The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මානීගේ තීරුව : ලියම්දෝ නොලියම්දෝ - දෙම්දෝ නොදෙම්දෝ

T

The Leader Desk

February 12, 2023 • 10:11 AM

මානීගේ තීරුව : ලියම්දෝ නොලියම්දෝ - දෙම්දෝ නොදෙම්දෝ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "දැන්වත් නැගිටිනව හලෝ"බිරිඳ මට කීවාය ." අද මානිගෙ තීරුව ලියන්නත් තියෙනව නේද ?" "අද මම ලියන්නෙ නෑ "මම කෙටියෙන් කියා සිටියෙමි.
  • "වල්මත් වෙලා ඉන්න රටට මාලිමාවෙන්නෙ තාත්තෙ පාර හොයාගන්න තියෙන්නෙ " පුතා අසරණ හඬකින් කියා සිටියේය.
  • "උන්ට රට ගොඩගන්න පුළුවන්ද නැද්ද කියල මං දන්නෙ නෑ ,මට ඒකෙන් ඇති වැඩකුත් නෑ " බිරිඳ නොරිස්සුමෙන් කීවාය.
  • "හැබැයි මං නොකිව්වයි කියන්න එපා තමුසෙ ඔය හදන්නෙ නයාට ගහල පොල්ල වරද්දගන්නයි " "අම්ම කියන කතාව ඇත්ත තාත්තෙ, ආණ්ඩු බලය ගන්න ඔන්න මෙන්න කියල තියෙද්දි කවදාවත් නැතුව තමන්ට ඇටෑක් කරාම ඒගොල්ලොන්ගෙ හිත් රිදෙයිනෙ තාත්තෙ " පුතා දුක්මුසුව කියා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):



"දැන්වත් නැගිටිනව හලෝ"බිරිඳ මට කීවාය ." අද මානිගෙ තීරුව ලියන්නත් තියෙනව නේද ?"

"අද මම ලියන්නෙ නෑ "මම කෙටියෙන් කියා සිටියෙමි. "මේ සුමානෙ මට ලියන්න දෙයක් නෑ "
ඒ අසා බිරිඳ කෑගැසුවාය.

"බුදු අම්මෝ! මේ කතාව කාටවත් ඇහුණොත් එහෙම අපි ඉවරයි නේද ?" ඈ හඬ තැලුවාය. "මෙච්චර පිස්සු කෙළින ආණ්ඩුවක් තියෙද්දි  ලියන්න දෙයක් නෑ කිව්වම රට්ටු මොනව නොහිතයිද ?මොනව නොකියයිද?"

"මට වැඩක් නෑ ඕයි එක එකා හිතන කියන මගුල්වලින්" මම තදින් කියා සිටියෙමි . "හැමදාම මේ ආණ්ඩුවටම බැනලයි හිනාවෙලයි මට දැන් තිත්ත වෙලයි  තියෙන්නෙ "

මෙහිදී අපේ පුතාද කතාවට සම්බන්ධ විය.

"හරි, හරි අම්මෙ අපි තාත්තගෙ පැත්තෙනුත් ප්‍රශ්නෙ දිහා බලමු "පුතා කියා සිටියේය. "තාත්තට ආණ්ඩුවට ගහල එපාවෙලා නම් මේ සුමානෙ සජිත් බබාට ගහන්න පුළුවන්නෙ "

මට හිතේ කරදරය අමතක වී හයියෙන් හිනා ගියේය.

"අපරාදෙනෙ වචන පුතේ. තාම තාත්තගෙ නම නොකිය දේශපාලනේ කරන්න බැරි පොඩි එකෙකුට මං මොනව කියන්නද?" මම කීවෙමි. "හැබැයි මට ආසයි ජෙප්පොන්ට ගහල නම් මානිගෙ තීරුව ලියන්න "

බිරිඳත් පුතාත් දෙදෙනාම ඔළුවට තඩි පොල්ලකින් පහර වැදුණාක් මෙන් පුටු උඩට කඩාගෙන වැටුණහ.

විනාඩි ගණනාවකට පසු වතුර වීදුරුවක් ද බිව් පුතාට කටහඬ පාදා ගත හැකි විය.

