The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බලශක්ති ක්ෂේත්‍රයෙන් විදේශ ආයෝජකයින් බැහැර කිරීමේ ජවිපෙ සැලසුම අර්ථවත්ද ?

T

The Leader Desk

February 3, 2023 • 2:23 AM

බලශක්ති ක්ෂේත්‍රයෙන් විදේශ ආයෝජකයින් බැහැර කිරීමේ ජවිපෙ සැලසුම අර්ථවත්ද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රතිපත්ති යෝජනා කිරීමට අපේ රටේදේශපාලනඥයෝ සහ ඔවුන්ගේ උපදේශකයෝ පෙළඹී සිටිති.
  • ප්‍රතිඵලය වුයේ ග්ලයිෆොසෙට් වලට වඩා හානිකර, අනුමත නොකළ රසායන ද්‍රව්‍ය යොදාගැනීම සහ ඒ හේතුවෙන් ජපානයේ වෙළෙඳපොළේ ලංකාවේ තේ වලට ප්‍රශ්න ඇති වීමයි.
  • විදේශ ආයෝජනවලට ඉඩ නැත ප්‍රතිපත්ති සම්පාදනයේ රතන ගුරු කුලයේ අලුත් ම සාමාජිකයා වී ඇත්තේ ජවිපෙ නායකයා සහ ජාතික ජන බලවේගයේ ප්‍රධාන ප්‍රකාශකයා වන අනුර කුමාර දිසානායක මහතා ය.
  • අතීතයේ දී ප්‍රතිපත්ති සම්පාදනය සිදු වූ ආකාරය විවේචනය කිරීමෙන් පසුව (ඥානක්කා ගැන ද සඳහනක් සහිතව), ගලදාරී හෝටලයේ දී ඔහු ප්‍රකාශයට පත් කළේ, සුළං බලය පදනම් කරගෙන විදුලිය නිෂ්පාදනයේ දී හවුල්වීමට කිසිදු විදේශීය ආයෝජකයකුට ඉඩ නොදෙන බව යි.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රතිපත්ති යෝජනා කිරීමට අපේ රටේදේශපාලනඥයෝ සහ ඔවුන්ගේ උපදේශකයෝ පෙළඹී සිටිති. සිරිසේන ජනාධිපතිවරයාගේ සමයේ දී ක්‍රියාත්මක කොට පසුව ඉවත් කරගත් ග්ලයිෆෝසෙට් තහනම ප්‍රසිද්ධ උදාහරණයකි. පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී රතන හිමියන් එයට උපදෙස් දුන් නමුත් ග්ලයිෆොසෙට් සඳහා පිළිගත හැකි විකල්පයක් හඳුනාගැනීමට උන්වහන්සේ උත්සාහයක් දැරුවේ නැත. ප්‍රතිඵලය වුයේ ග්ලයිෆොසෙට් වලට වඩා හානිකර, අනුමත නොකළ රසායන ද්‍රව්‍ය යොදාගැනීම සහ ඒ හේතුවෙන් ජපානයේ වෙළෙඳපොළේ ලංකාවේ තේ වලට ප්‍රශ්න ඇති වීමයි.

 

පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී රතන හිමියන් එයට උපදෙස් දුන් නමුත් ග්ලයිෆොසෙට් සඳහා පිළිගත හැකි විකල්පයක් හඳුනාගැනීමට උන්වහන්සේ උත්සාහයක් දැරුවේ නැත. ප්‍රතිඵලය වුයේ ග්ලයිෆොසෙට් වලට වඩා හානිකර, අනුමත නොකළ රසායන ද්‍රව්‍ය යොදාගැනීම සහ ඒ හේතුවෙන් ජපානයේ වෙළෙඳපොළේ ලංකාවේ තේ වලට ප්‍රශ්න ඇති වීමයි.

 

විදේශ ආයෝජනවලට ඉඩ නැත

zdfsfe

ප්‍රතිපත්ති සම්පාදනයේ රතන ගුරු කුලයේ අලුත් ම සාමාජිකයා වී ඇත්තේ ජවිපෙ නායකයා සහ ජාතික ජන බලවේගයේ ප්‍රධාන ප්‍රකාශකයා වන අනුර කුමාර දිසානායක මහතා ය. අතීතයේ දී ප්‍රතිපත්ති සම්පාදනය සිදු වූ ආකාරය විවේචනය කිරීමෙන් පසුව (ඥානක්කා ගැන ද සඳහනක් සහිතව), ගලදාරී හෝටලයේ දී ඔහු ප්‍රකාශයට පත් කළේ, සුළං බලය පදනම් කරගෙන විදුලිය නිෂ්පාදනයේ දී හවුල්වීමට කිසිදු විදේශීය ආයෝජකයකුට ඉඩ නොදෙන බව යි.

