The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ගෝඨාභය හයියෙන් අනුර කුමාරට කෙලින් වීම - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

T

The Leader Desk

February 10, 2023 • 9:51 AM

ගෝඨාභය හයියෙන් අනුර කුමාරට කෙලින් වීම - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එය තවත් එක් කතාවක් විය හැකිය.
  • ශ්‍රී දළදා මාලිගාවට පහරදීම ගැන විමසූ විට අනුර කුමාර දිසානායක කියන සුරතල් කතාව සමග ඒ සිද්ධිය ගැන දියනිලමේ නෙරංජන් විජයරත්න කළ ප්‍රකාශයට කන් දුන් කෙනෙකුට ජවිපෙය ඓතිහාසික ආරවුල් බව තේරුම් යනු ඇත.
  • සිය දෙමාපියන්ගේ සොහොන් කොත් තැනීමට කිසිදු විධිමත් අනුමැතියකින් තොරව කෝටි ගණනක් රාජ්‍ය ධනය තම පවුලේ උවමනාවට වැය කළ බවට චෝදනා ලැබූ සැකකරුවෙකි.
  • එකී මුදල වංචාවෙන් ගත් බව පිළිගෙන එකී මුදල ආපසු ආණ්ඩුවට ගෙවා දැමූ කයිරාටිකයෙකි.
අකුරු ප්‍රමාණය (Font Size):

එය තවත් එක් කතාවක් විය හැකිය. එහෙත් ජවිපෙ  අනුගාමිකයන් එළඹෙන මාර්තු 9 වෙනිදා පළාත් පාලන ඡන්ද ප්‍රතිපල නිකුත් වූ සැනින් අනුර කුමාර දිසානායක ලංකාවේ 09 වෙනි විධායක ජනාධිපති ලෙස දිවුරුම් දෙනු ඇතැයි අපේක්ෂාවෙන් පසුවේ එය බෙහෙවින් බරපතල වේ. 

 

මෙහිදී නවසිය අසූ ගණන්වල ලංකාවේ වයිරල් වුණ ඔබ මට විශ්වාසයි නම් ගීතය සිහිපත් වේ. ඔබ මට විශ්වාසයි ගීතයත් දේශපාලන හීනයකි. ආර් ප්‍රේමදාසය ඔබ මට විශ්වාසයි ගීතය පටලවා තිබුණේ ගම් උදාව නම් මහා රාජ්‍ය උත්සවයටය. අනුර කුමාර තමන්ට දැනෙතැයි කියන මේ විශ්වාසය ලංකාවේ දේශපාලනයෙන් ඉඳහිට ඇසෙන කෙඳිරියකි. ප්‍රශ්නය වන්නේ මේ කියන විශ්වාසයට පැවැත්මක් තිබේද යන්න ය. එවැනි විශ්වාසයකින් පසු වූ ආර් ප්‍රේමදාසට යා දුන්නේ වසර හතරකටත් අඩු කාලයකි. ගෝඨාභයට ඒ විශ්වාසය පැවතියේ හරියටම වසර දෙක හමාරකි.

 

අනුර කුමාර දිසානායක ගැන ජනතාව විශ්වාසයෙන් පසුවේ යයි මෙසේ කියාගන්නේ අනුර කුමාර දිසානායකමය. මේ කියන අනුර කුමාර දිසානායක කවුදැයි කියා රටම දනිති. එහෙත් ඉතිහාසයට පස්ස හරවා ගොඩ නගන බොහෝ මතවාද රටට සිදු කළ හානිය සුලුපටු නොවේ. 1989 ශ්‍රී දළදා මාලිගාවට පහරදීම ගැන විමසූ විට අනුර කුමාර දිසානායක කියන සුරතල් කතාව සමග ඒ සිද්ධිය ගැන දියනිලමේ නෙරංජන් විජයරත්න කළ ප්‍රකාශයට කන් දුන් කෙනෙකුට ජවිපෙය ඓතිහාසික ආරවුල් බව තේරුම් යනු ඇත.

අනුර කුමාර දිසානායක ගැන ගොඩ නැගෙන ජනතා විශ්වාසය, 20019දී ගෝඨාභයට ගොඩ නැගුණ ජනතා විශ්වාසය වාගේ එකක් නම් එය අනුරලාට කෙසේ වෙතත් රටට නම් ආශීර්වාදයක් සෙත් පිරිතක් වන්නේ නැත. ඒ ජන ප්‍රසාදය රටේ අසරණ ජනතාවගේ සබ්බ සහිරිය නැති බංගස්ථාන කරන සුනාමි මෙන් උදම් රළක් මිස රටේ යහපත පිණිස හේතු නොවන නිසා ය.

