The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

දලයි ලාමා හිමියන්ගේ අනුප්‍රාප්තිකයා තෝරාගැනීම: ජපානය හා චීනය අතර අවුලක්

T

The Leader Desk

February 5, 2023 • 7:24 AM

දලයි ලාමා හිමියන්ගේ අනුප්‍රාප්තිකයා තෝරාගැනීම: ජපානය හා චීනය අතර අවුලක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නුදුරු අනාගතයේ දී පැවැත්වීමට නියමිත 14 වන ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ගේ අනුප්‍රාප්තිකයා තෝරාගැනීම සඳහා වන ක්‍රියාවලියට මැදිහත් නොවන ලෙස ලෝක සමුළුව සඳහා වූ ජපන් බෞද්ධ සම්මේලනය චීන හමුදා පාලකයින්ට දැඩිව දන්වා ඇත.
  • පෙර හෝ අනාගත ශුද්ධෝත්තම දලයි ලාමා හිමිවරුන්ගේ පැවැත්ම පවා පිළි නොගත්, දේශපාලන බලතල ක්‍රියාත්මක කරන පුද්ගලයින් විසින් ටිබෙටයේ ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ගේ අනුප්‍රාප්තික ක්‍රියාවලියට බලහත්කාරයෙන් මැදිහත් වීම නුසුදුසු බව වත්මන් ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ගේ මතයයි.
  • ටිබෙට් ජනතාවගේ වත්මන් ආධ්‍යාත්මික නායකයා වන ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්, දශක හයකට වැඩි කාලයක් ටිබෙට් දේශයෙන් පිටුවහල්ව ඉන්දියාවේ වාසය කරමින්, දැන් 87 වැනි වියට පා තබමින්, ලෝකයේ ප්‍රධානතම බෞද්ධ නායකයකු ලෙස ඉහළම ගෞරවයක් සහ පිළිගැනීමක් ලබා ඇත.
  • JBCFWF යනු ජපානයේ සහ අනෙකුත් රටවල මිලියන ගණනක අනුගාමිකයින් සමඟ ජපානයේ බෞද්ධාගමික නිකායන් ගණනාවක් එකට එක්ව ක්‍රියාකරන සංවිධානයක් වන අතර ටිබෙටයේ ආගමික හා ආධ්‍යාත්මික කාරණාවලට චීනය නිරන්තරයෙන් මැදිහත් වීම සම්බන්ධයෙන් ඔවුන් යැවූ මෙම පණිවිඩය මගින් දැඩි විරෝධය පළ කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ලෝක සමුළුව සඳහා වූ ජපන් බෞද්ධ සම්මේලනය JBCFWF ක්‍රියාත්මක වනුයේ, කොමියුනිස්ට් චීනයේ බුද්ධාගම පිළිබඳ නිර්-ආගමික ප්‍රවේශයන්, සියවස් ගණනාවක් පුරා එහි මිලිටරි මර්දනයන් සහ බෞද්ධ සාරධර්ම විනාශ කිරීම අත්විඳ ඇති චීනයේ ආසන්නතම ප්‍රජාතන්ත්‍රවාදී සහ ධනවත් රටේ අගනුවර වන ටෝකියෝ හි එහි මූලස්ථානය සමඟිනි.

 

නුදුරු අනාගතයේ දී පැවැත්වීමට නියමිත 14 වන ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ගේ අනුප්‍රාප්තිකයා තෝරාගැනීම සඳහා වන ක්‍රියාවලියට මැදිහත් නොවන ලෙස ලෝක සමුළුව සඳහා වූ ජපන් බෞද්ධ සම්මේලනය චීන හමුදා පාලකයින්ට දැඩිව දන්වා ඇත.

