The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

වැඩියෙන්ම නිර්භීත වෙන්න ඕනි හිස්බව වැළඳගන්න - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

January 21, 2023 • 4:38 PM

වැඩියෙන්ම නිර්භීත වෙන්න ඕනි හිස්බව වැළඳගන්න - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මොකද ආදරය සහ ආදරයේ ආවේගයන් නිසාම සිදුවෙන්න පුළුවන් ප්‍රචණ්ඩ බව (මරණය) ගැන තවමත් බුකිය කතා කරන නිසා.
  • ඒ වේදනාව දරාගන්න කියල සහ ඒ වගේ ආවේගයන්ගෙන් ගැළවෙන්න මිනිස් ශිෂ්ටාචාරය ඇතුලේ එක් එක් උපක්‍රම තියනවා කියල.
  • ඉතිං මේ දූපත ඇතුලේ ඔහු අනවතර අරගලයක් කරනවා.
  • හැබැයි කාලයත් එක්ක කෙලී වෙනත් කෙනෙක් එක්ක විවාහ වෙලා.
අකුරු ප්‍රමාණය (Font Size):

මොකද ආදරය සහ ආදරයේ ආවේගයන් නිසාම සිදුවෙන්න පුළුවන් ප්‍රචණ්ඩ බව (මරණය) ගැන තවමත් බුකිය කතා කරන නිසා.

මම මීට කලින් රොක් සංගීතය උපුටල කිව්වා ආදරය කරපු හෝ කරන කෙනෙක් මරන්න තරම් ප්‍රචණ්ඩ වෙන්න එපා කියල. ඒ වේදනාව දරාගන්න කියල සහ ඒ වගේ ආවේගයන්ගෙන් ගැළවෙන්න මිනිස් ශිෂ්ටාචාරය ඇතුලේ එක් එක් උපක්‍රම තියනවා කියල. රොක් කියන්නේ ඒ වගේ එක් සෞන්දර්යමය දෙයක්. රොක් වල ආරම්භය ම ඒ වගේ ක්ෂිතියක්.

ෆිල්ම් කියන්නෙත් ඒ වගේම සංස්කෘතික නිර්මිතයක්. ඒවායින් උණත් යමක් ඉගෙනගන්න පුළුවන්. හුදු විනෝදාස්වාදය විතරක් නෙවෙයි ජීවිතයට පාඩම් වුණත් ඒවායේ තියනවා.

අනිවාර්යයෙන් බලන්න එපා. හැබැයි බැලුවොත් තේරෙයි චක් නෝලන්ඩ් අර දූපත අස්සේ හිරවෙලා විඳින දුක. ප්ලේන් එක හද්දා පාළු දූපතකට කඩාවැටෙනවා. චක් යාන්තම් පණ බේරාගන්නවා. දරුණු රළ පාරවල් නිසා ආපහු මේ දූපතෙන් අන්තර්ජාතික නැව් යන මාර්ගයට එන්න බැහැ. ඒ නිසා අවුරුදු හතරක් ඒ දූපතේ සිරගත වෙනවා. අවුරුදු හතරක් කියන්නේ පොඩි කාලයක් නෙවෙයි.

ඉතිං මේ දූපත ඇතුලේ ඔහු අනවතර අරගලයක් කරනවා. පොල් වතුර බිබී ඔහු පණ බේරගන්න උත්සාහ කරනවා. ජීවිතේ අතහරින්න ඕනි තරම් හේතු තිබ්බත් ඔහු එක දෙයක් නිසා ජීවත් වෙනවා. ඒ ආදරය නිසා. ඒ පොරොන්දුවක් නිසා.

ඒ තමයි එයා එයාගේ බිරිඳට (පෙම්වතියට) දෙන පොරොන්දුව. ''මම ආයේ ඔයා බලන්න ගෙදර එනවා''. ඕක තමයි පොරොන්දුව.