"වල්මත් වෙලා ඉන්න රටට මාලිමාවෙන්නෙ තාත්තෙ පාර හොයාගන්න තියෙන්නෙ " පුතා අසරණ හඬකින්  කියා සිටියේය. "රට ගොඩගන්න තියෙන අන්තිම අවස්ථාවත් නැති කරන්න දායක වෙන දුෂ්ටයෙක් වෙන්න එපා තාත්තෙ "

බිරිඳගේ කටටද අවසානයේ පණ ආවේය.

"උන්ට රට ගොඩගන්න පුළුවන්ද නැද්ද කියල මං දන්නෙ නෑ ,මට ඒකෙන් ඇති වැඩකුත් නෑ " බිරිඳ නොරිස්සුමෙන් කීවාය. "හැබැයි මං නොකිව්වයි කියන්න එපා තමුසෙ ඔය හදන්නෙ නයාට ගහල පොල්ල  වරද්දගන්නයි "

"අම්ම කියන කතාව ඇත්ත තාත්තෙ, ආණ්ඩු බලය ගන්න ඔන්න මෙන්න කියල තියෙද්දි කවදාවත් නැතුව තමන්ට ඇටෑක් කරාම ඒගොල්ලොන්ගෙ හිත්   රිදෙයිනෙ තාත්තෙ " පුතා දුක්මුසුව කියා සිටියේය. "අනික ඒගොල්ලො යාළුවො හැටියට තියාගන්න මිසක් තරහකාරයො කරගන්න හොඳ කට්ටියක් නෙවෙයිනෙ  තාත්තෙ "

මට මේ කතාවලින් හොඳටම කේන්ති ගියේය.

"යකෝ අපි එතකොට බලේට ගේන්න හදන්නෙ විවේචනයක් ඉවසගන්නවත් බැරි එවුන් ටිකක්ද?" මම කෑගසා කීවෙමි. "ප්‍රජාතන්ත්‍රවාදියො කියන්නෙ නම්  තමුන්ට ගහන ඒවයිනුත් විනෝද වෙන්න පුළුවන් විදිහෙ එවුන්ටනෙ. එතකොට අම්මයි පුතයි කියන්නෙ ජෙප්පො ප්‍රජාතන්ත්‍රවාදියො නෙවෙයි කියලද  "
පුතා වහාම කතාව වෙනත් මගකට යොමු කළේය.

"දැන් අවුරුදු හැත්තෑපහක් මුන් දෙගොල්ලන්ටම දීල අන්තිමේදි අපිට මොකද වුණේ තාත්තෙ  ?" ඔහු මගෙන් ඇසුවේය."ඒක නිසා අපි මාලිමාවටත් අවස්ථාවක් දීල බලන්න ඕන නේද තාත්තෙ "

"අම්මපා ඔව් "මමද පුතා සමග එකඟ වූයෙමි. "උන්ට සැරයක්වත් නොදුන්නොත් හැමදාම කණක් ඇහිල ඉන්න වෙන්නෙ නෑනෙ අපිට දුන්න නම් මේක ගොඩ දානව කියලම. දුන්නම උන් මේක ගොඩ දැම්මොත් කොහොමටත් ⁣ප්‍රශ්නයක් නෑනෙ, අනික ගොඩ නොදැම්මත් ප්‍රශ්නයක් නෑ, මොකද එතකොට ඒගොල්ලොයි, අරගොල්ලොයි, මේගොල්ලොයි ඔක්කොම එකයි කියල හිත හදාගෙන අපිට ජීවත් වෙතෑකිනෙ"

"ඒ වුණාට තාත්තෙ මාලිමාවට එක සැරයක් දීල ප්‍රශ්න විසඳයි කියල බලාපොරොත්තු වීම අසාධාරණයිනේද?" පුතා අහිංසක ලෙසින් කියා සිටියේය ."හරි නම් අපි ඒගොල්ලන්ටත් අවුරුදු හැත්තෑපහක් දෙන්න ඕන නේද ?"




sundara nihathamani de mel(සුන්දර නිහතමානි ද මැල්)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

(සුන්දර නිහතමානි ද මැල් ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගැනිණ )


 

JW

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මානීගේ තීරුව : ලියම්දෝ නොලියම්දෝ - දෙම්දෝ නොදෙම්දෝ | The Leader