The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

විදුලි අර්බුදය:උසස් පෙළ සිසුන් ප්‍රාණ ඇපයට ගැනීමක්ද?

T

The Leader Desk

January 30, 2023 • 4:46 PM

විදුලි අර්බුදය:උසස් පෙළ සිසුන් ප්‍රාණ ඇපයට ගැනීමක්ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවට ද ගිය මෙම ගැටලුවට වගකිව යුතු බලධාරීන්ගේ වාග් ප්‍රහාර හැරෙන්නට විසඳුමක් පෙනෙන්නට නැති වාතාවරණයක් තුළ මේවන විට ආණ්ඩුවට එරෙහි මහජන විරෝධය ද උත්සන්න වී තිබේ.
  • එහෙත් මෙම කාලසීමාව තුළ අණ්ඩව විදුලි බලය සැපයීමට බලධාරීන් අසමත්ව ඇත.
  • විදුලි වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ විදුලි ගාස්තු වැඩි කිරීම සඳහා බලධාරීන් උසස් පෙළ දරුවන් ඇතුළු විදුලි පාරිභෝගිකයින් ප්‍රාණ ඇපයට ගෙන ඇති බවයි.
  • ලංකා විදුලි පොදු සේවක සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ පැවසුවේ, “ලක්ෂ 3ක් පමණ වන උසස් පෙළ ලියන දරුවන්, විදුලි පාරිභෝගිකයින් සහ විදුලිබල සේවකයින් ප්‍රාණ ඇපයට අරන් විදුලිබිල බිල වැඩි කිරීමට ආණ්ඩුව සහ මේ විදුලි බල මණ්ඩලයේ බලධාරීන් උත්සහ දරන බවක් අපිට පේන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවට ද ගිය මෙම ගැටලුවට වගකිව යුතු බලධාරීන්ගේ වාග් ප්‍රහාර හැරෙන්නට විසඳුමක් පෙනෙන්නට නැති වාතාවරණයක් තුළ මේවන විට ආණ්ඩුවට එරෙහි මහජන විරෝධය ද උත්සන්න වී තිබේ.

උසස් පෙළ විභාගය ආරම්භ වී අදට සතියකි. එහෙත් මෙම කාලසීමාව තුළ අණ්ඩව විදුලි බලය සැපයීමට බලධාරීන් අසමත්ව ඇත.

විදුලි වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ විදුලි ගාස්තු වැඩි කිරීම සඳහා බලධාරීන් උසස් පෙළ දරුවන් ඇතුළු විදුලි පාරිභෝගිකයින් ප්‍රාණ ඇපයට ගෙන ඇති බවයි.

ලංකා විදුලි පොදු සේවක සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ පැවසුවේ,
 
 
Untitled 4“ලක්ෂ 3ක් පමණ වන උසස් පෙළ ලියන දරුවන්, විදුලි පාරිභෝගිකයින් සහ විදුලිබල සේවකයින් ප්‍රාණ ඇපයට අරන් විදුලිබිල බිල වැඩි කිරීමට ආණ්ඩුව සහ මේ විදුලි බල මණ්ඩලයේ බලධාරීන් උත්සහ දරන බවක් අපිට පේන්නේ. මේක ආණ්ඩුව අස්සේ ගණුදෙනුවක්.”


ඔහු පෙන්වා දුන්නේ “මේ මොකද්ද කරන්නේ. මේ අවශ්‍යතාව තියෙන්නේ රටේ මිනිස්සුන්ට ලොකු පීඩනයක් දෙන්න. තමන්ගේ දරුවෝ උසස් පෙළ ලියන කොට විදුලිබිල වැඩි කරලා හරි ලයිට් දීපන් කියන දේ කියා ගන්න. අපිට පේන්නේ මේ උසස් පෙළ දරුවෝ පාවිච්චි කරන්නේ විදුලිබිල වැඩි කර ගැනීමේ ඒ ඉතාමත් කැත , නින්දිත උත්සාහයට.” මාලක වික්‍රමසිංහ සඳහන් කළේය.


pjමේ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අවධාරණය කළේ, 'එක් එක් පුද්ගලයින්ගේ අධිමානය වෙනුවෙන් උසස් පෙළ ශිෂ්‍යයින්ට වන්දි ගෙවීමට සිදුව ඇති' බවය.