 

WhatsApp Image 2020 11 07 at 20.50.00

 

ගෝඨාභය විශ්වාස කරමින් රටේ ජනතාව පෙළ ගැසෙන කාලයේ එනම් චරිතය ලාංකේය පුරවැසියෙකුවත් නොවේ. සිය දෙමාපියන්ගේ සොහොන් කොත් තැනීමට කිසිදු විධිමත් අනුමැතියකින් තොරව කෝටි ගණනක් රාජ්‍ය ධනය තම පවුලේ උවමනාවට වැය කළ බවට චෝදනා ලැබූ සැකකරුවෙකි. එපමණක් නොවේ. එකී මුදල වංචාවෙන් ගත් බව පිළිගෙන එකී මුදල ආපසු ආණ්ඩුවට ගෙවා  දැමූ කයිරාටිකයෙකි. මේ තොරතුරු දැන දැනම එවැන්නෙකුට රට භාර දීමට ඒ අවස්ථාවේ සත්තකින්ම රටේ ජනතාවට තිබුණ අවශ්‍යතාව හදිසිය පීඩනය කුමක්ද? රුපියල් දස දහසකින් රජයේ සේවක වැටුප් වැඩි කිරීම පිළිබඳ විරෝධයක් එකල පාලකයන්ට එරෙහිව රටේ පැවතුණේ නැත. දරාගත නො හැකි තරමට රටේ හාල් පොල් ඉන්ධන ඖෂධ වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිල වැඩිවීමක් පැවතියේද නොවේ. ගෙවුම් ශේෂ හිගයක් ගැන විපක්ෂයේ චෝදනාවයක් නොවීය. පැවති එකම ආරවුල නම් මහින්ද බැසිල් නාමල් ගෝඨාභය ආදි මැදමුදල රාජපක්ෂ සනුහරේ සාමාජිකයන් කළ දූෂණ වංචා පිළිබඳ නීතිය ඉදිරියෙහි යම් යම් කරුණු වාර්තා කිරීම පිළිබඳ රාජපක්ෂලාට ගැති වහලුන්ට පැවති වේදනාව වෛරය පමණකි.

 

ඒ මතවාදි රැල්ල රටේ දූෂණයට එරෙහි පෙළ ගැස්මක් නොවීය. අද අනුරට දැනෙන විශ්වාසයද දූෂිතයන් රකින බලවේගයකි. එසේම දොස්තර සාෆිගේ වඳ සැත්කම් පිළිබඳ කතාව අදවන විට පල් බොරුවකි. අතුරලියේ රතනගේ කාබනික පොහොර ව්‍යාපෘතිය කන්න ගණනාවක් රටේ ගොවිතැන විනාස කිරීමට හේතු විය. දොස්තර පාදෙණියගේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය මෙන්ම උපාලි හාමුදුරුවන්ගේ හිට්ලර් කතාවත් රාජපක්ෂලා ඔසවා තැබීමට වඩා යමක් නො වීය. එසේම පාස්කු ප්‍රහාරයත්, කැලණි ගගෙන් මතුවී මහා විහාරයට වැඩම කරවූ නාග රාජයාත්, බෞද්ධ ක්‍රිස්තියානි ලබ්ධිකයන් තුළ ගෝඨාභය කෙරෙහි ඇල්මක් ඇති කිරීමේ කුමන්ත්‍රණ පමණකි. අනුර රටේ බලය ඇල්ලීමට අපේක්ෂා කරන්නේ ඒ ආකාරයෙන් රටේ ජනතාව ගොනාට අන්දවා නිර්මානය කළ බොරු කාරයෙකුගේ හැඩය කොපි කිරීමක් හරහා ය. එය රටක යහපතට හේතු විය හැකි ද?

බොරුවෙන් මංමුලාවෙන් අතරමං කළ ජනතාව තුළ ගෝඨා ගැන පැවති විශ්වාසය වැඩි දියුණු කිරීමට විදේශගත ලාංකේය පුරවැසියන් ඇති කළ ප්‍රචාරාත්මක හැසිරීම ලජ්ජා සහගත එකකි. ඔවුන් දහස් ගණනින් වෙනම ගුවන් යානා වෙන් කරවාගෙන පැමිණ කටුනායක සිට පෙරහැරෙන් ගමේ ඡන්ද පොලවල් කරා ගොස් කතිර ගැසීමෙන් සාමාන්‍ය ජනතාව කුළ ඇති කළ උත්තේජනය අද දවස සමග සසඳන කල්හී සමාව දිය නො හැකි අපරාධයකි. අද ඔවුන් කියන්නේ කුමක්ද? ජවිපෙට රට බාර දුන්නොත් ඩොලර් එවන බවය. මේ හැසිරීම් දේශපාලන කොන්ත්‍රාත් මිස රටට හිතකර කල්පනා නොවේ. 

