The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

නිදහස හා වැසිකිළි ප්‍රශ්නය : සැමරුම් උත්සවයට වැය කළ මුදල මෙන්න

T

The Leader Desk

February 4, 2023 • 7:48 AM

 නිදහස හා වැසිකිළි ප්‍රශ්නය : සැමරුම් උත්සවයට වැය කළ මුදල මෙන්න 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සදහා ඇස්තමේන්තු ගත පිරිවැය සහ පෙබරවාරි 2 වන දින දක්වා උත්සව සංවිධාන කටයුතු සඳහා වැය වී තිබු මුදල ප්‍රකාශයට පත් කොට තිබේ.
  • ඒ අනුව නිදහස් සමරු උළෙල සඳහා වන දළ ඇස්තමේන්තු ගත වියදම රු: මිලියන 162.8 ක් බව සඳහන් කොට තිබෙන අතර, පසුගිය පෙබරවාරි 2 වන දිනට විට දරා ඇති දළ වියදම රු: 29,588,664.90 කි.
  • වන නිදහස් දිනය සමරනු වස් ප්‍රධාන උත්සවය පැවැත්වෙන ගාලුමුවදොර පරිශ්‍රයේ රාජ්‍ය ප්‍රධානීන්, විදේශ තානාපතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් වෙනුවෙන් සකස් කරනු ලබන තාවකාලික වැසිකිළි වෙනුවෙන් යන වියදම ගැන සංවාදයක් ඇති වී තිබේ.
  • ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති දේශපාලන හා සමාජ විශ්ලේෂක අජිත් අජිත් පැරකුම් ජයසිංහ ඔහු විසින් සංස්කරණය කරනු ලබන praja.lk වෙබ් අඩවියේ මෙවැනි සටහනක් පළකර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

සදහා ඇස්තමේන්තු ගත පිරිවැය සහ පෙබරවාරි 2 වන දින දක්වා උත්සව සංවිධාන කටයුතු සඳහා වැය වී තිබු මුදල ප්‍රකාශයට පත් කොට තිබේ.

ඒ අනුව නිදහස් සමරු උළෙල සඳහා වන දළ ඇස්තමේන්තු ගත වියදම රු: මිලියන 162.8 ක් බව සඳහන් කොට තිබෙන අතර, පසුගිය පෙබරවාරි 2 වන දිනට විට දරා ඇති දළ වියදම රු: 29,588,664.90 කි.



වැසිකිළි වෙනුවෙන් යන වියදම ගැන සංවාදයක් ...


75වන නිදහස් දිනය සමරනු වස් ප්‍රධාන උත්සවය පැවැත්වෙන ගාලුමුවදොර පරිශ්‍රයේ රාජ්‍ය ප්‍රධානීන්, විදේශ තානාපතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් වෙනුවෙන් සකස් කරනු ලබන තාවකාලික වැසිකිළි වෙනුවෙන් යන වියදම ගැන සංවාදයක් ඇති වී තිබේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති දේශපාලන හා සමාජ විශ්ලේෂක අජිත් අජිත් පැරකුම් ජයසිංහ ඔහු විසින් සංස්කරණය කරනු ලබන praja.lk වෙබ් අඩවියේ මෙවැනි සටහනක් පළකර ඇත.

'' 2022දී ගාලු මුවදොර අරගලයට සහභාගී වූ පිරිස් වෙනුවෙන් ද මෙවැනි වැසිකිළි පෞද්ගලික සමාගමක් විසින් සපයා තිබුණු අතර ඒ වෙනුවෙන් වියදම් දැරුවේ කවුරුද යන්න ප්‍රසිද්ධ වූයේ නැත.

නිදහසින් 75 වසරක් ගතවන වර්තමාන සමයේදී අප අත්පත් කරගෙන තිබෙන සමාජ සංවර්ධනය ප්‍රකාශයට පත්වන එක් ප්‍රධාන ආකාරයක් වන්නේ සනීපාරක්ෂාවයි. එහිදී අප වැසිකිළි භාවිතා කරන ආකාරයේ සිදුවී තිබෙන වෙනස ඉතා වැදගත්ය.

අතීතයේදී මළපහ කිරීමේ ක්‍රියාව සඳහා භාවිතා කළ පදයක් වූයේ එළිබැසීමයි. එයින් අදහස් කරන්නේ එම කාර්යය කරන්නේ එළිමහනක බවයි. ඒ වෙනුවෙන්ම වෙන් කළ බිම් කට්ටි ද එකල තිබිණි. එය නිවසින් බඹ තිහක් ඈතින් තිබුණු නිසා එම භූමිය තිස්බඹේ ලෙස ද හැඳින්විණි.

අනුරාධපුර, පොළොන්නරු යුගවලට අයත් නටබුන් අතර අතීතයේ පැවති ඉතා දියුණු වැසිකිළි හා කැසිකිළි හමුවේ.

