජීවිතයේ වඩාත් අවිනිශ්චිත කාලයක් ලෙස වැඩිහිටි ඔබට මතක් කරගත හැකිය.
  • සාමාන්‍යයෙන් මිනිස් මොළයේ ඉදිරි කොටස (prefrontal cortex) සම්පූර්ණයෙන් වර්ධනය වන්නේ වයස අවුරුදු 25 පමණ පසු වන විටය.
  • “සිහින බොඳවුණු පරම්පරාව” කියා ඊනියා අරගලකරුවන් තමාව හඳුන්වා ගත්තේ ඔවුන්ගේ ජීවිතයේ අපේක්ෂාවන් පිළිබඳව එම වයසේදී එන අවිනිශ්චිතතාවය නිසා බව අපි දැන සිටියෙමු.
අකුරු ප්‍රමාණය (Font Size):

දෙමව්පියන් මත යැපෙමින් ගත කළ පාසල් කාලය පසුකර සමාජයේ කටුක යථාර්ථයට මුහුණ දීමට හුරු වෙන්නේ මෙම කාලයේදීය. ඒ වයස ඔබේ ජීවිතයේ වඩාත් අවිනිශ්චිත කාලයක් ලෙස වැඩිහිටි ඔබට මතක් කරගත හැකිය. අනාගතය පිළිබඳ සිහින මවමින් ඒවා ජයගැනීමට හැකිවේදැයි සැකයට සහ බියට පත්වන යුගය එයයි.

සාමාන්‍යයෙන් මිනිස් මොළයේ ඉදිරි කොටස (prefrontal cortex) සම්පූර්ණයෙන් වර්ධනය වන්නේ වයස අවුරුදු 25 පමණ පසු වන විටය. ජීවිතයේ “විධායක තීරණ ගැනීම” (executive decision making), සැලසුම් කිරීම (planning), විචාරය (judgement) වැනි අතිශය සංකීර්ණ ක්‍රියා සිදුවන්නේ මෙම කොටසෙනි. යන්ග් ඇඩල්ට්ලා තීරණ ගැනීම අතින් විකාර සහගතව දුර්වල වීමට මූලික හේතුවක් වන්නේ ඔවුන්ගේ මොළය තවමත් පූර්ණ වශයෙන් වර්ධනය වී නොමැති වීමයි. ඊනියා අරගලයේ වැඩිපුර හිටියේ එවැනි යන්ග් ඇඩල්ට්ලා වීම අහම්බයක් නොවෙයි.

මේ කාලයේ ආදර සම්බන්ධතා ඉතාම බලපෑම් සහගතයි. එය තම අනාගත පවුල පිළිබඳ ඔවුන්ගේ සිහිනයේ වැදගත් අංශයක්. “සිහින බොඳවුණු පරම්පරාව” කියා ඊනියා අරගලකරුවන් තමාව හඳුන්වා ගත්තේ ඔවුන්ගේ ජීවිතයේ අපේක්ෂාවන් පිළිබඳව එම වයසේදී එන අවිනිශ්චිතතාවය නිසා බව අපි දැන සිටියෙමු. කොළඹ විශ්වවිද්‍යාලයේ වයස අවුරුදු 24 ක පමණ වන තරුණයා සිය පෙම්වතිය තමන්ට අහිමි වේය යන බිය හරියටම සමාන වන්නේ අරගලයේ ඇසුණු ඒ “සිහින බොඳ වීම”ටය.

 



ජගත් මනුවර්ණ වැනි බොළඳ තරුණයන් ලැම්බෝගිනි ගන්නට සිහින මැවීම සහ එය කිසිදාක තමාට නොලැබෙන බව දැනෙන විට මාධ්‍ය ඉදිරියේ වියරුවෙන් හඬමින් විලාප තබමින් සාප කිරීම එම මොළය නොමේරු ස්වභාවය පෙන්වයි. තම වයසේ අනෙකා සමග තමාට ඇති නැති දෙය සංසන්දනය කරමින් දරුණු තරගයකට එළඹෙන්නේ මේ වයසේදීය. ඒ වයසේ ප්‍රේම සම්බන්ධතා පාසල් වයසේ හෝ වයස 30 න් පසු ඇති කරගන්නා සම්බන්ධතාවලට ඉඳුරා වෙනස්ය.

 

තම අහස් මාළිගා “සිහින බොඳ වෙන” බව දැනෙන යන්ග් ඇඩල්ට් කලබලයට පත්වේ. බුද්ධිමත් තීරණ ගැනීමට අවශ්‍ය මොළයේ වර්ධනය තවම අවසන් වී නොමැති නිසා ඔවුන් හැසිරෙන්නේ මුග්ධ විලාශයෙනි. මෙය සමාජයේ අතිමහත් බහුතරයක් මිනිසුන්ට පොදු යථාර්ථයකි. ඇමරිකාවේ එම වයස් සීමාවේ දෙවැනියට වැඩිම මරණ සිදුවන්නේ සියදිවි නසා ගැනීමෙනි. මෙය ලෝකයටම පොදු මිනිස් දුර්වලතාවයකි.