 

මේ කියන රැවටීම බොරුව මත කෙලින් කළ ගෝඨාභය රාජපක්ෂ නම් රටේ ගැලවුම්කාරයා ලෙස පාට කළ මැටි රූපය  බලයට පත්වී තුන් වසරක් ගෙවීමටත් පෙර බලයෙන් පහ විය. හේතුව කුමක්ද? බොරුවෙන් රවටා ජනතාව තුළ ඇති කරන උද්වේගය මෝඩ චූන් හරහා නිර්මානය වන නායකයන්ට ඉහ මොළ දෙකම නැතිකමය. රටට ලැබුණ ඉන්ධන ටික හෝ බෙදා හැරීමට සරල ක්‍රමයක් යෝජනා කරන දැනුමක් ඒ මැටි මෝලාට නො වීය. 1982 සිට මේ දක්වා ජනතා විමුක්ති පෙරමුණ එක් වරක් හෝ තෝරා ගැනීමට ජනතාව කල්පනා නො කළේ හරයාත්මක දේශපාලන ගැඹුරක් මුහුකුරායාමක් නො තිබුණව දැනුණ නිසා ය. 

 

ඉඳ හිට තුණ්ඩු කෑල්ලෙන් රට මෙහෙය වූ ජවිපෙය ප්‍රජාතන්ත්‍රවාදයට තුවක්කු එල්ල කොට, 1988දී ජනතාව බිය ගන්වා, විශිෂ්ට රාජ්‍ය පාලිකාවක ලෙස ජාත්‍යන්තරයේ පවා නමක් දිනා සිටි බණ්ඩාරනායක මැතිනිය පැරැද්දවූහ. එදා ජනතා විමුක්ති පෙරමුණ පසු කලෙක 2005දී ජවිපෙය රාජපක්ෂලාට දුන් ශක්තිය 1988දී මැතිනියට දුන්නා නම් ලංකාවට මෙහෙම වෙන්නේ නැත. එසේම 2005දී ප්‍රභාකරන් සමග එක්ව මහින්ද රාජපක්ෂ බලයට පත් කිරීමෙන් සිදුකළ විනාසය සුලුපටු නොවේ. ගෝඨා මොඩලයට ගෙන සිය ජයග්‍රහණය ගැන උදම් අනන ජවිපෙ තවමත් දේශපාලනිකව පරිනතව නැත. 

නීලා වික්‍රමසිංහලා රාජපක්ෂලාට කඩේ ගියේත් ජවිපෙය මෙන් ඇස් බැඳගෙන ය. වර්තමානයේ  සංගීත් විජේසූරියලා වැනි ගායකයන් නලුවෙන් නාඩගම් කාරයන් පානා රැගුම් ලලිත කලා සෙල්ලම් නාඩගම් ජනතාවගේ දෑස් නිලංකාර  කිරීමට පමණක් සමත් විය. අද ගිලන් ඇදක සැතපෙන ජැක්සන් ඇන්තනීට කතා කළ හැකි නම් කළ වරද වමාරණවා සිකුරුය.

2005 ජනාධිපති මැතිවරණය සඳහා සුදුස්සෙකු ගැන ශ්‍රීලනිපයට අදහසක් තිබුණේ නැත. එවකට ජනාධිපතිව සිටි චන්ද්‍රිකා කීවේත් මහින්ද රාජපක්ෂ හැර වෙන ඕනෑම කෙනෙක් කියන මතයේය. එදා ජනතා විමුක්ති පෙරමුණ සිදු කළ මැදිහත්වීම නිසා රටට අහිමි වූ හැමදේකටම අනුර කුමාරලා හෙටටත් වගකිව යුතුවේ. ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ මුල් වරට විධායක ජනාධිපති ධුරයට තරග නොකර තෝරා ගත් සුදුස්සා රටටම සාපයක් වූ තක්කඩියෙකි. ඒ සුනාමි ව්‍යසනයෙන් විපතට පත් රටේ අසරණ ජනතාව සඳහා විදේශ වලින් ලබාදුන් මුදල් ආධාර ගසා කෑ බවට අධිකරණයෙහි ප්‍රධාන චුදිතයෙකු ලෙස නම් කර සිටි මහින්ද රාජපක්ෂ නොවේද? අද අනුර තමන්ට ලැබෙන ජනතා ආකර්ශණය තක්සේරු කරන්නේ රට රැවටූ තවත් රාජපක්ෂ කෙනෙකුගේ නම මතුරමිනි. ජවිපෙට සාධනීය උදාහරණයක් හෝ නැති තරම් ය.