එයා ඒ දූපතේ හිටපු හැම දවසකම එයාගේ පෙම්වතියගේ (කෙලී) පුංචිම පුංචි රූපයක් දිහා බලල හිත හදා ගන්නවා. ටිකක් කල් යනකොට ඒ රුව අඳුරු උනත් ඒ දිහා එයා බලල හිත දැඩිකර ගන්නවා. ආපහු ගෙදර යන්න ජීවිතේ බේරාගන්න එයාට ධෛර්යය දුන්නේ ඒ මතකය. ඒ ආදරය.

ඉතිං මාරම අමාරුවෙන් එයා දවසක් පාරුවක් හදාන අර නැව් යන මුහුදු සීමාවට එනවා. ඇවිල්ල ජීවිතේ බේරාගන්නවා. හැබැයි කාලයත් එක්ක කෙලී වෙනත් කෙනෙක් එක්ක විවාහ වෙලා. දැන් පොඩි දුවෙකුත් ඉන්නවා. ඕනිනම් කියන්න පුළුවන් ගැහැණිය භෞතිකයි කියලත්!



එහෙමයි කියල චක් මරාගන්න යන්නේ නැහැ. එයා එක දවසක් ඒ ගෙදර ගිහිල්ලා කෙලීට සමුදීලා අවසන් වතාවට එයා බලල එනවා. දෙන්නම දෙන්නට තවමත් ආදරෙයි. හැබැයි තත්වයන් වෙනස් වෙලා. ඒ නිසා වෙන්වෙන්න තීරණය කරනවා. හොලිවුඩ් ආදරයක් උණාට ඒ තුළ ලොකු පරිණත බවක් තියනවා.




සියලු පොරොන්දු තිබියදීත්, සියලු ආදරයන් තිබියදීත්, අනුකම්පාව දිනාගන්න හේතු කෝටියක් තිබියදීත්, එක් පසෙකින් වීරත්වයක් තිබියදීත් චක් යන්න යනවා.

ඇය ආපසු දුවගෙන එද්දිත් ඔහු කියනවා. ''කෙලී ඔබ ආපසු ගෙදර යන්න''. එපමණයි.

මෙච්චර කල් තමන් ළඟ තිබ්බ ෆෙඩෙක්ස් (FedEx) පාර්සලේ දුන්නට පස්සේ චක්ගේ පැවැත්මේ සියළු අර්ථයන් හිස්වෙනවා. ශුන්‍ය වෙනවා. ආයේ කරන්න දෙයක් නැති වෙනවා. හැබැයි චක් කිසිම විනාශකාරී දෙයක් කරන්නේ නැහැ.

චක් හතරමං හංදියට ඇවිල්ල කොයි පැත්තටද යන්නේ කියල ගණන් බලනවා. කොයි පැත්තට ගියත් තියෙන්නේ හිස්කම. ශුන්‍යබව. අනියත බව. අවිනිශ්චිත බව.

හිරු බසින පැත්තට නිර්භීතව යන අසරුවෙක් වගේ ඔහු කුමන හෝ එක් පැත්තකට යන්න හිත හදාගන්නවා. නැවතත් ජීවිතේ ආරම්භ කරනවා. වෙනස්ම තැනකින්. වෙනස්ම විදියකට. අවසානය ආරම්භයක් කර ගන්නවා.

වැඩියෙන්ම නිර්භීත වෙන්න ඕනි හිස්බව වැළඳගන්න. චක් ඇත්තම වීරයෙක් වෙන්නේ එතැනින්.

අළුත් දේවල් හමුවෙන්නත් එහෙම වීරයින්ට... 

 

Mahesh Hapugoda 1 1(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)



සබැඳි ලිපිය :

මරන්න එපා යකුනේ - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

 


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වැඩියෙන්ම නිර්භීත වෙන්න ඕනි හිස්බව වැළඳගන්න - (ආචාර්ය මහේෂ් හපුගොඩ) | The Leader