The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කොළඹ මුල්ලිවයික්කාල්කරණය කර නිදහස සැමරීම - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

February 4, 2023 • 5:06 PM

කොළඹ මුල්ලිවයික්කාල්කරණය කර නිදහස සැමරීම - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දවස් ගණනක් තිස්සේ ලංකාවේ හැම පොලිසියකින්ම ගෙන්නලා කොළඹ එකම පොලිස් හමුදා හිස් ගොඩක් වෙලා තිබ්බේ.
  • බඩු බරින් බදු බරින් මිරිකිලා හිටපු, කටුක ජීවන අරගලයක හිටපු මිනිස්සුන්ට ඇත්තටම ඒ නිදහස දැනුණේ නැහැ.
  • හැමෝම කළු කොඩි දාන්න නැතුව ඇති.
  • රාජ්‍ය මාධ්‍යවල කියන ආණ්ඩුවේ මතය විතරක් නෙවෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):



ඒ තමයි තනිකරම යුද්දෙකට ලකලැහැත්ති වෙච්ච හමුදාවක් සහ පොලිසියක් සූදානමෙන් තියල, කැරළි මර්ධන ඒකක ගෙන්නලා, ගෝල්ෆේස් එක සාමාන්‍ය මිනිස්සුන්ට තහනම් කළාපයක් කරලා, පාරවල් වහල, බැරියර් දාල, වෝටර් කැනන් ගෙනල්ල, අකුණු සන්නායක දාල, කිසිදු වෙනත් මතයක් හෝ දේශපාලන අදහසක් ඉස්මතු වෙන්න දෙන්නේ නැතුව තමයි මේක රඟදැක්වුවේ.

 

දවස් ගණනක් තිස්සේ ලංකාවේ හැම පොලිසියකින්ම ගෙන්නලා කොළඹ එකම පොලිස් හමුදා හිස් ගොඩක් වෙලා තිබ්බේ. මුළු කොළඹම මුල්ලිවයික්කාල් වගේ තමයි පෙනුණේ. හමුදාවේ බස් විතරක් සිංහ කොඩි දාල සිංදු කියා කියා ගාලු පාරේ ගියා. මිනිස්සු ඒ දිහාවත් බැලුවේ නැහැ.



බඩු බරින් බදු බරින් මිරිකිලා හිටපු, කටුක ජීවන අරගලයක හිටපු මිනිස්සුන්ට ඇත්තටම ඒ නිදහස දැනුණේ නැහැ.

මුළු රටම වගේ මේ නිදහස් උත්සවය එක්ක අනන්‍යවුනේ නැහැ කියල කිව්වොත් නිවැරදියි. ඒකට හේතුව තමයි මේ යන වියදම් එක්ක බලපුවම තවත් බොහොමයක් අත්‍යවශ්‍ය දේවල් වෙනුවෙන් මුදල් රටේ හිඟව පැවතීම. ආර්ථික අර්බුදය එක්ක මිනිස්සු මේක මොන නිදහසක්ද කියන අදහසේ තමයි හිටියේ. හැමෝම කළු කොඩි දාන්න නැතුව ඇති. හැබැයි හැමෝම සිංහ කොඩිය ඉස්සුවෙත් නැහැ.



ජනාධිපතිවරයා කිව්වේ මේක නොකෙරුවොත් ලෝකෙන් අපි කොන්වෙයි වගේ දෙයක්. හැබැයි දැන් කියල ලෝකේ කේන්ද්‍රයේ නෙවෙයි අපි ඉන්නේ. බංගලාදේසෙනුත් ණයට ගනිමින් තමයි මේ හැමදේම කරන්නේ.



රාජ්‍ය මාධ්‍යවල කියන ආණ්ඩුවේ මතය විතරක් නෙවෙයි. මේ පාර මිනිස්සුන්ට ඇත්තටම රිදිලා තිබ්බේ. දැනිල තිබ්බේ. ඒ නිසා මිනිස්සු ප්‍රශ්නකළා තමන්ගේ වසර හැත්තෑපහක නිදහස ගැන. ඒකයි මේ පරස්පර බව තියෙන්නේ.

ඊයේ අපිට කොහේ තියන නිදහසක් ද කියල යම් පිරිසක් සත්‍යග්‍රහයක් කළා එල්ෆින්ස්ටන් ළඟ. ඒකට ගහල දැම්ම. අඩුම තරමින් නිදහස් දවසේ ගැඹුරින් ඒ නිදහස නිදහසක් ද කියල ප්‍රශ්නයක් අහන්නවත් නිදහසක් දුන්නේ නැහැ මේ රටේ ආණ්ඩුව.



කෙල්ලෝ දෙන්නෙක් ඊයේ පාරේ පෝස්ටරයක් අරගෙන මේක නිදහසක් ද කියල ඇහුව. උන්ට යන්න කියල කිව්වා පෝස්ටර් උස්සන් ඉන්නේ නැතුව.

පොඩි කෙල්ලෝ දෙන්නෙක්ටත් බයේ තමයි මේ නිදහස් උත්සවේ කළේ. මොකද මේ විරෝධය වර්ධනය වෙයි කියල බයයි. හැම තැනම ගිණිපුපුරු.



නිදහස් කියල කියන්නේ අපේ නො-නිදහස ප්‍රකාශ කරන්න තියන ඉඩකඩත් ඇතුලත් නිදහසක් වෙන්න ඕනි.

එවන් නිදහසක් මේ පොළොවේ කවදාවත් තිබ්බේ නැහැ. අද හැත්තෑ පහක්ලු. අදත් ඒක නැහැ.



හැබැයි ගෝල්ෆේස් එකේ හැමදාම වගේ සිංහ කොඩිය ඉස්සුවා...ඒක උස්සන්න මුළු කොළඹම මුල්ලිවයික්කාල් අත්දැකීමක් බවට පත්කළා.



ඔන්න නිදහස.

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...