The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සංහිඳියාවට එරෙහිවන දෙබිඩි දේශපාලන චරිත හඳුනාගනිමු -(සුජීව ගමගේ)

T

The Leader Desk

January 28, 2023 • 9:36 AM

සංහිඳියාවට එරෙහිවන දෙබිඩි දේශපාලන චරිත හඳුනාගනිමු -(සුජීව ගමගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහි සැබෑ අරුත දෙවියන් විසින් අරුත් ගන්වා ඇත්තේ සමාදානය යන වචනයෙනි.
  • සංහිඳියාව ස්ථාපිත කිරීමේ අභිලාෂයෙන් සංහිඳියාවට එරෙහිව ක්‍රියාත්මක වන දේශපාලනඥයින් බාහිරව කෙසේ වෙතත් යටිබිම් ගතව සූක්‍ෂමව ඊට එරෙහිව ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් වර්ගවාදී, ජාතිවාදී, ආගම්වාදී ගැටුම් නිර්මාණය වන බව ලෝක දේශපාලනය තුළ මෙන්ම අප රට තුළ දේශපාලනය තුළද මනාව පෙනෙන්නකි.
  • සංහිඳියාව යන වචනයට තවත් වචනයක් ලෙස “ප්‍රතිසන්ධානය” යන වචනයද හඳුන්වා දිය හැකිය.
  • කිසි කලෙකත් එකිනෙකාට අවි අමෝරාගෙන සටන් නොකළ මිනිසුන් සාමයෙන්, සමාදානයෙන් ජීවත් වූ අතර එකී සාමය, සමාදානය වර්තමානයේ බහුල ලෙස යොදා ගන්නේ සංහිඳියාව යන වචනයෙනි.
අකුරු ප්‍රමාණය (Font Size):

එහි සැබෑ අරුත දෙවියන් විසින් අරුත් ගන්වා ඇත්තේ සමාදානය යන වචනයෙනි. සැබැවින්ම එය දේව වාක්‍යය නොවුවද, දෙවියන් විසින් මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම සඳහා වූ පනවන ලද කොන්දේසියකි.”
- ඇනොන්-


අද සංහිඳියාව යන සොඳුරු වචනය අපවිත්‍ර කරණු ලබන්නේ දේශපාලනඥයින් විසිනි. සංහිඳියාව ස්ථාපිත කිරීමේ අභිලාෂයෙන් සංහිඳියාවට එරෙහිව ක්‍රියාත්මක වන දේශපාලනඥයින් බාහිරව කෙසේ වෙතත් යටිබිම් ගතව සූක්‍ෂමව ඊට එරෙහිව ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් වර්ගවාදී, ජාතිවාදී, ආගම්වාදී ගැටුම් නිර්මාණය වන බව ලෝක දේශපාලනය තුළ මෙන්ම අප රට තුළ දේශපාලනය තුළද මනාව පෙනෙන්නකි.

PEACE SONG 1000px

මූලිකවම දේශපාලන බලය උදෙසා, සෑමවිටම වර්ගවාදී ගැටුම් බිහිකරනු ලබන දේශපාලනඥයින් සංහිඳියාවේ නාමයෙන් සංහිඳියාව නම් වූ උත්තම වදන අපවිත්‍ර කිරීමේ නිහීන ක්‍රියාවලියක නිරත වන්නේය.

මිනිසා සිය සම්භවයේ සිටම සමූහමය වශයෙන් ජීවන අරගලයක නිරතවන අතරේ කිසිවිටෙක එකිනෙකාට එරෙහිව ගැටුම් ඇතිකර නොගත් ජීවින් කොට්ඨාශයක් වුවද පසුකලෙක තෘෂ්ණාව මතින් සම්පත් තමන් සතු කරගැනීමේ අරමුණු පෙරදැරිකරගත් විටදී එතෙක් පැවැති මානුෂීය හැඟීම් වලට විලංගුලා සමාදානයට එරෙහි ක්‍රියාවලියකට ප්‍රවේශ වූයේය.

කිසිදු රටකට නොදෙවෙනි ආකාරයේ සංහිඳියාවක් පැවැති අපේ රටේ සංස්කෘතිය තුළ සංහිඳියාව ආරම්භ වන්නේත් ජනිත වන්නේත් පවුල් ඒකකය තුළය.

 

පළමුවෙන්ම සංහිඳියාව යනු කුමක්දැයි හඳුනාගනිමු. සංහිඳියාව යන වචනයට තවත් වචනයක් ලෙස “ප්‍රතිසන්ධානය” යන වචනයද හඳුන්වා දිය හැකිය.
සැබැවින්ම සංහිඳියාව යනු සමාදානයයි. ඒ සමාදානය පවුල් ඒකකය තුළ සිට මුළු මහත් සමාජයක විවිධ ජාතීන්, සංස්කෘතීන් නියෝජනය කරණු ලබන මිනිස් සමූහයක් තුළ ව්‍යාප්ත වූ උත්තම සංකල්පයකි.