ප්‍රතිපත්ති සම්පාදනයේ රතන ගුරු කුලයේ අලුත් ම සාමාජිකයා වී ඇත්තේ ජවිපෙ නායකයා සහ ජාතික ජන බලවේගයේ ප්‍රධාන ප්‍රකාශකයා වන අනුර කුමාර දිසානායක මහතා ය. අතීතයේ දී ප්‍රතිපත්ති සම්පාදනය සිදු වූ ආකාරය විවේචනය කිරීමෙන් පසුව (ඥානක්කා ගැන ද සඳහනක් සහිතව), ගලදාරී හෝටලයේ දී ඔහු ප්‍රකාශයට පත් කළේ, සුළං බලය පදනම් කරගෙන විදුලිය නිෂ්පාදනයේ දී හවුල්වීමට කිසිදු විදේශීය ආයෝජකයකුට ඉඩ නොදෙන බව යි. විදේශ ආයෝජකයින් සහභාගී වුවහොත්, ඔවුන්ගේ ලාභය ඩොලර් ලෙස රටින් පිටතට ගලාගෙන යනු ඇති බවත්, එය අද අප කරන පරිදි පොසිල ඉන්ධන ආනයනය කොට විදුලිය උත්පාදනයෙන් වෙනස් නොවන බවත්, දිසානායක මහතා ප්‍රකාශ කළේය.

 

තාක්ෂණික සහ ආර්ථික යථාර්ථය

මෙම ප්‍රකාශය ඇසූ විගස මා කලේ කල්පිටිය ප්‍රදේශයේ මුල් ම සුළං විදුලි ජනන බලාගාර සඳහා යෝජනා සකස් කළ බලශක්ති විශේෂඥයකුවන මර්වින් ද සිල්වා මහතාගේ ගෙන් නිරීක්ෂණ ලබාගැනීමයි. පහත ඡේද තුන මගින් ඒවා ඉදිරිපත් කෙරෙයි.

zdfwerr

සුළං විදුලි බලාගාර මුලින් ම හඳුන්වාදෙන ලද්දේ 2006 දී පමණ ය. පළමු විශාල බලාගාරය ලෙස මෙගා වොට් 10 ක බලාගාරයක් සඳහා මෙගා වොට් 1.2 සුශ්ලෝන් ටර්බයින් යන්ත්‍ර ස්ථාපනය කලේ සෙනොක් සමාගමයි. මෙම යන්ත්‍ර දැන් තරමක් පැරණි වුව ද, මෙගා වොට් එකකින් ගිගා වොට් පැය 2.8 ක් පමණ තවමත් ජනනය කරමින් පවතියි. කිලෝ වොට් 600 කුඩා යන්ත්‍ර ද සාර්ථකව ක්‍රියාත්මක වෙයි. පසුව එකතු කරන ලද්දේ ඒ හා සමාන ජනන අනුපාත ඇති මෙගා වොට් 2 යන්ත්‍ර සහ මෙගා වොට් 1.5 යන්ත්‍රයි. මෙම විශාල යන්ත්‍ර සඳහා කණු ඉදිකිරීමේ දී සැලකිය යුතු තාක්ෂණික දැනුමක් අවශ්‍ය වන අතර බොහෝ විට එම කටයුතු කරන්නේ ඉන්දියානු සමාගම් විසිනි. උපකරණ ලබාගත හැක්කේ යුරෝපීය මුල් තාක්ෂණය යොදාගත් ඉන්දියානු නිෂ්පාදකයින් වෙතිනි. ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාගත් ඇමෙරිකානු ඩොලර් මිලියන 145 ක් ණය මුදලකින් ලංකා විදුලිබල මණ්ඩලය මෙගා වොට් 100 ක සුළං බලාගාර සංකීර්ණයක් මන්නාරමේ සාර්ථක ලෙස ඉදිකරන ලද්දේ, ආනයනය කරන ලද මෙගා වොට් 3.3 වෙස්ටාස් ටර්බයින් යන්ත්‍ර ඉන්දියානු කාර්ය මණ්ඩල යොදාගෙන ස්ථාපිත කිරීමෙනි. ශ්‍රී ලංකා වෙළෙඳපොළට ඇතුළු වීම සඳහා වෙස්ටාස් සමාගම ලංකා විදුලිබල මණ්ඩලයට ඉතා ම විශේෂ මිලක් ලබා දුන් බව සඳහන් කළ යුතු ය. සාමාන්‍ය මිල විය හැක්කේ ඇමෙරිකානු ඩොලර් මිලියන 160 ක් පමණය. මන්නාරමේ ඇති ශක්තිමත් සුළංතත්ත්වය නිසා මෙගා වොට් එකකින් ගිගා වොට් පැය 4 ක් පමණ නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇත.