 

ඓතිහාසික වශයෙන් ටිබෙටයේ ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ගේ අනුප්‍රාප්තික ක්‍රියාවලිය ඉතා වටිනා සහ ආධ්‍යාත්මික වශයෙන් මඟ පෙන්වන ක්‍රියාදාමයන් කිහිපයක් මත පදනම් වී ඇති අතර ආගමික නොවන, ප්‍රජාතන්ත්‍රවාදී නොවන, කොමියුනිස්ට් හමුදා පරිපාලනයක් විසින් එවැනි ක්‍රියාවලීන්ට මැදිහත් වීම අනවශ්‍ය, එමෙන්ම පිළිගත නොහැකි සහ මූලික නීතිරීති හා ටිබෙටයේ බෞද්ධ ආගමික නායකයින්ගේ මෙන්ම ටිබෙට් ජනතාවගේ ද මානව හිමිකම් උල්ලංඝනය කිරීමකි, යනුවෙන් JBCFWF හි මහලේකම් පූජ්‍ය අයිහිරෝ මිසුටානි හිමියන් එම පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

 

mitzutani eiken

පූජ්‍ය අයිහිරෝ මිසුටානි හිමි. ජපානයේ ටිබෙට් තානාපති කාර්යාල නියෝජිත ආචාර්ය ආර්ය සේවන්ග් වෙත ප්‍රකාශයේ ලිඛිත පිටපතක් ලබාදෙමින්



''බෞද්ධාගමට අයත්  ඓතිහාසික හා සංස්කෘතික වටිනාකම් මෙන්ම ලොව පුරා ඊට ඇති පිළිගැනීම සහ ගෞරවය නිසාම චීන රජය මෙම  අනුප්‍රාප්තික ක්‍රියාවලියෙන් ඈත් විය යුතුය'' යනුවෙන් උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති අතර වත්මන් ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන් ද එවැනි මැදිහත්වීමක් කිසිසේත් අනුමත නොකරයි.

පෙර හෝ අනාගත ශුද්ධෝත්තම දලයි ලාමා හිමිවරුන්ගේ පැවැත්ම පවා පිළි නොගත්, දේශපාලන බලතල ක්‍රියාත්මක කරන පුද්ගලයින් විසින් ටිබෙටයේ ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ගේ අනුප්‍රාප්තික ක්‍රියාවලියට බලහත්කාරයෙන් මැදිහත් වීම නුසුදුසු බව වත්මන් ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ගේ මතයයි.

ටිබෙට් ජනතාවගේ වත්මන් ආධ්‍යාත්මික නායකයා වන ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්, දශක හයකට වැඩි කාලයක් ටිබෙට් දේශයෙන් පිටුවහල්ව ඉන්දියාවේ වාසය කරමින්, දැන් 87 වැනි වියට පා තබමින්, ලෝකයේ ප්‍රධානතම බෞද්ධ නායකයකු ලෙස ඉහළම ගෞරවයක් සහ පිළිගැනීමක් ලබා ඇත.

 

ඔහුගේ අනුප්‍රාප්තිකයා පත්කිරීමේ ක්‍රියාවලිය ටිබෙට් ජාතිකයින්ට ඓතිහාසික වශයෙන් වැදගත් අවස්ථාවක් වන අතර මෙම ක්‍රියාවලියට බොහෝ සම්ප්‍රදායික, ආධ්‍යාත්මික හා චාරිත්‍රානුකූල ක්‍රියාපටිපාටි ඇතුළත් වන අතර එයින් බාහිරව ඇති හා ආගමික නොවන අංගයන්ගෙන් යුත් ඕනෑම මැදිහත්වීමක් ශුන්‍ය හා බල රහිත වනු ඇතැයි ටිබෙට් බෞද්ධ නායකයන් සහ ජනතාව මෙන්ම ජපන් බෞද්ධ සම්මේලනයද විශ්වාස කරයි.

 

JBCFWF යනු ජපානයේ සහ අනෙකුත් රටවල මිලියන ගණනක අනුගාමිකයින් සමඟ ජපානයේ බෞද්ධාගමික නිකායන් ගණනාවක් එකට එක්ව ක්‍රියාකරන   සංවිධානයක් වන අතර ටිබෙටයේ ආගමික හා ආධ්‍යාත්මික කාරණාවලට චීනය නිරන්තරයෙන් මැදිහත් වීම සම්බන්ධයෙන් ඔවුන් යැවූ මෙම පණිවිඩය මගින් දැඩි විරෝධය පළ කර ඇත.