පවතින තත්ත්වය හමුවේ 'ළමුන් විශාල පීඩනයක, විශාල ආතතියක සිටින බව' ද ඔහු සඳහන් කළේය.

 
මහජන විරෝධය මහ පාරට
 
උසස් පෙළ විභාග සමයේ විදුලි කප්පාදුවට එරෙහිව ජනවාරි 29 වැනිදා රාත්‍රියේ පන්දම් අතැතිව කොළඹ ගුණසිංහපුර ප්‍රදේශයට රැස්වූ මහජනතාව විරෝධතාවක නිරත විය.

ඔවුන් මෙහිදී රජයට අවධාරණය කර සිටියේ ළමුන්ගේ ජීවිත සමග සෙල්ලම් නොකරන ලෙසය.

මහ මාර්ගයේ විරෝධතා පාගමන් නොපවත්වන ලෙසට මෙහිදී පොලිසිය බාධා කිරීමක් කළ අතර විරෝධතාකරුවන් පන්දම් රැගෙන පැයක පමණ කාලයක් විරෝධතාවයේ නිරත විය.

“නෙළුම් කුළුණේ ලයිට් එක පත්තුවෙනවා. බබලනවා. මේ ළමයිගේ අනාගතය වෙනුවෙන් ඔයාලා මොකද්ද කරන්නේ මේ. ඕගොල්ලෝ මොකද්ද කරන්න හිතන් ඉන්නේ ඉදිරියට. උසස් පෙළ අධ්‍යාපන කටයුතු කරන්න විදුලිය කපන්නේ නැහැ කියලා ගිය සතියේ ඉදලා කිය කියා හිටියා. මේ රටේ ජනතාවත් එක්ක ඔයාලා සෙල්ලම් කරන්න, නටන්න එපා.” විරෝධාතාවට එක්වූ කාන්තාවක් සඳහන් කළාය.

ඇය අවධාරණය කළේ “මේ ළමයිගේ අනාගතය වෙනුවෙන් මේ විදුලිය කපන එක නැවැත්තුවේ නැත්නම් අනිවාර්යෙන්ම මේ රටේ ජනතාවත් එක්ක අපි අරගලයක් පටන් ගන්න එක පටන් ගන්නවාමයි. ඒක කාටවත් නවත්තන්නත් බැහැ.”

උසස් පෙළ විභාග සමයේ විදුලි කප්පාදුවට එරෙහිව දිවයිනේ ප්‍රදේශ රැසකම පසුගිය දිනවල රාත්‍රි කාලයේ විරෝධතා පැවැත්විණ.
 
sdtertwe

ප්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට?
 
ksjdfsjdfලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලීන් බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් පවසා ඇත්තෙ, 'උසස් පෙළ කාලසීමාව තුළ විදුලිය ලබා දීම සඳහා රුපියල් බිලියන 5ක් අවශ්‍ය බව විදුලිබල හා බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර පෙන්වා දී තිබූ බවය.

“ළමයි රැවටීමක් නේ මේ කරන්නේ, දෙපැත්තට බොලේ පාස් කරලා. මහජන උපයෝගීතා කොමිසමයි, විදුලිබල මණ්ඩලයයි ඔක්කොම තියෙන්නේ ආණ්ඩුවේ. ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම එකම කට්ටිය. මේ ළමයි රැවටීමක් තමයි මේ කරේ. ඇත්තටම ළමයිගේ අනාගතය එක්ක සෙල්ලම් කිරීමක්.” ඔහු පෙන්වා දුන්නේය.

ජෝශප් ස්ටාලින් සඳහන් කළේ “මේ ළමයි ගත්තොත් ගිය අවුරුද්දේ විභාග කරන්න ඕන අය. ආණ්ඩුවේ දේශපාලන හා ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් හැටියට තමා විභාග කල් ගියේ. ඒ නිසා ළමයි බරපතල පීඩාවකට පත් වෙලා ඉන්නවා. ඒ ළමයිට කාලෙකුත් තිබුණේ නැහැ.”


