The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

දේශපාලනයේ කාන්තාවක් එකමුතු වුණාට පිරිමි එහෙම නෑ - සුභාෂිණී බණ්ඩාර

T

The Leader Desk

January 23, 2023 • 5:59 PM

දේශපාලනයේ කාන්තාවක් එකමුතු වුණාට පිරිමි එහෙම නෑ - සුභාෂිණී බණ්ඩාර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වයස - 53 අධ්‍යාපන සුදුසුකම් - අ.පො.ස (උ/පෙළ) සමත්- කලා අංශයෙන්, NVQ L4 රූපලාවණ්‍ය හා කොණ්ඩා මෝස්තර ,මනාලියන් හැඩ ගැන්වීම පිළිබඳ.
  • වෘත්තීය - තරුණ සේවා සභාවේ අනුරාධපුර යොවුන් නිකේතනයේ අවුරුදු 26ක් පමණ තිස්සේ රූපලාවණ්‍ය හා කොණ්ඩා මෝස්තර , මනාලියන් හැඩ ගැන්වීම පිළිබඳව ඉගැන්වීම.
  • උපදේශිකාවක් විදිහට කටයුතු කිරීම දේශපාලන පවුල් පසුබිම - නැත නියෝජනය කරන කොට්ඨාශය - අනුරාධපුරය, කාලාඩිකුලම 239/240/241කොට්ඨාශ.
  • කොරියන් උපදේශිකාවන් දෙදෙනෙක්ගෙ සහය ඇතිව ලක්ෂ 7ක පමණ වටිනාකමකින් යුතු රූපලාවණ්‍යාගාරයක් අරන් දුන්නා.
අකුරු ප්‍රමාණය (Font Size):

 

වයස - 53

අධ්‍යාපන සුදුසුකම් - අ.පො.ස (උ/පෙළ) සමත්- කලා අංශයෙන්, NVQ L4 රූපලාවණ්‍ය හා කොණ්ඩා මෝස්තර ,මනාලියන් හැඩ ගැන්වීම පිළිබඳ.

වෘත්තීය - තරුණ සේවා සභාවේ අනුරාධපුර යොවුන් නිකේතනයේ අවුරුදු 26ක් පමණ තිස්සේ රූපලාවණ්‍ය හා කොණ්ඩා මෝස්තර , මනාලියන් හැඩ ගැන්වීම පිළිබඳව ඉගැන්වීම. උපදේශිකාවක් විදිහට කටයුතු කිරීම

දේශපාලන පවුල් පසුබිම - නැත

නියෝජනය කරන කොට්ඨාශය - අනුරාධපුරය, කාලාඩිකුලම 239/240/241කොට්ඨාශ. ප්‍රාදේශීය සභා මන්ත්‍රීනී.


ඔබ දේශපාලනයට එන්න තීරණය කළේ ඇයි?

කාන්තාවන් වෙනුවෙන් මොනවහරි දෙයක් කරන්න පුළුවන් නම් හොඳයි කියලා හිතුණා. තාත්තා දේශපාලනය කරන්න ගිහින් දේශපාලන පළිගැනීම් නිසා අනුරාධපුරයෙන් තාත්තව ට්‍රාන්ස්වර් කරා. ඒකත් හේතුවක් මං දේශපාලනයට එන්න. අනුරාධපුරේ දරුවන්ට තමයි මං ගොඩක් දේවල් කරේ. කොරියන් උපදේශිකාවන් දෙදෙනෙක්ගෙ සහය ඇතිව ලක්ෂ 7ක පමණ වටිනාකමකින් යුතු රූපලාවණ්‍යාගාරයක් අරන් දුන්නා. ඒක මට පුද්ගලිකව ගන්න තිබුණත්, මම ඒ වෙලාවෙ හිතුවෙ අනුරාධපුරයේ තරුණ තරුණියන්ට ඒකෙන් හොඳ දෙයක් කරන්න ඕනි කියලා. ඒවා කිරීම තුළින් තමයි මං දේශපාලනයට අවතීර්ණ වෙන්න හිතුවෙ.


ඔබ විශ්වාස කරනවද මේ තියෙන දේශපාලන සංස්කෘතිය ඇතුළෙ කාන්තාවට දේශපාලනය කරන්න ඉඩක් තියෙනව කියල?

ඇත්තටම ඉඩක් නෑ. හුඟක් වෙලාවට තියෙන්නෙ සමච්චලයට ලක්කරනවා වගේ දෙයක්. මට එහෙම මූණට කියලා නෑ. ඒ මං ගුරුවරියක් නිසා වෙන්න ඇති. නමුත් අනිත් කාන්තා නියෝජිතවරියන්ට ඒ අපහසුතාවයන් සිද්ධ වෙනවා. එයාලට කතා කරන්න දෙන්නෙ නෑ.


ඔබට මේ දේශපාලන ගමනෙදි වැඩියෙන්ම සහයෝගය දුන්නෙ කව්ද?

හිටපු ඇමතිනී චන්ද්‍රාණි බණ්ඩාර ඇමතිතුමිය, මගෙ මහත්තයා සහ දරුවන්


දේශපාලනයේදී වැඩියෙන්ම ඔබට විරුද්ධ වුණේ කව්ද?

නිර්නාමික කෝල්ස් හරහා ගොඩක් බලපෑම් කරා මට. "ඔයා මේකෙන් අයින් වෙන්න.. ඔයාට මේක සුදුසු නෑ. තියෙන වැඩක් කරගෙන ඉන්න" වගේ දේවල් කියලා මට මරණ තර්ජන පවා කරා. මං පොලිසී පවා ගිහින් ඇන්ට්‍රි දැම්මා. ඒත් පොලීසියෙන් කිව්වෙ ඒ ටෙලිෆෝන් නම්බර්වලට ආන්ස්වර් කරන් නෑ. ප්‍රතිචාර දක්වන් නෑ කියලා. ඒ වගේ ප්‍රශ්න ගොඩක් ආවා මට.


