The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

චීන ආදරය සහ ඉන්දියානු විරෝධය නොහොත් වඩේ වෙනුවට නූඩ්ල්ස්

T

The Leader Desk

February 12, 2023 • 5:25 PM

චීන ආදරය සහ ඉන්දියානු විරෝධය නොහොත් වඩේ වෙනුවට නූඩ්ල්ස්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විශේෂයෙන්ම ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව වන ජනතා විමුක්ති පෙරමුනේ සුප්‍රකට පංති පහෙන් එකක් හරහා මෙය වේගයෙන් දකුනේ සමාජිය වෙත කාන්දු වූ අතර ඉන්දු-ලංකා ගිවිසුම හරහා පැමිනි ඉන්දියානු විරෝධය හමුවේ මෙම අදහස වඩ, වඩා ශක්තිමත් විය.
  • ඉන්දියාව මූලික වශයෙන් පැති දෙකකින් මෙම ජාතික ගැටලුවට සම්බන්ධ වෙන බව අපිට නිරීක්ෂණය කලහැක.
  • එක් පසෙකින් ඉන්දියාව තුල දකුනු කලාපයේ තමිල්නාඩුව පිහිටා ඇති අතර එහි ජනයා ද්‍රවිඩ ය.
  • ලංකාවේ උතුරු -නැගෙනහිර දෙමල ජනයා වෙත කෙරෙන ඕනෑම පීඩනයක් තමිල්නාඩුව බාරගන්නේ තමන්ගේ කොටසක් ලෙසින් වීම මේ ජනයා එක් ජනවර්ගයක් වීමට සමානුපාත ය.
අකුරු ප්‍රමාණය (Font Size):



විශේෂයෙන්ම ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව වන ජනතා විමුක්ති පෙරමුනේ සුප්‍රකට පංති පහෙන් එකක් හරහා මෙය වේගයෙන් දකුනේ සමාජිය වෙත කාන්දු වූ අතර ඉන්දු-ලංකා ගිවිසුම හරහා පැමිනි ඉන්දියානු විරෝධය හමුවේ මෙම අදහස වඩ, වඩා ශක්තිමත් විය.

ඉන්දියාව මූලික වශයෙන් පැති දෙකකින් මෙම ජාතික ගැටලුවට සම්බන්ධ වෙන බව අපිට නිරීක්ෂණය කලහැක. එක් පසෙකින් ඉන්දියාව තුල දකුනු කලාපයේ තමිල්නාඩුව පිහිටා ඇති අතර එහි ජනයා ද්‍රවිඩ ය. ලංකාවේ උතුරු -නැගෙනහිර දෙමල ජනයා වෙත කෙරෙන ඕනෑම පීඩනයක් තමිල්නාඩුව බාරගන්නේ තමන්ගේ කොටසක් ලෙසින් වීම මේ ජනයා එක් ජනවර්ගයක් වීමට සමානුපාත ය. එවිට ඉන්දියානු භූමිය තුල තමන්ගේ බලය අභ්‍යාස කරන ඕනෑම දේශපාලනයකට තමිල්නාඩුවත්, එහි ජන්දත් අවශ්‍ය බැවින් ඔවූහූ මෙම ගැටලුවට සංවේදී ය.



අනෙක් පැත්තෙන් ලංකාවේ කවුරු කැමති හෝ අකමැති වුවද උතුරු -නැගෙනහිර වෙනම ඊලම් රාජ්‍යක් ගොඩනැගීමටද ඉන්දියාව සම්පූර්ණයෙන්ම අකමැතිය. එසේ දෙමල රාජ්‍යක් ඇතිවුවහොත් ඊට ආසන්නයේ ඇති තමිල්නාඩුව ඒහා සමාන දේශපාලන ආශ්වාදයක් සහිතව ඉදිරියට පැමින වෙන්වීමට අරගල කරනු ඇතැයි යන ඉන්දියානු සිතිවිල්ලද තිබේ. එය ඉන්දියාව පැත්තෙන් සාධාරණය.


එක් පසෙකින් 13 ව්‍යවස්ථා සංශෝධනය හරහා බලය බෙදීමට ඉන්දියාව ලංකාවට පීඩනය යොමු කරන ගමන් අනිත් අතට LTTE සංවිධානය මෙම චිත්‍රයෙන් ඉවත් කිරීමට ඔවුන් සහය දුන්නේ එබැවිනි.

මෙම ගැටලුවේදී ඉන්දියාව නියමාකාරයෙන් කලමනාකරනය කර නොගෙන විසදීමට ගන්නා ඕනෑම උත්සාහයක් ඔවුන් පරාජය කරනු ඇත්තේ ඉහත අන්ත දෙකෙහි චලනය පිළිබඳව ඉන්දියාව සංවේදී බැවිනි. කල යුත්තේ ඉන්දියාව විසින් තමන්ගේ කැමැත්ත හා දිරිගැන්වීම ලබාදෙන 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම හරහා ඉන්දියාව කලමනාකරනය කරගැනීමයි.

යම් කිසි දේශපාලනයක් චීනය මත යැපෙමින්, මධ්‍යගත පාලනයක් කෙරෙහි හා ඒහා බැදුනු සංවර්ධන මොඩලයක් කෙරෙහි බර තබන්නේද, ඉන්දියාව නොවිසදනු ලංකාවේ ජාතික ගැටලුව කෙරෙහි නැවතත් සිය උපායමාර්ග වෙනස් කරනු ඇත.

ජේ.ආර්.ජයවර්ධන, සංවර්ධණය සදහා ඇමෙරිකාවට බර තබන ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීමේදී ඉන්දියානු මැදිහත් වීම වේදනාකාරී බව අපි දනිමු. මේ වන විට ලෝක බලතුලනය වෙනස් වී ඇති අතර ඉන්දියාව සිටින්නේ කලාපීය බලවතා වීමට චීනය සමග බල අරගලක විනා ඇමෙරිකාව හෝ යුරෝපය සමග නොවේ.

දේශපාලන වේදිකාවල ඇසෙන හා මාධ්‍ය මත චිත්‍රනය වන චීන-ආදරය හා ඉන්දියානු විරෝධය යනු හුදෙක් අහිංසක දේශපාලනික කාරනාවක් නොවේ. අවශ්‍යනම් එකිනෙකා හා බලය බෙදාගෙන ඉදිරියට පියනැගිය හැකි අතර නොමැතිනම් 80 දශකයේ සිට නැවත ආරම්භ කල හැකිය.


 (carbonnews.lk)

 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...