 

මෙම යථාර්ථයන් පිළිබඳව අත්දැකීමෙන් හා/හෝ අධ්‍යාපනයෙන් අවබෝධයක් තිබෙන වැඩිහිටියන් එම තරුණයන්ට අනුකම්පා කරයි. එය අත්‍යවශ්‍ය කාරණයකි. ජනපති ගෝඨාභය රාජපක්ෂ කළේ එයයි. එවැනි භයානක නොසන්සුන් තරුණයන් සමග ගැටීම ඵල රහිතය. මොළය වර්ධනය වෙත්ම එම බොළඳ ස්වභාවය ඉබේම මැකී ගොස් යථාර්ථයට මුහුණ දීමට මනුසතා හුරු වේ.

වයස අවුරුදු 30 පමණ වන විට විසිගණන්වල තමන් කළ මෝඩකම් පිළිබඳව කවුරුත් පසුතැවේ. මොළයේ විවිධ කොටස් අතර රසායනික සම්බන්ධතා තහවුරු වී මතකයන් සහ විශ්ලේෂණයන් තුළින් බුද්ධිමත් තීරණ ගැනීමට එවිට පුළුවන් වේ. ජගත් මනුවර්ණ තවම එම තත්ත්වයට පැමිණ නැති බව පෙනේ. එවැනි අයත් සමාජයේ සිටී. නිර්මාල් දේවසිරි වුවත් කොණ්ඩය ඉදුනාට තවමත් අවුරුදු විසිපහේ තරුණ වැඩිහිටියෙකි. අනෙකාගේ වැටුප වැනි අන්තිම සරල දෙයකින් අසාමාන්‍ය ලෙස කලබලයට පත්වන ඔහු අතින් ෆේස්බුක් හී පිට පිට තම ඉරිසියාව ප්‍රකාශ කෙරෙන්නේ ඒ නිසාය.

 

මෙහි ඛේදවාචකය වන්නේ එම මොළය නොමේරු යන්ග් ඇඩල්ට්ලාව දේශපාලනිකව අවභාවිතා කිරීමට ඉතා පහසු වීමයි.

 

එය හොඳින්ම කරන්නේ අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ හෙවත් ජාතික ජන බලවේගය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයයි. තවමත් සබුද්ධික නොවන තරුණයාට අසත්‍ය ඔබමින් වෛරය දල්වමින් ඔවුන් කුපිත කරවීම ජවිපෙ/ජාජබ/පෙසප දේශපාලන උපක්‍රමයයි.

 

දේශපාලනය නටවන කොන්ත්‍රාත්කාරයන් පාලනයට නීති අවශ්‍යයි - රසික ජයකොඩි 


රසික ජයකොඩි යනු එම යන්ග් ඇඩල්ට්ලාව අවභාවිතා කරන තවත් ප්‍රබල සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකි. ඔහු මටම කියා ඇති පරිදි ඔහු කරන එම සෙල්ලම ගැන ඔහු ඉතා හොඳින් දැනුවත්ය. එය සූක්ෂම රංගනයකි. එවැනිම අසහාය රංගනයක් කරන තවත් චරිතයක් වන්නේ ජාතික ජන බලවේගයේ මහලේකම්ගේ පුත් චතුරංග අබේසිංහය. කැමරාව ඉදිරියේ බොරුවට කඳුළු සලමින් තරුණයන් ආවේගශීලී කරන්නට ඔහු හපනෙකි.

“මේකද ජීවිතය?” අසමින් යන්ග් ඇඩල්ට්ලාගේ දුර්වලතාවය ප්‍රයෝජනයට ගන්නා අනෙක් ජෝඩුව නම් එරංග ගුණසේකර සහ ව්‍රයි කැලී බල්තසාර්ය. අහිංසක තරුණ තරුණියන්ගේ ජෛව විද්‍යාත්මක දුර්වලතාවයන් අවභාවිතා කර තම දේශපාලනය මාර්කට් කිරීමට ඇති දක්ෂතාවය වෙනුවෙන් ඔවුන්ට SLIM එකෙන් සම්මානයක් දිය යුතුය.

ආණ්ඩු කිරීම වැනි බරපතල දේවල් කිරීමට යන්ග් ඇඩල්ට්ලාට ස්වභාවයෙන්ම නොහැක්කේ මෙම විද්‍යාත්මක සත්‍යය නිසාය. පොදු මහත් සමාජයක් වෙනුවෙන් වැදගත් තීරණ ගත යුත්තේ පරිණත මිනිසුන්ය.

ධර්මය අපට මග වේවා!

ඩලස් සහ පුත්‍රයෝ - (එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ)
BSc Genetics, Microbio., Biochem.; MPM Sp. Bus. Admin.
2023 ජනවාරි 20



JW

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...