 

 108340603 gettyimages 55315245

මේ තත්වය තේරුම් ගත් සිවිල් සමාජයේ පුරවැසියෙක් කීවේ 2005දී ජවිපෙය ප්‍රභාකරන් එක්ව තෝරා දුන් නායකයා නිසා ගෙවුණ පහළොස් වසර පුරා රටට සිදු වූ හොඳක් නැත කියා ය. ලැබුණ එකම දේ බොරුව වංචාව රැවටීම පමණකි. ඔහු කියන්නේ රාජපක්ෂ අනුප්‍රාප්තිය දෙවන වන්නේ කුවේනි සාපයට පමණක් බවය. අර සිවිල් ක්‍රියාකාරිකයාට අනුව රාජපක්ෂ සම්ප්‍රාප්තියද 2019දී යළි පැමිණියේ මහා මනුෂ්‍ය ඝාතනයක් හරහා බවය. තිස් අවුරුදු යුද්ධයකින් රටේ සියලු ශක්තීන් විනාස කළ වේලුපිල්ල්ලේ ප්‍රභාකරන් රාජපක්ෂලාට රට භාර දෙන පින්කමට අත ගැසුවේ දෙන්නම් උඹලාට යන වෛරී චේතනාවෙනි. කුවේනිගෙන් ප්‍රභාකරන්ට මාරුවූ සාපය විනාශය 2022දී ගෝඨාභය පළවා හැරීමේ යන්තම් අවසන් විය.

ඒ සමග ඉතිහාසය ලෙයින් තෙත් කළ විජේවීරගේ අවතාරය යළි අතපය විසි කරනු පෙනේ. විජේවීරගේ රතුපාට විප්ලවය දිනවීමට දිවුරු සිටින මාලිමා නඩය කතා කරන්නේ විකාරයෙන’. අනුර කුමාර දිසානායක ජනතාවට එපාවී කුජිතවී රටෙන් පැන ගොස් යළි පැමිණ සිටින ගෝඨාභයට ලැබුණ ආවේස වී තමන්ද ඒ ජන වාරමෙන් ශක්තිමත් ජන වරම අපේක්ෂා කිරීම සාපයක් මිස උදාන වාක්‍යයක් නම් නොවේ.

පොළොන්නරුවේ පොත්ගුල් විහාර පරිශ්‍රයේ විරාජමාන උත්තුංග ශෛලමය ප්‍රතිමාව ලංකා ඉතිහාසයෙන් පරිච්ඡේදයකි. සංස්කෘතියෙන් කොටසකි. ඒ කවුද? මහා පරාක්‍රමබාහු නම් විශිෂ්ඨ නරපතියා යයි කුඩා දරුවන් පවා වහා උත්තර දෙනවා නියතය. ඒ මහා පරාක්‍රමබාහු රජතුමා නම් නොවේ පුලස්ති හෝ වෙනත් එවැනි නමකින් හැඳීන්වෙන ඍෂිවරයෙකි යයි තවත් කෙනෙකුට කිව හැකිය. එහෙත් මහා පරාක්‍රමබාහු අනන්‍යතාව යටපත් කිරීමට, කාගේවත් විලාසමක් විග්‍රහයක් ප්‍රතිවාපයක්  කියවීමක් සමත් නොවේ. අහසින් බිමට වැටෙන අන්තිම ජල බිංදුවත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට නො යවන්නැයි කළ ප්‍රකාශය පමණක්, ප්‍රතාපවත් මහා පරාක්‍රමබාහු මහරජතුමා ඉතිහාසගත වීමට ප්‍රමාණවත් ය එසේම එකී ප්‍රතිමාවේ දෑතෙහි රඳවා ඇත්තේ පුස්කොළ පොතක් යයි කෙනෙකු කියනු ඇත. ඒ ප්‍රතිමාව පිහිටා ඇති පොල්ගුල් විහාරය නිසා ඇති වූ කල්පනාවකි. තවකෙකුට අනුව ඒ ප්‍රතිමාව අත දරා සිටින්නේ වියගහකි. වියගහ යනු දේශීය කෘෂිකර්මාන්තයේ උරුමයකි විශිෂ්ඨ සංඛේතයකි නගුලත් ගවයාත් එකට බැඳ සී සෑමේදී වියගහ යනු ඉතිහාසය පුරා එකට බැඳී අවියෝජනීය මෙවලමකි. සිංහල ගමේ සාම්ප්‍රදායික ගොවියා කිසි විටෙක් වියගහට උඩින් පැන යාමත් නො යන තරමට ඊට ගරු බුහුමන් දක්වති සංස්කෘතික වශයෙන්  වියගහට පවත්නා තක්සේරුවේ ප්‍රමාණය කාලයෙන් ඉතිහාසයෙන් නොව ආකල්ප විසින් ගොඩ නැගී ඇති බව සිතා ගැනීමට තවත් කතා අවශ්‍ය නොවේ.

