The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

චන්ද්‍රාචුඩ් : ඉන්දියානු අධිකරණයේ කැරලිකාර විනිසුරුවා

T

The Leader Desk

February 8, 2023 • 4:27 PM

චන්ද්‍රාචුඩ් : ඉන්දියානු අධිකරණයේ කැරලිකාර විනිසුරුවා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපරාධයක් හැටියෙන් සැලකූ නීතිය අවලංගු කරනවා.
  • ඒ වෙලාවෙදි විනිශ්චයකාර චන්ද්‍රාචුඩ් වැදගත් ප්‍රකාශයක් කරනවා.
  • මේ නිසාම සාම්ප්‍රදායික මතවාද කරින් ගත් ඉන්දියානුවෝ චන්ද්‍රාචුඩ් විසින් විෂසහිත ෆෙමිනිස්ට් අදහස් නීතියට ඇතුල් කරනවා කියල චෝදනා කරනවා.
  • ‘නීතිය කියන්නෙ හරියට තේරුම් ගත්තොත්, හරියට ක්‍රියාවට නැගුවොත්, පීතෘමූලිකබව, කුලවාදය සහ ආබාධිතයන්ට වෙනස් ලෙස සැලකීම ආදී අධිපතිවාදී ව්‍යුහයන්ට එරෙහිව ආරක්ෂාවට ඇති යාන්ත්‍රණයක්’ ඔහු එතනදී කියනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

අපරාධයක් හැටියෙන් සැලකූ නීතිය අවලංගු කරනවා. ඒ වෙලාවෙදි විනිශ්චයකාර චන්ද්‍රාචුඩ් වැදගත් ප්‍රකාශයක් කරනවා.

‘විවාහ වීමෙන් කාන්තාවකගේ ලිංගික අයිතිය පිරිමියාට පැවරෙන්නෙ නෑ. ඒ වගේම විවාහය කියන්නෙ කාන්තාවක් වෙනත් අය සමග ලිංගිකව හැසිරෙන්නෙ නැති වගට ඇති කරගන්නා එකග වීමක් නෙමෙයි’

මේ ප්‍රකාශයත් එක්ක චන්ද්‍රාචුඩ්ට එරෙහිව ඇවිලෙමින් තිබුනු #NotMy CJI ඒ කියන්නෙ, මගේ අගවිනිසුරු නොවේ යනුවෙන් ප්‍රතිගාමී ඉන්දියානු සංස්කෘතිය රකින්න දඟලන පිරිසගේ සටන තවත් බුරබුරා නගිනවා.

D Y චන්ද්‍රාචුඩ් කියන්නෙ මේ වෙද්දි ඉන්දියාවේ අගවිනිසුරුවරයා. අධිකරණයේ නීතිය ක්‍රියාත්මක වීමට ස්ත්‍රියගේ පාර්ශ්වයෙන් දැක්ම, තේරුම් ගැනීම අනිවාර්යෙන් අවශ්‍යයි කියල චන්ද්‍රාචුඩ් සෑහෙන කාලයක ඉඳන් සටන් කරනවා. මේ නිසාම සාම්ප්‍රදායික මතවාද කරින් ගත් ඉන්දියානුවෝ චන්ද්‍රාචුඩ් විසින් විෂසහිත ෆෙමිනිස්ට් අදහස් නීතියට ඇතුල් කරනවා කියල චෝදනා කරනවා. ඉන්දියාවෙ සංස්කෘතියට මේ ස්ත්‍රීත්වයට ගරු කරන අදහස් හරි වේදනාකාරී විදිහට දැනෙනවා.

Chandrachud

චන්ද්‍රාචුඩ්ට විරුද්ධව සෝෂල්මීඩියා කැරැල්ල පටන්ගත්තෙ එයා දිල්ලිවල ජාතික නීති විශ්ව විද්‍යාලෙ ශිෂ්‍යශිෂ්‍යාවන් අමතමින් ඔබ නීතිය පුහුණු වන විට නිතරම ස්ත්‍රීවාදී දැක්ම අඩංගු කරගන්න කියලා ඉල්ලා සිටීමත් එක්කයි.

මේ උපාධි ප්‍රදානෝත්සවයෙදි එයා කරන කතාව හරිම වැදගත්.

‘නීතිය කියන්නෙ හරියට තේරුම් ගත්තොත්, හරියට ක්‍රියාවට නැගුවොත්, පීතෘමූලිකබව, කුලවාදය සහ ආබාධිතයන්ට වෙනස් ලෙස සැලකීම ආදී අධිපතිවාදී ව්‍යුහයන්ට එරෙහිව ආරක්ෂාවට ඇති යාන්ත්‍රණයක්’ ඔහු එතනදී කියනවා.