සුළං ටර්බයිනයක විදුලි ජනනය මුලික වශයෙන් භ්‍රමණ ප්‍රදේශය සහ සුළඟේ වේගය සමග සමානුපාතික වෙයි. එමෙන් ම එය උෂ්ණත්වය, සුළං ඝණත්වය සහ පොළවේ සිට උස අනුව ද වෙනස් වෙයි. ලංකාවේ සුළං පවතින තත්ත්වයේ උපරිමයන් දෙකක් ඇත. උච්චම තත්වයනිරතදිග මෝසම් සුළං සමග ඇතිවන අතර අනෙක ඇතිවන්නේ ඊසානදිග මෝසම් සුළං සමග ය. කාර්යක්ෂම විදුලි ජනනයක් සඳහා විශාල ටර්බයින් යන්ත්‍ර සහ අතිවිශාල තල අවශ්‍ය වෙයි.

මෙම විශාල ටර්බයින, භ්‍රමණ තල සහ කණු නිෂ්පාදනය කරන්නේ විදේශවල ය. දේශීය වශයෙන් වියදම් වන්නේ සිවිල් වැඩවල ශ්‍රමය සඳහා පමණකි. ලංකා විදුලිබල මණ්ඩලයේ මන්නාරම බලාගාරය සඳහා නාඩුකුඩාහි නව උප පොළක් ද මැදවච්චිය සහ වව්නියාව දක්වා සම්ප්‍රේෂණ මාර්ග ද අවශ්‍ය විය. මෙගා වොට් 3000 කට වැඩි සුළං බල විභවයක් අප සතුව ඇතත්, නිෂ්පාදන පහසුකම් සාධාරණීකරණය කිරීමට දේශීය ඉල්ලුම ප්‍රමාණවත් නැත. මිල දී ගැනීමේ සහ නිෂ්පාදන සැලසුම් කිරීමේ ආර්ථික වාසි ලබාගැනීම සඳහා අපගේ සුළං බල විභවය උපයෝජනය කිරීමට අවශ්‍ය වන උපකරණ සඳහා ඉල්ලුම විශාල විය යුතු ය. අවශ්‍ය ආයෝජනය කරන්නේ නම් මෙට්‍රික් ටොන් 600 බර දොඹකර දේශීය වශයෙන් එකලස් කිරීම කළ හැකි විය හැකි ය. සුළං බල විභවයෙන් කුමන ප්‍රමාණයක් ලබා ගන්නේ ද යන්න සහ දකුණු ඉන්දියානු වෙළෙඳපොළට ඇතුළුවීමේ හැකියාව යන කරුණු මත ව්‍යාපාරික අවස්ථා රැඳී පවතියි. මෙය දේශීය ඉල්ලුම සඳහා පමණක් නම් එහි ව්‍යාපාරික හැකියාවක් නොමැත.

සුළං යනු විදුලිය කඩින් කඩ ජනනය කරන මුලාශ්‍රයකි. අඩු වියදම් විදුලි කෝෂ හෝ විදුලිය ගබඩා කිරීමේ වෙනත් ක්‍රමයක් හෝ ලැබෙන තෙක්, සුළං මගින් නිපදවන විදුලියෙන් ජාතික පද්ධතියට ලබාගත හැකි වන්නේ සීමාසහිත ප්‍රමාණයක් පමණකි. එක් විසඳුමක් නම් යුරෝපයේ සාමාන්‍යයෙන් පවතින ආකාරයට ජාල අන්තර් සම්බන්ධ කිරීම යි. එමගින් ඇතිවන විශාල පද්ධතිය හේතුවෙන් ජාලය අස්ථාවර නොවී කඩින් කඩ විදුලිය වැඩි ප්‍රමාණයක් අවශෝෂණය කර ගැනීමේ හැකියාව ඇතිවෙයි. ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය යටතේ කල යුත්තේමුහුද යටින් දිවෙන අධි වෝල්ටීයතා ඍජු ධාරා කේබලයක් මගින් වඩා විශාල දකුණු ඉන්දියානු ජාලය සමග අන්තර් සම්බන්ධතාවයක් ඇතිකර ගැනීම යි. මේ සඳහා ද විදේශීය මුලාශ්‍රවලින් ලබාගන්නා ද්‍රව්‍ය අවශ්‍ය වෙයි.

 

ඩොලර් ණය ද? ආයෝජන ද?