ලෝක සමුළුව සඳහා වූ ජපන් බෞද්ධ සම්මේලනය ප්‍රකාශ කර ඇති අන්දමට දෙරට අතර වසර දහස් ගණනක් පැරණි බෞද්ධාගමික හා ඓතිහාසික සබඳතා සන්දර්භය තුළ මේ පිළිබඳව සිය දැඩි කනස්සල්ල සහ විරෝධතා මතු කර දක්වා ඇත.

ජපාන, ඉන්දියා සහ ටිබෙට් ජාතිකයන් අතර සහසම්බන්ධය බුදුදහම සමඟ ඒකාබද්ධ වී ඇත. එමෙන්ම ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන් සහ ටිබෙටයේ ප්‍රචලිත බුදුදහම පිළිබඳව ජපානය විශාල උනන්දුවක් දක්වයි. ටිබෙට් ධජයේ සැලසුම ද හමුදා පරිවර්තකයෙකු වූ ජපන් බෞද්ධ භික්ෂුවක් වන අඕකි බන්ක්යෝ විසින් නිර්මාණය කරන ලදී.

 

OB HP242 0218da H 20100218031245

ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන් 1967 දී සංචාරය කළ පළමු විදේශ රට වන්නේ ද ජපානයයි

චීනය, ටිබෙටය ආක්‍රමණය කිරීමෙන් අනතුරුව ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන් ඉන්දියාව සිය වාසභූමිය ලෙස තෝරාගැනීමෙන් පසුව වුවද, ජපානය ටිබෙට් රජයට දිගටම සහාය දැක්වීය. ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන් 1967 දී සංචාරය කළ පළමු විදේශ රට වන්නේ ද ජපානයයි.

ඉන්පසුව, ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ගේ ජපන් නියෝජිත කාර්යාලය 1976 දී ටෝකියෝ හි පිහිටුවන ලදී. ජපානය ද ටිබෙට් බුදුදහම සහ දලයි ලාමා සම්බන්ධයෙන් චීන රජයේ ප්‍රතිපත්ති නිරන්තරව විවේචනය කර ඇත, බොහෝ ජපන් නායකයින්, ජපන් ජාතිකයින් සහ සංවිධාන ටිබෙට් ජනතාවගේ ආගමික හා සංස්කෘතික අයිතිවාසිකම්වලට ගරු කරන ලෙස නිරන්තරව ඉල්ලීම් කර ඇත.

පසුගිය වසරවලදී ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ට සහ ටිබෙට් ජනතාවට මූල්‍ය ආධාර සැපයීම, ටිබෙට් සරණාගතයින්ට සරණාගතභාවය ලබා දීම සහ ටිබෙට් ජාතිකයින්ගේ මානව හිමිකම් සහ ආගමික නිදහස ප්‍රවර්ධනය කිරීම වැනි විවිධ ක්‍රියාවලීන් සඳහා ජපානය සිය නොමසුරු සහාය ලබා දී ඇත.

ජපාන රජය, ටිබෙටයේ තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීමට සහ ටිබෙට් ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට ජාත්‍යන්තර ටිබෙට් ව්‍යාපාරය (ICT) සහ අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන සමඟ ක්‍රියාකාරීව සම්බන්ධ වී තිබේ.

ලොව පුරා බෞද්ධාගමික හා මානුෂීය සංවිධාන සියල්ලම පාහේ ටිබෙටයේ බෞද්ධ කටයුතු සඳහා වූ චීන මැදිහත්වීමට සහ ටිබෙටයට සිදු කළා වූ හමුදා ආක්‍රමණයට දැඩි ලෙස විරුද්ධ වී ඇති අතර ඔවුන්ගෙන් බහුතරයක් ඉදිරියේදී ටිබෙටය වෙනුවෙන් පෙනී සිටිනු ඇතැයි අපේක්ෂා කෙරේ. එය ඉතා හොඳ ප්‍රවණතාවයක් ලෙස වර්තමානයේ හඳුනාගත හැකිය.


(බාහිර ලේඛකයකු විසිනි)

 

JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...