The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

හොඳට නරකට දෙකට කටමය - (එරන්ද රංගනාථ ගිනිගේ)

T

The Leader Desk

January 25, 2023 • 12:14 PM

හොඳට නරකට දෙකට කටමය - (එරන්ද රංගනාථ ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහි නාමපද අර්ථය කපොල කැපුම විවරය වැන්නකි.
  • “කට” යන්න මුවට (මුඛ) සමාන වචනයක් ලෙස නූතනයේ බහුලව භාවිතා කළත් වලං කට හුඹස් කට යතුරු කට ගුහා කට ආදියේද යෙදේ.
  • මේ භාෂා සියල්ල අයත් වන්නේ ඉන්දු යුරෝපියානු භාෂා පවුලේ මව් බස වන ප්‍රතිනිර්මිත ප්‍රාග් ඉන්දු යුරෝපියානු භාෂාවේ (PIE - Proto Indo European Language) මෙම වචනයට මුල් වූ සමාන වචනය “ස්කර්” (*sker-) හෝ “කර්” (*ker-) වැනි හඬකින් තිබෙන්නට ඇතැයි වාග් විද්‍යාඥයන් අනුමාන කරයි.
  • “කට” යන්න “කළ” අදහස දෙන ක්‍රියාපදයක් ලෙසද මෙම භාෂාවල අදටත් භාවිතා වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

එහි නාමපද අර්ථය කපොල කැපුම විවරය වැන්නකි. “කට” යන්න මුවට (මුඛ) සමාන වචනයක් ලෙස නූතනයේ බහුලව භාවිතා කළත් වලං කට හුඹස් කට යතුරු කට ගුහා කට ආදියේද යෙදේ. මෙයට සමාන සංස්කෘත වචනය “කාර්ත්” (कर्तित), මාගධී (පාලි) වචනය “කට”, හින්දි වචනය “කාට්නා” (काटना), මරාති වචනය “කාට්” (कट), පන්ජාබි වචනය “කාටෝ” (ਕੱਟੋ) ප්‍රංශ වචනය “කූපේ” (couper), ජර්මානු වචනය “කර්ට්සන්” (kürzen), ස්පාඤ්ඤ වචනය “කොර්තේ” (Corte) වේ. මේ භාෂා සියල්ල අයත් වන්නේ ඉන්දු යුරෝපියානු භාෂා පවුලේ මව් බස වන ප්‍රතිනිර්මිත ප්‍රාග් ඉන්දු යුරෝපියානු භාෂාවේ (PIE - Proto Indo European Language) මෙම වචනයට මුල් වූ සමාන වචනය “ස්කර්” (*sker-) හෝ “කර්” (*ker-) වැනි හඬකින් තිබෙන්නට ඇතැයි වාග් විද්‍යාඥයන් අනුමාන කරයි.

“කට” යන්න “කළ” අදහස දෙන ක්‍රියාපදයක් ලෙසද මෙම භාෂාවල අදටත් භාවිතා වේ. වසර 10,000 කට පමණ පෙර අපගේ භාෂා පවුලේ ප්‍රාරම්භක ආර්යයන් සිය එදිනෙදා වැඩ “කට”යුතුවලදී යමක් “කැපීම” බහුලව “කරන්නට” ඇතැයි සිතීම සාධාරණය. දෘඩ ආයුධ තලයකින් මස් “කපා” ගැනීමේ සිට වියලා ගත් සත්ත්ව හම් “කපා” ඇඳුම් සකසා ගැනීම දක්වා “කැපීම” යන්න මුල් මිනිස් ගෝත්‍රවල ප්‍රධාන අංගයක් වන්නට ඇත. ඒ අනුව යමක් “කිරීම” හෙවත් “කෘත්‍ය” හෙවත් “කාර්ය” හෙවත් “ක්‍රියාව” වැනි අදහසින් “කට” යන්න ඇරඹෙන්නට ඇතැයි සැලකිය හැකිය.

 

ඒ අර්ථයෙන් ගත් කල “හොඳට නරකට දෙකට කටමය” යන්නෙහි එන “කට” යන්න “කතා” කරන “කට” යන්නට වඩා ගැඹුරු “කරන ක්‍රියාව” හෙවත් “කර්මය” යන අර්ථය සැඟව තිබෙන වටිනා පිරුළක් ලෙස ගත හැකිය. “අත්‍ථි සුකට දුක්කටානං කම්මානං ඵළං විපාකො” යනුවෙන් පිටකයේ දැක්වෙන්නේ “සුකෘත දුෂ්කෘත කර්‍මයන්හි ඵලවිපාක ඇත” යන්නයි. එනම් හොඳ සහ නරක විපාක ලැබෙනුයේ “කරන ක්‍රියා” හෙවත් “කර්ම” හෙවත් “කට” නිසාය.

 

“සිංහල බසේ කට යන වචනයට සමාන වචනයක් කිසිදු නූතන උතුරු ඉන්දියානු භාෂාවක නැත”ය කියා නලින් ද සිල්වා මහතා කර තිබෙන ප්‍රකාශය මේ අනුව අතාර්කිකව බිඳී යයි. සිංහල භාෂාව යනු ඉන්දු යුරෝපියානු භාෂා පවුලේ විකාශිත සුන්දර බසකි. නූතන යුරෝපය මැද පෙරදිග රුසියාව සහ උතුරු ඉන්දියාව ආදී කලාපවල විකාශය වී ඇති භාෂා වචන සහ සිංහල භාෂාවේ වචන මෙතරම් සමාන වීමෙන් තහවුරු වන්නේ මහාවංශයේ ලිඛිත ආර්ය ශිෂ්ටාචාරයයි. සිංහල භාෂාව යනු එම ශිෂ්ටාචාරය තහවුරු කරන ජීවමාන සාක්ෂියයි.

ධර්මය අපට මග වේවා!


විනයගරුක විහිළුව - (එරන්ද ගිනිගේ)(එරන්ද රංගනාථ ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

eranda.ginige@gmail.com

2023 ජනවාරි 25


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...