The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පටන්ගත්ත ගමන එහි රැඩිකල්ම අවසානය දක්වා අරන් යමු! - (මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

February 14, 2023 • 10:20 AM

පටන්ගත්ත ගමන එහි රැඩිකල්ම අවසානය දක්වා අරන් යමු! - (මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක දිසාවකට යනවා වගේ පෙනුණට ගැඹුරු ආදරවන්තයෝ යන්නේ ඇත්තටම පාරවල් දෙකක.
  • මේ හමුවීම ඇත්තටම අමාරු දෙයක්.
  • අපේ ෆැන්ටසි එක ඇතුලේ අපි ආස වෙන්නේ අනිත් කෙනා අපිට ආස විදියට ඉන්නවා දකින්න.
  • Leaving Las Vegas (1995) චිත්‍රපටයට මම කැමති ඒ නිසා.
අකුරු ප්‍රමාණය (Font Size):



එක දිසාවකට යනවා වගේ පෙනුණට ගැඹුරු ආදරවන්තයෝ යන්නේ ඇත්තටම පාරවල් දෙකක. අසමාන්තර සමාන්තරයක. ඒත් ඒ පාරවල් කවදාවත් හමුවෙන්නේ නැහැ කියල කියන්න බැහැ.

 

මේ හමුවීම ඇත්තටම අමාරු දෙයක්. අපේ ෆැන්ටසි එක ඇතුලේ අපි ආස වෙන්නේ අනිත් කෙනා අපිට ආස විදියට ඉන්නවා දකින්න. හැබැයි අනිත් කෙනාගේ ෆැන්ටසි එක වෙනස් නිසා එයා ආස අපතුල වෙනත් දෙයක් දකින්න. මේ නිසා එකට හිටියට අපි ගැඹුරින් දෙන්නෙක්. විශ්වයන් දෙකක්.

 

ඔයා සිගරට් බොන්න ආස නම්, සිගරට් කියන්නේ මරණීය දෙයක් උණත් ඔයාට මරණය කරායන්න තියන අයිතිය අපි පිළිගන්නත් ඕනි. ඒක ආදරයේ තියන එක රැඩිකල් අවස්ථාවක්. Leaving Las Vegas (1995) චිත්‍රපටයට මම කැමති ඒ නිසා.


හැබැයි අපිට ඒ මරණයෙන් අනිකා බේරගන්නත් ආදරේ ඇතුලේ අයිතියක් තියනවා. ඒ නිසා අනෙකා වෙනස් කරන්න උත්සාහ කරන්න පුළුවන්. ඒක ඒ අර්ථයෙන් දේශපාලනිකයි.

දේවල් සිද්දවෙමින් යන විදියටම යන්න දෙන්නේ නැතුව අපිට පුළුවන් යම් වෙලාවක අනෙකාගේ පැවැත්මට මැදිහත් වෙන්න. සමාජයට මැදිහත් වෙන්න. ඒක පුළුල් දේශපාලන ආදරයක්.

 

331141338 973161357403250 8358551198899007382 n

The Green Book (2018) චිත්‍රපටයේ ටෝනි සහ දොන් ෂර්ලි එකට එක ගමනක් ගියාට බලන්න කොච්චර වෙනස් දෙන්නෙක්ද කියල. එකම පාරක ගියාට ඒ දෙන්න ඉන්නේ අසමාන්තර විශ්වයන් දෙකක. හැබැයි මේ විශ්වයන් දෙක එක තැනකදී හම්බ වෙනවා. ඒ හම්බ වෙන්නේ ඒ දෙන්නගේ තියන වෙනස්කම් ඇතුලේ තියන පොදු සාධක දෙන්නටම තේරිලා.

තම තමන්ගේ පරස්පර අදහස් එක්ක මාස ගණනක් සටන්කරලා ඒ දෙන්නා ඇත්තටම පෞරුෂයන් දෙකක් හැටියට මුණ ගැහෙන්නේ ආයේ කවදාවත් වෙන්වෙන්නේ නැති විදියට.

 

මහා විශාල අසමානතා තිබ්බට ඒ දෙන්න උත්සාහ කරනවා ඒ අසමානතා ඇතුලේ තමන්ගේ පොදු අරමුණට යන්න. එකට පටන් ගත්ත ගමන අවසන් කරන්න.

 

ගමනේ අවසාන දවසේ ටෝනිට තවදුරටත් රිය පදවන්න බැරි වෙනකොට ෂර්ලි කරන්නේ රිය කොහොමහරි ගමනේ අවසානයට අරන් එන එක. එයා ටොනිගේ බිරිඳට පොරොන්දු වෙනවා නත්තල් දවසට ටෝනි ගෙදර එවනවා කියල. කිව්වා වගේම එයා එහෙම කළා. හැබැයි දෙන්නම ගෙදර එන්නේ වෙනස් මිනිස්සු දෙන්නෙක් හැටියට. මනුෂ්‍ය ආදරය සහ පැවැත්ම ගැන පුළුල් අදහසක් ඇති දෙන්නෙක් හැටියට.

 

අපිත් පටන් ගත්ත අපේ ගමන් ඒවායේ රැඩිකල් අවසානයක් දක්වා ගෙනියන්න අද දවසේ අධිෂ්ටාන කරගම්මු.


අද වැලන්ටයින්....❤️


Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


JW


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...