කිසි කලෙකත් එකිනෙකාට අවි අමෝරාගෙන සටන් නොකළ මිනිසුන් සාමයෙන්, සමාදානයෙන් ජීවත් වූ අතර එකී සාමය, සමාදානය වර්තමානයේ බහුල ලෙස යොදා ගන්නේ සංහිඳියාව යන වචනයෙනි.forgiveness and reconciliation removebg preview

අපේ රට තුළ විවිධ සංස්කෘතීන් අතරේ සිංහල සංස්කෘතිය විශිෂ්ට මානුෂීය ලක්ෂණ පෙන්නුම් කළ සංස්කෘතියකි. එම සංස්කෘතිය තුළ වූ පවුල් ඒකක බොහෝ විට සංවිධානගතව තිබුණේ ආදරය, සෙනෙහස, දයාව ආදී මානුෂීය ගුණාංගයන් ගෙන් සුසැදි මානව ධර්මතාවන්ගෙනි.

විශේෂයෙන්ම “එකගෙයි කෑම” ලෙස හඳුන්වන ලද යුගදිවි චර්යාව සුවිශේෂී මානව ගුණධර්ම පෙන්නුම් කරණ ලද මානුෂීය සම්බන්ධතාවකි. “එකගෙයි කෑම” නමින් හඳුන්වනලද පවුල් ජීවිතයේදී එක් බිරිඳක් හා සැමියන් දෙදෙනෙකු සහජීවනයෙන් යුතුව යුගදිවිය ගත කිරීම වඩාත් සුන්දර වන්නේ එකී පවුල් ජීවිතය තුළ ආදරයට, සෙනෙහෙසට, මිස වෛරයට ඉඩක් නොමැති වූ හෙයිනි.

බොහෝ විට එක් බිරිඳක් හා යුගදිවිය ගත කරනු ලබන සැමියන් දෙදෙනා එක ලෙය ඇති සොහොයුරන්වීමද විශේෂත්වයකි. එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු එකම බිරිඳක් හා පවුල් කෑම සිංහල සංස්කෘතීයේ අතීත සුන්දරත්වය විදහා පාන්නකි.

බිරිඳ හා එක් සැමියකු එකට යහනක සුන්දරව කාලය ගත කරන අතරතුර නිවස ඉදිරිපිට රෙදි වැලක එම සැමියාගේ අමුඩ ලේන්සුව එල්ලා තැබීමෙන්  බිරිඳගේ අනෙක් සැමියාට හඟවන්නේ කුමක්දැයි අමුතුවෙන් කිව යුතු නැත. කෙසේ වුවද බිරිඳ හා යුගදිවිය  ගත කරන සැමවිටම සොයුරන් වූ සැමියන් දෙදෙනෙකු කිසිවිටෙක ගැටුම් ඇති කරගනු ලැබුවේ නැත.

අද වර්තමානය වන විට ප්‍රේමයෙන් පරාජිත වූ විට සිය පෙම්වතිය දරුණු ලෙස මරා දැමීමට පෙළඹෙන ඊනියා ප්‍රේමවන්තයින්ට එය උගන්වන පාඩම වඩාත් මානුෂීයය.

ඒ ආකාරයට සංහිඳියාව ජනිත වූයේ එකගෙයි කෑම වැනි සුන්දර යුගදිවි සංකල්පය තුළ හෙයින් කිසිවිටෙක එවැන්නෝ තම සහෝදර ජාතීන්ට එරෙහිව යුද වැදුනේ නැත. ඔවුන් හා නිරර්ථක ගැටුම් ඇතිකර ගත්තේ නැත.

මෙම නිදසුන ගෙනහැර පෑවේ සංහිඳියාව නම් වූ උතුම් වචනය තුළ වූ මානුෂීය බව කියා පෑමටය.

අප රට පමණක් නොව ඕනෑම රටක් දියුණු වීම සඳහා ඉතාම අවශ්‍ය සාධකයකි. “සංහිඳියාව”.  සිංගප්පූරුව වැනි රටක් වඩාත් දියුනු රටක් බවට පත්ව ඇත්තේ එහි සංහිඳියාව ස්ථාපිත කර ඇති හෙයිනි.

අපේ රට දියුණු නොවී වත්මන් අර්බුදයට පත්වීමේ ඉතිහාසය පුරාවටම ඇත්තේ ජනවාර්ගික ගැටුම් සහ ආගමික ගැටුම්ය.

