The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සකසුරුවම හා කුම්මැහිකම -(අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

February 6, 2023 • 6:06 PM

සකසුරුවම හා කුම්මැහිකම -(අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කුම්මැහිකම යනු වියදම් නොකර සිටීම හා ඉතා බාල විසඳුම්වලට එළැඹීමය.
  • කිසියම් විරු සමරුවක පුෂ්පෝපහාරයක් ඇතැයි සිතන්න.
  • අලුත් මල්වලින්, දර්ශනීය ලෙස එය සකසන හැටි ඔවුහු දනිති.
  • වියදම් අඩුකිරීමටය කියා ලංකාවේ 75වන නිදහස් සමරු උළෙල නොපවත්වා සිටින්නැයි පිරිසක් උද්ඝෝෂණ කළහ.
අකුරු ප්‍රමාණය (Font Size):

කුම්මැහිකම යනු වියදම් නොකර සිටීම හා ඉතා බාල විසඳුම්වලට එළැඹීමය. මෙය උදාහරණයකින් දක්වමු. කිසියම් විරු සමරුවක පුෂ්පෝපහාරයක් ඇතැයි සිතන්න. අපට ඕනෑ නම් ඒ සඳහා මල් කළඹ ඒවා සැකසීමේ හසල පුහුණුව සහිත මල්කරුවකුගෙන් ලබාගත හැකිය. අලුත් මල්වලින්, දර්ශනීය ලෙස එය සකසන හැටි ඔවුහු දනිති. මල්කරුවා සමග සාකච්ඡා කර වියදම් අඩුකරගෙන එසේ කිරීම සකසුරුවමයි. නැතිනම්, අපට ගෙවල් ගානේ ගොස් මල් නෙළාගෙන දන්න හැටියට ගැටගසා මල් කළඹ හදන්නටත් පුළුවන. එය කුම්මැහිකමයි.

 

වියදම් අඩුකිරීමටය කියා ලංකාවේ 75වන නිදහස් සමරු උළෙල නොපවත්වා සිටින්නැයි පිරිසක් උද්ඝෝෂණ කළහ. ඇත්තෙන්ම ඒ පසුපස තිබුණේ සිංහල බෞද්ධ ගොවිගම ආධිපත්‍යයෙන් යුත් වත්මන් රාජ්‍යයට එරෙහි බලවේගවල උවමනාවකි.

 

වියදම් අඩුකිරීමටය කියා ලංකාවේ 75වන නිදහස් සමරු උළෙල නොපවත්වා සිටින්නැයි පිරිසක් උද්ඝෝෂණ කළහ. ඇත්තෙන්ම ඒ පසුපස තිබුණේ සිංහල බෞද්ධ ගොවිගම ආධිපත්‍යයෙන් යුත් වත්මන් රාජ්‍යයට එරෙහි බලවේගවල උවමනාවකි. ලංකාවට 75වන නිදහස් සමරුවවත් පවත්වාගැනීමට නොහැකි තත්වයක් ඇතැයි ප්‍රචාරය කිරීම ඔවුන්ගේ අරමුණ විය. එහෙත්, රජය අභිමානවත් නිදහස් සමරුවක් පැවැත්වූ අතර එහි වියදම් සාමාන්‍ය විය. අවසානයේදී විරෝධතාකරුවන් එල්ලී ඇත්තේ නිදහස් සමරු උත්සවයේ වැසිකිලිවලට ගිය වියදම සමගය.

විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන්, සම්භාවනීය අමුත්තන් හා නිදහස් උත්සවයට සහභාගී වන තවත් අය වෙනුවෙන් තාවකාලික වැසිකිලි පද්ධතියක් සැපයීමට කෙතරම් වියදමක් යනු ඇද්දැයි ඔවුන් සොයා බැලිය යුතුය. එවැනි වැසිකිළි පද්ධති සපයන කිසියම් සමාගමක් තිබේ නම්, ඔවුන් මුහුණදෙන තත්වයන් තිබේ. මෙම වැසිකිළි විෂබීජහරණය කර සවි කිරීමටත්, ඒවාට ජලය සැපයීමටත්, පාවිච්චි කරන කාලය තුළදී මනාව පවත්වාගැනීමටත්, ඉන්පසු ඒවායේ එක්රැස් වූ අපද්‍රව්‍ය විධිමත් අන්දමින් බැහැර කිරීමටත්, විෂබීජහරණය කිරීමටත්, ඉන්පසු මෙම වැසිකිළි ගලවා ඉවත් කිරීමටත්, ඒවා ගෙනගොස් නැවත පාවිච්චියට ගැනීමට අවස්ථාවක් ලැබෙන තෙක් ගබඩා කර තැබීමටත්, ඒ සියලු කටයුතු වෙනුවෙන් ශ්‍රමයටත්, අතිරේක සේවාවන්ටත්, ප්‍රවාහනයටත් වියදම් දැරිය යුතුය. එසේම, මෙම වැසිකිළි භාවිතා කළ හැකි නිශ්චිත වාර ගණනක් තිබේ. ඉන්පසු ඒවා බැහැර කළ යුතුය. ඒ නිසා එම වාර ගණන අනුව එක් වාරයකට යන වියදමක් තිබේ. සාමාන්‍යයෙන් මෙවැනි ජංගම වැසිකිළි සාමාන්‍ය වැසිකිළිවලට වඩා මිලෙන් ඉහළය. මේ සියල්ලට අමතරව රජයට බදුත් ගෙවිය යුතුය. මේවායේ මිල නිර්ණය වන්නේ ඒ අනුවය.

