The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

නිදහස් දා නිදහස් වූ මාතර මන්ත්‍රී - (අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

February 4, 2023 • 5:39 AM

නිදහස් දා නිදහස් වූ මාතර මන්ත්‍රී - (අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු ඒ වන විට අරණායක ගස්නාවේ වත්තේ අරගලය සම්බන්ධ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් සිර දඬුවම් විඳිමින් වැලි­කඩ බන්ධ­නා­ගා­රයේ සිටියේය.
  • හැරී අබේගුණවර්ධන 1947 පාර්ලිමේන්තු මැතිවරණයේදී කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් ඡන්ද 11,970ක් ලබා වැඩි ඡන්ද 6,691කින් මාතර ආසනයෙන් පළමු පාර්ලිමේන්තුවට තේරී පත් විය.
  • අප්‍රේල් 05 ලංකාදීප පුවත්පතට සෝමසිරි වික්‍රමසිංහ විසින් ලියන ලද ලිපියක ඔහු පිළිබඳ මෙසේ සඳහන් වේ: ''කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රථම මතභේදය ඇති වූයේ 1948 දී ලංකාවට නිදහස ලැබීමෙන් ඉතා ආසන්න වකවානුවකදීය.
  • එවකට මාතර මන්ත්‍රීවරයාව සිටි කොමියුනිස්ට් පක්‍ෂයේ හැරී අබේගුණවර්ධන මහතා ප්‍රමුඛ පිරිසක් එකහෙළාම කියා සිටියේ ලංකාවේ සමාජවාදී විප්ලවය සිදුකිරීමට අවශ්‍ය සියලු සාධකයන් සම්පූර්ණව ඇති බැවින් නොපමාව ආයුධ සන්නද්ධව විප්ලවය ආරම්භ කළ යුතු බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු ඒ වන විට අරණායක ගස්නාවේ වත්තේ අරගලය සම්බන්ධ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් සිර දඬුවම් විඳිමින් වැලි­කඩ බන්ධ­නා­ගා­රයේ සිටියේය.Screenshot 2023 02 04 at 11.26.31 AM

හැරී අබේගුණවර්ධන 1947 පාර්ලිමේන්තු මැතිවරණයේදී කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් ඡන්ද 11,970ක් ලබා වැඩි ඡන්ද 6,691කින් මාතර ආසනයෙන් පළමු පාර්ලිමේන්තුවට තේරී පත් විය.

හැරී අබේගුණවර්ධන සටන්කාමී පුද්ගලයකු විය. 2018 අප්‍රේල් 05 ලංකාදීප පුවත්පතට සෝමසිරි වික්‍රමසිංහ විසින් ලියන ලද ලිපියක ඔහු පිළිබඳ මෙසේ සඳහන් වේ:



''කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රථම මතභේදය ඇති වූයේ 1948 දී ලංකාවට නිදහස ලැබීමෙන් ඉතා ආසන්න වකවානුවකදීය. එවකට මාතර මන්ත්‍රීවරයාව සිටි කොමියුනිස්ට් පක්‍ෂයේ හැරී අබේගුණවර්ධන මහතා ප්‍රමුඛ පිරිසක් එකහෙළාම කියා සිටියේ ලංකාවේ සමාජවාදී විප්ලවය සිදුකිරීමට අවශ්‍ය සියලු සාධකයන් සම්පූර්ණව ඇති බැවින් නොපමාව ආයුධ සන්නද්ධව විප්ලවය ආරම්භ කළ යුතු බවයි. නොපමාව පක්‍ෂයේ තුන්වැනි සම්මේලනය කැඳවා පක්‍ෂය දැනුම්වත් කළ නායකයෝ ලාංකේය ජන සමාජය විප්ලවීය අවධියක් දක්වා මෝරා නැති බවත්, ලෙනින්ගේ ආදර්ශ අනුව නිර්ධන පන්ති විප්ලවය සාර්ථක කර ගැනීමට මෙය අවස්ථාව නොවන බවක් තීරණය කළහ. මෙය අතිධාවනකාරී ළදරු වලිප්පුවක් බව ප්‍රකාශ කරමින් මාතර මන්ත්‍රීවරයා පක්‍ෂයෙන් නෙරපා හැර විප්ලව කුලප්පුව පරාජය කර දැමීය.''
– සෝමසිරි වික්‍රමසිංහ, ලංකාදීප, 2018 අප්‍රේල් 05

12mangala2

හැරී අබේගුණවර්ධන ඉපදුනේ 1917දී වන අතර ඔහුගේ සැබෑ නම හෙන්රි ඩයස් අබේගුණවර්ධනයි. ඔහු 1948-1949 සමය තුළ කොමියුනිස්ට් පක්ෂයේ ඉහළම තනතුර වන ප්‍රධාන ලේකම් තනතුරට ද පත්විය. සිංහල, ඉංග්‍රීසි, පාලි, සංස්කෘත හා ලතින් භාෂා පිළිබඳ ගැඹුරු දැනුමක් තිබූ හැරී අබේගුණවර්ධනගේ නායකත්වයෙන් කම්කරු අරගල ගණනාවක් එම වකවානුව තුළ දියත් විය. මින් ‘ගස්නාව අරගලය’ කම්කරු පන්ති ඉතිහාසයට එක්වූ ප්‍රචණ්ඩ අරගලයක් ලෙස සැලකේ. නෙලුන්දෙනියේ ගස්නාව වත්තේ පැවැති වැඩවර්ජනය කෙළවර වූයේ එම වත්ත වතු කම්කරුවන්ගේ පාලනයට ගනිමිනි.

හැරී අබේගුණවර්ධන නෙරපා හැරීමෙන් පසු කොමියුනිස්ට් පක්ෂය 1950 සැප්තැම්බර් මාසයේ මාතරදී පවත්වන ලද සිව්වෙනි ජාතික සම්මේලනයේදී විප්ලවයේ අවධිය, බලවේග සහ කාර්යයන් පිළිබඳ විශ්ලේෂණයක යෙදුණු බව අ.ගා. ජයසේන, 2016 මැයි 29 දින ඇත්ත පුවත්පතට ලියන ලද ලිපියක දැක්වේ.

කලක් උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනය (SEMA) ආයතනයේ සභාපති ලෙස කටයුතු කළ විදුලි ඉංජිනේරු අසෝක අබේගුණවර්ධන හැරී අබේගුණවර්ධනගේ පුත්‍රයෙකි.

Ajith parakum J

 

 

 

 


(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com
(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)


 JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...