ඒ කෙසේ වෙතත්, 1948දී ලංකාව නිදහස ලබාගන්නා සමය වන විට ලංකාවේ සාමාන්‍ය, ගැමි ජනයා අතර වැසිකිළි භාවිතය එතරම් දියුණු තත්වයක පැවතියේ නැත. 1920-1930 ගණන්වල ලංකාවේ මිනිස්සුන්ට වැසිකිළි යාම පුරුදු කරවන්නට රජය රටේ නොයෙකුත් පළාත්වල ප්‍රසිද්ධ වැසිකිළි ඉදි කළ බව ද, එබඳු වැසිකිළියක් මාතලේ-දඹුල්ල මහාමාර්ගයේ මඩවල ග්‍රාමයේ මෑතක් වනතුරුම තිබුණු බව ද අපගේ පාඨකයකු විසින් පවසන ලදි.

Toilet by Ajith Alawatta

එළිමහනේ මළපහ කිරීම, වැසිකිළි යාමෙන් පසු ගුද මාර්ගය නිසි පරිදි පිරිසිදු නොකිරීම හා ගුදය පිරිසිදු කිරීමට භාවිතා කරන ලද අත සේදීමට සබන් භාවිතා නොකිරීම නිසා අපේ රටේ මිනිසුන් අතර බරපතල සනීපාරක්ෂක ප්‍රශ්න අතීතයේදී තිබිණි. කොකු පණු රෝගය ඒ අතරින් ප්‍රධාන ගැටලුවකි.

කේ. ජයතිලකගේ ‘අපටත් වැසිකිළියක්’ කෙටි කතාවේ කොකු පණු රෝග වසංගතය වළක්වන්න ගැමි ගෙදරකට වැසිකිළියක් හදාගන්න ආණ්ඩුව පහසුකම් ලබාදෙයි. සෑදූ වැසිකිලිය ලස්සනට තිබෙන අතර පවුලේ අය එය භාවිතා කිරීමට ලැජ්ජා වෙති. හැමෝම පුරුදු විදියට සොබා සෞන්දර්යය නරඹමින් වැඩේ කරන අතර වැසිකිළියට මුලින් ම යන්නේ ගෙදර ඉන්න කැරැළිකාර කොල්ලෙකි.

මුලින් නිවසට දුරින් තිබුණු වල වැසිකිළි හෝ ඇල්බොරාදා චිත්‍රපටයේ ඇති ආකාරයේ බාල්දි වැසිකිළි වෙනුවට පසුව ජල මුද්‍රිත උක්කුටික පෝච්චි සහිත වැසිකිළි ආදේශ විය. පසුව, නිවසට යාබදව කොමෝඩ් සහිත වැසිකිළි සාදන ලදී. වර්තමානය වන විට වියළි වැසිකිලි ගැන අපි සැලකිලිමත් වන්නෙමු. නිවසක් ඉදිකරන විට වැසිකිළිය වෙනුවෙන් විශාල මුදලක් වැය කරන්නෙමු. ඒ අප අත්පත් කරගත් භෞතික සංවර්ධනයයි.



TOTO CST243EF01 Entrada Two Piece Round 788x525

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 90%කට වැඩිදියුණු කළ සනීපාරක්ෂක ආවරණය ලැබෙන මුත්, නල මාර්ගයෙන් මළාපවහනයට ප්‍රවේශය තිබෙන්නේ ජනගහනයෙන් 2% කට පමණක් බව ශ්‍රී ලංකාවේ වඩත් මෑතදී සිදුකරන ලද ජනගහන සෞඛ්‍ය සමීක්ෂණය (DHS) පෙන්වා දෙයි. ජල පහසුකම් වැඩිදියුණු කිරීමට අරමුදල් වෙන් කළ ද මළ බැහැර කිරීමේ පහසුකම් වැඩි කිරීමට ශ්‍රී ලංකාව මුදල් වැය කරන්නේ අඩුවෙන් බව නිරීක්ෂණය කළ හැකිය. එයට හේතුව, සංස්කෘතික කාරණයක් විය හැකිය.

ලංකාවේ අධ්‍යාපනයේ ප්‍රධාන ගැටලුවක් වන්නේ ළමයින්ට නිසි පරිදි වැසිකිළි භාවිතා කරන හැටි උගන්වන්නේ නැතිකමයි. බොහෝ පාසල්වල වැසිකිළි අපාය වැනිය. පොදු වැසිකිළිවල හා පොදුවේ භාවිතා වන හෝටල්වල වැසිකිළි වැනි ඒවායේ තත්වය ද එයයි.

රෝං ජෙනරේෂන් එක අරගලයෙන් අත්පත් කරගත් මන්දිරවල පවා වැසිකිළි කඩා බිඳදමා තිබීම අපගේ අවධානයට යොමු වූ කරුණකි.

නිදහසින් 75 වසරකට පසුවත් ලාංකික නව පරපුර පවා ශරීරයේ ගුද ප්‍රදේශය නොවැදගත් ප්‍රදේශයක් ලෙස තවමත් සලකන්නේ ඒ නිසා විය හැකිය.''

 JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නිදහස හා වැසිකිළි ප්‍රශ්නය : සැමරුම් උත්සවයට වැය කළ මුදල මෙන්න | The Leader