The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඊගෝ එකෙන් නිදහස් වෙමු... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

January 29, 2023 • 4:21 PM

ඊගෝ එකෙන් නිදහස් වෙමු... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ නිසා දැන් මේ නිදහස් උත්සවේ තියන්නේ ලෝකෙට පේන්න.
  • අවම වශයෙන් වෙනස් අර්ථයක්, වෙනස් තේමාවක් ඇතුවවත් ඕක කරන්න බැයිද වෙනත් ජාතියක තුවාල පාරන්නේ නැතුව?
  • ලෝකෙට බම්බු ගහගන්න කියල අපිට අපි වෙන්න, නිදහස ඇතුලේ අපේම වූ පුළුල් අර්ථයන් මතුකරගන්න තවමත් ලාංකික මධ්‍යම පංතියට බැහැ.
  • හැබැයි ඊගෝ එක පැත්තකින් තියල ඇත්ත කිව්වනම්?
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ නිසා දැන් මේ නිදහස් උත්සවේ තියන්නේ ලෝකෙට පේන්න. ''ඒයි බලපල්ලා...අපි නැට්ටට බංකොලොත් උනත් නිදහස් උත්සවේ ජයට තිබ්බ හරිද?''

ජනවහරේ මේකට කියන්නේ 'ලෝකෙට පරකාසේ. ගෙදරට මරගාතේ' කියල.

නිදහස් උත්සවය කියන්නේ සංකේතයක් හැටියට ආඩම්බර වෙන්න ඕනි දෙයක් තමයි. සමරන්න ඕනි දෙයක් තමයි. හැබැයි එහෙම සමරන්න අපිට අතේ සල්ලි නැත්නම් අපි ඒක බොරුවට ලෝකෙට පෙන්න සමරන්න ඕනි නැහැ කියන එක ඕනිම විඥාණයක් තියන කෙනෙකුට තේරෙන දෙයක්.

රටේ පිළිකා රෝහලේ බේත් ටික නැතුව, උසස් පෙළ කරන ළමයින්ට පාඩම් කරන්න විදුළිය දෙන්නේ නැතුව, රටේ අනෙක් රෝහල් වලත් අත්‍යවශ්‍ය බේත් නැතුව, කෝටාවට තෙල් ටික ගහගෙන හිඟා නොකා හිඟා කකා සමරන්න ඕනි දෙයක් නෙවෙයි නිදහස. නිදහස් කියන්නේ රටේ මිනිස්සුන්ගේ අත්‍යාවශ්‍ය දේවල් ටික වෙනුවෙන් වත් යමක් කරන්න පුළුවන් හයියක් තියන ඒකට.

 

අනික මහා ලොකු යුද්ධ ටැංකි පෙන්න පෙන්න මොකක්ද මේ නටන නාඩගම? අවම වශයෙන් අපි මෙහෙ ''කොළඹ නිදහස'' යුද්ධ ටැංකි පෙන්න පෙන්න සමරනකොට යාපනේ මිනිස්සු මොනවා හිතනවා ඇද්ද? ණයට තෙල් ගහගෙන යන ඔය යුද්ධ ටැංකි වලින්, උඩ ඉගිල්ලෙන කෆීර් වලින් කොච්චර බෝම්බ එහෙ දාන්න ඇද්ද? අවම වශයෙන් වෙනස් අර්ථයක්, වෙනස් තේමාවක් ඇතුවවත් ඕක කරන්න බැයිද වෙනත් ජාතියක තුවාල පාරන්නේ නැතුව? ණයටත් අරගෙන අපි සමරන්නේ අපේ ඊගො එක (ego).



ඒක නිසා තමයි ජනාධිපති කියන්නේ ලෝකේ මිනිස්සු මොකක් කියයිද කියල. ඊගෝ එක පහත දමන්න බැහැ. ඒක කරන්න දන්නේ නැහැ.

ලෝකෙට බම්බු ගහගන්න කියල අපිට අපි වෙන්න, නිදහස ඇතුලේ අපේම වූ පුළුල් අර්ථයන් මතුකරගන්න තවමත් ලාංකික මධ්‍යම පංතියට බැහැ.

හැබැයි ඊගෝ එක පැත්තකින් තියල ඇත්ත කිව්වනම්? අපිට නිදහස් උත්සවේ කරන්නවත් සල්ලි නැහැ. තියන සොච්චම් සල්ලි ටිකෙන් අපි මේ දවස්වල කපන්නේ නැතුව විදුළිය දෙනවා ඒ ලෙවල් ළමයි ටිකට. බේත් ටික ගේනවා හදිසි ලෙඩ්ඩුනට. අපිට ඒක වටිනවා මේ සැමරුමට වඩා. හැත්තෑ පහක් තියා එකසිය පනහක් ගියත් මට කියන්න තියෙන්නේ එච්චරයි කියල...ඔය යුද්ද ටැංකි අරගෙන පලයල්ලා මගේ දෑහැට පේන්නේ නැතුව කියල...

එහෙම කිව්වනම් අවම වශයෙන් රනිල් කියල මිනිහෙක් හිටිය කියල අපි යම් කාලයක් හිතාන හිටපු එකට සාධාරණයක් කරන්න තිබ්බා. ඔය ටයි කෝට් අස්සේ මොකෙක් හරි මධ්‍යම පංතික -ලිබරල්  මිනිහෙක් හිටිය කියල අපිට හිත හදාගන්න තිබ්බා. මට එහෙම ලියන්න අයිතියක් තියනවා. මොකද මම රනිල් උස්සල උඩින් තියල මීට කලින් ලියල තියන නිසා....

අවම වශයෙන් නිදහස් දවසටවත් අර වසන්ත එලියට දාන්න රනිල්. වසන්ත විතරක් නෙවෙයි හැකිනම් ඔය ත්‍රස්ත මර්ධන පණතෙන් ඇතුළට අරන් ඉන්න ඔක්කොම...

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඊගෝ එකෙන් නිදහස් වෙමු... - (ආචාර්ය මහේෂ් හපුගොඩ) | The Leader