සැපයුම්කරුවන් එයට තම ලාභය ද, ව්‍යාපාරයේ අනාගත ආයෝජන සඳහා ආදායම් අපේක්ෂාවන් ද එකතු කරති. අවස්ථාවට යෝග්‍ය තාවකාලික වැසිකිළි පද්ධතියක් සපයාගැනීමේදී මුහුණදෙන්නට සිදුවන ලොකුම අභියෝගයක් වන්නේ මෙම සේවා සපයන තරගකාරී ආයතන සංඛ්‍යාව සීමිත වීමයි. එසේම ගුණාත්මකභාවයේ විවිධ මට්ටම් ද තිබේ. අඩුම මිලට සපයන සේවා හැම විටම අවශ්‍යතාවට යෝග්‍ය වන්නේ නැත. කෙසේ හෝ සකසුරුවම් ලෙස එය කළ යුතුය.

කුම්මැහිකමට කරනවා නම්, නිදහස් උත්සවයට සහභාගී වන රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු ආරාධිතයන්ට වැසිකිළි නොසපයා සිටිය හැකිය. හදිසි අයට අසල හෝටලයකට යන්නැයි කිව හැකිය. හදිසිය වැඩි නම් තාප්පයකට මුවා වන්නට ඉඩ හළ හැකිය. ඒ කුම්මැහිකමය.

සාදයකදී හදන කට්ලට් එක ඇතුළට අල වෙනුවට බතල හෝ අළු කෙසෙල් පිරවිය හැකිය. ඒවා කුම්මැහි වැඩය. අරක්කු වෙනුවට කසිප්පු දෙනවා වැනිය.

 

රටක් ලෙස අප යා යුත්තේ සකසුරුවමට මිස කුම්මැහිකමට නොවේ. එහිදී අභිමානවත් ලෙස කළ යුතු දේවල එකී අභිමානය තිබිය යුතුය. 2006 නිදහස් උත්සවයේදී අමුත්තන්ට කෑම පාර්සලයක් දෙන ලදි. එහි පොලිතින් පැකට්ටුවක් ඇතුළේ කිරිබත්, කැවුම් පමණක් නොව ලොරිවල, පොළවල බිම දමාගෙන එන කෙසෙල් කැනකින් කඩාගත් ගෙඩියක් ද එකටම දමා තිබිණි. එදා එය දැඩි විිවේචනයකට ලක්වූ මුත්, පසුව රාජපක්ෂ සමයේ උත්සව කළමනාකරණය දියුණු කර්මාන්තයක් බවට පත්විය.

රටක් ලෙස අප යා යුත්තේ සකසුරුවමට මිස කුම්මැහිකමට නොවේ. එහිදී අභිමානවත් ලෙස කළ යුතු දේවල එකී අභිමානය තිබිය යුතුය. 2006 නිදහස් උත්සවයේදී අමුත්තන්ට කෑම පාර්සලයක් දෙන ලදි. එහි පොලිතින් පැකට්ටුවක් ඇතුළේ කිරිබත්, කැවුම් පමණක් නොව ලොරිවල, පොළවල බිම දමාගෙන එන කෙසෙල් කැනකින් කඩාගත් ගෙඩියක් ද එකටම දමා තිබිණි. එදා එය දැඩි විිවේචනයකට ලක්වූ මුත්, පසුව රාජපක්ෂ සමයේ උත්සව කළමනාකරණය දියුණු කර්මාන්තයක් බවට පත්විය. කොටින්ම යහපාලන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම ඉවන්ට් මැනේජ්මන්ට් වැඩේ තමන්ගේ දුවගේ අලුතෙන්ම හැදූ කොම්පැනියකට පැවරීය. දැන් ඒ කොම්පැනිය කෝ හැබෑට? ඉවන්ට් මැනේජ්මන්ට් යනු ලංකාවේ දැවැන්ත කර්මාන්තයකි. අති විශාල පිරිසක් එහි රැකියා කරති. ටෙන්ට්, ස්ටේජ් ගහන කම්කරුවාගේ සිට, කැමරාකරුවන්, නැට්ටුවන්, මල්වෙඩිකරුවන් ආදී වෘත්තියන් රැසක් නඩත්තු වන්නේ එමගිනි. උත්සව නැතිකම නිසා දැන් ඔවුන් අමාරුවේ වැටී ඇත.

විශ්වවිද්‍යාලවල උපාධි ප්‍රදානෝත්සව ගස් යට පවත්වන්නේ නැත. උපාධි ලෝගුව වෙනුවට කුරුං ගුරුං වගේ අමතර සරමක් ඇඟේ දාගෙන යන්නේ නැත. හේතුව, එම අවස්ථාවට අදාළ අභිමානයක් පැවතිය යුතු හෙයිනි.

 

ලංකාව පවතින්නේ ආර්ථික අර්බුදයකය. ඒ නිසා සකසුරුවම්කම ඉතා වැදගත්ය. ඉංග්‍රීසියෙන් austerity යයි කියන්නේ එයටය. එහෙත්, අප කුම්මැහියන් නොවිය යුතුය.

 

සකසුරුවම්කම වෙනුවට කුම්මැහිකම ප්‍රවර්ධනය කිරීම කඩාකප්පල්කාරීන්ගේ මේ වන විට දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණයකි.

 

Ajith parakum Jඅජිත් පැරකුම් ජයසිංහ

දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

 (මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)

 

 

 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...