 
සංහිඳියාව කලින් කලට දේශපාලනඥයින් විසින් පාවිච්චි කරණු ලබන සෙල්ලම් මෙවලමක් බවට පත්ව ඇත්තේය. ජාතියේ ආගමේ නාමයෙන් ලේ වගුරන ලද කිසිදු රටක් ස්වර්ගයක් බවට පත්වූයේ නැත. ඒවා මිහිපිට නරකාදී බව ඇස්පනාපිට පෙනෙන්නට තිබුණේය. අපේ රට සුඛිත මුදිත කළ හැක්කේ සැබෑ සංහිඳියාව ස්ථාපිත කළ හැකි නායකත්වයකට පමණි. කිසිවිටෙක බලය උදෙසා සංහිඳියාව විකෘති කරන කිසිදු දේශපාලනඥයකුට මේ රට ගොඩනගා ගත නොහැකි වග අපේ රටේ මෑත ඉතිහාසය පෙන්වා දෙයි. 

20092015 130872105111370527 fnnලෝකයේ ඉන්න හිතෙන රටවල් අතර ප්‍රමුඛත්වය  ගැනෙන ස්වීඩනය, ඩෙන්මාර්කය, නවසීලන්තය, නෝර්වේ, පින්ලන්තය ආදී රටවල්වල සැබෑ සංහිඳියාව ස්ථාපිත වී තිබේ. සංහිඳියාව  උදෙසා කොමිසන් සභා පමණක් පිහිටුවමින් සිය බලලෝභී දේශපාලනය රැකගැනීමට ඒ හරහා බලය ස්ථාපිත කර ගැනීමට විනා සැබෑ සංහිඳියාවට යටබිම්ගතව වින කටින දේශපාලන නායකයින් ප්‍රතික්ෂේප කිරීමේ කාලය එළැඹ ඇත.

ජාතීන් අතර සාමය, සමගිය ස්ථාපිත කිරීමට කෘත්‍රිම සංස්කෘතික උත්සව පවත්වා පාට සරුංගල් උඩ ඇරීමෙන් පලක් නැත. අද අපේ රට දෙවැනි වන්නේ නැම්බියාව, ඇෆ්ගනිස්ථානය, වැනි අන්ත දූෂිත රටවලට පමණි.

මේ රට තුළ සංහිඳියාව ඇති කිරීම සඳහා ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන අමාත්‍යාංශ පවා පිහිටුවීමෙන් පසුගිය කාලයේදී ජනතාවගේ බුද්ධියට නිග්‍රහ කළ පාලකයින් ඒවා එසේ පිහිටුවන අතරම සංහිඳියාවට එරෙහිව යටි කූට්ටු ක්‍රියාකාරකම්වලද නිරත වූහ. මෙවන් අර්බුදයකට රට ඇද දැමීම සඳහා සංහිඳියාවට නිග්‍රහ කරමින් වඳ කොත්තු ආදී කූප්‍රකට කුමන්ත්‍රණ කළවුන් බලය ඩැහැගනු ලැබූ අතර මතුපිටින් ව්‍යාජව සංහිඳියාව උදෙසා පෙනී සිටි අතර ඉන්න නොහිතෙන රටක් නිර්මාණය කිරීම පිළිබඳව ඔවුන් වගකිව යුතුව ඇත.



එබැවින් ලෝකයේ සුළුතර රටවල් වලින් පාඩම් ඉගෙන ගැනීමේ කාලය එළැඹ ඇත.

මේ රට තුළ ජාතීන් අතරේ සැබෑ සංහිඳියාව ක්‍රියාවට නොගැනීමට හේතු කාරකවන සෑම ජාතියකම දේශපාලනඥයින් උතුරේත්, දකුණේත් සිට සැබෑ සංහිඳියාවට එරෙහිව යටිබිම්ගත කුමන්ත්‍රණවල යෙදී සිටිමින් මතුපිටින් සංහිඳියාව උදෙසා පෙනී සිටිති.

එබැවින් සැබෑ සංහිඳියාව පිළිබඳව ප්‍රායෝගිකව සක්‍රිය වන භාවිතාවෙන්ම මනුස්සකම ප්‍රදර්ශනය කරන, කළ සොච්චමක්වූ දේශපාලන නායකයින් දෙසට හැරිය යුතුමය. ඒ හැර සංහිඳියාව  වෙන්දේසියේ දමන පාදඩයින් පිටුපස යාමෙන් ඵලක් නැත.


(සුජීව ගමගේ)
නිදහස් මාධ්‍යවේදී

mahimasgamage@gmail.com

Sujeewa Photo

 

  JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සංහිඳියාවට එරෙහිවන දෙබිඩි දේශපාලන චරිත හඳුනාගනිමු -(සුජීව ගමගේ) | The Leader