ඔබ විශ්වාස කරනවද කාන්තාව දේශපාලනයේ නියැලිය යුතුයි කියලා?

නියැලෙන්න අවශ්‍යයයි. මේ හැම ප්‍රශ්නයක් ම එන්නෙ හැමෝම හැමදේම තමන්ගේ සාක්කුවට දාගන්න නිසා. කාන්තාවක් කියන්නෙ අම්මා කෙනෙක්. එයාට පුලුවන් සකසුරුවමකින් හැම පැත්තක්ම බලලා ඉතුරු කරන්න. මම දකින විදිහට පිරිමි බලන්නෙ හැම තිස්සෙම කාගෙන් හරි යමක් ගන්න. ගම්වල ඉන්න මනුස්සයෙක් වුණත් උදව්වක් ගන්න බලාගෙන තමයි උදව්වක් කරන්නෙ. ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් තමයි හැමදේම කරන්නෙ. හැබැයි කාන්තාවන් එහෙම කරන්නෙ නෑ.


නායකත්ව ගති ලක්ෂණය කියන පිරිමින්ට හදපු පෞරුෂය කාන්තාවක් විදිහට ක්‍රියාත්මක කරන්නෙ කොහොමද කියල මම ඇහුවොත් ඔබේ අදහස මොකක්ද ඒ ගැන?

කාන්තාවන් හරි එකමුතුයි. දේශපාලන පක්ෂ නැතුව ඔවුන් වැඩ කරනවා. හැබැයි පිරිමි එහෙම නෑ.


කාන්තාව තවදුරටත් දේශපාලනය ඉගෙන ගත යුතුයි කියල ඔබ හිතනවද?

ඉගෙනගත යුතුයි. හැමෝම විෂයක් හැටියට මේක ඉගෙනගත යුතුයි. කාන්තාවන් විදිහට දේශපාලනය ඉගෙනගෙන දරුවන්ට ද දේශපාලනය උගන්නනවා නම්, ප්‍රශ්න ඇතිවීම වළක්වා ගන්න පුලුවන්. දේශපාලනය ඉගෙනගැනීම තුළින් තමයි එය සමාජගත කරන්න පුලුවන් වෙන්නෙ. යම් තැනකට ඇවිත් දේශපාලනය කරන්න ඉගෙන ගන්නවාට වඩා දේශපාලනය ගැන ඉගෙනගෙන තැනකට එන එක තමයි වැදගත්වෙන්නෙ.


ඔබ දේශපාලනයට සම්බන්ධ වීම ගැන ඔබ සතුටු වෙනවාද? ඒ ගැන ඔබේ අදහස මොකක්ද?

සතුටයි අසතුටයි දෙකම තියෙනවා. අසතුට තමයි ඇත්තටම අපිට සෑහීමකට පත්වෙන්න පුලුවන් තරමේ වැඩ කොටසක් කරගන්න බැරි වුණා. හේතුව මම විරුද්ධ පක්ෂයේ නිසාද දන්නෙ නෑ. එයාලා හැමදේම බදාගන්නවා. කිසිම දෙයක් හැමෝටම බෙදිලා යන්නෙ නෑ. එයාලා පක්ෂ පාට අතෑරලා පොදුවෙ රටට වැඩක් කරන්න උනන්දුවක් නෑ. මම පෞද්ගලිකව තමයි ගොඩක් දේවල් කරේ.

මහත්තයා සමඟ එකතු වෙලා කොවිඩ් කාලයේ ගමේ හැමෝටම එළවළු සහ බඩු පාර්සල් ලබලා දුන්නා. පක්ෂ පාට බැලුවෙ නෑ. ඒ නිසා මට ගොඩක් සතුටුයි. ඊට අමතරව කාන්තාවන්ට තියෙන ප්‍රශ්න ගැන කතා කරලා, කාන්තා හිංසනය ගැන කතා කරලා ,එම ප්‍රශ්න තියෙන අයව ගෙන්වලා උපදේශන සේවය පවා කරා. ඒ වගේම රැකියා නැති අයට රැකියා පවා හොයලා දුන්නා දන්න අයට කතා කරලා.



ඔබට සහායෝගය දීපු අය ගැන සඳහන් කරන්න අවශ්‍යද?

රූපලාවණ්‍ය ශිල්පී රුවන් චම්පික මල්ලි තමයි මට දේශපාලනයට එන්න කියලා කිව්වෙ. මට කිසිම ආසාවක් තිබ්බෙ නෑ දේශපාලනයට එන්න. එයා තමයි ගොඩක් දේවල් මට පැහැදිලි කරලා දුන්නෙ. ඒ නිසා එයාට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මගේ තාත්තාට ස්තුතිවන්ත වෙනවා. මොකද අනුරාධපුර නගරයට ආපු එක ගැන. උපන් ගම නොවුණත් අද වනවිට මේක මගේම ගම වෙලා ඉවරයි. ඒ නිසා තමයි මට මේ නගරයට සේවයක් කරන්න පුලුවන් වුණේ. ඒ වගේම මගේ මහත්තයා නැත්තම් මට මේ ගමන යන්න බෑ. එයාටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මාව හඳුනගෙන, ඇත්තටම සෑහෙන්න උදව් කරේ හිටපු ඇමතිනී චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය. එතුමියටත් ගොඩක් ස්තූතිවන්න වෙන්න ඕනි.

zdfsrewr

 

 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දේශපාලනයේ කාන්තාවක් එකමුතු වුණාට පිරිමි එහෙම නෑ - සුභාෂිණී බණ්ඩාර | The Leader