එබැවින්, දිසානායක මහතාගේ ස්වයංපෝෂිතභාවයේ තර්කය පදනම් වී ඇති උපකල්පනයට පරස්පර ලෙස, පුනර්ජනනීය විදුලිය සඳහා ඩොලර් වලින් සැලකිය යුතු මුලික වියදමක් දැරීමට සිදුවෙයි. සුළං හැමීම දිගට ම සිදු වුවත්, ටර්බයින්, තල, සහ සම්ප්‍රේෂණ උපකරණ ස්ථාපනය කොට නඩත්තු කළ යුතු අතර කලින් කල ප්‍රතිස්ථාපනය කළ යුතු වන්නේය. මේ සියල්ලට ඩොලර් වියදම් කල යුතුය. පුනර්ජනනීය විදුලිය නිෂ්පාදනයේ විදේශීය සහභාගීත්වය ජනතා විමුක්ති පෙරමුණේ රජයක් මගින් තහනම් කරනු ලැබුවහොත්, ආණ්ඩුවට හෝ සහභාගීත්වයට අවසර හිමිවන දේශීය ව්‍යාපාරවලට හෝ එම ඩොලර් ණය වශයෙන් ලබා ගැනීමට සිදුවන්නේ ආයෝජන තහනම් කොට ඇති නිසා ය. මේ දිනවල ණය ලබාගැනීම ඉතා අමාරු බව බොහෝ දෙනා දන්නා කාරණයකි.

 

පුනර්ජනනීය විදුලිය නිෂ්පාදනයේ විදේශීය සහභාගීත්වය ජනතා විමුක්ති පෙරමුණේ රජයක් මගින් තහනම් කරනු ලැබුවහොත්, ආණ්ඩුවට හෝ සහභාගීත්වයට අවසර හිමිවන දේශීය ව්‍යාපාරවලට හෝ එම ඩොලර් ණය වශයෙන් ලබා ගැනීමට සිදුවන්නේ ආයෝජන තහනම් කොට ඇති නිසා ය. මේ දිනවල ණය ලබාගැනීම ඉතා අමාරු බව බොහෝ දෙනා දන්නා කාරණයකි.

 

ආයෝජන සඳහා ඉඩ දුන්නොත් සහ දකුණු ඉන්දියානු සහ ශ්‍රී ලංකා ජාල දෙකටම සැපයුම් ලබා දීමට ආයෝජකයින්ට ඉඩ දුන්නොත්, ව්‍යාපාරික අවදානම බෙදා ගත හැකි වෙයි. අධි වෝල්ටීයතා ඍජු ධාරා විදුලි කේබලය සඳහා ආයෝජනය සඳහා සහ විදුලි ගනුදෙනුවල මිල ගණන් සහ කොන්දේසි පිළිබඳව ක්‍රියා කිරීමට ආණ්ඩුවට සිදුවනු ඇත. දකුණු ඉන්දියාවේ විදුලි නිෂ්පාදනයේ සිදුවන අතිවිශාල වර්ධනය හමුවේ, මිල ඉතා ආකර්ශනීය නොවන්නේ නම්, ශ්‍රී ලංකාවේ විදුලියට ඉල්ලුමක් ඇතිවනු ඇතැයි සිතීමට හැකියාවක් නැත. ආයෝජන යනු ඉතාමත් අවශ්‍ය මොහොතේ ඩොලර් වහාම ලැබීම සහ එහි ඉපයීම් වසර ගණනාවක් තුළ ඉවතට ගෙනයාමත් ය. එමගින් වලක්වා ගනු ලබන පොසිල ඉන්ධන පාවිච්චියත්, එම ඉන්ධන ආනයනය කිරීමට වැය කෙරෙන ඩොලර් ප්‍රමාණය බේරා ගැනීමත් සලකා බැලිය යුතුය.

 

පුනර්ජනනීය විදුලියෙහි බොහෝ වාසි ඇත. එසේ වුව ද, සුළං හමන්නේ අපගේ භුමිය හරහා නිසා විදේශ විනිමය කිසිවක් අවශ්‍ය වන්නේ නැතැයි සිතීම මෝඩ කමකි. මෙවන් ප්‍රතිපත්ති යෝජනා කිරීමට පෙර මේ රට පාලනය කිරීමට සැරසෙන උදවිය කළ යුත්තේ, නුතන බලශක්ති පද්ධතියකට උචිත මිලක් සහ ආකාරයක් සහිතව, කාර්යක්ෂම ලෙස විදුලිය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය වන්නේ මොනවාද යන්න තේරුම් ගැනීමට නිහතමානීව උත්සාහ දැරීම යි. තාක්ෂණික සහ ආර්ථික යථාර්ථයන් නිවැරදිව තේරුම් ගැනීම වෙනුවට මතවාදයන්ආදේශකිරීමෙන් හොඳක් වන්නේ නැත.

 

Rohan samara(මහාචාර්ය රොහාන් සමරජීව)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික

rohan@lirneasia.net

 

 

 


JW
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...