The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ෆ්‍රෙඩී මර්කරි දෙවියෙක් උනා. චිත්‍රාල් ලංකාවට ආව - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

February 2, 2023 • 9:30 AM

ෆ්‍රෙඩී මර්කරි දෙවියෙක් උනා. චිත්‍රාල් ලංකාවට ආව - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යුද්දේ නිසා, ආර්ථික ප්‍රශ්න නිසා, නිදහස සොයා, තමන්ට ඕනි නිෂ්පාදන පසුබිම නැති නිසා, ඉතාලියට, ඔස්ට්‍රේලියාවට, ඇමෙරිකාවට, එංගලන්තෙට වගේ හැම රටකටම අපේ අය එක් එක් අවස්ථාවල ගිහිල්ල තියනවා.
  • හැබැයි අපේ පරම්පරාව මෙහෙන් ගියාට ඇත්තටම ඒ ගිය තැන්වල පැළවුනාද කියන එක ගැටළුවක්.
  • පොඩි මොකක්දෝ ෆැන්ටසි එකක එයා පැටලි පැටලි ඉඳල තියනවා.
  • විශේෂයෙන් එයාගේ අම්මල තාත්තල ලාංකික සංගීතේ හිටපු අය නිසා එහෙම යනඑක අමාරුත් ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):

යුද්දේ නිසා, ආර්ථික ප්‍රශ්න නිසා, නිදහස සොයා, තමන්ට ඕනි නිෂ්පාදන පසුබිම නැති නිසා, ඉතාලියට, ඔස්ට්‍රේලියාවට, ඇමෙරිකාවට, එංගලන්තෙට වගේ හැම රටකටම අපේ අය එක් එක් අවස්ථාවල ගිහිල්ල තියනවා.

හැබැයි අපේ පරම්පරාව මෙහෙන් ගියාට ඇත්තටම ඒ ගිය තැන්වල පැළවුනාද කියන එක ගැටළුවක්.

 

CG 29b1bb03 3image story

 

උදාහරණ විදියට චිත්‍රාල් ගම්මු. චිත්‍රාල් මෙහෙ සිංදු කිය කිය ඉඳල ජර්මනියට යනවා. ලොකු සංගීත තාක්ෂණයක් තියන තැනක් ඒක. ලොකු ෆෑන් බේස් එකක් එහෙ තියනවා. හැබැයි ලෝකේ කොහේ ගියත් මොන මෙටල් එක කිව්වත් එයා කියනවා එයා අන්තිමට කියන්න ''නදී ගංගා තරණයේ'' තියාගත්ත කියල. ඒ කියන්නේ ජිමී ක්ලිෆ්ගේ Many Rivers to Cross සිංදුවේ ලාංකික වර්ෂන් එක. සුද්දෝ ඒක අහල 'වොව්' කියනවාලු. ආ ඒ උඹලගේ භාෂාවද? කියල අහනවාලු. කමක් නැහැ.

ඒ කියන්නේ චිත්‍රාල් මොන සිංදුව කිව්වත් එයාගේ ෆැන්ටසි සිංදුව නදී ගංගා. ඒක තමයි ඇත්ත.

 



ඒ කියන්නේ එයා ගියාට ගිහිල්ලම නැහැ. පොඩි මොකක්දෝ ෆැන්ටසි එකක එයා පැටලි පැටලි ඉඳල තියනවා. විශේෂයෙන් එයාගේ අම්මල තාත්තල ලාංකික සංගීතේ හිටපු අය නිසා එහෙම යනඑක අමාරුත් ඇති.

දැන් කොහොමත් අපි එයා දන්නෙත් එයාගේ සිංහල සිංදු නිසා. ඒ නිසා දැන් එයා මෙහෙ. ඒක තේරුම්ගන්න එක අමාරුත් නැහැ.

ඒ උනාට ඔය එහෙ මෙහෙ ගතිය නිසා ACDC, Judas Priest, Led Zeppalin, Metallica, Black Sabbath, Mötley Crüe, Aerosmith, Scorpians වගේ බෑන්ඩ් එක්ක තරඟ කරලා රොක් - මෙටල් චාට් වල අංක එක දෙක වෙන්න, ඒ ජනප්‍රිය බව දිගටම පවත්වාගෙන යන්න, එයාලටත් වඩා වෙනස් දෙයක් ලෝකෙට දායාද කරන්න, එයාට බැරි වෙනවා කියල හිතෙනවා.

 

sri

මේකම තමයි 'ජය ශ්‍රී' ලටත් කියන්න තියෙන්නේ...අපේ පරම්පරාව මෙහෙන් ගියාට ඇත්තටම ගිහිල්ලත් නැහැ. සුද්දියෝ බැඳගත්තට, එහෙ ගෙවල් දොරවල් ගත්තට එහෙ ඇත්තට පැළවෙලා නැහැ (fully fallen into a new universe).

හැබැයි සැන්සිබාර් වල ඉපදිච්ච ෆ්‍රෙඩී මර්කරි (Freddy Mercury) ආයේ නොඑන්නම ගියා. ඒ ශිෂ්ටාචාරය ඇතුලේ නොපෙනී ගියා. ලෝකේ කෙළවරටම බය නැතුව ගියා. රොක් ලෝකේ ඒක එක නමක් උණා. මිනිහෙක් හැටියට ඉපදිලා එයා රොක් දෙවියෙක් හැටියට තමයි මියගියේ.

චිත්‍රාල් ලංකාවට ආව. ඇවිල්ල සම්පත් බැංකුවේ පාටියක සිංදු කිව්වා.

ඊයේ වැඩේ වීඩියෝව පහළින්...





Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ෆ්‍රෙඩී මර්කරි දෙවියෙක් උනා. චිත්‍රාල් ලංකාවට ආව - (ආචාර්ය මහේෂ් හපුගොඩ) | The Leader