The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අප ඇත්තටම සූදානම් ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

February 8, 2023 • 4:36 PM

අප ඇත්තටම සූදානම් ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තට්ටු නිවාස සහ ගොඩනැගිලි සියගණනක් එහෙම පිටින්ම පොළොවට වැළලී ඇති තුර්කියේ මිනිසුන් පොළොවට යටවූ ජීවිත සොයා තම දෑතින් පොළොව කණිමින් තිබෙනවා.
  • මේ සිදුවූ භූමිකම්පාව රික්ටර් මාපකයේ 7.5 සහ 7.8 අතර වියහැකියැයි සඳහන් වෙනවා.
  • තවත් දහස් ගණනක් තවමත් පොළොවයට සිරගතව ඇතැයි සහන සේවයකින් අනුමාන කරනවා.
  • ගොඩනැගිළි කඩාවැටීමෙන් නින්දේදීම මරණයට පත්වූ සහ පොළොවට යටවූ සිය දහස් ගණනක් මිනිසුන් පිළිබද කිසිදු විස්තරයක් මේ වනවිටත් වාර්තාවන්නේ නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):



තට්ටු නිවාස සහ ගොඩනැගිලි සියගණනක් එහෙම පිටින්ම පොළොවට වැළලී ඇති තුර්කියේ මිනිසුන් පොළොවට යටවූ ජීවිත සොයා තම දෑතින් පොළොව කණිමින් තිබෙනවා. සහන සේවකයින් නොයෙක් රටවල් වලින් මේ වනවිටත් තුර්කිය වෙත ළඟා වෙමින් තිබෙනවා.

මේ සිදුවූ භූමිකම්පාව රික්ටර් මාපකයේ 7.5 සහ 7.8 අතර වියහැකියැයි සඳහන් වෙනවා. තවත් දහස් ගණනක් තවමත් පොළොවයට සිරගතව ඇතැයි සහන සේවයකින් අනුමාන කරනවා. ඒ අතර මේ වනවිට තුර්කියේ කාලගුණය ඉතාම සීතල අතර එය සෙල්සියස් මයිනස් (C-) අගයක් යැයිද වාර්තා වෙනවා.

ගොඩනැගිළි කඩාවැටීමෙන් නින්දේදීම මරණයට පත්වූ සහ පොළොවට යටවූ සිය දහස් ගණනක් මිනිසුන් පිළිබද කිසිදු විස්තරයක් මේ වනවිටත් වාර්තාවන්නේ නැහැ. ඉනුත් විශාල ප්‍රමාණයක් ස්ත්‍රීන් සහ දරුවන් වියහැකි බව සහන සේවකයින් පවසනවා.

මේ ප්‍රදේශයේ භූගෝලීය තත්වය ගැන පර්යේෂණවල නියැලෙන ඇමෙරිකානු භුගෝල විද්‍යා සමීක්ෂකයින් පවසන්නේ මියගොස් ඇති ගණන අවම වශයෙන් 10000ක් පමණ ඉහළ අගයක්  වියහැකි බවයි.

බොහෝ තුර්කි වැසියන් පවසන්නේ මේ පැමිණ තිබෙන්නේ අප කවදා හෝ බලාපොරොත්තුවෙන් සිටි ලෝක විනාශය බවයි (apocalypse).

සත්‍යලෙසම අප හමුවට කොයි මොහොතක හෝ පැමිණිය හැකි මෙවන් දැවැන්ත ව්‍යසන වෙනුවෙන් අප තවමත් මිනිස් ශිෂ්ටාචාරයක් ලෙස සුදානම් ද?


Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අප ඇත්තටම සූදානම් ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ) | The Leader