The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

වෘත්තීය සමිති වැඩවලට සේවයෙන් නිදහස් වෙන රාජ්‍ය සේවකයෝ -(අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

February 14, 2023 • 3:56 PM

වෘත්තීය සමිති වැඩවලට සේවයෙන් නිදහස් වෙන රාජ්‍ය සේවකයෝ -(අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෘත්තීය සමිති 3,000ක් තියෙනවා.
  • රජයේ ගුරු වෘත්තීය සමිති විතරක් 60ක් විතර තිබුණා.
  • උදාහරණයක් විදියට ඉහත දක්වන ලද ගුරු වෘත්තීය සමිති 60කට ආසන්න සංඛ්‍යාවෙන් ඇත්තෙන්ම ක්‍රියාකාරී වෘත්තීය සමිති සංඛ්‍යාව 10කට වඩා අඩුයි.
  • ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය වගේ ගුරු සංගම් කීපයක් වෙනුවෙන් පූර්ණ කාලීනව නිලධාරියකු නිදහස් වීම සාධාරණයි.
අකුරු ප්‍රමාණය (Font Size):

අද බැලුවා. වෘත්තීය සමිති 3,000ක් තියෙනවා. අති බහුතරය රජය හා සම්බන්ධ සේවකයන්ගේ වෘත්තීය සමිති.


රජයේ ගුරු වෘත්තීය සමිති විතරක් 60ක් විතර තිබුණා.

මගේ පොයින්ට් එක මේකයි. මේ රාජ්‍ය සේවක වෘත්තීය සමිති බහුතරයක වෘත්තීය කටයුතු වෙනුවෙන් පූර්ණ කාලීනව සේවයෙන් නිදහස් වූ අය ඉන්නවා. ඒ අයට වැටුප් හා දීමනා රජයෙන් ගෙවනවා. සමහර වෘත්තීය සමිති හදාගෙන තියෙන්නෙම මේ විදියට සේවයෙන් නිදහස් වෙන්න.

උදාහරණයක් විදියට ඉහත දක්වන ලද ගුරු වෘත්තීය සමිති 60කට ආසන්න සංඛ්‍යාවෙන් ඇත්තෙන්ම ක්‍රියාකාරී වෘත්තීය සමිති සංඛ්‍යාව 10කට වඩා අඩුයි. ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය වගේ ගුරු සංගම් කීපයක් වෙනුවෙන් පූර්ණ කාලීනව නිලධාරියකු නිදහස් වීම සාධාරණයි.

ඒත්, මේ විදියට අටවාගත් ඇතැම් වෘත්තීය සමිතිවල නිලධාරීන් රාජ්‍ය නිලධාරීන් සමග එකතු වෙලා වංචනිකව සේවයෙන් නිදහස් කරගන්නවා. ඒ සඳහා ව්‍යාජ සාමාජික ලැයිස්තු පවා ඉදිරිපත් කරන බවට අපි සැක කරනවා. කොහොම වුණත්, මේ වෘත්තීය සමිති නිලධාරීන් අයථා වරප්‍රසාද රැසක් ලබාගන්නවා. වෘත්තීය සමිති නොවන කටයුතු සඳහා ඔවුන් මෙම වරප්‍රසාදය පාවිච්චි කරනවා. එය වංචාවක්.

වෘත්තීය සමිති කටයුතු වෙනුවෙන් රාජ්‍ය සේවකයන් කීදෙනෙකු නිදහස් වී සිටීද යන්න දැනගැනීම සඳහා තොරතුරු අයදුම්පතක් යොමු කළා.

මේ සම්බන්ධයෙන් අධීක්ෂණය හා ඇගයීම විධිමත් කිරීම අත්‍යවශ්‍යයි.


AJITH PARAKUM(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com


(මෙම ලිපිය praja.lk හි පලවූවකි.)

 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...