ස්ටාලින් වැඩිදුරටත් පෙන්වා දුන්නේ “අපි බලාපොරොත්තු වෙනවා. මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න. අපි ගියයි කියලා හෙට විදුලිය හම්බ වෙන්නේ නැහැ. නමුත් මේ අපරාධයට වගකිව යුතු අයට දඬුවම්ක් තියෙන්න ඕනේ. මොකද ඒගොල්ලෝ ළමයිගේ ජීවිතත් එක්ක සෙල්ලම් කළේ. අපි අනිවාර්යෙන්ම බලාපොරොත්තු වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න. ළමයිගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීම සම්බන්ධයෙන්”

“ළමයාගේ අනාගතයට වඩා ඒ ගොල්ලන්ට වැදගත් වන්නේ IMF කොන්දේසි අනුව විදුලි මිල වැඩිකිරීම නම් ඒක මහා විහිළුවක්. ළමයිගේ විභාග කාල සීමාව පරදුවට තියලා තමයි ඒගොල්ලෝ කටයුතු කරන්නේ. ඇත්තට ළමයිගේ විභාග, ළමයිගේ අනාගතය ගැන නොසැළකිල්ලෙන් කටයුතු කරන ආණ්ඩුවක් මේක. ඒක භාවිතාවෙන්ම පෙන්නලා තියෙනවා.” ඔහු පැවසීය.

 
වාග් සංග්‍රාමය
 
kljdf

ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායකට දෝෂාරෝපණය කර සිටියේය.

ඔහු කියා සිටියේ ජනක රත්නායක ධුරයෙන් ඉවත් කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් එකඟතාවකට පැමිණ ඇති බවය.


“ජනක රත්නායක කියන පුද්ගලයා පහුගිය කාලය පුරාම කරලා තියෙන්නේ ඔහුගේ පෞද්ගලික මත මිසක් කොමිසමේ මත නොවේ කියන එක තමයි අපිට අවබෝධ වෙලා තියෙන්නේ . ඒ නිසා අපි රජයක් හැටියට මේ වෙලාවේ ඒ මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාට එරෙහිව ඒ අවශ්‍ය නීතිමය කටයුතුත්, ඒ වගේම ඔහුව ඉවත් කිරීම සඳහා චෝදනා පත්‍රයත් සකස් කරලා තියෙනවා.
  
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සියලු දෙනාම මේ සඳහා එකඟතාව පළ කරලා තියෙනවා. ආණ්ඩු පක්ෂය නියෝජනය කරන.” අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

මේ අතර මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායකද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අමාත්‍යවරයාගේ චෝදනාවලට ප්‍රතිචාර දක්වනු ලැබීය.

ඔහු කියා සිටියේ “බලාගෙන ඉන්නවා හරි ආසාවෙන් මොකද්ද මේ කියන්න යන විහිළු කතාව කියලා. ඒ විහිළුවට අවශ්‍ය ප්‍රතිඋත්තරය දෙන්න මම ලැහැස්ති වෙලා ඉන්නේ. මම හිතන්නේ නින්ද යන්නේ නැතිව ඇති රෑට එතුමාට මොකද මං ගැනනේ හිතන්නේ. මට ගේම දෙන්නේ කොහොමද කියලා හිතන්නේ. එතන තමයි එතුමාගේ ප්‍රශ්නය තියෙන්නේ. නැතිව මේ අඛණ්ඩව විදුලිය දෙන්නවත් කිසිම දෙයක් එතුමට ඕනේ නැහැ.”

මේ අතර විදුලි කප්පාදුව පිළිබඳ කරුණු විමසීම සඳහා පසුගිය දිනවල විදුලිබල අමාත්‍යංශ නිලධාරීන් සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිලධාරීන් ශ්‍රී ලංකා මනව හිමිකම් කොමිෂන් සභාව හමුවට කැඳවා තිබුණි.

අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ, එහිදී අදාළ නිලධාරීන්ට යම් යම් බලපෑම් කර ඇති බවට එම නිලධාරීන් ලිඛිතව දන්වා ඇති බවය.

ඒ අනුව මානව හිමිකම් කොමිසමේ සාමාජිකයින්ට එරෙහිව අධිකරණයට කරුණු දැක්වීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
 
 
 
 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...