 

 128521104 p0f10twb

එහෙත් අවාසනාව වන්නේ සමහරුන් පුස්කොල පොතක්, වියගහක් ලෙස සලකන සංඛේතය පැපොල් බෑයක් ලෙස දැකීමය. 75 වසරක් ගෙවුණ නිදහස් ලංකාවේ ජනතා විශ්වාසය දිනා ගත් විශිෂ්ඨ නායකයන් බොහෝ ය.

එහෙත් අනුර කුමාර තමන් වටා ගොඩ නැගෙන ජන විශ්වාසය දකින්නේ රටක් විනාස කළ බොරු කාරයෙකුගේ ගැම්මට ආරෝපනය කරමිනි.

ජන විශ්වාසය ආවේසයක් නොවේ. එය යනු ඉර හඳ මෙන් නො වෙනස්ව පවත්නා ශක්තියකි. මහ පැරකුම්බාවන් අනුව යමින් ජනතාවගේ බඩගින්න නිවීමට රට සහලිංන් ස්වංපෝෂිත කිරීමට ඇති කළ පියවර හෙටත් රටේ බඩගින්න නිවාලති. එයින් ජනතාව විඳින සතුට කාටවත් උරම නැත. පොත්ගුල් විහාර පරිශ්‍රයෙහි දැකගත හැකි ශෛල ප්‍රතිමාව මොන නමින් හැඳින්වුවද ඒ වටා පැතිරුණ ජනතාවගේ ශීර්ෂ ප්‍රණාමය ප්‍රසාදය වෙනස් නොවේ. ඒ ප්‍රතිමාවේ දෑතෙහි රැඳුණ අර සංඛේතය පැපොල් බෑය කීවත් මහා පරාක්‍රමබාහු පිළිබඳ විශ්වාසය ජන ප්‍රසාදය භක්තිය ඉර හඳ මෙන් නො වෙනස්ව පවතිනු ඇත. තමන් ජන සම්මතයෙන් ශක්තිමත් වේ යයි  සිතට දැනෙනන්ට පටන් ගත් විට අනුර කුමාරගේ වහා දර්ශනය වන්නේ ගෝඨාභය නම් ඒ කලකන්නි ආවේශය නම්, විජේවීර තුළ පැවති මානසික විකෘතිය අනුරලාගෙන් පහව ගොස් නැති බව තේරුම් ගත යුතුවේ. අනුරට වැහී සිටින්නේ ගෝඨාභයද විජේවීරද ජවිපෙය දනිති. එහෙත් අලුත් රටක් වෙනුවෙන් අනුරලා විශ්වාස කරවන සංගීත් විජේසුරියලාත් රටේ ජනතා අපේක්ෂා දකින්නේ විපරීත වූ මනසකින් නොවේද?

අනුර කුමාර දිසානායකට ආරෝපනය වී පවත්නා ජන ආකර්ශණය ගෝඨාභය රාජපක්ෂට ඒකාරාශිවූ ජන වරම නම් රටේ කවුරු කවුරුත් තම තමන්ගේ කේන්දර බලවා ගත්තාට කිසිදු දෝෂයක් නැත හේතු කිහිපයකි. පළමුවැන්න අනුර විකාරයෙන් නන්දෙඩවීමය දෙවැන්න රටේ ජනතාව 1982 සිට වසර 41  ක් පුරා ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධව අඛණ්බව සිය විනිශ්චය දී අවසන්ව ඇති නිසාය.



chandrasiri senevirathne(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com

(උපුටා ගැනීම අනිද්දා පුවත්පතින්.. )


320723070 553561629955212 5233208659897488127 n


JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ගෝඨාභය හයියෙන් අනුර කුමාරට කෙලින් වීම - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න) | The Leader