නීතිවේදීන් සහ ස්ත්‍රී ක්‍රියාකාරීන් චන්ද්‍රාචුඩ්ගෙ මේ ප්‍රකාශයන් ඉතා ඉහළින් බාරගත්තා. ඒ නිර්භීතකම අගය කළා. නමුත් සාම්ප්‍රදායික බහුතරයේ ප්‍රතිචාරය වුනේ වෙනස් එකක්. ‘මිනිස්සු මේ ස්ත්‍රීවාදී සිතීම කියන එක වරදවා අරගෙන තියෙන බව පේනවා. ස්ත්‍රීවාදය කියන්නෙ එක එක අයට එක එක තේරුම් දෙන වචනයක් වෙන්න පුළුවන්. ඒත් මූලිකවම ස්ත්‍රීවාදය කියන්නෙ කාන්තාවට සම අයිතීන් ලබාදීම කියන එකයි’ ජ්‍යෙෂ්ට නීතිවේදිනියක් පැහැදිලි කළා.

‘මේ ප්‍රකාශය ගැඹුරින් කල්පනා කරලා බලන්න ඕන. පිරිමි විනිශ්චයකාරවරයෙක් ඉදිරියේ කාන්තාවක් විත්ති කූඩුවේ ඉන්නවා නම් අර පිරිමි විනිශ්චයකාරවරයා තමන්ට තමන්ගේ ලිංගිකත්වය- ජෙන්ඩර් එක විසින් උගන්වා ඇති සියලු දේ බැහැර කරමින් අර ගැහැණියගේ මනස තේරුම් ගන්නට උත්සාහ කළ යුතුයි කියන එකයි’

නීතිවේදියෙක් තවදුරටත් විස්තර කරනවා.

චන්ද්‍රාචුඩ් කියන්නෙ මීට කලින් ඉඳන්ම ඉන්දියානු ප්‍රතිගාමී සංස්කෘතියට බෝම්බ දානවා වගේ තීන්දු දුන් කෙනෙක්. එයා සමලිංගිකත්වය වරදක් යැයි සැලකෙන නීතිය නිෂ්ප්‍රභා කරනවා. කාන්තා හමුදා නිලධාරිනියන්ට හමුදාවේ උසස් තනතුරු ලබාගැනීමේ අයිතිය ඇති බව ප්‍රකාශ කරනවා. ගබ්සා කිරීමේ අයිතිය විවාහක සහ අවිවාහක කාන්තාවන්ට ලබාදෙනවා.

මේ නිසා චන්ද්‍රාචුඩ් බටහිර සංස්කෘතියට ඇබ්බැහි වුනු ඉන්දියාවේ සදාචාරය විනාශ කරන කෙනෙක් විදිහට හංවඩු ගැහෙනවා. පවුල් ජීවිත විනාශ කරන්නෙක් කියලා චෝදනා නැගෙනවා.

xklnds

‘ඉන්දියාවෙ කාන්තාවන් සම්බන්ධයෙන් තියෙන වාර්තා අසතුටුදායකයි. කාන්තාවන්ට එරෙහි ප්‍රචන්ඩත්වය පැත්තෙන්, කාන්තාවන් ශ්‍රම බලකායට ඇතුලත් කරගැනීම පැත්තෙන් වගේම නායකත්ව තනතුරු ලබාදීම පැත්තෙනුත් ඇති තත්වය ගැන කොහෙත්ම සතුටු වෙන්න බෑ. අපිට ඇත්තටම වෙනස් වෙන්න ඕන නම් රටේ ජනගහනයෙක් බාගයක් ඉන්න කාන්තාවන් ක්‍රියාකාරීව සම්බන්ධ කරගැනීම අත්‍යාවශ්‍යයි. නැත්තං මේක ජාතික නාස්තියක්. පටු කණ්ණාඩිවලින් බලලා ඉදිරියේදී නීති සම්පදානය නොකළ යුතුයි. මේ නිසා අනිවාර්යෙන්ම නීති සම්පාදනයේදී කාන්තාවගේ දැක්ම අඩංගු කරගත යුතුමයි. චන්ද්‍රාචුඩ් කරන මේ කාර්යය වඩාත් අගය කළ යුත්තේ ඒ නිසයි’

ප්‍රගතිශීලි සමාජ ක්‍රියාකාරිනියන් පෙනී සිටිනවා.

මේ කතාව ඉන්දියාවෙ. ඇත්තටම අපේ රටේ නීතිය තාම තියෙන්නෙ කොතනද? අපේ විනිශ්චයකාරවරුන් පෙනී ඉන්නෙ කොයි පාර්ශ්වය වෙනුවෙන්ද? අපේ රටේ චන්ද්‍රාචුඩ් වගේ විනිසුරුවරුන් පහළ නොවන්නේ ඇයි?

ඒ තමයි ලිංගිකත්වය ගැන අපේ රටේ නීතියට දැනෙන තරම.

Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

#truepatriotlk
#godayamu

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -facultyofsex.com)


 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...