The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මානීගේ තීරුව : ඡන්ද පාඩම - (සුන්දර නිහතමානි ද මැල්)

T

The Leader Desk

January 22, 2023 • 7:10 AM

මානීගේ තීරුව : ඡන්ද පාඩම - (සුන්දර නිහතමානි ද මැල්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "සීයට මොනව වෙලාද මේ යටි ගිරියෙන් කෑගහන්නෙ ?" මිත්‍ර පවුලේ තරුණ පුත්‍රයා සිය දෙමව්පියන්ගෙන් ප්‍රශ්න කළේය ."වයස නිසා මෑන්ට දැන් මැන්ටල්ද ?" දේශපාලනඥයන් අප මෙන් කතා කරන්නේ නැති බවත්, ඔවුන් කරන්නේ මරහඬදී කෑගැසීම බවත් තරුණ පුත්‍රයා නොදැන සිටීම ගැන මට ඇති වූයේ කණගාටුවකි.
  • මේ අන්දමට ර⁣ටේ දේශපාලනය ගැන අවබෝධයක් නැති තරුණ පිරිස් කොතෙක් ඇත්දැයි කියාත් මට එහිදී කල්පනා විය.
  • නැත්නම් ආණ්ඩුව ලක්ෂ විස්සක පිරිසකට හාල් කිලෝ 10 බැගින් දෙවතාවක්ම දෙන්නට හදන්නේ පිස්සුවටද ?
  • ඡන්දය නොපැවැත්වීමට ඉඩක් ඇත්තේම නැද්ද ?
අකුරු ප්‍රමාණය (Font Size):



"සීයට මොනව වෙලාද මේ යටි ගිරියෙන් කෑගහන්නෙ ?" මිත්‍ර පවුලේ තරුණ පුත්‍රයා සිය දෙමව්පියන්ගෙන් ප්‍රශ්න කළේය ."වයස නිසා මෑන්ට දැන් මැන්ටල්ද ?"

දේශපාලනඥයන් අප මෙන් කතා කරන්නේ නැති බවත්, ඔවුන් කරන්නේ මරහඬදී කෑගැසීම බවත් තරුණ පුත්‍රයා නොදැන සිටීම ගැන මට ඇති වූයේ කණගාටුවකි. මේ අන්දමට ර⁣ටේ දේශපාලනය ගැන අවබෝධයක් නැති තරුණ පිරිස් කොතෙක් ඇත්දැයි කියාත් මට එහිදී  කල්පනා විය. ඔවුන් වෙනුවෙන් මෙවර මානිගෙ තීරුව වෙන් කිරීමට මා තීරණය කළේ ඒ අවස්ථාවේය. තරුණ පරපුරට ප්‍රශ්නෝත්තර පුරුදු නිසා ඒ ආකාරයෙන් පාඩම ඉදිරිපත් කෙරේ.

මෙවර පළාත්පාලන මැතිවරණය පැවැත්වේවිද? ඔබේ පිළිතුර කුමක් වුවත් ඊට හේතු දක්වන්න.

 

325591237 5587423681384756 726645285299954755 n

ඡන්දය පැවැත්වේවි. නැත්නම් ආණ්ඩුව ලක්ෂ විස්සක පිරිසකට හාල් කිලෝ 10 බැගින් දෙවතාවක්ම දෙන්නට හදන්නේ පිස්සුවටද ?

ඡන්දය නොපැවැත්වීමට ඉඩක් ඇත්තේම නැද්ද ?

 

තිබේ. ආණ්ඩුවට සල්ලි නැති නිසා රජයේ සේවකයන්ගේ වැටුප්ද, විශ්‍රාම වැටුප්ද ගෙවන්නට ප්‍රමාද වෙනවා යැයි කියන්නේ ඡන්දෙ නොතියා සිටීමට මුට්ටිය දමා බැලීමකි.

 

පිළිතුර පැහැදිලි මදි.

පඩි සහ පැන්ෂන් පරක්කු වෙනවා යැයි කී විට රජයේ සේවකයින්ගේ හා විශ්‍රාමිකයන්ගේ ඡන්දාසාව නැති වී පඩියාසාව ඇති වේ. එවිට ඔවුන් ඡන්දෙ එපා, පඩි දෙන්න කියනවා ඇත.

ඡන්ද පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයේ අත්‍යවශ්‍ය අංගයකි. ඔබ ඊට එකඟද?

ඔව් . ප්‍රජාතන්ත්‍රවාදය තියෙන රටක නම් ඡන්ද තියන්න ඕනෑ තමයි.

 

democtra

ලංකාවේත් ප්‍රජාතන්ත්‍රවාදය තිබෙනවා නේද ?

ඔව්. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය යන වචනය තිබේ.

සමාවෙන්න. වචනය පමණද?

 

ඔව්නෙ. ඕනෑම දෙයකට දැනහැඳුනුකම්, හයිකාරයින්ගේ උදව් හා සල්ලියබාගේ නැතුව බැරි රටක ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ වචනයක් විතරය.

 

ඒත් විපක්ෂය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්නට නම් ඡන්දෙ තියෙන්න ඕනෑ කියා නේද ?

එහෙම නැතුව අපිට දිනාගන්න ඡන්දෙ තියපල්ලා කීම හරි මදිනෙ.

මේ වෙලාවේ ඡන්දයක් තිබීමේ ප්‍රයෝජනයක් තිබේද ? ඔබේ පිළිතුරට හේතු දක්වන්න.

ප්‍රයෝජනයක් තිබේ. මේ වන විට රට්ටුන් හොඳටම ඇන්දී සිටින්නේ කුමන පක්ෂයකටද කියා අපට බලා ගත හැකිය.

 

පුංචි ඡන්දයට අලි- පොහොට්ටු සන්ධානය සූදානම් ! - ගම්පහින් සංඥාවක්

වෙනත් ප්‍රයෝජනත් තිබේද ?

ඔව්. පොහොට්ටු අලි සන්ධානයට කොයිතරම් කෙළවිලාදැයි බලා ගන්නටද  හැකිය.

ප්‍රයෝජන එච්චරද?

නෑ. හෙලිකොප්ටරයකින් කොච්චර දුර යන්නට පුළුවන්ද කියා බලා ගැනීමටද පුළුවන.

ඔබ ඡන්ද පැවැත්වීමට කැමතිද ? ඔබේ අදහසට හේතු දක්වන්න.

කැමතිය.1. ඡන්දෙ දැම්මත්, කටු ගෑවත් පවුලේ සියළු දෙනා එකතු වී ඡන්දපොළට යෑම මරු නිසාය . 2.ඡන්දෙ කාලෙට වේදිකාවලින් අසන්නට ලැබෙන කතා ආතල්ය. 3.යාළුමිත්‍රාදීන් සමග එකතු වී එළිවෙනතුරු කමින් බොමින් කයිය ගැසීමට ඡන්දෙ දා තරම්  තවත් දවසක් නැත.

ඡන්දය පැවැත්වීමෙන් පසු අපට ලැබෙන වාසි මොනවාද  ?

 

මැතිවරණයෙන් සර්වජනයාට ඡන්දයත්, ටික දෙනෙකුට ප්‍රජාතන්ත්‍රවාදයත් ලැබෙන බව එකසිය හතලිස් හතරවැනි වතාවටත් දැනගන්නට ලැබීම.



මානීගේ තීරුව : ජම්පිං ශ්‍රී ලංකා ! - (සුන්දර නිහතමානි ද මැල්)(සුන්දර නිහතමානි ද මැල්)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

(සුන්දර නිහතමානි ද මැල් ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගැනිණ )


JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...