The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බර අවි සහ පුස් වෙඩි - (ආචාර්ය අතුලසිරි සමරකෝන් )

T

The Leader Desk

January 24, 2023 • 9:35 AM

බර අවි සහ පුස් වෙඩි - (ආචාර්ය අතුලසිරි සමරකෝන් )

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නමුත් එය පළාත් පාලන මැතිවරණයක් පමණකි.
  • නමුත් ජනමතය එමගින් බොහෝ දුරට කියවාගත හැකිවනු ඇත.
  • ජවිපෙ දැනටමත් මැතිවරණය දිනා ඇත.
  • මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නා පක්ෂයක් ලෙස එයට බහුජන ප්‍රජාතන්ත්‍රවාදයට එකග වීමට හැකිවීම ම මෙරට ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂ වන අප ලැබූ ජයකි.
අකුරු ප්‍රමාණය (Font Size):

නමුත් එය පළාත් පාලන මැතිවරණයක් පමණකි. එමගින් ආණ්ඩුව ගෙදර යැවිය නොහැක. එය ජනමත විචාරණයක්ද නොවෙයි. නමුත් ජනමතය එමගින් බොහෝ දුරට කියවාගත හැකිවනු ඇත.

 

ජවිපෙ දැනටමත් මැතිවරණය දිනා ඇත. එය ඉතාම යහපත් තත්වයකි. ජවිපෙ ප්‍රජාතන්ත්‍රවාදයට පැමිණීම සහ එය බදාගැනීම ඉතාම වැදගත් දේශපාලන සංවර්ධනයකි. මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නා පක්ෂයක් ලෙස එයට බහුජන ප්‍රජාතන්ත්‍රවාදයට එකග වීමට හැකිවීම ම මෙරට ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂ වන අප ලැබූ ජයකි. නමුත් සමාජ මාධ්‍ය වෙනුවෙන් විශාල ශක්තියක් වැයකරන එම පක්ෂය ඉලක්ක කරන්නෙ පාවෙන ඡන්දය බව පෙනීයයි. කෙසේමුත් ජවිපෙට ඡන්දය සදහා යහපත් තත්වයක් පවතින බව පෙනෙයි.

 

මුජුබර් මන්ත්‍රී ධුරය කැප කරයි - මැතිසබයට ෆවුසි !

 

සජබය ද ඡන්දය ගැන විශාල බලාපොරොත්තු සහිතව ඉදිරිපත් වී ඇත. කොළඹ නගරයට මුජිබර් පැමිණීම ම එය වැදගත් සටනක් බවට පලකරන ඉගියකි. කෙසේමුත් සජබය හා ජවිපෙ අතර මැතිවරණ ප්‍රතිඵලය දෝලනය වීම කිසියම් නව "ජනරජවාදයකට" මග පෙන්වීමකි. මේ කණ්ඩායම් දෙක අතර පරතරය විශාල වුනත් දැනට ඒ දෙක සමාන වන්නේ දැඩි ජනතාවාදයකට populism ඒ දෙකම බර නිසාය.

 

ජනතාව නැමැති හිස් හැගවුමට ජාතිවාදය හරහා ඇති කල බලපෑමෙන් ගෝඨාභය ජනාධිපති විය. නමුත් සජබ හා ජාජබ ට ඇති අභියෝගය වන්නෙ එම ජාතිවාදයට බර ඡන්ද දායකයා සුබසාධනවාදයට හා රාජ්‍යවාදයට දෙසට හැරවීමයි. ආර්ථික අර්බුදයේ පවතින දැවැන්ත තීව්රතාවය එයට විශාල බලයක් ලබා දෙයි.

helicopte nsj

 

හෙලිකොප්ටරය සහ අතට ද යම් පිරිසක් එකතු විය හැක. නමුත් විශේෂය වන්නේ මේ මැතිවරණය හරහා සජබය හා ජාජබය ට ඔවුන් අපේක්ෂා කරන මට්ටමට එසවීමට නොහැකි වුවහොත් ඇතිවන බලපෑමයි. ඒ සදහා පොහොට්ටුව 20% මට්ටමකට ඇද වැටිය යුතුය.

 

නමුත් සමස්ථ රාජ්‍ය බලය යොදවා දේශපාලන ව්‍යාපාරය කිරීමට හැකි නිසා අලියා සහ පොහොට්ටුව මැතිවරණය පහසුවෙන් අත්නොහරින බව පෙනෙයි. එය පැවැත්වීම වැලැක්වීම ට ගත් සියලු උත්සාහ ව්‍යවර්ථ වන විට එම බලය විසින් දැන් ක්‍රියාත්මක වන්නේ ප්‍රතිඵලය වෙනස්කර ගැනීමට විය හැක.

 

මේ අතර නාම යෝජනා වලින් පසුව අනුරාධපුරයේ දී ජාජබය හා පොහොට්ටුව අතර සිදුවූ සිදුවීමෙන් පෙනීයන්නෙ තරගය ඉතා දැඩි බව හා එකිනෙකාට එරෙහිව ප්‍රසිද්ධියේ ඉදිරිපත්වන බවයි. මෙවැනි ආකාරයේ හූ කීම්, බැන අඩගැසීම් හෝ පහරදී ගැනීම් නොකර සිටීම විපක්ෂ පක්ෂවල⁣ට යහපත්ය. මන්ද මැර බලය හා ආණ්ඩු බලය යන දෙකම ඇති පක්ෂයකට එවැනි ගැටුම් පැවතීම යහපත් නිසාය...

 

මැතිවරණය අවි වලින් කරන ස⁣ටනක් නොවිය යුතුය. එය සාමකාමිව පැවැත්වීමට මැතිවරණ කොමිසම කොන්ද කෙලින් තබා ගතයුතුය. බර අවි හෝ පුස් වෙඩි නොව අපට අවශ්‍යය වන්නේ විසදුම් ලබා දීමට හැකි පිරිසක් තෝරා ගැනීමටය...

 

athulasiri samarakoon(ආචාර්ය අතුලසිරි සමරකෝන්)


(Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

JW

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...